වගා සංග්‍රාමේ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    පහු ගිය දවස් ටිකෙ හැමොම වගා සංග‍්‍රාමෙක නිරත වෙලා හිටිය නිසා හැමෝටම තියෙන පොඩි ගැටලූවකට
    දෙන්න පුලූවන් සරල විසදුමක් තමයි අද අරගෙන ආවේ.

    තවන් දාපු පැල තවානෙන් ගලවල පාත්තියක හිටවපුවම හරි දාපු බීජ වලින් පොඩි පැල මතු වුනාම ඔවා කන්න එන ගොලූ බෙල්ලන් හමුදාවගෙන් පැල ගලවගන්න එක හරිම අමාරු වැඩක්.ගොඩක් වෙලාවට
    පාත්තියෙන් පැල කිහිපයක් හරි ගොලූ බෙල්ලො බිල්ලට ගන්නවා.

    මේකට කරන්න තියෙන්නේ අන්නාසි කොළයක් කපලා අරගෙන කොස් කොළ ඔටුන්න හදනවා වගේ රවුම්
    කරලා ඉරට්ටක් ගහලා පැලේ වටේට තියෙන එක....අන්නාසි වෙනුවට වැටකෙයියා හෝ පන් කොළ ගන්න පුලුවන්.පොල් කොළ නන් භාවිතා කරලා නැ.නමුත් අවුලක් වෙන එකක් නෑ.

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බිත්තර කටු කුඩු කරලා දැම්මමත් එන්නේ නෑ කියනව නේද උන්ගේ බඩ යට පැත්ත කැපෙනවලු, මේකෙත් ඒ වැඩේම වෙන්න ඇති වෙන්නෙ
     
    • Like
    Reactions: Kodiya97

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    නියමයි, TFS
    ඒත් දැන් අන්නාසි හිටවන්න ඔනේ කොල ගන්න.
     
    • Like
    Reactions: Kodiya97

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    ගොළුබෙල්ලෙක්ව ඔතන තියලා ඌ හැරිලා යනවද කියලා වීඩියෝ එකකුත් කරලා දාපන්කො.