වචන මදි මල්ලි
පුංචි කාලේ වඩාගෙන ඇවිදපු
ඇවිදින්න හදද්දී අතින් අල්ලපු
මගේ පස්සෙන්ම දුවගෙන ආපු
මල්ලී නුඹයි ලෝකයක් මවාපු
දඩබ්බර කුමාරයාත් ඔයා
අපිට අණ දෙන නිලධාරියාත් ඔයා
වදකාර අයියෙක් ලබපු
අවාසනාවන්තයත් ඔයා
අයිය මුරණ්ඩු වෙද්දි
සටන් විරාමෙට මැදිහත් වෙවී
හැමදාම ගිනි නිවපු
පුංචි ගිනි නිවන නිලධාරියත් ඔයා
ඉස්සර වගේ හුරතල් නොවුණත්
අතින් අල්ලද්දිත් කේන්ති ගත්තත්
ඔළුව ඉඹින්නවත් ඉඩ නොදුන්නත්
හැමදාම මට වඳින පුංචි කෝඩුකාරයාත් ඔයා
හැමදාම අම්මටම බැණ බැණ
හුරතල් කරන්නත් එපාමයි කිය කිය
මමත් හුරතල් කරන
පුංචි හුරතලත් ඔයා
කවදාවත් වෙනස් නොවෙන
මගේ පණ තියෙනකල් රකින
වචන මදි ආදරයේ
මගේ පණ තමයි ඔයා
සුබ උපන් දිනයක් වේවා මල්ලී!!!!!
- මාලන් විදානපතිරණ
(මේක හදවතින් ආපු ආදරය නිසා ලියැවුණු පද පෙළක්.කවියක් වෙයි කියලා මුලින් හිතුවේ නැහැ.එලකිරියට දාන්න හිතන් හිටපු කවියකුත් නෙමෙයි.ඒත් කමක් නැහැ කියලා හිතලා අන්තිමට මේක පළ කරන්න තීරණය කළා )
පුංචි කාලේ වඩාගෙන ඇවිදපු
ඇවිදින්න හදද්දී අතින් අල්ලපු
මගේ පස්සෙන්ම දුවගෙන ආපු
මල්ලී නුඹයි ලෝකයක් මවාපු
දඩබ්බර කුමාරයාත් ඔයා
අපිට අණ දෙන නිලධාරියාත් ඔයා
වදකාර අයියෙක් ලබපු
අවාසනාවන්තයත් ඔයා
අයිය මුරණ්ඩු වෙද්දි
සටන් විරාමෙට මැදිහත් වෙවී
හැමදාම ගිනි නිවපු
පුංචි ගිනි නිවන නිලධාරියත් ඔයා
ඉස්සර වගේ හුරතල් නොවුණත්
අතින් අල්ලද්දිත් කේන්ති ගත්තත්
ඔළුව ඉඹින්නවත් ඉඩ නොදුන්නත්
හැමදාම මට වඳින පුංචි කෝඩුකාරයාත් ඔයා
හැමදාම අම්මටම බැණ බැණ
හුරතල් කරන්නත් එපාමයි කිය කිය
මමත් හුරතල් කරන
පුංචි හුරතලත් ඔයා
කවදාවත් වෙනස් නොවෙන
මගේ පණ තියෙනකල් රකින
වචන මදි ආදරයේ
මගේ පණ තමයි ඔයා
සුබ උපන් දිනයක් වේවා මල්ලී!!!!!
- මාලන් විදානපතිරණ
(මේක හදවතින් ආපු ආදරය නිසා ලියැවුණු පද පෙළක්.කවියක් වෙයි කියලා මුලින් හිතුවේ නැහැ.එලකිරියට දාන්න හිතන් හිටපු කවියකුත් නෙමෙයි.ඒත් කමක් නැහැ කියලා හිතලා අන්තිමට මේක පළ කරන්න තීරණය කළා )
Last edited:


