වට්ටක්කා ලොරිය

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    වට්ටක්කා ලොරිය

    වට්ටක්කා ලොරිය



    ඔන්න කතරගම පැත්තට රාත‍්‍රියට එළවළු අරන් ලොරි වේගයෙන් යනවා.. අපි උණත් ඒ වෙලාවට කඩාගෙන යනවනෙ.. ඔය අම්බලංතොට වීරවිල පැත්තට වෙන්න තියනව පොඩි කඩ මණ්ඩියක්..කඩවල් තුනක් තියෙනවා එකක් තේ කඩයක්..අනික වින්කලයක්, තුන්වැනි එක කේන්දර බලන තැනක්.. කේන්දර බලන්නෙ අයියා.. එයා පොරොන්දම්, ශාස්ත‍්‍ර බැලීම, අඳුන් බැලීම කරනව කියල බෝඞ් ලෑලි කීපෙක ලියල එල්ලල තියෙනවා.. මල්ලි තමා වින්කලේ කරන්නෙ එයා බොහොම නිශ්ශබ්ද මිනිහ.. මිනිහත් කඬේ රිම් හදනව, හුළං ගහනව, රෙපෙයාර් කරනවා කියලා අයිය වගේම බෝඞ් කෑලි තුන හතරක් එල්ලගෙන වැඩ.. තේ කඬේ හැම වෙලේම කෙහෙල් කැන් වරදින් නෑ..

    ඔන්න මේ කියන සිද්ධිය දවසේ රාත්තිරියේ හෝ ගාලා වැස්ස… වැස්සෙ වටටක්කා පටෝගෙන ගිය ලොරියක රියදුරාට නින්ද ගිහින් පාරෙන් පැනල වට්ටක්ක ලොරිය අර පුංවි කඩ තුනම කඩාගෙන ගිහින්.. උදේ බලද්දි හානිය විසාලයි.. කෙහෙල් ගෙඩි චප්ප වෙලා වට්ටක්කා හැම තැනම.. අර කඬේ බඩු වලටයි ඔක්කොටම අලාභහානි.. අනේ ඉතින් ඒ අස්සෙ මිනිස්සු හිනා වෙනව… ඒ ඇයි..? ලොරියෙ බිඳිච්චි වින්ඞ්ස්ක‍්‍රීන් එක අස්සෙන් අර අයියගෙයි මල්ලිගෙයි කඩ දෙකේ බෝඞ් ඇඹරිලා ලස්සන නිර්මාණයක් වෙලා….
    ‘‘ දේවාරූඩයෙන් හුළං ගසනු ලැබේ’’
    ‘‘ පුරාණ ශාස්ත‍්‍රානුකූලව පැච් දමනු ලැබේ’’
    ‘‘ අත බලා රිම් ඇද අරිනු ලැබේ..’’
    ‘‘ අඳුන බලා බයිසිකල් රෙපෙයාර් කෙරේ..’’
     
    • Like
    Reactions: SANJEE and kandahar