වඩා වෑදගත් වෙන්නේ සියදිවිනසා ගෑනීම් වලක්වා ගෑනීමයි. මේ ලිපිය සියදිවි නසා ගෑනීම් හදුනාගන්නා විදිහ ගෑනයි
වැදගත් දෙයක් දැක්කාම ඔයාලටත් බලන්න දෙන එක යුතුකමක්..
“මිනිහෙක් මරලා දාලා...”
“නෑ එයා සිය දිවි හානි කරගෙන....”
“පිස්සුද හලෝ! ඒක ආණ්ඩුවෙන් කරලා තියෙන්නෙ....”
“මඟුලක් කතා කරනවා. ඒ මිනිහා ලියුමකුත් ලියලා මැරිලා තියෙන්නෙ.....”
“අනේ මෙහෙමත් ගොන් නාම්බෝ... එහෙමත් ලියුම් ලියාගෙන අච්චර නිදහස් තැනකට ඇවිල්ලා එහෙමත් මැරෙනවාද?”
“ඒකනේ...”
“මුන්ට පිස්සු අප්පා... කවදා හැදෙයිද මන්දා...”
“හී... දැන් සැපද?”
..............................
මිනිස්සුන්ට සිය දිවි නසා ගන්න නොයෙකුත් ක්‍රම තියෙනවා... බෙල්ලේ වැල දා ගැනීම තමයි ග්‍රාමීය ක්‍රමය... වෙඩි තබා ගැනීම තමයි පෝෂ් ක්‍රමය , ජපානේ නම් සිය දිවි නසා ගන්න ජනප්‍රියතම ක්‍රමය තමයි බඩ කපා ගැනීම...
අපි අද කතා කරමු වෙඩි තියාගෙන මැරිලා හෝ මරලා තියෙන කෙනෙක් ගැන... ඒ කියන්නේ එයා තමන්ගේම ගිනි අවියකින් වෙඩි තියාගෙන මැරිලා ද... නැතිනම් එයාව කොහේ හරි තැනක මරලා වෙනත් ස්ථානයකට ගෙනල්ලා දාලා ද කියලා ... දැන් මේ ප්‍රශ්නේ විසදන්නෙ කොහොමද? කෙනෙක් කියනවා මේක මරලා ගෙනල්ලා දාලා කියලා... තව කෙනෙක් කියනවා නෑ එයාම එයාට වෙඩි තියාගෙන කියලා.... එතකොට කොහොමද මේ නඩුව විසදන්නේ.... අන්න ඒකට තමයි කලාව, සාහි.... ආ සොරි! විද්‍යාව කියලා දෙයක් තියෙන්නේ.... අධිකරණ විද්‍යාව සහ අපරාද ගැන ලියවුණ පොත්වල මේවා ගැන අපූරුවට පැහැදිලි කරලා තියෙනවා...
හරි මෙහෙමයි... පිස්තෝල කියන්නේ සුලු අවියක්... ඒ කියන්නේ තනි පුද්ගලයෙකුට එක අතකින් උස්සන්න පුලුවන් බරකින් යුක්ත දෙයක්... ඒ නිසා වෙඩි තබාගෙන මැරෙන අය පාවිච්චි කරන්නෙ සුලු අවි... සුලු අවියකට උදාහරණයක් තමයි පිස්තෝලය කියන්නෙ.... පිස්තෝලවලින් එළියට යන්නේ වරකට තනි උණ්ඩයක්... සිය දිවි හානි කර ගන්න කෙනා පතරොම අවි කදේ පිටුපස විවරයෙන් ඇතුළු කරලා කොකා එක පාරක් ගස්සපුහම සජීවි පතරොම කුටීරයට බහිනවා. ඊළග පාර කොකා මිරිකපුවහම උන්ඩය විදිනවා... සෙක්ස් කළාම බබා ලැබෙනවා වගේ සාමාන්‍ය මිනිසුන් දන්නේ ගිනි අවියේ කොකා ගස්සන කොට උණ්ඩය එළියට යනවා කියලා විතරයි... ඒත් ඒක එහෙම නෙමෙයි... උණ්ඩයට අමතරව තව බොහෝ දේවල් අවට පරිසරයට මුදා හැරෙනවා... එකක් තමයි බූසි... බූසි කියන්නෙ පතොරමක වායු කාන්දුව වලක්වන්න හිර කරන දේවල් ... කඩදාසි, කිරල, කාඩ්බෝඩ් සහ වර්තමානයේ ප්ලාස්ටික් වර්ගත් බූසි ලෙසට යොදා ගන්නවා... කොකා මිරිකලා වෙඩිල්ලක් තිබ්බ ගමන් මේ බූසි කෑලි ඒ අවට විසිරෙනවා... අපරාධය ගැන තොරතුරු හොයන විමර්ෂකයාට මේවා නිධාන වගේ දේවල්.... ඇදුම්වල, කෙස් ගස් වල බූසි කොටස් විසිරිලා තියෙන්න පුලුවන්..... ඒ වගේම ලේ සමග මිශ්‍ර වෙලා තුවාලයේ තියෙන්නත් පුලුවන්... වන්නි හත් පත්තුවේ මරලා කොළඹ කුරුදුවත්තට මිනිය ගෙනාවා නම් බූසි තියෙන්නේ වන්නි පොළොවේ මිසක් කොළඹ පිට්ටනියේ නෙමෙයි....
මෙම බූසි කොටස් වගේම වෙඩිල්ලක් අවි කදෙන් පිට වූ විගස තවත් බොහෝ දේවල් අවට පරිසරයට මුදා හැරෙනවා... වායු වර්ග, දුම සහ අංශුමය පදාර්ථ ගිනි අවිය කේන්ද්‍ර කරගෙන අවට විසිරෙනවා.... ඒවාට කියන්නේ ගිනි අවියේ විසර්ජන ශේෂ කියලා...
ප්රණෝදක කොටස්, වෙඩි බෙහෙත් දැවී ශේෂ වු කොටස්ද මේවාට අයිති වෙනවා... අන්න ඒ ද්‍රව්‍ය ට වෙඩිල්ල තැබූ පුද්ගලයාගේ ශරීරයේ තැන්පත් වෙලා තියෙනවා... ඒවා නිකං ටැටූ ගැහුවා වගේ ශරීරයේ කලාවකට විසිරෙනවා... දැවී නොගිය වෙඩි බෙහෙත් ශේෂ දැලි ලෙස වෙඩික්කරුගේ ඇගිලි වල තැවරී තියෙනවා... ගිනි අවියේ ඇති ග්‍රීස් වැනි ලිහිසි ද්‍රව්‍ය ඇදුම් මත තැන්පත් වෙන්න පුලුවන්... ඉතින් තමන්ම වෙඩි තියා ගත්තා නම් මේ කොටස් තමන්ගේ ඇදුම්වල සහ අතේ ඇගිලි අවට විසිරිලා තියෙනවා.... වෙන කෙනෙක් වෙඩි තිබ්බා නම් ඒවා තියෙන්නෙ ඒ වෙඩිකරුගේ ශරීරයේ... අනිවාර්යෙන්ම මේ ප්රණෝදක කොටස් සිය දිවි හානි කර ගැනීමකදී නම් මරණකරුගේ ශරීරයේ විසිරිලා තියෙනවාමයි.. මිනියේ ඒවා නැතිනම් සුයිසයිඩ් නොවේ.... ඒ වගේමයි සිය දිවි හානියකදී වෙඩි තියා ගන්න ගිනි අවිය මිරිකා ගත් අතේ වෙඩි බෙහෙත්වල කාන්දු වෙච්චි ශේෂ විසිරිලා තියෙනවා... හැබැයි මේ ශේෂ කොටස් කියන්නේ රතිඤ්ඤා පිපිරුවාම විසිරෙන කඩදාසි කොළ වගේ විශාල කොටස් නෙමෙයි... මේවා ඉතා සියුම් කොටස් .... ඒක නිසා වන්නියේ මරලා අර ඉතා සියුම් කොටස් ටිකත් අන්වීක්ෂයෙන් බලලා එකතු කරගෙන ඇවිත් මිනිය තිබ්බ තැනට ගෙනල්ලා දාන්නත් බෑ... වෙඩි බෙහෙත්වල කාන්දු ශේෂ මරණකරුගේ අතේ පිහිටලා තියන විදියට පච්ච කොටන අයියා කෙනෙක් මිනිය ළගට ගෙනල්ලා අතේ ටැටූ ගහන්නත් බෑ...
ඊළග එක තමයි වෙඩි දුර.... වෙඩි දුර කියන්නේ කොච්චර දුරක සිට වෙඩිල්ල තිබ්බාද කියන දේ... කොරෝනා ආසාදනය වෙයි කියලා බයට වින්දිතයාට මීටරයක් දුර සිට වෙඩික්කරු වෙඩි තිබ්බද නැතිනම් සෙන්ටිමීටරයක් දුර සිට තමන්ම වෙඩි තියා ගත්තාද කියන කාරණාව අධිකරණ විද්‍යාව මගින් ඉතා පහසුවෙන් හොයා ගන්න පුලුවන්... සරලව කියනවා නම් ඈතක සිට වෙඩි තියද්දී උණ්ඩයේ විශ්කම්භයට වඩා වෙඩිල්ල ශරීරයේ වැදුනු තැන තුවාලයේ විශ්කම්භය විශාල වෙනවා... එහෙම වෙන්නෙ රයිෆල් උණ්ඩයක් අවකාෂයේ ගමන් ගද්දී යම් වෙව්ලීමකට ලක් වෙන නිසා... ළග සිට තමන්ම තියා ගත්තා නම් මෙම වෙව්ලීම නැති නිසා තුවාලයේ විශ්කම්භය සහ උණ්ඩයේ විශ්කම්භය ඉතා ආසන්නව සමානයි... පතොරොම් තුවක්කුවකින් තැබූ වෙඩිල්ලක් නම් මූනිස්සම් කැට අවි කටේ සිට යාර තුන හතරක් දුරට යනකල් විහිදෙන්නෙ එක පොදියට... ඒක හරියට පිට්ටු බම්බුවෙන් පිට්ටු කෑල්ලක් එළියට එනවා වගේ... නමුත් යාර තුන හතරක දුරක් පැන්න ගමන් ඒ මූනිස්සම් කැට ටික විසිරෙන්න ගන්නවා... ඒ කියන්නෙ පුනීලයක් හැඩයට ක්‍රමයෙන් විශාල වෙනවා... ඒක නිසා ලග ඉදලා තමන්ම වෙඩි තියා ගත්තා නම් තුවාලයේ එක පොදියට මූනිස්සම් කැට තියෙනවා... දුර සිට වෙන අයකු තැබූ වෙඩිල්ලක් නම් තුවාලය විශාලවට පෑරෙන්න ගන්නවා.... ඒ පුනීලයක් විදියට මූනිස්සම් විසිරෙන නිසා... ඒ වගේම තමයි ප්රණෝදක පැල්ලම් අනුව වෙඩික්කරු කොපමණ දුර සිට වෙඩි තිබ්බේද යන්න ගැන අධිකරණ විද්‍යාවේ වගු ගත කර තියෙනවා... එම පැල්ලම් නිරීක්ෂණය කරලා හරියටම වගුවෙන් බලලා කියන්න පුලුවන් වෙඩිල්ල අවි කදෙන් එළියට ආවේ කොපමණ දුරකින්ද කියලා.... ඒක නිසා සුයිසයිඩ්ද නැද්ද කියලා ඉතා පහසුවෙන් විමර්ෂකයන්ට කියන්න පුලුවන්...
අධිකරණ විද්‍යාව සහ අපරාධ විමර්ෂන සිද්ධාන්තවලට අනුව සිය දිවි නසා ගැනීමකදී මරණකරු තෝරා ගන්නේ නිසල පරිසරයක්... ඒ කියන්නෙ මුහුදු වෙරළක පාළු ස්ථානයක්, කැලෑවක්, ජනෙල් දොරවල් වසා දැමූ කාමරයක්... පාලු ගෙදරක්... වැනි දෙයක්... ඒවා සාමාන්‍ය දැනුම.... සෙනග පිරුනු තැන්වල සිට සිය දිවි නසා ගන්න යන්නේ වෙනත් අරමුනු තිබේ නම් විතරයි .... කූඹියෝ ටෙලි නාට්‍යයේ ප්‍රියන්තයා පැට්‍රෝල් වක්කරගෙන ගිනි තියා ගන්න ගියේ දාහක් සෙනග හිටපු ජනාකීර්ණ තැනක... ඒවා සෝබන... මෝස්තර.... ඇත්තටම සිය දිවි හානි කර ගන්න කෙනා තෝරා ගන්නේ කාත් කවුරුත් නැනි නිසල පරිසරයක්.... පාලම් වලින් මහ දවාලේ පැනලා මැරෙන්න හදන නංගිලා වුනත් ඒක කරන්නේ කවුරු හරි බේර ගයි කියලා හිතලා... නැතිනම් ටිකක් කලුවර වැටුණාම ඇවිත් සද්ද නොකර ගගට පනින්න ඕනේ තරම් පුලුවන්...
අනික තමයි සිය දිවි හානි කර ගන්න පුද්ගලයා බොහෝ අවස්ථාවලදී ලියුමක් ලියනවා කියන කාරණය... ඒවා අපරාධ විමර්ෂනයේ ලියවිලා තියෙන දේවල්.... ඒ ලියුම අතින් ලිව්වාද, ටයිප් කළාද, නහයෙන් ලිව්වාද කියන කාරණය තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ සමාජ තත්වය සහ ඒ මොහොතේ ඔහු ඉන්න මානසික තත්වය මත. සමහර විට තරුණියක් සිය දිවි හානි කර ගැනීමට පෙර ලියපු ලියුමේ අන්තිමට ගීතයක කොටසක් ලියන්නත් පුලුවන්... ඒ ඇය ගීත වලට සහ ඒ ගීයට විශේෂ ලැදියාවක් නිසා වෙන්න පුලුවන්...
ඒ වගේම තමන්ම වෙඩි තියා ගත්තා නම් ගිනි අවිය අතේ හිරවෙලා තියෙන්නේ නෑ ... ගැස්සීම නිසා සහ ඒ සමගම මරණයට පත්වීම නිසා අවිය අතෙන් ගිලිහී යනවා... 5 වරක් පහ 25යි වගේ ඒ සිද්ධාන්ත අපරාධ විමර්ෂණයේ ලියවිලා තියෙන දේවල්.... මේක නොදන්නා මිනිස්සු කරන්නේ තරහකාරයාව මරලා ඊට පස්සේ අර මැරිච්ච මිනිහගේ දබර ඇගිල්ල පිස්තෝලයේ කොකාගේ වැට අස්සෙන් රිංගවන එක... ඊට පස්සේ කියනවා "අනේ මෙයා සුයිසයිඩ් කරගෙන" කියලා... ඒත් ඉතින් අපරාධ විමර්ෂකයන්ට ඒවා දැක්ක ගමන් කට පුරා හිනාවක් යනවා...
ඒ වගේම තමයි වෙඩි තියාගෙන මැරෙන පුද්ගලයන්ගෙන් දළ වශයෙන් හතරෙන් තුනක්ම වගේ ඒක කරන්නේ කට ඇතුළට අවි කද රිංගවලා උඩු තල්ල කුඩු වෙලා යන්න කොකා ගස්සන එක... එසේ මොළය කේන්ද්‍ර කරගෙන කුඩු වෙලාම යන්න තමයි වැඩිම පිරිසක් වෙඩි තියා ගන්නේ... ඒ වගේම තමයි දකුණු අත හුරු කෙනෙක් කවදාවත් තමන්ගේම නළලේ වම් පැත්තට වෙඩි තියා ගන්නේ නෑ... දකුණත් කාරයෙක්ගේ නළලේ වම් පැත්තට වෙඩ් තියලා නම් ඒක අනිවා මිනී මැරුමක්... මේවා අපරාධ විමර්ෂණයේ එන සරල සිද්ධාන්ත.. ඒවා එහෙම තියරි බවට පත්වෙලා තියෙන්නේ වසර ගණනාවක් ලෝකය පුරා සිය දිවි හානි කර ගන්න වෙඩ් තියා ගත්තු පුද්ගලයන්ගෙ දත්ත රැස් කරලා.... ඒ වගේම තමයි සුයිසයිඩ් කර ගන්න කෙනෙක් තමන්ගේ අතේ දුරට වඩා වැඩි දුරකින් සිට ගිනි අවිය ක්‍රියාත්මක කරන්න බෑ කියන දේ... මේ සියල්ලෙන්ම ඒක මිනී මරුමක්ද නැතිනම් සිය දිවි හානි කර ගැනීමක්ද කියලා හොයා ගන්න පුලුවන්...
හරි දැන් අපි හිතමු ඇත්තටම මරලා කියලා.... එහෙනම් ඒ මරණකරුගේ ශරීරයේ තුවාල එකකට වඩා තියෙන්න ඕනේ... ඒ කියන්නේ වන් ෂොට් වෙඩි තියලා මරන්න බෑ කියන කාරණය... මොකද මරණකරු “ඉදා මට තියපන්” කියලා පඹයා වගේ ඉන්නේ නැති නිසා... උණ්ඩ කිහිපයක් ඇග ඇතුලේ තියෙන්න පුලුවන්... ඒ වගේම තමයි මිනී මැරුමකදී සාමාන්‍යයෙන් සුයිසයිඩ් එකකදී යොදා ගන්නා ශරීරයේ මරණ ස්ථාන යොදා නොගැනීම... එනම් උඩ තල්ල, නළළ දෙපැත්ත වගේ තැන්වලටම හරියටම පිටස්තරයෙකුට වෙඩ් තියන්න බෑ කියන කාරණාව.... අනික තමයි වෙඩි දුර මීටරයකට වඩා වැඩි විම.. ඒ කියන්නේ මරන්න එන මිනිහා වෙඩිල්ල තියන්නේ ඈත ඉදලා... උම්මා දෙන තරමට කිට්ටු වෙන්න ආවොත් මරණකරු මිනීමරුවා සමග පොර බදන්න ගන්නවා... ඒ නිසා ඒක ප්‍රායෝගික නෑ... මෙවැනි බොහෝ කාරණා වලට අනුව අපිට වුනත් පැත්තක ඉදලා හිතන්න පුලුවන් ඒක මිනීමැරුමක්ද නැතිනම් සිය දිවි හානි කර ගැනීමක්ද කියලා...
හරි දැන් අර නිදහස් චතුරශ්‍රයේ වැටිලා හිටපු පුද්ගලයා මරලාද නැතිනම් තමන්ම සිය දිවි හානි කරගෙනද කියලා ටිකක් හිතලා බලන්න...
මම මේක ලිව්වේ කාටවත් හිත් අමාරු දෙන්නවත් කාටවත් සතුටක් දෙන්නවත් නෙමෙයි... යමක් ගැන ප්‍රසිද්ධියේ දෙයක් කියන්න කලින් ටිකක් හිතලා තමන්ගේ අදහස් ප්‍රකාශ කළ යුතුයි කියන කාරණය ඉස්මතු කර දෙන්න... මේ මොනා කීවත් අවුරුදු කාලෙට කොහා කෑ ගහනවා වගේ ඡන්දය කිට්ටු වෙනකොට ඡන්ද දායකයන්ට නොයෙකුත් දේවල්වලින් උත්තේජන ගලා එනවා.. හැබැයි ඒ එන උත්තේජන බුද්ධිය යොදවලා කිරලා මැනලා බලන්න... ඡන්ද අපේක්ෂකයෙක් පාර්ලිමේන්තු යැවීම වෙනුවෙන් තමන් තමන්ගේ හැගීම් අවුස්ස ගෙන ප්‍රකාශ නිකුත් කරන්න ගියොත් අන්තිමේදී සවුත්තු වෙන්නෙ තමන්මයි...
..................................
නිශාන්ත වැලිඅංග ( BSc )
.....................................
වැලි කොළම - 21
.....................................
-පින්තූරය අන්තර්ජාලයෙනි.