ඔතන තියෙන්නෙ භූ දේශපාලන ප්‍රශ්නයක්. ඉන්දියාව වගේ බලවත් රටකට කිලෝමීටර් 50ක් මෙහයින් වෙන රටකට offshore wind plant එකක් ගහන්න ඉඩ දීල ඉන්දියාව බලාගෙන ඉන්නෙ නෑ. කොක්ක දානවමයි. ඉතිං ටෙන්ඩර් දාල වැඩේ ඇද ඇද ඉන්නවට වඩා කෙරෙන විදිහකට ඕක වෙන්න දෙන එක නොකෙරෙන වෙදකමකට වඩා අපේ රටට හොදයි. මතකනෙ සාම්පූර්.. දෙවෙනි සාම්පූර් නොවී මේක ඉන්දියාවම කරන එක stratergy එකක් විදිහට උනත් මට නම් අවුලක් පේන්නෙ නෑ.. අනිත් එක 0.08$ කියනෙ හොද fare value එකක්. solar plant වලට 34ක් ගානෙ ගෙවද්දි 24ක් ගෙවන එක tender එකකට නොගියත් රටට පාඩුවක් නම් නෑ.. (උන්ගෙ agreement එක මම දැකල නැත. අහම දකින ඒව අනුවයි කියන්නෙ මම)
ඉන්දියවට යන එකම නෙවෙයි ප්‍රශ්නෙ... අඩුම ඉන්දියාවේ ආයෝජකයින්ටවත් ටෙන්ඩර් කෝල් කරන්න තිබ්බා... එහෙම ඕන තරම් කරනවා... සොලාර් ප්ලාන්ට් යුනිට් එක 34ට ගන්න වෙලා තියෙන්නෙත් ටෙන්ඩර් කරන්නෙ නැතිව PUCSL එකෙන් යුනිට් ප්‍රයිස් එක ඩිසයිඩ් කරපු හින්දා... ඕක පටන් ගත්තේ පුනර්ජනනිය බල ශක්තිය ප්‍රවර්දනය කරන්න 2000 මුල පටන් ගත්ත එකෙන්... අවුරුදු 24 කට පස්සෙත් තාම ඒ විදිහට පවර් පර්චේස් කරන එකයි වැරැද්ද... 0.08 කියන්නේ කිසිම විදිහකට සාදාරන ගානක් නෙවෙයි... පොඩ්ඩක් මාර්කට් ප්‍රයිස් බැලුවොත් තේරෙයි ඕකෙන් බාගයකටත් අඩුයි හරියට කම්පිටිටිව් බිඩින්ග් ගියොත් යන්න පුලුවන් ගාන... නිකමට ටෙන්ඩර් කරත් ඔයිට අඩු ගානක් ගන්න තිබ්බා... මොකද ඉදියාවේ තව ඕන තරම් ඕකට ඉන්වෙස්ට් කරන්න පුලුවන් උන් ඉන්නවා...
අදානිට දෙනවා නම් දෙන්න එකම හේතුවයි තියෙන්නේ... ඒ භූ දෙශපාලනය නෙවෙයි... මෝදිගේ යාලුවා වෙන එක... අපේ මිනිස්ට්‍රි එක හරියට ගේම් එක ප්ලේ කරානම් ඉන්දියාවට කම්පිටිටිව් බිඩින් දීලා ශේප් වෙන්න තිබ්බා...
අනික සාම්පූර් ගියේ ඉන්දියාවට... ඒක නැවැත්තුවේ සොන්න මෛත්‍රීයා... සෝලා බිස්නස් කාරයොන්ටයි රස්සාවට පරිසරවේදියො වෙච්ච උනුයි කියපු පච අහලා... ඌ 2015 ගම කැවේ නැත්නම් එනෙර්ජි ප්‍රශ්නේ මෙච්චර අවුල් තැනක නෑ...
එකගයි.. ත්‍රෙඩ් එකේ මුලම මම ඕක ඇහුවත් එක්ක. හැබැයි දන්න තරමින් අපේ generation plan එකට මේ වගේ තමා යන්නෙ. 2030 වෙද්දි renevable energy වලින් 50% දුවන්න තමයි ප්ලැන් එක තියෙන්නෙ
2030 50% renewable යන්නෙ කිසිම feasibility study එකක් කරලා නෙවෙයි... ගෝටට හිතිච්ච එක ඌ කිව්වා... ඒක රටේ generation plan උනා... කාබනික වගාවේ ඊලග එක ඕක...
50% renewable යද්දි ග්‍රිඩ් ස්ටේබල් කර ගන්න කොහොමද කියලා ඔය ප්ලෑන් එකේ කොහෙවත් නෑ... ග්‍රිඩ් ඉන්දියාවට කොනෙක්ට් කරනවද, එනර්ජි ස්ටෝරේජ් ගහනවද, නැත්නම් ඩිමාන්ඩ් එක කොන්ට්‍රොල් කරනවාද??? තාම හිතලාවත් නෑ... මොන දේ කරන්නත් තව අවුරුදු හයයි තියෙන්නේ... ඒ අවුරුදු හය ඇතුලේ ඔහොම සොලියුශන් එකක feasibility බලලා, design කරලා, implement කරනවා කියන්නෙ ලොවෙත් කරන්න බැරි දෙයක්... දැන් තියන අර්තිකෙත් එක්ක ඕවා කරන්න හිතන්නවත් අමරුයි...
------ Post added on May 7, 2024 at 10:40 PM
replace කරන්න නම් බෑ කොහොමත් මන්නරම area එකේ මාස 8ක් වගේ තමයි දැනට උනත් තියන 105MW wind plant එක දුවන්නෙ. ඉතුරු මාස හතර maintenance. හුලගත් නැති නිසා ඒක කරනව. Diesel power plant දුවන්නෙ අපේ පීක් අවර්ස් වලනෙ. අර කියන මාස 8දි පීක් ටයිම් වින්ඩ් වලින් දුවනව නම් 480MW capacity එකක ඩීසල් ප්ලාන්ට් එකක් නවත්තන්න පුලුවන්. ඒක දැනෙන ලොකු ඉතුරුවක්නෙ. අනිත් එක තව අවුරුදු 10 - 15 යනකොට BESS ලංකාවටත් එනව එතකොට හුලග තියන වෙලාව කියන කාරණය අදාල වෙන්නෙ නැති වෙනව.
------ Post added on May 7, 2024 at 10:47 PM
ඔතන ඊට වඩා ගැබුරු ප්‍රශ්නයක් තියනවා... මම දන්න විදිහට පවර් පර්චේසින් අග්‍රිමන්ට් එකේ විදිහට අපි අනිවර්‍යෙන් මිලදී ගන්න ඕන ඒකක ගානක් තියනවා... එතකොට අවස්තාවක් එන්න පුලුවන් සමහර වෙලාවට අපිට ඕන නැති උනත් අදානිගේ වින්ඩ් ප්ලාන්ට් එකෙන් පවර් මිලදී ගන්න වෙන... එතකොට අපිට අනිත් ප්ලන්ට් නවත්තලා ඒකේ පවර් එකෙන් දුවන්න පුලුවන්... අවුල තියෙන්නේ යුනිට් එකට රු 9ක් යන නොරොච්චෝලේ අඩු පවර් එකකින් දුවන්න වෙන්න පුලුවන්... ජල විදුලිය ගන්න පුලුවන් කම තියන වෙලාවක උනත් නොගෙන වින්ඩ් පවර් ගන්න වෙන්න පුලුවන්... ඒකේ ඉම්පැක්ට් එක ගැන එහෙම කිසිම අද්‍යයනයක් කරලා නෑ තාම...