වත්මන් ආර්ථික අර්බුදයේ නිර්මාණකරුවෝ කවු&

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada

    වසර 1970 බලයට ආ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ සමඟි පෙරමුණ ආණ්ඩුව උත්සාහ කළේ සංවෘත ආර්ථික ක්‍රමයක් තුළ දේශීය නිෂ්පාදනය වර්ධනය කොට රට ස්වයංපෝෂිත කිරීමටය.

    ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම කර්මාන්ත ප්‍රමාණයක් ආරම්භ වූයේ මේ කාලයේදීය. කෘෂිකර්මාන්තයට විශාල අවධානයක් යොමු විය. එහෙත් මෙම සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිඵල එනතුරු ජනතාවට පටි තද කරගන්නා ලෙස එම ආණ්ඩුව ඉල්ලා සිටීම නොරිස්සු ජනතාව 1977 මැතිවරණයෙන් සමඟි පෙරමුණ අන්ත පරාජයකට පත්කොට විවෘත ආර්ථිකයක් පොරොන්දු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා නායකත්වය දැරූ එක්සත් ජාතික පක්‍ෂය බලයට පත් කර ගත්හ.

    මවිතයට කරුණ නම් දශක 40කට පසු එම එක්සත් ජාතික පක්‍ෂයේම ඇමැතිවරු අද ජනතාවට පටි තද කරගන්නා මෙන් ඉල්ලීමය. එහෙත් අද එසේ කියන්නේ ආණ්ඩුවට ආර්ථිකය හසුරුවා ගන්නට බැරිව රට වළපල්ලට යමින් තිබෙන නිසා මිස එදා මෙන් යම් ආර්ථික ප්‍රතිපත්තියක් නිසා නොවේ.

    අද රට තිබෙන්නේ ලංකා ඉතිහාසයේ යම් ආණ්ඩුවක් තම වැඩ බැරිකම නිසාම ඇති කරගත් විශාලතම ආර්ථික අර්බුදය හමුවේය.

    ආර්ථික සංවර්ධන වේගය අතින් ආසියාවේ පහළම අඩියට වැටී තිබෙන ලංකාව අද ආයෝජනයට නුසුදුසුම රටක් ලෙස ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් හඳුන්වනු ලබයි. ලංකාවේ ආයෝජනයට අලුතින් විදේශ ආයෝජකයන් එනවා වෙනුවට මෙතෙක් සිටි විදේශ ආයෝජකයෝත් හැකි ඉක්මනින් තම මුදල් ආපසු එකතු කරගෙන රටෙන් පිට වෙමින් සිටිති. සෑම ක්‍ෂේත්‍රයකම ව්‍යාපාර කඩාවැටෙමින් පවතින අතර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රාශියක් දැනටමත් වසා දමා ඇත. ස්වයං රැකියාවල යෙදී සිටි බොහෝ දෙනකුට යන එන මං නැත. රට වැසියන් බොහෝ දෙනකුට තවදුරටත් තුන්වේල කන්නට හැකියාවක් නැත. ආදායම් බිඳවැටීම නිසා ණය බර දරා ගත නොහැකිව ජනතාව අසරණ වී සිටිති.

    පසුගිය සතියේ ආණ්ඩුව රටේ ආනයනය පාලනය කිරීමට දැඩි තීරණ රැසක් ගෙන තිබිණි. මේ අනුව ලංකාවට වාහනයක් ගෙන්වීමට පෙර වාහනයේ අගය මෙන් 200%ක් ඇපයට තිබිය යුතුයි. ශීතකරණ, රූපවාහිනි යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර, ජංගම දුරකථන, සපත්තු, ටයර් ගෙන්වන්නට නම් 100% ඇපකරයන් අවශ්‍යයි.

    මේ තත්ත්වයට අනුව යහපාලන ආණ්ඩුවක් යටතේ අඩු මිලට කාර් ගන්නට ඡන්දය දුන් උදවියට ඉටු නොවුණු සිහිනය සම්පූර්ණයෙන්ම බොඳ වන අතර තියෙන වාහනයටත් තව මාසයක් දෙකක් ගත වන විට අලුත් ටයර් දමා ගැනීමටද අපහසු වනු ඇත.

    නිසි ප්‍රතිපත්තියක් නැතිකම හා තම නායකයන්ගේ උපන්ගෙයි නොහැකියාව නිසා හොඳින් ඉදිරියට යමින් තිබූ ආර්ථිකයක් අවුල් කරගත් අමනෝඥ ආණ්ඩුව දැන් කරන්නේ අතීසාරයට අමුඩය ගැසීම වැනි පලක් නැති විසඳුම් සෙවීමය.

    වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර 3කුත් මාස 9ක් ගත වන විට ලංකාවේ රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව 28%කින් බාල්දු වී ඇත. මෙයට හේතුව ලෙස ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා කියන්නට උත්සාහ කරන්නේ ඇමෙරිකානු ඩොලරය පසුගිය කාලයේ ශක්තිමත් වීම නිසා තවත් බොහෝ රටවලද මුදල්වල අගය ඩොලරයට සාපේක්‍ෂව බාල්දු වී ඇති බවය. මෙය අර්ධ සත්‍යයකි.

    මන්ද ඩොලරයට සාපේක්‍ෂව අගය අඩු වූ අන් රටවල මුදල් ලංකාවේ රුපියල මෙන් මස්ත බාල්දු නොවූ නිසාය. ප්‍රශ්නය තිබෙන්නේ එතැනය. නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති යටතේ ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වන බව දුටු අනෙකුත් රටවල් වහ වහා තම මුදල්වල අගය රැක ගන්නට යම් තීරණ ගත් අතර ලංකාවේ තත්ත්වය මෙතරම් බරපතළ වූයේ වැඩ බැරි යහපාලන ආණ්ඩුව කරන්නේ කුමක්ද කියා නොදැන උඩ බලාගෙන සිටීමේ ප්‍රතිඵලයක් ලෙසය.

    දැන් මෙය වටහා ගන්නට එක් සරල උදාහරණයක් ගනිමු.

    අද ගෝලීය ආර්ථිකය තුළ විදේශ ආයෝජකයෝ නිරන්තරයෙන්ම ලෝක වෙළෙඳපොළේ ආයෝජන අවස්ථාවන් දෙස අවධානයෙන් සිටිති. ඔවුන් කරන්නේ ප්‍රතිලාභ අඩු තැන්වල සිට ප්‍රතිලාභ වැඩි තැන්වලට නිරන්තරයෙන් තම ආයෝජන මාරු කිරීමයි. ඇමෙරිකාවේ ආයෝජකයන්ට ලැබෙන පොලී අනුපාතයන් වැඩි වන විට ලංකාවේ පොලී අනුපාතයන්ද ඒ හා සමාන්තරව යම් ප්‍රමාණයකින් හෝ වැඩි නොවුණොත් විදේශ ආයෝජකයන් ලංකාවේ ඇති ආයෝජන ඉවත් කරගන්නා බව ආර්ථික විද්‍යාව පිළිබඳව යම් අවබෝධයක් තිබෙන පිරිසක් ලංකාවේ ආර්ථිකය හැසුරුවා නම් ඔවුන් කල්වේලා ඇතිව තේරුම් ගන්නට තිබිණි. නමුත් වත්මන් ආණ්ඩුවේ එවැනි දුර දකිනා නුවණක් ඇති කිසිවකු නැති බව ජනතාව දැනටමත් දනිති.

    ප්‍රතිඵලය වූයේ ආයෝජකයන් කෝටි ගණනින් විදේශ ආයෝජන ලංකාවෙන් ඉවත් කර ගැනීමත්, එහි ප්‍රතිඵලය ලෙස රුපියල තව තවත් කඩා වැටීමත්ය. ලෝකයේ අනෙකුත් රටවල් ගැටලුවට විසඳුම් සොයද්දී ලංකාවේ ආර්ථික හසුරවන්නෝ නිදිකිරා වැටුණු අතර ඔවුන් හදිසියේ අවදිව ඉස්තාලය වසන්නට උත්සාහ කරන්නේ අස්සයා පැන ගියාට පසුවය.

    ලංකාව මුහුණ දී ඇති වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ රටේ සැබෑ පාලකයා වන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණය මිස අන් කිසිවක් නොවේ. වත්මන් හවුල් ආණ්ඩුව බලයට පැමිණි දා සිට කළ වැරැදි කිහිපයක් මෙහිදී මතක් කර බැලුවහොත් මෙය වටහා ගැනීම පහසු වනු ඇත.

    යහපාලනය බලයට ආ විගස කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, අධිවේගී මාර්ග ඇතුළු පසුගිය ආණ්ඩුව විසින් අරඹා තිබූ සියලුම ව්‍යාපෘතීන් වසරක පමණ කාලයකට නතර කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ මේ මහා පරිමාණ ව්‍යාපෘතීන් ආශ්‍රිතව ගොඩනැඟී තිබුණු සමස්ත ආර්ථික ක්‍රියාවලියම නතර වීමයි. එය රටේ මුදල් සංසරණයට දැඩි ලෙස බලපෑ අතර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් බංකොලොත් වීමටත් ඒ තුළින් රැකියා රැසක් අහිමි වීමටත් හේතු විය.

    වළං කඩයට කඩා වැදුණු ගොනකු මෙන් හැසුරුණු යහපාලන ආණ්ඩුව බලයට පත්වී මාස 3ක් තුළ පැමිණි අතුරු අයවැයෙන් අදූරදර්ශී තීරණ රැසක් ක්‍රියාත්මක කළේය. එක් උදාහරණයක් නම් මහා පරිමාණ ව්‍යාපාරවලට අතීතයට බලපාන පරිදි පැනවූ සුපිරි ලාභ බද්දයි. මෙය සාධාරණ ආකාරයට රජයට බදු ගෙවා තිබුණු ව්‍යාපාර මත පැනවූ අතිශයින්ම අසාධාරණ බද්දක් වූ අතර එය දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ නව රජය ගැන වූ විශ්වාස බිඳවැටීමේ ආරම්භය විය. එසේම වසර තුනකට අධික කාලයක් තිස්සේ තමුන්ට නිසි බදු ප්‍රතිපත්තියක් නොමැති බව ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට පෙන්වා දී ඇත.

    රජයේ ආදායම වැඩි කර ගැනීමේ නිසි සැලැස්මක් නොමැතිව හිටි අඩියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම තමුන්ට දරාගත නොහැකි බරක් බව ගණනය කර ගැනීමටවත් මේ ආර්ථික ඔස්තාර්ලා එදා අසමත් වූහ. අවසාන ප්‍රතිඵලය වූයේ වැඩි කළ වැටුප ආපසු අය කර ගැනීමට ජනතාව මත වූ බදු වැඩි කිරීමට සිදුවීමයි. 2014ට සාපේක්‍ෂව මේ වනවිට රටේ ජනතාව මත වක්‍ර හා සෘජු බදු වැඩිවීම 100%කි. රජය විසින් වැඩි කළ වැටුපට වඩා විශාල ප්‍රමාණයකින් අද රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම වැඩි වී ඇත්තේ මේ අනුවණ ක්‍රියාවන් නිසාය.

    යහපාලනය බලයට පත්වී මාස දෙකක් අවසන් වන්නටත් පෙර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ගජ මිතුරු අර්ජුන මහේන්ද්‍රන් විසින් මෙහෙය වන ලද මහ බැංකු බැඳුම්කර කොල්ලය රටේ ආර්ථිකයට ඊළඟ මරු පහර එල්ල කළේය. රටේ එතෙක් පැවැති ව්‍යාපාරිකයන්ට හිතකර වූ අඩු පොලී අනුපාතයන් ක්‍ෂණිකව වෙනස් වීමට මෙය හේතු වූ අතර මහ බැඳුම්කර කොල්ලය නිසා සෘජුව හා වක්‍රව රටේ ආර්ථිකයට වූ බලපෑම රුපියල් කෝටි
    ලක්‍ෂය හෙවත් එකල රජයේ සමස්ත වාර්ෂික ආදායම ඉක්මවන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. මීට අමතරව රටේ ඉහළම බලධාරීන් සම්බන්ධව කෙරුණු මේ මහ කොල්ලය රටට විශාල කළු පැල්ලමක් වූ අතර ලංකාව මේ වනවිට ලෝකයේ දූෂිතම රටවල් 4 අතරට පැමිණ සිටින බව ජාත්‍යන්තර ශේ‍ර්ණිගත කිරීමේ ආයතනයක් විසින් ප්‍රකාශ කිරීමට පවා මෙය හේතුවක් විය.

    නව ආණ්ඩුව බලයට පැමිණි දා සිට දේශීය ව්‍යාපාරිකයන්ට කළේ කෙනෙහිලිකම්ය. දේශීය ව්‍යාපාරිකයන්ට තිබූ ආරක්‍ෂාවන් දුරදිග නොසිතා ඉවත් කිරීම නිසා දේශීය ව්‍යාපාර රැසක් බිඳවැටුණු අතර අපනයනය අඩු වී ආනයන වැඩි වී වෙළෙඳ ශේෂය රටට අහිතකර ලෙස ඉහළ යෑමට මෙම අනුවණ ක්‍රියාවන් හේතු විය. කිසිදු ප්‍රතිපත්තියකින් තොරව කෘෂි බෝග පවා ප්‍රතිඅපනයනයට ඉඩදීම නිසා නිෂ්පාදකයන් අසරණ වූ අතර ගැමි ආර්ථිකයන් තුළ වූ රැකියා රැසක් මේ නිසා නැති වී ගියේය.

    සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම වැනි අනුවණ තීරණ නිසා ඉදිරියේදී තවත් දේශීය ව්‍යාපාර අවස්ථා විදේශිකයන්ට හිමි වී රටේ අනාගත පරපුරට තම රට තුළම විදේශිකයන්ගේ සේවකයන් වෙනවා හැර වෙනත් විකල්ප අහිමි වනු ඇත.

    තමන් විසින්ම ආර්ථික අර්බුදයක් නිර්මාණය කරගත් යහපාලන ආණ්ඩුවට මින් ගොඩ එන්නට නොහැකිය. තව සුළු කලක් තුළ මෙම ආර්ථික අර්බුදය තවත් උත්සන්න වනු නියතය. රුපියලේ අගය තවත් බාල්දු වනු ඇත. සෑම භාණ්ඩයක හා සේවාවකම මිල ඉහළ යනු ඇත.

    සෑම
    ක්‍ෂේත්‍රයකම ව්‍යාපාර පාඩු ලබනු ඇති අතර බොහෝ ව්‍යාපාර වසා දමන්නට සිදුවනු ඇත. බැංකු ණය පොලී අනුපාතයන් ඉහළ යනු ඇත. මුදල් සංසරණය තවත් දුර්වල වනු ඇත. ජීවිතය ගැට ගසාගන්නට ඇති අමතර ආදායම් මාර්ග බි¼ද වැටෙනු ඇත. සේවකයන්ගේ යම් දීමනා කපාහරින්නට මෙන්ම සේවක ප්‍රමාණය අඩු කරන්නට ආයතනවලට සිදුවනු ඇත. හෙල පහළට පෙරළෙන්නට පටන් ගෙන ඇති සුවිසල් ගල මඟ ඇති සියලුදෙනා යට කරගෙන ප්‍රපාතයටම යනු ඇත.

    අවසාන විසඳුම ඇත්තේ මහජනතාව අතය. ඒ බහුතර ජනතාව බුද්ධියෙන් විමසා තීරණයක් ගත් විටය.

    copyright:Mawbima newspaper
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    මහජනතාව හරියට පාලකයෝ පත් නොකරන එක තම ලොකුම හේනේ. හිරේ ඉන්න ඕනි උන්වනේ චන්දෙ දීල යවන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් සැපයි වෙනස හොයපු උන් කෝ දැන්?????
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මහජනතාව හරියට පාලකයෝ පත් නොකරන එක තම ලොකුම හේනේ. හිරේ ඉන්න ඕනි උන්වනේ චන්දෙ දීල යවන්නේ.

    Eka thama aththa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    බොරු පච thread, ලණුකාලා දාන thread

    UNP කොලුවනේ
    රටට කෙල උනේ
    රනිල්ගේ කොඩිවිනේ
    සගවනු බැරි අනේ
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    rupiyala anathai

    Bedum wadeenta raja magul

    Rajya wiyapara anathai

    Mahabankuwa winasai

    Sinhalayata aba saranai

    Tax uparimai

    Deshiya wiyaparikayo kujithai

    Deshiya goviyata yana en man na
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බොරු පච thread, ලණුකාලා දාන thread

    UNP කොලුවනේ
    රටට කෙල උනේ
    රනිල්ගේ කොඩිවිනේ
    සගවනු බැරි අනේ

    6ffnxh.gif

    වත්මන් ආර්ථික අර්බුදයේ නිර්මාණකරුවෝ කවු&

    වසර 1970 බලයට ආ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ සමඟි පෙරමුණ ආණ්ඩුව උත්සාහ කළේ සංවෘත ආර්ථික ක්‍රමයක් තුළ දේශීය නිෂ්පාදනය වර්ධනය කොට රට ස්වයංපෝෂිත කිරීමටය.

    ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම කර්මාන්ත ප්‍රමාණයක් ආරම්භ වූයේ මේ කාලයේදීය. කෘෂිකර්මාන්තයට විශාල අවධානයක් යොමු විය. එහෙත් මෙම සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිඵල එනතුරු ජනතාවට පටි තද කරගන්නා ලෙස එම ආණ්ඩුව ඉල්ලා සිටීම නොරිස්සු ජනතාව 1977 මැතිවරණයෙන් සමඟි පෙරමුණ අන්ත පරාජයකට පත්කොට විවෘත ආර්ථිකයක් පොරොන්දු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා නායකත්වය දැරූ එක්සත් ජාතික පක්‍ෂය බලයට පත් කර ගත්හ.

    මවිතයට කරුණ නම් දශක 40කට පසු එම එක්සත් ජාතික පක්‍ෂයේම ඇමැතිවරු අද ජනතාවට පටි තද කරගන්නා මෙන් ඉල්ලීමය. එහෙත් අද එසේ කියන්නේ ආණ්ඩුවට ආර්ථිකය හසුරුවා ගන්නට බැරිව රට වළපල්ලට යමින් තිබෙන නිසා මිස එදා මෙන් යම් ආර්ථික ප්‍රතිපත්තියක් නිසා නොවේ.

    අද රට තිබෙන්නේ ලංකා ඉතිහාසයේ යම් ආණ්ඩුවක් තම වැඩ බැරිකම නිසාම ඇති කරගත් විශාලතම ආර්ථික අර්බුදය හමුවේය.

    ආර්ථික සංවර්ධන වේගය අතින් ආසියාවේ පහළම අඩියට වැටී තිබෙන ලංකාව අද ආයෝජනයට නුසුදුසුම රටක් ලෙස ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් හඳුන්වනු ලබයි. ලංකාවේ ආයෝජනයට අලුතින් විදේශ ආයෝජකයන් එනවා වෙනුවට මෙතෙක් සිටි විදේශ ආයෝජකයෝත් හැකි ඉක්මනින් තම මුදල් ආපසු එකතු කරගෙන රටෙන් පිට වෙමින් සිටිති. සෑම ක්‍ෂේත්‍රයකම ව්‍යාපාර කඩාවැටෙමින් පවතින අතර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රාශියක් දැනටමත් වසා දමා ඇත. ස්වයං රැකියාවල යෙදී සිටි බොහෝ දෙනකුට යන එන මං නැත. රට වැසියන් බොහෝ දෙනකුට තවදුරටත් තුන්වේල කන්නට හැකියාවක් නැත. ආදායම් බිඳවැටීම නිසා ණය බර දරා ගත නොහැකිව ජනතාව අසරණ වී සිටිති.

    පසුගිය සතියේ ආණ්ඩුව රටේ ආනයනය පාලනය කිරීමට දැඩි තීරණ රැසක් ගෙන තිබිණි. මේ අනුව ලංකාවට වාහනයක් ගෙන්වීමට පෙර වාහනයේ අගය මෙන් 200%ක් ඇපයට තිබිය යුතුයි. ශීතකරණ, රූපවාහිනි යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර, ජංගම දුරකථන, සපත්තු, ටයර් ගෙන්වන්නට නම් 100% ඇපකරයන් අවශ්‍යයි.

    මේ තත්ත්වයට අනුව යහපාලන ආණ්ඩුවක් යටතේ අඩු මිලට කාර් ගන්නට ඡන්දය දුන් උදවියට ඉටු නොවුණු සිහිනය සම්පූර්ණයෙන්ම බොඳ වන අතර තියෙන වාහනයටත් තව මාසයක් දෙකක් ගත වන විට අලුත් ටයර් දමා ගැනීමටද අපහසු වනු ඇත.

    නිසි ප්‍රතිපත්තියක් නැතිකම හා තම නායකයන්ගේ උපන්ගෙයි නොහැකියාව නිසා හොඳින් ඉදිරියට යමින් තිබූ ආර්ථිකයක් අවුල් කරගත් අමනෝඥ ආණ්ඩුව දැන් කරන්නේ අතීසාරයට අමුඩය ගැසීම වැනි පලක් නැති විසඳුම් සෙවීමය.

    වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර 3කුත් මාස 9ක් ගත වන විට ලංකාවේ රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව 28%කින් බාල්දු වී ඇත. මෙයට හේතුව ලෙස ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා කියන්නට උත්සාහ කරන්නේ ඇමෙරිකානු ඩොලරය පසුගිය කාලයේ ශක්තිමත් වීම නිසා තවත් බොහෝ රටවලද මුදල්වල අගය ඩොලරයට සාපේක්‍ෂව බාල්දු වී ඇති බවය. මෙය අර්ධ සත්‍යයකි.

    මන්ද ඩොලරයට සාපේක්‍ෂව අගය අඩු වූ අන් රටවල මුදල් ලංකාවේ රුපියල මෙන් මස්ත බාල්දු නොවූ නිසාය. ප්‍රශ්නය තිබෙන්නේ එතැනය. නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති යටතේ ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වන බව දුටු අනෙකුත් රටවල් වහ වහා තම මුදල්වල අගය රැක ගන්නට යම් තීරණ ගත් අතර ලංකාවේ තත්ත්වය මෙතරම් බරපතළ වූයේ වැඩ බැරි යහපාලන ආණ්ඩුව කරන්නේ කුමක්ද කියා නොදැන උඩ බලාගෙන සිටීමේ ප්‍රතිඵලයක් ලෙසය.

    දැන් මෙය වටහා ගන්නට එක් සරල උදාහරණයක් ගනිමු.

    අද ගෝලීය ආර්ථිකය තුළ විදේශ ආයෝජකයෝ නිරන්තරයෙන්ම ලෝක වෙළෙඳපොළේ ආයෝජන අවස්ථාවන් දෙස අවධානයෙන් සිටිති. ඔවුන් කරන්නේ ප්‍රතිලාභ අඩු තැන්වල සිට ප්‍රතිලාභ වැඩි තැන්වලට නිරන්තරයෙන් තම ආයෝජන මාරු කිරීමයි. ඇමෙරිකාවේ ආයෝජකයන්ට ලැබෙන පොලී අනුපාතයන් වැඩි වන විට ලංකාවේ පොලී අනුපාතයන්ද ඒ හා සමාන්තරව යම් ප්‍රමාණයකින් හෝ වැඩි නොවුණොත් විදේශ ආයෝජකයන් ලංකාවේ ඇති ආයෝජන ඉවත් කරගන්නා බව ආර්ථික විද්‍යාව පිළිබඳව යම් අවබෝධයක් තිබෙන පිරිසක් ලංකාවේ ආර්ථිකය හැසුරුවා නම් ඔවුන් කල්වේලා ඇතිව තේරුම් ගන්නට තිබිණි. නමුත් වත්මන් ආණ්ඩුවේ එවැනි දුර දකිනා නුවණක් ඇති කිසිවකු නැති බව ජනතාව දැනටමත් දනිති.

    ප්‍රතිඵලය වූයේ ආයෝජකයන් කෝටි ගණනින් විදේශ ආයෝජන ලංකාවෙන් ඉවත් කර ගැනීමත්, එහි ප්‍රතිඵලය ලෙස රුපියල තව තවත් කඩා වැටීමත්ය. ලෝකයේ අනෙකුත් රටවල් ගැටලුවට විසඳුම් සොයද්දී ලංකාවේ ආර්ථික හසුරවන්නෝ නිදිකිරා වැටුණු අතර ඔවුන් හදිසියේ අවදිව ඉස්තාලය වසන්නට උත්සාහ කරන්නේ අස්සයා පැන ගියාට පසුවය.

    ලංකාව මුහුණ දී ඇති වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ රටේ සැබෑ පාලකයා වන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණය මිස අන් කිසිවක් නොවේ. වත්මන් හවුල් ආණ්ඩුව බලයට පැමිණි දා සිට කළ වැරැදි කිහිපයක් මෙහිදී මතක් කර බැලුවහොත් මෙය වටහා ගැනීම පහසු වනු ඇත.

    යහපාලනය බලයට ආ විගස කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, අධිවේගී මාර්ග ඇතුළු පසුගිය ආණ්ඩුව විසින් අරඹා තිබූ සියලුම ව්‍යාපෘතීන් වසරක පමණ කාලයකට නතර කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ මේ මහා පරිමාණ ව්‍යාපෘතීන් ආශ්‍රිතව ගොඩනැඟී තිබුණු සමස්ත ආර්ථික ක්‍රියාවලියම නතර වීමයි. එය රටේ මුදල් සංසරණයට දැඩි ලෙස බලපෑ අතර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් බංකොලොත් වීමටත් ඒ තුළින් රැකියා රැසක් අහිමි වීමටත් හේතු විය.

    වළං කඩයට කඩා වැදුණු ගොනකු මෙන් හැසුරුණු යහපාලන ආණ්ඩුව බලයට පත්වී මාස 3ක් තුළ පැමිණි අතුරු අයවැයෙන් අදූරදර්ශී තීරණ රැසක් ක්‍රියාත්මක කළේය. එක් උදාහරණයක් නම් මහා පරිමාණ ව්‍යාපාරවලට අතීතයට බලපාන පරිදි පැනවූ සුපිරි ලාභ බද්දයි. මෙය සාධාරණ ආකාරයට රජයට බදු ගෙවා තිබුණු ව්‍යාපාර මත පැනවූ අතිශයින්ම අසාධාරණ බද්දක් වූ අතර එය දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ නව රජය ගැන වූ විශ්වාස බිඳවැටීමේ ආරම්භය විය. එසේම වසර තුනකට අධික කාලයක් තිස්සේ තමුන්ට නිසි බදු ප්‍රතිපත්තියක් නොමැති බව ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට පෙන්වා දී ඇත.

    රජයේ ආදායම වැඩි කර ගැනීමේ නිසි සැලැස්මක් නොමැතිව හිටි අඩියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම තමුන්ට දරාගත නොහැකි බරක් බව ගණනය කර ගැනීමටවත් මේ ආර්ථික ඔස්තාර්ලා එදා අසමත් වූහ. අවසාන ප්‍රතිඵලය වූයේ වැඩි කළ වැටුප ආපසු අය කර ගැනීමට ජනතාව මත වූ බදු වැඩි කිරීමට සිදුවීමයි. 2014ට සාපේක්‍ෂව මේ වනවිට රටේ ජනතාව මත වක්‍ර හා සෘජු බදු වැඩිවීම 100%කි. රජය විසින් වැඩි කළ වැටුපට වඩා විශාල ප්‍රමාණයකින් අද රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම වැඩි වී ඇත්තේ මේ අනුවණ ක්‍රියාවන් නිසාය.

    යහපාලනය බලයට පත්වී මාස දෙකක් අවසන් වන්නටත් පෙර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ගජ මිතුරු අර්ජුන මහේන්ද්‍රන් විසින් මෙහෙය වන ලද මහ බැංකු බැඳුම්කර කොල්ලය රටේ ආර්ථිකයට ඊළඟ මරු පහර එල්ල කළේය. රටේ එතෙක් පැවැති ව්‍යාපාරිකයන්ට හිතකර වූ අඩු පොලී අනුපාතයන් ක්‍ෂණිකව වෙනස් වීමට මෙය හේතු වූ අතර මහ බැඳුම්කර කොල්ලය නිසා සෘජුව හා වක්‍රව රටේ ආර්ථිකයට වූ බලපෑම රුපියල් කෝටි
    ලක්‍ෂය හෙවත් එකල රජයේ සමස්ත වාර්ෂික ආදායම ඉක්මවන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.
    මීට අමතරව රටේ ඉහළම බලධාරීන් සම්බන්ධව කෙරුණු මේ මහ කොල්ලය රටට විශාල කළු පැල්ලමක් වූ අතර ලංකාව මේ වනවිට ලෝකයේ දූෂිතම රටවල් 4 අතරට පැමිණ සිටින බව ජාත්‍යන්තර ශේ‍ර්ණිගත කිරීමේ ආයතනයක් විසින් ප්‍රකාශ කිරීමට පවා මෙය හේතුවක් විය.

    නව ආණ්ඩුව බලයට පැමිණි දා සිට දේශීය ව්‍යාපාරිකයන්ට කළේ කෙනෙහිලිකම්ය. දේශීය ව්‍යාපාරිකයන්ට තිබූ ආරක්‍ෂාවන් දුරදිග නොසිතා ඉවත් කිරීම නිසා දේශීය ව්‍යාපාර රැසක් බිඳවැටුණු අතර අපනයනය අඩු වී ආනයන වැඩි වී වෙළෙඳ ශේෂය රටට අහිතකර ලෙස ඉහළ යෑමට මෙම අනුවණ ක්‍රියාවන් හේතු විය. කිසිදු ප්‍රතිපත්තියකින් තොරව කෘෂි බෝග පවා ප්‍රතිඅපනයනයට ඉඩදීම නිසා නිෂ්පාදකයන් අසරණ වූ අතර ගැමි ආර්ථිකයන් තුළ වූ රැකියා රැසක් මේ නිසා නැති වී ගියේය.

    සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම වැනි අනුවණ තීරණ නිසා ඉදිරියේදී තවත් දේශීය ව්‍යාපාර අවස්ථා විදේශිකයන්ට හිමි වී රටේ අනාගත පරපුරට තම රට තුළම විදේශිකයන්ගේ සේවකයන් වෙනවා හැර වෙනත් විකල්ප අහිමි වනු ඇත.

    තමන් විසින්ම ආර්ථික අර්බුදයක් නිර්මාණය කරගත් යහපාලන ආණ්ඩුවට මින් ගොඩ එන්නට නොහැකිය. තව සුළු කලක් තුළ මෙම ආර්ථික අර්බුදය තවත් උත්සන්න වනු නියතය. රුපියලේ අගය තවත් බාල්දු වනු ඇත. සෑම භාණ්ඩයක හා සේවාවකම මිල ඉහළ යනු ඇත.

    :shocked: @monson
    ------ Post added on May 11, 2024 at 12:04 PM