වත්මන් රජයට අතදෙන්න සූදානම්
වත්මන් රජයට අමෙරිකාව අතදෙන්න සූදානම්
ශ්‍රී ලංකාවේ පැවති භේදාකාරී දේශපාලනය ගජමිතුරු ආර්ථිකය මිදුණු ශ්‍රී ලංකාවේ නව පාලනය සංහිඳියාවේ හා සංවර්ධනය කරා ආරම්භ කර ඇති නව මාවතට බොහෝ සේ සහය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා රජය ශක්තිමත් කිරීම සඳහා උපරිම සහය දෙන බවත්, විශේෂයෙන්ම රටේ නීතිය හා මූල්‍ය ක්ෂේත්රය ශක්තිමත් කිරීමට අතදෙන බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියානු හා මධ්‍යම ආසියානු කටයුතු බාර නියෝජ්‍ය අතිරේක ලේකම්(ප්‍රතිපත්ති) රිචර්ඩ් ඊ හෝලන්ඩ් කියා සිටියි.
මානව හිමිකම් සුරක්ෂිත කිරීම ඇතුළු යහපාලනය ප්‍රවර්ධනය කිරීමට වත්මන් ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කිරීම පිළිබඳ තම ප්‍රසාදය හිමිවන බවද ඔහු සඳහන් කර ඇත.
එසේම ඉන්දීය සාගරයේ නාවික ආරක්ෂාව තර කිරීමද ඉතා වැදගත් බව අමෙරිකානු රාජ්‍ය නිලධාරියා අවධාරණය කර තිබේ.
adaderana