වතිකානයේ රහස් ලේඛනාගාරය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වතිකානයේ රහස් ලේඛනාගාරය

    සත්‍ය වශයෙන්ම මෙහි ඇති ලිපි ලේඛන රහස්‍ය ඒවා වන්නේ නෑ. “Secret” යන වචනය, ලතින් භාෂාවේ “secretum” එහෙම නැත්නම් “පුද්ගලික” (private) යන තේරුම් දෙනවා. එය වරදවා වටහා ගෙන මෙයට Secret, එහෙම නැත්නම් “රහස්‍ය” යන වචනය යොදාගෙන තිබෙනවා. නමුත් මෙම ලිපිලේඛන රහස්‍ය නොවන අතර ඒවා පාප්වරුන්ගේ පරිහරණයට වෙන් වූ පෞද්ගලික ලිපිලේඛන වෙනවා.
    image-011-680x425.jpg

    වතිකානය – (visagov.ae)

    වතිකානු ලේඛනාගාරයේ කි.මී. 85ක් පමණ මුළු දිගකින් යූත් රාක්ක තැම්පත් කර තිබෙනවා. එමෙන්ම ඒවා තුල රඳවා ඇති පිටපත්, ලේඛන ගණන තිස්පන්දහසකට ආසන්නයි. මෙම ස්ථානයේ ඇති බොහොමයක් ලේඛන විශ්වීය කතෝලික සභාවට අයත් ලේඛන යි. මෙම ලේඛනාගාරය තුල සියවස් දොළහකට අයත්, එනම් අටවන සියවසේ සිට 20 වන සියවස තෙක්, අයත් ලේඛන තැම්පත් කර තිබෙනවා. මෙය පුස්තකාලය සහ රහස් ලේඛනාගාරය වශයෙන් කොටස් දෙකකින් යුක්තයි.
    සියවස් ගණනක් පුරාවට මෙය පුද්ගලික පරිහරණය සඳහා වෙන්ව තිබුණු නමුත් 13 වන ලියෝ පාප්තුමන් විසින් මෙය 1881 වසරේ දී විද්වතුන්ට ද විවෘත කරනවා. එයත් සමඟ ඉතිහාසය හැදෑරීමට ඇති ජනප්‍රිය ස්ථානයක් බවට මෙය පත්වෙනවා. නමුත් අදටත් පාප් වහන්සේලා තමන්ගේ රහස් ලේඛන ගබඩා කිරීමට මෙය භාවිතා කරනු ලබනවා. මෙහි ඇති සියලුම ලේඛන හැදෑරීමට විද්වතුන්ට අවස්ථාව නොමැති අතර විටින් විට විවිධ පාප්වරුන් විසින් විවිධ ප්‍රාමාණයන්ගෙන් එම ලේඛන ජනගත කර තිබෙනවා. ඒවා ජනගත කෙරෙන්නේ ලේඛන වලට වසර 75ක් පිරුණු විටයි. තවමත් 1939න් පසු ඇතුලත් කළ ලේඛනයන් ජනගත කර නැහැ.
    image-021-680x452.jpg

    cdn.history.com

    වතිකානයේ නායකයා වූ පාප් යටතේ තිබෙන දේපලක්, එහෙම නැත්නම් විෂයයක්, ලෙසයි මෙහි රහස් ලේඛනාගාරය සැලකෙන්නේ. එනිසා මෙම ලිපිලේඛන විශ්ලේෂණයට අවස්තාව ලැබෙන්නේ තෝරාගත් විද්වතුන්, මාධ්‍යවේදීන්, පර්යේෂකයින්, හා වෙනත් අධ්‍යාපන අවශ්‍යතා ඇත්තන්ට පමණයි. හිතුමතේ කිසිවෙකුටත් එහි යාමට වතිකානය ඉඩ ලබා නොදෙන අතර ඔවුන්ව යම් ක්‍රමවේදයකට අනුව තෝරාගැනුනා. 2010 වසරේ දී ඩෑන් බ්‍රවුන් විසින් රචිත, පිටපත් විශාල ප්‍රමාණයක් අලෙවි වූ ග්‍රන්ථයක් වන “Angels and Demons”හි සඳහන් වූ ඇතැම් කරුණු නිසා වතිකානය විසින් මාධ්‍යවේදීන් වෙත ද මෙය විවෘත කරා.
    මෙම ලේඛනාගාරයේ 400 වන සංවත්සරයට සමගාමීව වර්ෂ 2012 දී ඔවුන් විසින් මෙහි ලේඛන 100ක් පොදු ජනතාවට ප්‍රසිද්ධ කරනු ලැබුවා.
    මෙම එකතුවේ තිබී ජනගත කරන ලද ලිපි ලේඛන අතර ලෝක ප්‍රසිද්ධ ලිපි ලේඛන විශාල ප්‍රාමාණයක් දැක ගන්නට පුළුවන්. ඉන් එකක් ලෙස ස්කොට්ලන්තයේ මේරී රැජිණ විසින් පස්වන සික්ටස් පාප් තුමාට එවන ලද ලිපිය සැලකෙනවා. ඇය සිහසුන අත්හැරීමෙන් පසුව වසර 20කට සිරගත කරනු ලබනවා. ඉන්පසුව ඇයට මරණ දණ්ඩනය හිමිවෙන්නේ ඇයගේ රෙපරමාදු ඥාති සොහොයුරිය වූ එලිසබෙත් රැජින ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම නිසයි. ඇය තමන්ට අභයදානය දෙන මෙන් රජයට බල සිටින ලෙස ඉල්ලමින් පස්වන සික්ටස් පාප් තුමාට ලිපියක් එවනවා. පාප්වරයා එයට ප්‍රතිචාර නොදැක්වූ නිසා 1587 පෙබරවාරි 8 වෙනි දා ඇය ගේ හිසගසා දැමුනා.
    image-031-680x453.jpg

    ස්කොට්ලන්තයේ මේරී රැජිණ විසින් පස්වන සික්ටස් පාප් තුමාට එවන ලද ලිපිය (www.history.com)

    මෙහි ඇති තවත් ලිපියක් ආගමික ඉතිහාසයම වෙනස් කළ ලියවිල්ලක් ලෙස සැලකෙනවා.
    ඒ මාටින් ලූතර්ව කතෝලික පල්ලියෙන් නෙරපීමට අදාළ ලිපියයි. ලුතර් ලියූ නිබන්ධන 95 නිසා යුරෝපයේම කතෝලික දහම පිළිබඳව දැඩි ආන්දෝලනයක් ඇති වුණා. මෙයට පිළිතුරක් ලෙස දස වන ලියෝ පාප්තුමා විසින් Decet Romanum Pontificem හෙවත් මාටින් ලූතර් හා ඔහුගේ අනුගාමිකයන් කතෝලික ආගමින් නෙරපමින් ලිපියක් නිකුත් කරා. ඉන්පසුව ලූතර් විසින් වෙනම ආගමක් තනා ගන්නවා.
    මෙම ලේඛන අතරින් ජනතාව අතට පත්වුණු අතිශ්‍ය රහස්‍ය ලේඛනයක් ද වුණා. එය Chinon Parchment ලෙස හඳුන්වන අතර 2001 වසරේ දී ඉතාලි ජාතික පැරණි අක්ෂර කියවන්නියකු වූ බාර්බරා ෆාර්ලේ විසින් සොයා ගනු ලැබුවා. මෙහි කතෝලික මිලටරිකරණයට අයත් තොරතුරු රැසක් අනතර්ගතව තිබුණා. එමෙන්ම එහි ඔවුන්ගේ අවමන් සහගත හැසිරීම ද සටහන් වී තිබුණා.ශත වර්ෂ ගණනාවක් තිස්සේ අතුරුදහන්ව තිබූ මෙම ලිපිය 2001 දී වෙනත් ලියකියවිලි සමඟ තිබී සොයාගත්තා.
    image-041-680x478.jpg

    Chinon Parchment ලිපිය – (www.history.com)

    තවමත් මෙම ලේඛනාගාරයේ අතිශ්‍ය රහස් ලියවිලි පවතිනවා. 1939 දී ඒවා වසා දැමුණු පසුව නැවත විවෘත කෙරුනේ නෑ. ඒවා අතර දෙවන ලෝක යුද්ධය සමයේ දී හිට්ලර් හා ජනසංහාරයට 7වන පයස් පාප්තුමාගේ සම්බන්ධය අදාළ විස්තර ඇතුලත් ව් තිබෙනවා. එම ලියවිලි පාප්තුමාට අහිතකර යමක් අඩංගු නොවන බව කියවුන ද ඒවායින් සමහර ලිපි හැර බොහොමයක් ලිපි ප්‍රසිද්ධ කිරීම මෙම ලේඛනාගාරය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
    මෙම ලිපි ලේඛන අතර,

    – ජේසු තුමන් පිළිබඳව ලියන ලද ලිපි (මේවා සමහරක් අතිශ්‍ය රහස්‍ය ලේඛන වේ)
    – අත්භූත බලවේගයන් (පිටසක්වල ජීවින්) පිළිබඳ තොරතුරු ඇතුලත් ලිපි
    – ෆාතිමාවේ මතභේදාත්මක තුන්වන රහස් පාඨය වතිකානුවේ ලේඛනාගාරයෙහි සැඟවී ඇති රහස් ලේඛනවලින් එකක් බව බොහෝ සාධක තිබේ.
    – 2 වෙනි ජුලියස් පාප්තුමාට මයිකලාන්ජලෝ විසින් එවන ලද ලිපිය
    – ගැලීලියෝට එරෙහිව 1633 කරන ලද නඩු විභාගය
    – දෙවන ක්ලෙමන්ට් පාප්තුමාට හත්වන දමයිලාමා තුමන් විසින් ප්‍රංශ මිෂනාරින්ගෙන් ටිබෙටය ආරක්ෂා කර දෙන ලෙසට ඉල්ලු ලිපිය
    – නව වන පයස් පාප්තුමාට ඒබ්‍රහම් ලින්කන් හා ජෙෆ්රන් ඩේවිස් විසින් 1863 දී එවන ලද ලිපි


    Roar
     
    Jul 17, 2018
    610
    31
    0
    ඕක ඇතුලේ ඉන්දීය දේව ප්‍රතිමා තියනවා කෞතුක බඩු හැටියට. මතක හැටියට නටරාජ් හරි කාලි මෑණියන්ගේ හරි පිළිම තියනවා සංරක්ෂණය කරලා.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔතන තමා මචන් ඉලුමිනාටි කියන උන් බිහිවෙන්න පාර කැපෙන්නේ..





    ඉස්සර මායකාරියෝ කියලා කට්ටියක් හිටියා කියනවනේ.. විචස්ලා..උන්ව මුන් මරනවා පල්ලියෙන් අල්ලලා.. එහෙම උන් නෙවි බන් ඒ ඇවිල්ලා ඉගෙනගත්තු ගෑනු උන්ව තමා එහෙම මරන්නේ පල්ලියෙන් මොකද එක පිරිමින්ට වඩා උන් ඉගෙනගෙන තියෙන නිසා සහ අනික් එක..



    මුන් විද්‍යාව පිළිගන්නේ නැහැ,, එක කොහොම හරි නැටි කරලා දාන්න හදන්නේ,, හොදටම තේරෙනවා දා වින්චි කොඩ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔතන තමා මචන් ඉලුමිනාටි කියන උන් බිහිවෙන්න පාර කැපෙන්නේ..
    ඉස්සර මායකාරියෝ කියලා කට්ටියක් හිටියා කියනවනේ.. විචස්ලා..උන්ව මුන් මරනවා පල්ලියෙන් අල්ලලා.. එහෙම උන් නෙවි බන් ඒ ඇවිල්ලා ඉගෙනගත්තු ගෑනු උන්ව තමා එහෙම මරන්නේ පල්ලියෙන් මොකද එක පිරිමින්ට වඩා උන් ඉගෙනගෙන තියෙන නිසා සහ අනික් එක..

    මුන් විද්‍යාව පිළිගන්නේ නැහැ,, එක කොහොම හරි නැටි කරලා දාන්න හදන්නේ,, හොදටම තේරෙනවා දා වින්චි කොඩ




    Opus Day කියන්නේ ඔයවගේ කට්ටියක් උන් සෙරම වහන්න හදන්නේ අනික ජේසුස් කියන්නේ මනුස්සයෙක් කියන කතාව වහලා දාන්න බලන්නේ උන් ෆික්ශන් එකක් කිවුවට මම නම් හිතෙන්නේ ඇත්ත වගේ අනික මේරි කියන්නේ ජීසස් ගේ වයිෆ් කියලා කියන්නේ ඒ උනා ට එක ඇත්ත නෙමේ කියලත් කියනවා ටෙම්ප්ලාර් ලා ඔය රහස රකිනවා කියලත් කියනවා :dull::dull:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    Main reason එක ඇවිල්ලා.. ජේසු කියන්නේ සාමාන්‍ය මිනිහෙක් අපි වගේ.. මුන් එක කොහෙවත් කියන්නේ නැහැ.. කියන්න දෙන්නෙත් නැහැ.. හැබය් මුන් දන්නවා එක ඇත්ත කියලා.. අදටත් ජේසුගේ blood line එක පැවතගෙන එනවා..Priory of Sion කියනේ ඒ මිනිස්සුන්ව මේ කතෝලික පිස්සොන්ගේ ප්‍රවේසන් කරන උන්..



    මොකද උන් දන්නවා මේක තමා මේ ආගම නැති කරන්න තියෙන එකම පිළියම කියලා..







    ජේසු සාමාන්‍ය මිනිහෙක් කියලා ඔප්පු කරන එක.. මේරි මඬලින් කියන්නේ ජේසුගේ වය්ෆ්..





    එයාලගේ දුව තමා තියාගෙන ඉන්නවා කියන්නේ අඩ වෙනකන් ඒ පරම්පරාව ආරක්සා කරගෙන්න..









    මේවා බොරු කියලා කියන්න අමාරුය්,, මොකද මේ ෆිල්ම් එක රිලීස් වෙච්චි කාලේ මුන් නටුවේ පිස්සෝ වගේ..



    එහෙ පෙන්නන එකත් තහනං කරා..