වතුරේ යන ඒවා

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    CONTAINER SHIPS යටතේ වර්ග කරලා තියෙන SUEZMAX හා POST SUEZMAX ගැන තමයි දැන් කියන්න හදන්නේ.......

    SUEZMAX කියන්නෙත් අර කලින් PANAMEX ගැන විස්තර කරා වගේම මිනුම්දණ්ඩක් නැව් ගමනාගමනයේදී යොදා ගන්න........ මේ වචනෙත් හැදිලා තියෙන්නේ මේකත් සම්බන්ධ ඇලකට..... ඒ ඇල තමයි සූවස් ඇල...... අහල ඇතිනේ සූවස් ඇල ගැන..... නැව් ගමනාගමනයේදී අප්‍රිකාව වටෙන් නොයා යුරෝපය සහ ආසියාව සම්බන්ධ කෙරෙන ෂෝට්කට් එක තමයි මේ සූවස් ඇල......

    China-SignPost-26_Xuzhou-route-and-Libya-info-map-graphic_27-Feb-2011.jpg


    මේ සූවස් ඇලේ අර පැනමා ඇලේ වගේ දිය අඟුල් පද්ධති මුකුත් නෑ...... තියෙන එකම පුරස්නේ ඇලේ ගැඹුර හා උස තමයි.....

    මේ සූවස් ඇලේ ගැඹුර අඩි 66ක් තමයි උපරිම...... 2009 දී තමයි මේක අඩි 66ක් වෙන්න හෑරුවේ...... ඊට කලින් ගැඹුර තිබුනේ අඩි 60යි........ ඒ වගේම මේ ඇල හරහා තියෙනවා පාලමක් “Suez Canal Bridge” කියලා...... සාමාන්‍ය ජල මට්ටමේ ඉඳලා පාලමට අඩි 230ක් උසයි...... ඉතිං මේ සීමා වලින් කරදරයක් නැතුව යන්න පුළුවන් නැව් වලට තමයි මේ SUEZMAX නැව් කියල කියන්නේ........ මේ සූවස් ඇල ගොඩක්ම පාවිච්චි කරන්නේ තෙල් ගෙනියන ටෑන්කර් නැව් තමයි.......

    4497800768_ba38cf7a4b_b.jpg


    අර කලින් කියපු POST PANAMAX වගේම තමයි මේ POST SUEZMAX කියන්නෙත් සූවස් ඇලේ ගමන්කරන්න සුදුසුකම් නැති නැව් වලට තමයි......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    CONTAINER SHIPS යටතේ වර්ග කරලා තියෙන POST MALACCAMAX ගැන තමයි මේ.......

    මේකත් කලින් වගේම නැව් ගමනාගමනයේ පාවිච්චි කෙරෙන මිනුමක්....... මේක සම්බන්ධ “මලක්කා සමුද්‍ර සන්ධිය” ට තමයි.......

    Strait_of_malacca.jpg


    මේ මලක්කා සමුද්‍ර සන්ධියේ ගැඹුර අඩි 82ක් විතරයි....... ඉතිං මහා පරිමාණ නැව් (SUPERTANKER වර්ගයට අයිති තෙල් නැව්) එහෙම මේ සමුද්‍ර සන්ධිය හරහා යන්න බෑ...... ඒවාට තමයි මේ POST MALACCAMAX කියලා කියන්නේ......
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    නියම ත්‍රෙඩ් එක මචෝ මමත් කාලයක් හාබර් එකේ වැඩ කලා මේවා දකිනකොට ඇත්තටම ආසයි ඒ දවස්වල නැව් කියන්නේ නිකම් ගෙදර වගේ පයිලට් රූම් එකේ ඉදන් නැවේ හැච් එකට යනකම් අපි ඇවිදිනවා. නැවෙන් කනවා උන්ගෙන් බොනවා මාර ආතල් මතක් වෙනකොටත් ආසයි ........
    වැඩේ දිගටම කරගෙන යමු
     
    • Like
    Reactions: SANJEE

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මචන් ඔය නැව් වල කන්ටේනර් පටවගෙන යනකොට එක උඩ එක, මුහුදේදි එන කුනාටු අරවට මේවට ඕවා පෙරෙලෙන්නේ නැද්ද බං.....?? පෙරලුනොත් එකක් හරි මොකද කරන්නේ.....??
     
    • Like
    Reactions: SANJEE