Questions වතුර බිලේ පලහිලව්ව

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    සාමාන්යෙන් අපිට රු600-700ක වතුර බිලක් තමයි එන්නේ.

    1). මේ පහලින් තියෙන්නේ 2020 ජනවාරි 14 ඉඳන් පෙබරවාරි 14 වෙනකන් බිල. ඒකක 23යි රුපියල් 673යි.

    IMG-2894.jpg

    2). ඊලඟ මාසේ ඒ කියන්නේ පෙබරවාරි 15 ඉඳන් මාර්තු 14 වෙනකන් බිලක් ආවේ නෑ. කොරෝනා නිසා වෙන්න ඇති.

    3). ඊලඟට එනව බිලක් මාර්තු 15 ඉඳන් අප්‍රේල් 14 වෙන්කන්. ඒකේ පෙර කියවීම Estimated කියලා දාල තියෙන්නේ කලින් මාසේ බිල ආවේ නැති නිසා පෙබරවාරි මාසෙට ඒකක 24ක් පරිභෝජනය කරා කියලා හිතලා (2711 - 2687) (පහල පොටෝ එකේ පෙර කියවීමෙන් උඩ පොටෝ එකේ වර්තමාන කියවීම අඩු කරලා ).
    එතකොට මාරුතු මාසේ පරිභෝජනය ඒකක 21යි ඒකට බිල රු.609යි.

    IMG-2895.jpg

    4). මේ පහල තියෙන්නේ අප්‍රේල් 14 ඉඳන් මැයි 17 වෙනකන් ආපු බිල මුන් මේකට ඒකක 41ක් ගියා කියලා දාලා රු. 2773ක් ගෙවන්න ඕනේ මාසෙට. පෙබරවාරි මාසේ බිල ආපු නැති එකේ ඒකක 24 මේකට එකතු වෙලා. ලයිබ් බිල් වල වගේ ඒකක ගාන වැඩි වෙනකොට මේකේ ගාන වැඩි වෙනව වගේ. නැත්තම් ඒකක 23කට රු. 673ක් බිල එන්නයි ඒකක 41කට රු. 2773ක් බිල එන්නයි බෑනේ. මුන්ගේ calculations වැරදි නිසා අපි වැඩිපුර ගෙවන්න ඔනේ නෑනේ. මොකද්ද මේකට කරන්න පුලුවන්?

    IMG-2896.jpg

    පැහැදිලි වෙන්න පහල පින්තූරෙත් බලන්න.

    IMG-2900.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බිල හදපු එකාට ගාන වරදින්න ඇති බන්. කෝල් එකක් දීල අහපන් unit මෙච්චරකට මේ මාසෙට බිල කොහොමද කියල
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    හොර යක්කු බන්, අපේ සල්ලි ගස කනව ආන්ඩුව, ඔකයී ඈත්ත.
    හිතපන් මෙහෙම
    මසෙට 0-10 එකකයක් 5යී, 11-20 එකකයක් 10 කියල හිතමු
    මාස 2ක් නිසා 0-20 ට එකකයක් 5 ගනේ 21-40 ට එකකයක් 10 ගනේ වෙන්න ඔනේ
    ඔක මුන්ට හදගන්න බෑ. සිස්ටමුත් තියනවා, වෙබ් එකෙත් එහෙම වෙනව කියලා තියනවා කලින් ඉදන්ම
    ඒත් බිල් වෑරදියී
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    මචන් උඹේ යුනිට් 41 ට ආපු බිල හරි.

    Screenshot_20200527-215602.png
    Screenshot_20200527-215627.png

    ඔය තියෙන්නේ NWSDB App එකෙන් calculate කරාම එන ගාන. දාපු ගාන හරි.

    උඹේ ප්‍රශ්නේ තියෙන්නේ පහුගිය මාස 3 පාවිච්චි කරපු ගාන වෙනදට වඩා වැඩියි. මාසෙට යුනිට් 28-29 වගේ වෙන්න පාවිච්චි කරලා තියනවා. ඒක නිසා තමයි අන්තිම බිල වැඩි වෙලා තියෙන්නේ.

    ඔය වගේ ප්‍රශ්න වලට උඹේ පැත්තේ තියන NWSDB Regional Office එකට ගිහින් කිව්වාම හදනවා. හැබැයි එහෙම කිව්වාම උන් කරන්නේ සම්පුර්ණ ගාන මාස 3ට බෙදලා දාන එක.

    එතකොට මාර්තු unit 28 (රු 1289.52) අප්‍රේල් unit = 29 ( රු 1384.56) මැයි unit = 29 (රු 1247.40) කියලා බිල හදයි.

    1289.52 + 1384.56 + 1247.40 = 3921.68

    දැන් දාලා තියන විදියටම බිල් ටික ගෙව්වොත් 4121.16

    රු 200ක විතර වෙනසක් තියෙන්න. ඕක උඹ NWSDB Regional Office ගිහින් එන්නම යාවි.

    මම නම් කියන්නේ ඕක ඔහොම්මම ගෙවන්න කියල. ඉක්මනට ගෙව්වොත් ලැබෙන discount එකෙන් ඔය ගාන තව ටිකක් shape වෙයි.
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් උඹේ යුනිට් 41 ට ආපු බිල හරි.

    View attachment 80506View attachment 80507

    ඔය තියෙන්නේ NWSDB App එකෙන් calculate කරාම එන ගාන. දාපු ගාන හරි.

    උඹේ ප්‍රශ්නේ තියෙන්නේ පහුගිය මාස 3 පාවිච්චි කරපු ගාන වෙනදට වඩා වැඩියි. මාසෙට යුනිට් 28-29 වගේ වෙන්න පාවිච්චි කරලා තියනවා. ඒක නිසා තමයි අන්තිම බිල වැඩි වෙලා තියෙන්නේ.

    ඔය වගේ ප්‍රශ්න වලට උඹේ පැත්තේ තියන NWSDB Regional Office එකට ගිහින් කිව්වාම හදනවා. හැබැයි එහෙම කිව්වාම උන් කරන්නේ සම්පුර්ණ ගාන මාස 3ට බෙදලා දාන එක.

    එතකොට මාර්තු unit 28 (රු 1289.52) අප්‍රේල් unit = 29 ( රු 1384.56) මැයි unit = 29 (රු 1247.40) කියලා බිල හදයි.

    1289.52 + 1384.56 + 1247.40 = 3921.68

    දැන් දාලා තියන විදියටම බිල් ටික ගෙව්වොත් 4121.16

    රු 200ක විතර වෙනසක් තියෙන්න. ඕක උඹ NWSDB Regional Office ගිහින් එන්නම යාවි.

    මම නම් කියන්නේ ඕක ඔහොම්මම ගෙවන්න කියල. ඉක්මනට ගෙව්වොත් ලැබෙන discount එකෙන් ඔය ගාන තව ටිකක් shape වෙයි.

    අඩෝ තෑන්ක්ස් බන්. මන් මේ ඔය calculate කරන විදිය හොයාගන්න බැරුව හිටියේ