වතුර මෝටරයට පණ දෙමු..

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    වතුර මෝටරයට පණ දෙමු..

    ඔයාලගේ ගෙදර වතුර මෝටරයක් අනිවාර්යයෙන්ම වගේ ඇති.ඒකෙන් දිනපතා ටැංකියට වතුර ගහන්න ගියාම ටිකක් අවුල් නේද?ටැංකිය පිරුනාම OFF කරන්නත් ඕනා..නැතිනම් වතුර පිටාර ගලන තුරු බලන් ඉන්න ඕනා... ගෙවත්තට හෝ කුෂිකාර්මික බිමකට වතුර දාන්න ගියාම නම් වැඩේ ටිකක් බරපතලයි.දවසේ අවස්ථා කීපයකදී කිහිප විටක් මෝටරය ක්‍රියාත්මක කරන්න ඔබට සිදුවෙනවා නම් ඔබට ඒගැන අමුතුවෙන් හොයන්න වෙනවා..ඒ ත් දියුණු ලෝකයේ අප ඒ ගැන එතරම් කල බල විය යුතු නැහැ.අවශ්‍ය කාල වකවානු කීපයක් වුවත් ප්‍රෝග්‍රෑම් කරලා බලය සපයලා තිබ්බම වැඩේ තිතටම කරන උපකරණයක් මම ඔබට අද හදුන්මා දෙනවා..මෙය A.C හා DC යන දෙකටම භාවිතා කරන්නත් පුළුවන්..පහතින් දාල තියෙන්නේ එම උපකරණයේ මැනුවල් එකේ විස්තර ටිකක්..මෙවැනි උපකරණ පිටකොටුවේ පළමු හරස් විදියේ යුනිටෙක් එකෙන් ගන්න පුළුවන්.තවත් ගොඩක් විස්තර හා වෙනත් පොස්ට් ගොඩක්ම කියවන්න.