වතුර යට දිවි ගෙවන මකුළුවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බටහිර වර්ගීකරණවල හැටියට මකුළුවා කෘමියෙක් නෙමෙයි.ඒ වුනාට ඌ හුස්ම ගන්නේ කෘමීන්ට සමාන විදියට.උන්ගේ බඩේ තියෙනවා පොඩි පොඩි හිල්,මේ හිල් නාලිකාවලට විවෘත වෙලා තියෙන්නේ.මේ නාලිකා කෙලින්ම උන්ගේ සෛලවලට සම්බන්ධ වෙනවාලු.වාතයේ තියෙන ඔක්සිජන් හිල් හරහා ඇතුල් වෙලා මේ නාලිකාවලින් සෛල වෙනකම් යනවා.

    ඒත් කෘමීන්ට නැති අමතර ශ්වසන අවයවයක් සමහර මකුළුවන්ට තියෙනවා.මේකට කියන්නේ බුක් ලන්ග් -book lung කියලා.මේ අවයවයට කියන වචනේ වැටිලා තියෙන්නේ ඒක පොතක් වගේ නිසා.ඒ කියන්නේ ඔය අවයවයේ දික් කැපුමක් දැම්මොත් පේන්නේ හරියට පොතක පිටු තියෙනවා වගේ.මකුළුවා ඇවිදන් යද්දී වාතයට සිදුරක් හරහා ඔය අවයවය තුලට ඇතුල් වෙනවා.ඊට පස්සේ අර කලින් කිව්ව පොතක පිටු වගේ කොටස් වල ගැටෙන කොට මකුළුවගේ ලේවලට ඔක්සිජන් උරා ගන්නවා.

    ඔය රූපයේ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ ඔය කියපු අවයවය.වරද්ද ගන්න එපා.මේ කියන්නේ ඔය book lung කියලා කොටුව ඇතුලේ හයිලයිට් කරපු එක

    f80eSIa.png

    මකුළුවාගේ ලේ අපේ වගේ රතු පාට නෑ.ඒක නිල් පාටයි.අපේ ලේ වලට රතු පාට ලැබෙන්නේ යකඩ අඩංගු හීමොග්ලොබින් කියන ප්‍රෝටීන් එකෙන්.ඔය ප්‍රෝටීන් එකෙන් තමයි ඔක්සිජන් අපේ ඇගේ හැම තැනටම අරන් යන්නේ.මකුළුවට ඒ වැඩේ කරගන්න වෙනම ප්‍රෝටීන් එකක් තියෙනවා.උගේ ප්‍රෝටීන් එකේ තියෙන්නේ යකඩ වෙනුවට තඹ.ඒ හින්දලු උගේ ලේ නිල් පාට.

    මේ තියෙන්නේ කලින් කිව්ව මකුළුවගේ ශ්වසන අවයවය.බැලූ බැල්මටම පේනවානේ පොතක පිටු වගේ කියලා.වාතය ඇතුල් වෙන සිදුර(1),පිටු වගේ කොටස් පිරිලා තියෙන්නේ ලේවලින්(2) ,පිටු වගේ ව්‍යුහ(3)

    RydQ0AA.png

    මුලදී කිව්වා වගේ හුගක් මකුළුවන්ට ක්‍රම දෙකට ශ්වසනය කරන්න පුලුවන්.සමහර විශේෂවලට එක්කෝ කෘමීන්ට වගේ සිදුරු විතරක් තියෙනවා,නැත්නම් කලින් කිව්ව පෙනහළු වගේ අවයවයක් හෝ දෙකක් පිහිටනවා.ඔය කාන්තාරවල එහෙම ඉන්නවා පොඩි මකුළු ජාති.වතුරවලින් එහෙම උන්ට පරිස්සම් වෙන්න වෙනවා..මොකද අර පොඩි සිදුරු වැහිලා ගියොත් යටියන්තොට තමයි.

    මේ කාලයේ කිමිදුම්කරුවෝ ඔක්සිජන් සිලින්ඩර් අරන් ගියාට ඉස්සර මිනිස්සු ගැඹුරට කිමිදෙන්න පාවිච්චි කරලා තියෙන්නේ මේ වගේ සීනු/ඝණ්ඨා හැඩති උපකරණයක්.

    diving-bell-1.jpg

    මේවා ලණු ආධාරයෙන් යටට යවන්නේ.ඒක ඇතුලේ ඉන්න කෙනා හුස්ම ගන්නේ ඇතුලේ හිර වෙලා තියෙන වාතයෙන්.මේ වගේ කිමිදුම් ඝණ්ඨා ඇරිස්ටෝටල් හිටපු කාලේ ඉදලා පාවිච්චි කලා කියනවා.

    දන්නවාද මේ වගේ කිමිදුම් ඝණ්ඨාවක් පාවිච්චි කරලා කිමිදෙන මකුළුවෙකුත් ඉන්න බව.මූට කියන්නේ ඩයිවින් බෙල් ස්පයිඩර් කියලා.කිමිදෙන මකුළු විශේෂ අතරින් මූ සුවිශේෂී එකෙක්.එහෙම වෙන්නේ,දැනට හොයාගෙන තියෙන විදියට සම්පූර්ණ ජීවිත කාලයම වගේ වතුර යට ගෙවා දමන්නේ මූ විතරයි.ඔව්...මූ ගොදුරු අල්ල ගන්නේ,කන්නේ,සංවාසයේ යෙදෙන්නේ,බිත්තර දාන්නේ එතකොට විවේකයෙන් ගත කරන්නේ වතුර යට.

    b6aFhl1.jpg

    මේ ඉන්නේ අපි කතා කරන්න යන කිමිදුම්කරුවා..පස්ස පැත්ත ටිකක් අමුතුයි නේද

    දැන් ඉතින් මතක් වෙන්න ඕනේ මකුළුවා හුස්ම ගන්න විදිය ගැන කියපු දේවල්.මූ කොහොමද වතුර ඇතුලේදී හුස්ම ගන්නේ.වාතයේ තියෙන ඔක්සිජන් ගන්න නේද උගේ ශ්වසන පද්ධතිය සකස් වෙලා තියෙන්නේ?

    ඒ වැඩේට තමයි ඌ අර කිව්ව කිමිදුම් ඝණ්ඨාව පාවිච්චි කරන්නේ.තේරුණේ නැත්නම් මේ රූපේ බලන්න.පේනවා නේද පස්ස පැත්ත වසාගෙන තියෙන දිය බුබුල.පස්ස පැත්ත කිව්වට මේක තමයි උගේ බඩ,නැත්නම් උදරය.

    YuhGSUF.jpg

    උදර වටේ තියෙන සියුම් රෝම වටේ වායු ස්ථරයක් රදව ගන්න මූට පුලුවන්.ඔය පේන්නේ එක වටේ තියෙන දිය බුබුල

    මේ මකුළුවා දිය යටදී හුස්ම ගන්න ප්‍රයෝජනයට ගන්නේ මේ බුබුල ඇතුලේ හිර වුන වාතය.පස්ස පැත්ත විතරක් වහගන්න බුබුලකින් වැඩි වෙලා මූට වතුර යට ඉන්න බෑනේ.වතුර යට මූට හුගක් කාලයක් ජීවත් වෙන්න නම් මීට වඩා ලොකු බුබුලක් හදාගන්න වෙනවා.ඉතින් මේ මකුළුවා ජලය මතුපිටට ගිහින් ඔය වගේ බුබුළු කිහිපයක්ම තමන්ගේ උදරයත් ,පස්ස කකුල්වල තියෙන සියුම් රෝමත් අතර රදවාගෙන කිමිදිලා ඇවිත් වතුර යට තියෙන ජලජ ශාකයක කොළයට යටි පැත්තේ රඳවනවා.මේ වැඩේට ඌ කීප වාරයක් වතුර මතුපිටට යනවා.ජල පෘෂ්ඨය යටට ගිහින් පස්ස පැත්ත විතරක් එලියට දාලා සියුම් රෝම වටේ වායු ස්ථරයක් පටලවගෙන ආපහු වතුර ඇතුලට ඇදගන්නවා.

    vDu2MDj.jpg

    ටිකෙන් ටික දිය බුබුල් අරන් මෙහෙම එකතු කරලා..

    OldL8fY.jpg

    මේ වගේ තමන්ට රිංගගන්න පුලුවන් සයිස් එකක් හදාගන්නවා

    මේ වීඩියෝ ක්ලිප් එකෙන් බලාගන්න පුලුවන් ඌ මේ වැඩේ කරන අපූරුව.

    මෙහෙ අරන් එන බුබුළු එකතු කරලා ඌ හදනවා ලොකු බුබුලක්.අන්න ඒ බුබුලේ ඌට මුළු ශරීරයටම හරියන ඉඩක් ලැබෙනවා.දැන් ඉතින් සෑහෙන කාලයට ඔය බුබුලේ තියෙන වාතය ඇති මූට හුස්ම ගන්න.ඔය ඔක්සිජන් සැපයුම අලුත් කරගන්න තමයි ඌ ආයෙත් ජලය මතුපිටට යන්නේ.නැත්නම් අල්ල ගත්තු ගොදුරක් මතුපිටට ගෙනියන්න තමයි.

    wsKqIeP.png

    වතුර මතුපිටින් අරන් එන දිය බුබුළු එකතු කරලා ලොකු බුබුලක් හදන හැටි

    මේ ජාතියේ මකුළුවෝ දකින්න ලැබෙනවා කියන්නේ යුරෝපයේ සහ උතුරු ආසියාවේ.මුන් ජීවත් වෙන්නේ ජලජ ශාක බහුල විල්,පොකුණු,ඇළවල් ආදියේ.නැත්නම් හෙමින් ජලය ගලාගෙන යන ජල මාර්ගවල.

    Argyroneta_aquatica_Paar-550x359.jpg

    පොඩියට හිටියට මූගේ විෂත් තියෙනවා.දෂ්ඨ කලොත් ඉදිමිලා,වමනේ ගිහින් උණ ගැනෙන්න වුනත් පුලුවන්ලු.මේකේ පොඩියට ඉන්නේ ගෑණු සතා

    මුන්ගේ ගැණු සතා,පිරිමි සතාට වඩා පොඩියි.මුන් දඩයම් කරන්නේ වතුර යටදී.වතුරේ ජීවත් වෙන කෘමි සත්තු,කීටයෝ වගේ පොඩි පොඩි සත්තු තමයි උන්ගේ කෑම වේල බවට පත් වෙන්නේ.

    5ImLHqU.jpg

    මුන්ගේ ගැණු පිරිමි දෙපක්ෂයම වතුර යට ජීවත් වෙන්නේ.දෙගොල්ලොම කිමිදුම් ඝණ්ඨාවල තමයි ඉන්නේ.ගෑණු සතාගේ නිවස්නය පිරිමි සතාගේ එකට වඩා ලොකුයි.ඒ හින්දා පිරිමි සතාට නිතරම ඔක්සිජන් සැපයුම අලුත් කරන්නවා.මුන් සංවාසයේ යෙදෙන්නේ ගෑණු සතා හදන ලොකු බුබුල ඇතුලේ.

    මුන් ජීවත් වෙන දිය බුබුල ගැන කරලා තියෙන පර්යේෂණවලට අනුව ඒ පිටිපස්සේ සංකීර්ණ කතාවක් තියෙන්නේ.මිනිස්සු කිමිදුම් ඝණ්ඨාවලට නල මාර්ගයෙන් වාතය සපයනවා වගේ නෙමෙයි,මේ මකුළුවන්ගේ බුබුළු.උන්ගේ දිය බුබුළුවල කාබන්ඩයොක්සයිඩ්,ඔක්සින් වායු හුවමාරුව අති විශිෂ්ඨ විදියට කාර්යක්ෂමයි කියලා හොයාගෙන තියෙන්නේ.ඒ කියන්නේ මේ දිය බුබුලට පුලුවන් වතුරේ තියෙන ඔක්සින් වායුව ඇතුලට ඇද ගන්න.මුලදි හොයාගෙන තිබුණේ මේ දිය බුබුලුවල ඔක්සිජන් සැපයුම පැය භාගයකට සැරයක්වත් අලුත් කරන්න ඕනේ කියලා.නමුත් අලුත් පර්යේෂණයකට අනුව මේ වැඩේ දවසකට එක සැරයක් කලත් ඇතිලු.ඒ ගැන තේරුම් ගන්න නම් විද්‍යාව පැත්තෙන් තරමක් දුරට හදාරලා තියෙන්න ඕනේ.ඒ හින්දා කතාව මෙතනින් නතර කරනවා.

    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1. Meka godura allanna 'dalak' daannadda?
    2. Sanvaase yedenne kohomada?
    :-)

    1.මුන්ට දැලක් වියන්න පුලුවන්.පෝටෝවල බලාගන්න පුලුවන් උන්ගේ දියබුබුල වටේ දැලක් තියෙනවා කියලා.ඔය දැල් සමහර වෙලාවට පොඩි සත්තු පැටලෙනවා.නැත්නම් ලග පාතින් යන කීටයෙක් කුරුමිණියෙක් වගේ සතෙක් තමයි අල්ල ගන්නේ කෑමට.

    wsKqIeP.png

    2.විස්තරේ කිව්වා වගේ ගෑණු සතා ඉන්න දිය බුබුල අස්සේ තමයි සංවාසය සිද්ධ වෙන්නේ.සාමාන්‍යයෙන් මකුළු වර්ගයාගේ පිරිමි සත්තු ගෑණු සත්තුන්ට වඩා සයිස් එකෙන් පොඩියි.ඒ හින්දා #කනවා කියන්නේ ජීවිතයට පරදුවට තියලා කරන්න ඕන වැඩක්,පිරිමි සතාගෙ පැත්තෙන් බැලුවොත්.ඔය වැඩේ අස්සේ ගෑණිට මූව කාලා දාන්නත් පුලුවන්.සමහර උන් වැඩේ ඉවර වුනාට පස්සේ ගෑණිගේ බඩට යනවා.

    ඒත් මේ ඩයිවින් බෙල් ස්පයිඩර්ගේ ගෑණු සතා පොඩියි.ඒත් ඌ හදන දිය බුබුල ලොකුයි.ඒකට එක හේතුවක් ඌ පිරිමි සතාට වඩා වැඩි කාලයක් වතුර යට ජීවත් වෙන එක.අනික ඔය සංවාසය.දෙන්නට ඉඩ තියෙන්න රූම් එකත් එපායේ.

    මුන්ගේ සංවාසයත් අමුතු එකක්.අපේ ගෑණු පිරිමි කරනවා වගේ නෙමෙයි.අතේ ගහල ශුක්‍රාණු අතින් අරන් අහවල් තැන තියනවා වගේ වැඩක් මේකෙදී වෙන්නේ.ඒ කියන්නේ කෙලින්ම ජුන්ඩාව ඇතුල් කරලා ගෑණු සතාගේ අහවල් එක ඇතුලට ශුක්‍රාණු මුදා හරින්නේ නෑ.

    පිරිමි සතාගේ තියෙන ජුන්ඩාව වගේ අවයවයක් .ඒක තියෙන්නේ උන්ගේ බඩේ යටි පැත්තේ.ඒකෙන් එන ශුක්‍රාණු ඌ ගන්නේ උගේ ඔලුවේ තියෙන පොඩි අඩු දෙකක අගට.මේ අඩු දෙක අග තියෙනවා "පැල්පැල් බල්බ්" එහෙම නැත්නම් ප්‍රජනක බල්බ් කියලා ව්‍යුහ.ඒවායින් තමයි ශුක්‍රාණු ටික අරන් ගෑණියෙක් හොයාගෙන යන්නේ.හරියට අතේ ගහලා අතේ අරන් යනවා වගේ කිව්වේ ඒකයි.

    Q1smUZv.jpg

    වෙනත් විශේෂයක මකුළුවෙක්ගේ ජුන්ඩාවක්

    a7A8XbM.jpg

    පැල්පැල් බල්බ්

    වෙන මකුළු විශේෂවල නම් පිරිමි සතා පොඩි නිසා,ඌ මුලින්ම කරන්න ඕනේ ගෑණියෙක් හම්බ වුනාම,"මාත් තමුසෙගෙම ජාතියේ මකුලුවෙක්,ආවේ අහවල් වැඩේ කරන්න කියලා" අගවන්න සංඥාවක් දෙන එක.නැත්නම් ගෑණි හිතන්නේ අරූ කෑමක් තමයි කියලා.එහෙම නැත්නම් තමන්ව කන්න ආපු වෙන මකුළුවෙක් කියලා.ඉතින් පිරිමියා දෙන සංඥාවෙන් දැන ගන්නවා ඒකී දැනගන්නවා මූ මට විවාහ යෝජනාවක් නේ ගෙනත් තියෙන්නේ කියලා.

    ඩයිවින් බෙල් ලාගේ කතාව ඊට ටිකක් වෙනස්.මොකද පිරිමියා නේ මෙතන ලොකු සතා.මූට ගෑණියෙක් හම්බ වුනොත් කරන්නේ,ඒකිගේ ගෙට බලෙන් රිංගලා ඒකිව වතුරට පන්නලා දාන එක.ඊට පස්සේ තමයි අර විදියට විවාහ යෝජනාව දාන්නේ . ගෑණි වතුරේ ඉදලා මේක දිහා බලන් ඉන්නවා.ඒකි වැඩේට සෙට් නම් දෙන්න එක්ක ගේ වටේ පීන පීන ඉන්නවා.ඒකී අකමැති නම්,පිරිමි සතා ගෙදරින් පන්නලා දානවා,ඌගෙන් පස්සෙන් පන්නලා එළෝලා දානවා.

    g0LBSL7.jpg

    ශුක්‍රාණු ටික ගෑණිගේ අහවල් තැන තියන හැටි

    TY65arA.png

    වැඩේ ඇත්තට සිද්ධ වෙන විදිය.මේ වගේ මකුළු විශේෂවල පිරිමියා නම් වැඩේ කරපු ගමන් පැන ගන්නවා.නැත්නම් ගෑණිගේ බඩේ තමයි

    යෝජනාව පිළි අරන් පීන පීන ඉන්න ජෝඩුවක් නම් අන්තිමට ගේ අස්සට වැදිලා අහවල් කාර්යය සම්පූර්ණ කරනවා.ඒ වැඩෙන් පස්සේ මිනිත්තු කීපයක් පිරිමියා ගේ ඇතුලේ ඉදලා යන්න යනවා.ඒ අතරේ ගෑණු සතා බිත්තර කෝෂය වියන්න පටන් ගන්නවා.වියන වැඩේට ඌට පැය කිහිපයක් ගත වෙනවා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    Thanks buddy. Pahadili karapu vidihath supiri. Thava deyak puluvannam kiyanna. Unta minissunta vagey 'kula bedha' thiyanavada? Ballonta 'pure bred' vagey ewa? Naththan velaavata set vena dakapu dakapu ewata 'kelinavada'? Ethakota neda sub species vagey ewa hadenne?
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Thanks buddy. Pahadili karapu vidihath supiri. Thava deyak puluvannam kiyanna. Unta minissunta vagey 'kula bedha' thiyanavada? Ballonta 'pure bred' vagey ewa? Naththan velaavata set vena dakapu dakapu ewata 'kelinavada'? Ethakota neda sub species vagey ewa hadenne?

    මොකක්ද සත්තුන්ගේ කුල භේදය කියන්නේ? බල්ලෝම ගමුකෝ උදාහරණයකට.බල්ලා කියන්නේ එක සත්ව විශේෂයක්.

    විශේෂයක් කියන්නේ මේකයි.සත්තු දෙන්නෙක්ගේ සංවාසයෙන් පස්සේ උන්ට සරු ජනිතයෙක් උපදිනවා නම් ඔන්න උගේ අම්මා තාත්තා එකම විශේෂයේ සත්තු.ඒ කියන්නේ අලුත උපන් එකා වැඩිවියට පත් වුනාට පස්සේ ඌටත් පුලුවන් වර්ගයා බෝ කරන්න.තවත් සරල කලොත් අලුත උපන් එකා වඳ සතෙක් නෙමෙයි.

    අශ්ව-බූරු සංවාසයෙන් කොටලුවා කියන වඳ සතා හැදෙන්නේ උන් දෙන්න විශේෂ දෙකක සත්තු නිසා.

    pu02rJm.jpg

    බල්ලා කියන විශේෂය ඇතුලේ තමයි බලු කුල ඔක්කොම තියෙන්නේ.ඒකනේ උන්ගේ කුල-කුල අතරේ සංවාසවලින් සරු සත්තු ඇති වෙන්නේ.ඕක මිනිස්සු කෘත්‍රීමව කරලා අන්තිමට අලුතෙන් හැදෙන කුලේ සත්තු තමයි විදවන්නේ.උන්ට ශාරීරිකව එක එක ආබාධ තියෙනවා ඒ සත්තුන්ට.හොයලා බැලුවොත් තේරෙයි ඇත්ත නැත්ත.ස්වභාවධර්මයට විරුද්ධව ගියාම වෙන දේවල් තමයි ඕවා.

    qp32hNs.png

    බලු කුල වගේම උප විශේෂ කියන ඒවා හැදෙන්නේත් ඒ සත්තු ජීවත් වෙන ස්ථානය අනුව.බලු කුල ඔක්කොම එක රටක හොයාගන්න බෑනේ.මම කියන්නේ ස්වභාවිකව හොයාගන්න බෑ කියලා.උප විශේෂවලට ඔය කතාව පොදුයි.හොඳම උදාහරණය දිවියා.ලංකාවේ ඉන්න උප විශේෂය නෙමෙයි ඉන්දියාවේ ඉන්නේ.එතකොට අප්‍රිකාවේ හම්බ වෙන්නේ තවත් උප විශේෂයක්.ඉන්න ප්‍රදේශය අනුව උප විශේෂ නිර්මාණය වෙලා.

    උප විශේෂ දෙකක සත්තු අතර සංවාසයක් වුනොත් සරු ජනිතයෙක් ඇති වෙනවා.

    මකුළුවන්ටත් ඕක පොදුයි.මකුළු විශේෂ දෙකක ගෑණු පිරිමි සංවාසයේ යෙදුනට සරු සතෙක් හැදෙන්නේ නෑ.

    එක විශේෂයේ පිරිමි සත්තු අතරේ ගෑණු බෙදාගන්න නම් තරඟයක් තියෙනවා.ඒක ඉතින් ඔය තිරිසන් ලෝකෙට වගේම අපිටත් ටිකක් අදාලයි නේද.චීත්ත කෑලි වෙනුවෙන් අද කාලේ මිනී මරාගන්න උන් ඉන්නවා වගේම ඒ කාලේ යුද්ධ පවා කරලා තියෙනවානේ.මකුළුවෝත් එහෙම තමයි.උන්ගෙත් පිරිමි සත්තු මරා ගන්නවා.ශක්තිමත් එකා දිනනවා.

    ප්‍රමාණයෙන් විශාල වීම ගෑණු සතෙක්ගේ අවදානය දිනා ගන්න හේතුවක්.

    ඒත් සමහර අවස්ථාවලදී සයිස් එකෙන් පොඩි උන්ට වාසිත් තියෙනවා.

    සටන් කරලා අතපය කඩාගෙන ආවොත් උන්ටත් ගෑණුන්ගේ කැමැත්තක් නෑ.සයිස් එකෙන් ලොකු වුනත් උගේ ෆිට්නස් මදි නම් ඒත් ප්‍රතික්ෂේප වෙනවා.

    බහු පුරුෂ සේවනයේ යෙදෙන ගෑණු මකුළුවොත් ඉන්නවා.

    එක ගෑණු සතෙකුට විතරක් #කන්න පිරිමි සත්තු හුගක් ට්‍රයි කරන අවස්ථා තියෙනවා.මේකෙන් බේරෙන්න ගෑණු සතා කරන්නේ අහවල් තැනට ඇබයක් ගහ ගන්න එක.ඊට පස්සේ ඉතින් හැම එකාට ඇවිත් ඇරලා යන්න බෑ.

    හුගක් වෙලාවට පිරිමි සතෙකුට දෙපාරකට වඩා සංසර්ගයේ යෙදෙන්න බෑ.උන්ගේ අහවල් එක කැඩිලා යන කතාවකුත් තියෙනවා.

    ගෑණු සත්තු පිරිමි සත්තුන්ව ආකර්ශණය කර ගන්නේ "පෙරොමෝන්" කියන රසායනික ද්‍රව්‍ය නිකුත් කරලා.මකුළුවෝ ගද සුවඳ හඳුනගන්නේ උන්ගේ කකුල්වල තියෙන, ගන්ධයට සංවේදී රෝම විශේෂයකින්.පෙරොමෝන් රසායනිකය විශේෂයෙන් විශේෂයට වෙනස් වෙනවා.ඒ නිසා වෙන විශේෂයක මකුළුවෙක් ඒකට ආකර්ශණය වෙන්නේ නෑ.වෙන විශේෂයක එකෙක් ආවත් ලේසියකට සංවාසයක් කරන්න බෑ.

    DaUJeLr.jpg

    ගන්ධයට සංවේදී රෝම

    මොකද විශේෂයෙන් විශේෂයට ලිංගික අවයව වල හැඩය ප්‍රමාණය වෙනස් වෙනවා.ඉතුරු ටික කියන්න ඕනේ නෑනේ.

    පිරිමි සත්තු වර්ණවත් වෙලා තියෙන්නේ ගෑණු සතෙක් දැලේ දාගන්න.සමහරු නැටුම් එහෙම පෙන්නනවා.ඌ යෝජනාව ඉදිරිපත් කලාට පස්සේ ගෑණු සතා තමයි කැමැත්ත අකමැත්ත කියන්නේ.

    සමහර විශේෂ ඉන්නවා,පිරිමි සත්තු කීපදෙනෙක් එක්ක එකතු වෙලා හොඳම යෝජනාව ඉදිරිපත් කරපු එකාගේ ශුක්‍රාණු විතරක් තියා ගන්න.අනිත් පිරිමි සත්තුන්ගේ ශුක්‍රාණු අයින් කරනවා.

    කුල භේදයක් කියලා දෙයක් මුන්ගේ නෑ දන්න තරමින්.ඒත් ඔය වගේ හොඳම පිරිමි සතා තෝරා ගැනීමක් සිද්ධ වෙනවා.උප විශේෂ හැදෙන්නේ නම් ඒ ඒ ප්‍රදේශයට අනුකූලව.දැකපු දැකපු එකාට ගහන්නත් බෑ.මොකද ගෑණු සතා තමයි තෝරා ගැනීම කරන්නේ.