වතුර විකුණන පනත

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
වතුර විකුණන පනත

වතුර විකුණන පනත ආයෙත්...

නැවතත් ජලය විකිණීමේ සූදානමක්‌ ඇති බව කියෑවේ.

(මේ කතා කරන්නේ බෝතල් කර පානීය ජලය විකිණීම ගැන නොවන බව මූලිකවම සිහිපත් කර සිටිමු)

ජලය විකිණීමට පිඹුරු පත් සැකැසීමේ ක්‍රියාවලිය වසර පහළොවක්‌ පමණ පැරැණිය. 2001 වර්ෂයේදී මෙම ජල කළමනාකරණ පනත ගෙන ආ විටදීද ඊට එරෙහිව විශාල විරෝධතාවක්‌ මතුවිය. එදා ඉදිරිපත් කළ පනතේ සඳහන්ව ඇති ආකාරයට ගොවි සමාගම්වලට ජල අයිතිය පවරා අනතුරුව එම ගොවි සමාගම් මගින් පෞද්ගලික සමාගම්වලට අන්සතු කිරීම හෝ ඒකාබද්ධ ව්‍යාපෘති ආකාරයට ජල අයිතිය පෞද්ගලීකරණය කිරීමට නියමිතව තිබිණි.

වර්තමාන ක්‍රියාවලිය තුළ මෙය කලඑළි බසින්නේ වෙනත් ක්‍රමයකටය. නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය මගින් මෙම කෙටුම්පත කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත්තේය. මැතිවරණයෙන් පසුව ගංගා ෙද්‍රdaණි කළමනාකරණය සඳහා වෙනම අධිකාරියක්‌ පිහිටුවීමටද යෝජනා වී තිබේ. මෙම අධිකාරිය සමග ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ද ස්‌ථාපිත කිරීමට යෝජනා වී තිබෙන බව කියෑවේ.

දැන් අපට පෙනෙන්නේ වසර පහළොවකට පමණ පෙර ආරම්භ කරන ලද එහෙත් "ලත් තැනම ලොප්" වූ ජලය විකිණීමේ නාඩගම අලුත් වේදිකා පසුතල සමග අලුත් නාට්‍යයක්‌ ලෙස කෙනකුට පෙනෙන්නට හැකි බවය. එහෙත් අප කියන්නේ මේ පරණ නාට්‍යයම අලුත් දෙබස්‌ සමගම වේදිකාගත කරන්නට සූදානම් බවය. ඉදිරිපත් කර ඇති කැබිනට්‌ සංශෝධනයට අනුව ගංගා ෙද්‍රdaණි අධිකාරිය පිහිටුවීමට කර ඇති යෝජනාවේ ජල සම්පත් පිළිබඳව සියලුම බලතල එම අධිකාරියට පැවරේ. දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන සතුව ජලය පිළිබඳව තීරණ ගැනීමට ඇති බලය එම නව අධිකාරියට පැවරේ. තවත් තේරෙන භාෂාවෙන් කිවහොත් බොන්නට, නාන්නට වතුර ටිකක්‌ ගන්නට තමාගේ වත්තේ ළිඳක්‌ කපා ගන්නටද මෙම අධිකාරියෙන් අවසර ලබා ගැනීමට සිදුවේ. පනතේ සඳහන්ව ඇති "බර වචන" වලින්ම කිවහොත් ගංගා ෙද්‍රdaණි අධිකාරිය ජලයෙන් ආදායම් එකතු කිරීමේ උපක්‍රම හා යාන්ත්‍රණයන් ස්‌ථාපිත කළ යුතුය. එම යාන්ත්‍රණය අනුව මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියට අනෙකුත් ආයතනයන්ද බැඳේ. මේ "අධිකාරිය" රාජ්‍ය රාජ්‍ය නොවන සංවිධාන, අනෙකුත් ප්‍රතිලාභීන් සමග එකතුව අවශ්‍ය තීරණ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

විශේෂත්වය වන්නේ මෙම අධිකාරිය සමග මේ විෂයය සම්බන්ධවම ක්‍රියාත්මක වීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ද පිහිටුවීමට යෝජනා වී තිබීමය. ඊට හේතුව වශයෙන් දක්‌වා ඇත්තේ ගංගා ෙද්‍රdaණි ආරක්‍ෂා කිරීම, සංරක්‍ෂණය කිරීම, කළමනාකරණය කිරීමේ වගකීම, පාංශු ඛාදනය වැළැක්‌වීම, ස්‌වාභාවික තුරුලතා ප්‍රතිජනනය, ජල මූලාශ්‍ර දූෂණය වීම ආදිය සම්බන්ධ නීතිය බලාත්මක කිරීම වැනි කරුණු නිසා බවය.

අපට මේ මොහොතේ අතිශය සාධාරණ හා ප්‍රායෝගික ප්‍රශ්නයක්‌ අසන්නට තිබේ. මේ අධිකාරිය පිහිටුවන්නට යෝජනා කරන මහත්වරුන්ට ඉහත සඳහන් කළ කාරණා ක්‍රියාත්මක කිරීමට කඩිමුඩියේ ගංගා ෙද්‍රdaණි අධිකාරියක්‌ අවශ්‍ය වන්නේ ඇයි? නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය වැනි ඒ විෂයය හා බැඳුණු ආයතන සමගින් මේ ක්‍රියාවලිය දියත් කරන්නට හැකියාවක්‌ නැද්ද?

කොහොමත් මේ පනතේ "ආදායම් එකතු කිරීමේ උපක්‍රම හා යාන්ත්‍රණයක්‌" ගැන කියා ඇති බැවින් මේ කරළියට එන්නේ ජලය විකිණීමේ සෙල්ලමම බව පැහැදිලිය.

ජලය විකිණීම සඳහා ජාතික ජල සේවා ප්‍රතිසංස්‌කරණ පනතක්‌ ගෙන එන්නේ 2000 වර්ෂයේදීය. 2002 වර්ෂයේදී එය "ක්‍රියාත්මක" වන තැනටම කටයුතු යෙදිණි. එදා එය ක්‍රියාත්මක කළ මහත්වරු අඩියක්‌ පස්‌සට ගත්තේ විරෝධතා නිසාය. 2000 වර්ෂයේදී ජවිපෙ හා කල්‍යානන්ද තිරානගම ජල සේවා ප්‍රතිසංස්‌කරණ පනතට එරෙහිව අධිකරණයටද ගිය බව සිහිපත් කරමු.

මේ කරන්නට යන්නේ බොන වතුර ටිකටත් බදු ගහන වැඩකි. වතුර ටිකටත්, ගෙදර බල්ලටත් බදු ගැහුවේ සුද්දාය. කොහොමත් බටහිර පදයට නටන්න වන විට වැඩ

http://www.divaina.com/2015/08/07/editor.html
 
monson

Well-known member
  • May 7, 2007
    25,555
    28,426
    113
    තම පාලනයේ දී ජල පනතක් ගෙනා බව මහින්දට අමතකවේ :lol:

    වයඹ පලාත් සභාව මගින් ජලය බදු දීමට අදාළ පනතක් ඉදිරිපත් කොට එමගින් ජල මූලාශ්‍ර බහු ජාතික සමාගම් වෙත පවරා දීමේ පිඹුරු පත් සකස් කිරීම සිදුකරනු ලැබූ මහින්ද රාජපක්ෂ මේ වන විට ඒ සියල්ල අමතක කොට ජලය විකුණා දැමිමක් පිළිබද හොල්මනක් මවා පා ඡන්ද ගැරිමේ සටනක නිරත වී සිටි.

    ඔහු සදහන් කොට සිටින්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ජලය සදහා බද්දක් අය කිරිමට සැලසුම් සකස් කොට ඇති බවයි. හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ මේ වනවිට ඒ සදහා වන කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවයි.

    අනුරාධපුරයේ ජනතාවගේ හිත් දිනාගැනීම සදහා මහින්ද රාජපක්ෂ විසින් මෙවැනි බොරු අවලාද නගමින් සිටින අතර මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය රවී කරුණානායක සදහන් කොට සිටියේ එවැනි කැබිනට් අනුමැතියක් ලබාදී නොමැත.

    මහින්ද රාජපක්ෂ ගෙනා ජල පනත ජනතා විමුක්ති පෙරමුණ හා සමාජ සංවිධාන ගණනාවකගේ මැදිහත් වීමෙන් එම පනත පරාජය කරනු ලැබිය.

    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1469-2015-08-06-05-49-01

    ජල බද්ද හා මහින්ද

    වත්මන් ආණුඩුව ජලය සඳහා බද්දක් අය කිරීමට සැලසුම් කරමින් සිටින බව අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ පැවති ජන හමුවක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. ඔහු පෙන්වාදෙන්නේ ඒ සඳහා කැබිනට් අනුමැතියද මේ වන විට ලබාගෙන ඇති බවයි.

    1985 වසරේ පටන් ජල අයිතිය පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය දියත් වූ අතර ජලකළමනාකරණ පනත කරළියට එන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි 2007 වසරේ වයඹ පළාත් සභාවෙනි. 2009 හා2011 වසරවලදීත් මහින්දගේ සොයුරු බැසිල් රාජපක්ෂගේ ගමනැඟුම ව්‍යාපෘතිය යටතේද එය නැවත ඉදිරියට ගැනීමට තැත්කළ අයුරු අපට මතකය. ඒ ඒ අවස්ථාවේ දැඩිව නැඟුණු මහජන විරෝධය නිසා ඔවුන්ට ජල අයිතිය පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ සිය වුවමනාව ඉටුකරගත නොහැකි විය. මේ මහින්දගේ කිඹුල් කඳුළු එදා තමුන් තැත් දැරූ ජල බද්ද එජාපයෙන් අය කරන්නට යෑම ගැනය.

    2009 වසරේ ගෙන එනු ලැබූ පානීය ජලය පිළිබද ජාතික ප්‍රත්පත්තිය මගින් ජලය වෙළද භාණඩයක් කර ගොවියන්ගෙන් හා ජනතාවගෙන් මුදල් අය කිරීම සඳහා ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව බත්තරමුල්ලේ පිහිටි IWMI (International Water Management Institute )ආයතනය සමග හොර රහසේ මගින් ගිවිසුම් ගහන ලද්දේ ඉහත කී රාජපක්ෂ පවුලය.

    ජාතික භෞතික සැලැස්මෙන් හා යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කලා වැව පරාක්‍රම සමුද්‍රය ඇතුළු වැව් විකිණීමට මහින්ද රාජපක්ෂ හා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවද කටයුතු කලේය.

    එජාපයට ද කියන්නට ඇත්තේ මෙතෙක් මහින්දට කරගත නොහැකිවූ ජල බද්ද අපමත පැටවීමට එජාපය උත්සාහ දරයි නම් එය කෙළවර වනු ඇත්තේ බරපතළ ආණ්ඩු විරෝධයකින් බවය.

    කෙසේවෙතත් පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කළ වැලිවේරිය වැසියන්ට මහදවල් වෙඩි තබා ඝාතනය කළ මහින්දලාට දැන් ජලය මතක්වීම ගිලෙන්නට යන එකා පිදුරු ගහේ එල්ලීමක් වැනිය.

    කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඇති ජල කළමනාකරණ පනතේ ඉතිහාසය පහතින්

    1985 දී ජල අයිතිය පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රියාවලින් ආරම්භ කිරීම.

    1994 දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජලසම්පත් පෞද්ගලිකකරණය සඳහා යෝජනා ඉදිරිපත් වීම.

    1996 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින් ජල සම්පත් පනත ගෙන ඒම, ජල සම්පත් සභාවක් පිහිටුවීම, ජල සම්පත් ලේකම්කාර්යාලයක් පිහිටුවීම සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ද, නෙදර්ලන්තයේ ද,ආධාර ඇතිව ව්‍යාපෘතින් යෝජනා වීම.

    2000 මාර්තු 28 චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින් ‘ජාතික ජල කළමනාකරණ ප‍්‍රතිපත්තිය’ සම්මත කරවීම.

    2001 නොවැම්බර් 26 චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින් එකී ප්‍රතිපත්තිය යටතේ ජල අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය සහ විනිශ්චයසභාවක් ස්ථාපිත කිරීම.

    2002 දෙසැම්බර් 16 රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවතත් ‘ජාතික ජල සම්පත් ප‍්‍රතිපත්තියක්’ සඳහා යෝජනා ගෙන ඒම.

    2003 ඔක්තෝබර් 13 රනිල් වික්‍රමසිංහ මහතා විසින් පානීය නළ ජලය වාණිජමය සේවාවක් කරනු වස් ජල සේවා ප‍්‍රතිසංස්කරන පනතගෙන ඒම.

    2004 ජුනි 22 චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින්, මෙතෙක් වාණිජ්‍ය පදනමකින් ගෙන තිබූ ජල සම්පත් කළමනාකරණ පිළිවෙත, දේශීයජල සම්පත් පරිහරණය, සංරක්ෂණය සහ සංවර්ධනය සඳහා ප‍්‍රතිපත්තිමය වශයෙන් සැලැසුම් කිරීම සඳහා අනුර දිසානායකගේ මූලිකත්වයෙන් මණ්ඩලයක් පත් කිරීම සහ ජල සම්පත් ප‍්‍රතිපත්තිය සංශෝධන කිරීම.

    2005 අපේ‍්‍රල් 18 මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ‘ජාතික ජල කළමනාකරණ ප‍්‍රවර්ධන ව්‍යාපෘතිය’ සඳහා ලෝක බැංකු අනුමැතිය ලබාගැනීම.

    2006 දී උතුරුමැද පළාත් ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය පරාජය වීම සහ පසුව වයඹ පළාත් සභාවට ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය ඉදිරිපත්කිරීම.

    2007 දී වයඹ පළාත් ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය පරාජය වීම.

    2008 දී පානීය ජලය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් ගෙන ඒම.

    2011 දී ගම නැඟුම ව්‍යාපෘතියේ යටතේ නිකුත්කළ වාර්තාවක “ජල සම්පාදන සේවා සඳහා පෞදිගලික අංශයේ ආයෝජන ඉහළ නංවනු ඇත“යන අන්දෝලනාත්මක අදහසක් අන්තර්ගත වීම.

    2012 දී ජල කළමනාකරණ පනත පිළිබඳව අමාත්‍යාංශ ලේකම්ගේ කට වැරැදීමකින් යැයි කියමින් නැවත වරක් පළාත් සභාවලට ගෙන ඒම.

    - http://lankadaily.com/latestnews/item/8598-2015-08-06-07-02-56
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    බම්ප් :lol: