වතුර_උරාගන්නා පාරවල්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වතුර_උරාගන්නා පාරවල්

    ලන්ඩනයේ වතුර උරාගන්නා මාර්ග හදයි


    අධික වැසි නිසා හෝ ගංවතුර නිසා හෝ මහා මාර්ග ජලයෙන් යටවීම නැවැත්විය හැකි ක්‍රමවේදයක් ලෙස "වතුර ගිලින" මාර්ග ඉදිකිරීමේ හැකියාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ සමාගමක් සිදු කළ අත්හදා බැලීම් සාර්ථකවූ බව වාර්තා කර ඇත.මෙහිදී ඔවුන් ජලය ක්ෂණයකින් උරාගන්නා කොන්ක්‍රීට් වර්ගයක් නිර්මාණය කර ඇත. ජලය ක්‍රමවත්ව මෙන්ම ඉක්මණින් ගලායන කොන්ක්‍රීට් තට්ටුව සිදුරු සහිත වුවත් ඉතාමත් සවිමත්ව නිර්මාණය කර ඇත. කොන්ක්‍රීට් තට්ටුවට යටින් කුඩා ප්‍රමාණයේ ගල් කැට තට්ටුවක් ද එයට යටින් රළුගල් තට්ටුවක්ද අතුරනු ලබයි. මේ මඟින් කොන්ක්‍රීට් තට්ටුව සෝදා පාළුවට පත්වීම වැළකෙයි.
    උරාගන්නා ජලය දැවැන්ත ජලාප්‍රවාහන කාණු මඟින් අවශ්‍ය අන්දමට ගලායාමට සලස්වයි. මෙනිසා ගංවතුරකදී හෝ ධරානිපාත වර්ෂාවකදී උතුරා එන ජලය මහාමාර්ග පද්ධතිය යොදාගනිමින් සැනෙකින් ගලායාමට සැලැස්විය හැකිවන බවද දේපල හා පරිසරයට ගංවතුරකින් සිදුවිය හැකි අතිවිශාල හානිය ද මේ නිසා අවම කරගැනීමට හැකිවන බවද මෙම අත්හදා බැලීමට සම්බන්ධ ඉංජිනේරුවන් පෙන්වාදී ඇත.
    මෙම කොන්ක්‍රීට් පාර පිළිබඳව කර ඇති මුලික පරීක්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ මෙවැනි පාරකට වක්කරන ලද වතුර මිනිත්තුවකට ලීටර් 4,000 ක් බැගින් උරාගන්නා බවයි.
    වැසි පවතින වේලාවට මහා මාර්ග වල වතුර එකතුවීම සම්පුර්ණයෙන්ම නවතිනු ඇත.
    මෙවන් කොන්ක්‍රීට් පාරක් තුළින් අධික ප්‍රශ්නය පවතින අවස්ථා වලදී තාර පාරවල් "උනුවිමත්" වැළක්විය හැකිවන බවද පෙන්වාදී ඇත. මේ නිසා දැඩි උෂ්ණත්වයක් ඇති ප්‍රදේශවලට මෙම මාර්ග ක්‍රමවේදය දෙආකාරයකින් ප්‍රයෝජනවත් වනු ඇත.
    පොළොව මතුපිටින් ගලායන ජලය තමන්ට අවශ්‍ය අන්දමට පරිපාලනය කරගනිමින් පොළවට උරාගැනීම සැලැස්වීම සඳහා වැලිකැට, කුඩාගල් සහ රලුගල් තට්ටු යොදාගැනීම පිළිබඳ සංකල්පය අලුත් දෙයක් නොවේ. පසුගිය අඩ සියවසක කාලයක් තුළ මෙම අදහසට සමීප ක්‍රියාමාර්ගයන් අධික පරාසයක අතුරන ලද ගල් පාදම් වැනි තැන්වල ජලය ගලායාම සඳහා උපයෝගී කරගෙන ඇත. ඈත අතීතයේ දකුණු ඇමෙරිකාවේ සිටි ඉන්කා සහ ඇස්ටෙක් වැනි ශිෂ්ටාචාරවල මිනිසුන් ද කඳු බෑවුම්වල සෝදාපාළුව වළක්වා ගොවිතැන් සඳහා අවශ්‍ය බිම් සකස් කිරීමේදී මෙවන් ක්‍රමවේදයක් ප්‍රයෝජනයට ගෙන ඇත.
    නව තාක්ෂණ යොදාගනිමින් වඩාත් ක්‍රමවත්ව සහ එලදායී ලෙසින් ප්‍රයෝජනයට ගැනීම මෙම නව නිර්මාණයේ අදහස බව එම නිර්මාණකරුවෝ පවසති.
    මෙම අදහසම අනුගමනය කරමින් විවිධ වර්ගයේ අත්හදා බැලීම් වෙන රටවලද සිදුකරන බව වාර්තාවී තිබිණි.



    ROAD1.jpg


    ROAD31.jpg





    lankadeepa
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,814
    773
    113
    ela machan. eth rep denna behellu "You must spread some Reputation around before giving it to Truth Hurts again." :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    පට්ට වැඩක් නේ ලංකාවට නම් නියමෙට ගැලපෙනවා :D:P

    මේක හැදුවොත් water board එකෙන් පස්සෙ දවසේ ආයෙත් හාරයි මඩ කරි වගේ. මාර්ග සංවර්ධනය හදයි, ජලසම්පාදනෙන් කඩයි. මරු එවුන් බං මෙහෙ ඉන්නේ :rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේක හැදුවොත් water board එකෙන් පස්සෙ දවසේ ආයෙත් හාරයි මඩ කරි වගේ. මාර්ග සංවර්ධනය හදයි, ජලසම්පාදනෙන් කඩයි. මරු එවුන් බං මෙහෙ ඉන්නේ :rofl:

    සිරාවට බන් :D
     

    Similar threads