වදකහ සුදියේ සිට අකුණු සන්නායකය දක්වා දිගට
වදකහ සුදියේ සිට අකුණු සන්නායකය දක්වා දිගට හරහට ලණු කෑම
[FONT="]මීට මාස දෙක තුනකට පෙර මගේ මිතුරෙක් කථාකර “මචං ජීවිත කාලෙම ගොඩයන්න පුලුවන් බිස්නස් එකක් තියෙනවා. පුලුවන්නම් පරණ අකුණු තැටි තියෙන තැන් ටිකක් හොයලා දීපන්. ලක්ෂ ගාණක් හොයාගන්න පුලුවන්“ යැයි පැවසීය. දිනපතා මුගෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන දුරකථන ඇමතුම් මට ඇනයක් මට්ටමට පත්වූ නිසා අවසානයේ මා කලේ මුගේ ඇමතුම්වලට පිළිතුරැ නොදී සිටීමය. මම ප්‍රතිචාර නොදැක්වුවද මේකා උදයට හා සවසට මට අනිවාර්යෙන් කෝල් කිරීම පුරුද්දක් හැටියටම කරගෙන ගියේය. [/FONT][FONT="][/FONT]
[FONT="]මෙච්චර මේ උනන්දුවන අකුණු තැටිය කුමක්දැයි මටත් ගැටලුවක් වූ නිසා මමද මේ ගැන ටිකක් සොයන්නට පෙළඹුනි. පැරණි වලව්වල සහ පැරණි කර්මාන්තශාලාවල අකුණු ඇදගැනීමට සවිකර ඇති අකුණු සන්නායකයට සම්බන්ධකර වලලා ඇති තැටිය මේ ආකාරයට සොයනා බව මට දැනගැනීමට ලැබුනේ ඒ ආකාරයෙනි. එම තැටි සොයා රටපුරා විවිධ කණ්ඩායම් සැරිසරණ බවත් තැටිය සොයාගත්තොත් තැටියේ අඩංගු වී ඇති ශක්තිය වෙනත් උපකරණයකට ඇතුල්කරගන්නා බවත් මට එහිදී දැනගැනීමට ලැබුණි. මෙම ශක්තිය භාවිතා කරමින් මිසයිලයක වුවත් ගමන් මාර්ගය වෙනස්කල හැකි බවත් මේ නිසා රැපියල් කෝටි ගණනක් මෙවැනි තැටි සඳහා ගෙවන බවත් මට තොරතුරු ලබාදුන් පුද්ගලයින්ම පැවසීය. මේ සඳහා නාසා ආයතනයෙන් අවසර ලත් පුද්ගලයින්ද පැමිණ ඇති බවත් එම අය අත නාසා ආයතනය මගින් මෙම තැටි ලබාගැනීමට බලය ලබාදුන් සහතික පවා ඇති බවත් සමහර අවස්ථාවල කියවුනි. කෙසේ නමුත් අද දක්වාම මෙම තැටියක් මිලදී ගත් අයෙක් හෝ අළෙවි කළ අයෙක් නම් මට සොයාගත නොහැකි විය. [/FONT][FONT="][/FONT]
[FONT="]මෙවැනි කටකථා ලාංකික සමාජයට නුහුරු අත්දැකීම් නොවේ. [/FONT]1955[FONT="] ජූනි [/FONT]20 [FONT="]දා පූර්ණ සූර්ය ග්‍රහණයක් [/FONT][FONT="]සිදුවන මොහොතේ වද කහ පානය කලවිට රූමත්වන බව වෙද මහතෙකු පැවසීම නිසා වද කහ බිව් සෑහෙන පිරිසක් වමනය කරමින් රෝහල්ගත වූ කථාවක් අදටත් ප්‍රසිද්ධය. මේ වද කහ සිද්ධිය නිසා “බිව්වා නේද වද කහ සුදිය“ වැනි ගීතද නිර්මාණය විය. [/FONT][FONT="][/FONT]
[FONT="]තවත් මේ ආකාරයේ කථාවක් අප සාමාන්‍ය පෙල පන්තිවල සිටිනා කාලයේ පැතුරුනි. ඒ නිකවැරටිය[/FONT][FONT="]- [/FONT][FONT="]මීවැල්ලෑව පැත්තේ[/FONT][FONT="] පන්සලක බෝ ගසේ බුදුරැවක් මතුවි තිබෙන බවකි. එවකට ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාද මෙම අරුමය බැලීමට පැමිණ පන්සට සෑහෙන ආධාර උපකාර ද කර තිබුණි. අපේ පැත්තේ අයද රටපුරා අයද බස් රථ කුලියටගෙන නඩ පිටින් මෙම මහා ආශ්චර්යය නැරඹීමට පැමිණියහ. මමද අපේ ගමේ නඩයක් සමග මෙය නැරඹීමට සහභාගී වූ අතර මතු වී ඇතැයි කියන බුදු රුව බලන්නටද ගියෙමු. එය දුටුමනින්ම මට පසක් වූයේ එය කිසිදු රුවක් නොව ස්වභාවිකව බෝ ගසේ මුල් කිහිපයක් එකට ඇඹරීමෙන් සෑදුනු රැක් කලාවක් බවයි. කෙසේ වුවද අප සමග ගිය උපාසකම්මලා එයට දොහොත් මුදුන් තබා වඳිමින් තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉටුවීමට බාරහාරද වූහ. [/FONT][FONT="][/FONT]
[FONT="]කලකට පෙර බුදුපිළිමවලින් බුදුරැස් විහිදෙන බවටආරංචියක් පැතිර ගියේය. අවසානයේ රටේම ජනතාව බුදුපිළිම අසළට රැස්වී පිරිත් කියමින්[/FONT][FONT="], [/FONT][FONT="]පහන් පූජා පවත්වමින් මේ අසිරිය බලන්නට එක්‌රොක් වූහ[/FONT][FONT="]. [/FONT][FONT="]මමද ඒ කාලයේ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි කාලයයි. රාජකාරී අවසන්කර බෝඩිමට යාමට පාරට එන විට ආචාර්යවරයෙක් හමුවී කීවේ බුදු පිලිමවලින් රැස් විහිදෙන බවත් තමාද එවනි බුදු පිලිමයක් බලන්නට යන බවත් අවශ්‍ය නම් ඔහුත් සමග එය නැරඹීමට යාහැකි බවත්ය. යන අතරතුර මග දිගට බුදු පිළිම අසළ ජනතාව එක් රොක්වී සාදුකාර දෙමින් සිටිනු දැකිය හැකිවිය. එක් තැනක රථය නවතා අපද මෙම ආශ්චර්යය නැරඹිමට ගියෙමු. “අන්න අන්න රැස් විහිදෙනවා“ අයෙක් කියද්දී උපාසකම්මලාද බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳ වී සාදුකාර දෙති. එදා රට පුරාම මෙම තත්වය දැකිය හැකි වූ බව වාර්තා විය. [/FONT][FONT="][/FONT]
[FONT="]දොලුකන්ද පැත්තේ චීවරධාරියෙකු වැව් පිටින් පිරිත් කරමින් ඒවා සියලු ලෙඩට දුකට පිහිට වන මහාර්ඝ පිරිත් ජලයයැයි කියමින් ජනතාවට පෙව්වේද මීට ටික කලකට පෙරය. “ඔන්න මහත්තයෝ මම මේ වැවත් පිරිත් කලා. දැන් මේ වතුරත් පිරිත් වතුර“ යැයි කියද්දී අපේ උපාසකම්මලාද වැවේ වතුර බෝතල් පිටින් පුරවා ගනිති. [/FONT][FONT="][/FONT]
[FONT="]මෑතකදී කේන්දරකාරයෙක් අසවල් දින කතරගම දේවාල භුමියේදී කතරගම දෙවියන් දර්ශනය වනබව පැවසීම නිසා මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කතරගම ගියහ. එදා කතරගම පූජාවට්ටි වෙළෙන්ඳන්ට නම් සරු දිනයක් වන්නට ඇත. [/FONT][FONT="][/FONT]
[FONT="]මීට ටික කලකට පෙර රාවණාගේ කඩුවද, දඬුමොණරයද, දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ මගුල් කඩුව සොයනා පිරිසක් සිටිනා බවත් විවිධ ආරංචි පැතිර ගියේය. [/FONT][FONT="][/FONT]
[FONT="]අප කුඩා කාලයේ ගම්වලද මෙවැනි සිදුවීම් කිහිපයක් වේදිකාස්ථම්භ වී පසුව ඇකී මැකී ගියේය. එසේ පැමිණි එක් ආරංචියක් වූයේ ලන්දේසීන් විසින් මෙරටට රැගෙන එන ලද වී.ඕ.සී. ලාංඡනය සහිත භාණ්ඩ එකතු කිරීමට වරායට නැවක් පැමිණ ඇති බවත් ගෙවල් ගානේ ගොස් වෙළෙඳුන් එම ලාංඡනය සහිත භාණ්ඩ මිලදී ගන්නා බවත්ය. එම නිසා වී.ඕ.සී. ලාංඡනය සහිත භාණ්ඩ එකල දැඩිලෙස පරිස්සම් කරනු ලැබුවේ කවුරැන් හෝ සොරකම් කර විකුණතැයි යන බිය නිසාය. මේ සිදුවීම අරභයා නිහාල් නෙල්සන් විසින් එකල ගීතයක්ද ගායනා කරනු ලැබීය. එහි පද දෙකක් වූයේ “වී.ඕ.සී ගෙම්බා නැති වෙලා. මැෂිම අතුරැදන් වෙලා“ යනුවෙනි. “ඊයේ එහා ගම්වලට ඇවිල්ලලු. පෙරේදා අහවල් තැනට ආවා. මෙච්චර ගානකට මැෂිමක් ඉල්ලුවා. මෙච්චර ගාණකට පිඟන් ඉල්ලුවා“ වැනි ආරංචිද ඒවාට තටු ලැබී වඩාත් ඉහළින් පියඹා ගිය ආරංචිද එකල සුලභ විය. නමුත් වී.ඕ.සී. බඩු විකුණු කිසිවෙක් හෝ මිලදී ගත් කිසිවෙක් අපට එකලද හමුවූයේ නැත. [/FONT][FONT="][/FONT]
[FONT="]තවත් මේ ආකාරයට පැතිරී ගිය ආරංචියක් වූයේ කොළඹ වරායට නැවක් පැමිණ ඇති බවත් එම නැව පැමිණ ඇත්තේ කෙසෙල් කඳන් හා ගස්ලබු කඳන් මිලදී ගැනීමට බවත්ය. එම නිසා මේ දිනවල රටපුරා ගස්ලබු කඳන් හා කෙසෙල් කඳන් ඉතා ඉහළ මිල ගණන්වලට අළෙවි වන බව රාවයක් පැතිර ගියේය. මෙම ආරංචිය පැමිණිමත් සමගම සමහර රාත්‍රීකාලවල ගෙවතුවල පැවති ගස්ලබු ගස් හා කෙසෙල් ගස් එක දෙක අතුරැදහන් වන්නට විය. [/FONT]
[FONT="]ඇන්ටනී මාමාගේ තාත්තා එකල ලක්ෂමන් වත්තේ මුරකරු විය. ඔහුටද මෙම ආරංචිය ලැබී තිබූ නිසා ඔහුද වත්තේ තිබූ ගස්ලබු ගස් හා කෙසෙල් ගස් ගැන විමසිල්ලෙන් පසුවිය. කොලොප්පමට බර අපේ ගමේ සිටි ගාණයියා මෙය හොඳ අවස්ථාවක් කරගත්තේය. හෙට හෝ අනිද්දා ගස් ලබු ගස් හා කෙසෙල් ගස් මිලදී ගැනීමට කණ්ඩායමක් පැමිණිය හැකි බැවින් වත්තේ ගස්ලබු හා කෙසෙල් ගස් පරිස්සම් කරගත යුතුබවට ගාණයියා ඇන්ටනී මාමාගේ තාත්තාට කියා තිබුණි. [/FONT]
[FONT="]එසේ කියා වැඩේ පත්තු කිරීමට තවත් කිහිප දෙනෙකු සමග රාත්‍රියේ කෙසෙල් හා ගස්ලබු ගස් කීපයක් හොරෙන් කැපීමට ගානයියා කටයුතු කලේය. දැන් නම් මේ ආකාරයට අනිත් ගස් ටිකත් හොරු කැපීම ෂුවර් නැත. ඒ නිසා මේ ගස් ටික කපා මුර මඩුව අවට තැනක ගොඩගැසිය යුතුයැයි සිතූ ඇනිටනී මාමාගේ තාත්තා ගස් ලබු හා කෙසෙල් ගස් විශාල ප්‍රමාණයක් කප්පවා මුර මඩුව අවට ගොඩගැස්සුවේ ගාණයියලාට සෑහෙන කුලියක්ද දීමෙන් අනතුරුවය. [/FONT]
[FONT="]පසුදින මෙයින් කොටසක් ගාණයියලාම වෙනත් තැනක සඟවා කවුරුන් හෝ මේවා සොරකම් කර ඇති බව ඇඟවීම නිසා එකම කාලගෝට්ටියකි. ඇන්ටනී මාමගේ තාත්තා පිස්සුවෙන් මෙන් ගස්ලබු ගස් ටික සොයයි. සෑහෙන වෙහෙස[/FONT]lska[FONT="] අනතුරුව ගාණයියා විසින්ම ඒවා සොයාගත් බැවින් තවත් කසිප්පු බෝතල් කිහිපයක් ලබාදී නැවතත් ඒවා පෙර තිබූ තැනම ගොඩගැස්සවීමට කටයුතු කරනු ලැබීය. දවස් දෙකක් පමණ ගතවිය. ඇන්ටනී මාමාගේ තාත්තා නිදිවරමින් ගස්ලබු හා කෙසෙල් කඳන් රකී. දිනක් ඇන්ටනී මාමා වත්තට පැමිණ බලනවිට ඉඩමේ තිබූ කෙසෙල් හා ගස්ලබු ගස් නැති බව දැනගෙන කුමක් සිදුවී දැයි අසනාවිට ඇන්ටනී මාමාට සියල්ල වැටහී ඇත. කරපු අසමජ්ජාති වැඩේට පාඩමක් ඉගැන්වීමට ඇන්ටනී මාමා ගානයියා සොයා දින ගණනාවක් නිවසට ගියද ඇන්ටනී මාමා එන සැමවිටකම මේකා මගඇර සිටීම නිසා අල්ලා ගත නොහැකිවිය. අවසානයේ ගස්ලබු ගස් හා කෙසෙල් කඳන් මිලදී ගන්නට පැමිණි කිසිවෙක් නොවූ අතර ඒවා කුණුවී ගොස් තිබුණි. [/FONT]
[FONT="]මෙවැනි ඔපාදූපවල සත්‍ය අසත්‍යතාව කුමක්වූවත් පසුකාලීනව දේශපාලන කටයුතු වල නියැලෙනවිට මට අවබෝධ වූ කරුණක් විය. එනම් සමාජයේ ගැටලුකාරී අවස්ථාවන් මතුවනවිට ඒවා පිළිබඳව එතරම් උනන්දුවක් ඇතිවීම වැලැක්වීම සඳහා සාමාන්‍ය ජනතාවට කුතුහලය දනවන මාතෘකා සැපයීමට රටකරවන ඇත්තන් නිතරම සූදානමින් සිටිනා බවයි. මේ සඳහා සමාජය හා මාධ්‍ය භාවිතය ගැන හසළ දැනුමක් ඇති උපදේශකයින් විසින් අවශ්‍ය මාතෘකා සම්පාදනය කර සිද්ධියක් දෙකක් නිර්මාණයවීමට ඉඩ හැර එය සමාජගත කරන බවයි. එවිට රටේ ජනතාවගේ අවධානය යොමුවන්නේ රටේ ප්‍රශ්න කෙරෙහි නොව මෙවැනි ගුජුප්සාජනක, ත්‍රාසජනක සිදුවීම් කෙරෙහිය. මෙවැනි සිදුවීම් නිර්මාණය මෙන්ම ආගමික නායකයින්, ආගමික වස්තූන් මෙරටට ගෙන්වා වන්දනාමානයට අවස්ථාව ලබාදීම මගින් සිදුකරන්නේද මෙයමය. [/FONT]