වන්දි ඉල්ලා නඩු දමයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    වන්දි ඉල්ලා නඩු දමයි

    අපේ ගොවියන් වෙනුවෙන් වියතෙක්" බහුජාතික ග්ලයිෆොසේට් මුදලාලිලාගෙන් වන්දි ඉල්ලා නඩු දමයි!​

    මවුබිමට බත සපයන ගොවි මහතුන් ඇතුලු රජරට බොහෝ ජනතාව පීඩාවට පත් කරන වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ දැඩි සමාජ ගැටලුවක් බවට පත්ව තිබේ. එම වකුගඩු රෝගයට හේතුව ග්ලයිෆොසේට් විස රසායන බව ශ්‍රී ලංකාවේම විද්‍යාඥයන් විසින් සිදු කළ පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමට හැකි විය. නමුත් බහුජාතික සමාගම් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වන ග්ලයිෆොසේට් විස රසායනයට එරෙහිව කිසිවෙකුත් සැලකියු යුතු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.

    ශ්‍රී ලංකාවේ තත්වය එලෙස වුවද මෑතකදී පිළිකාව වැළදුනු ඇමරිකානු ජාතිකයෙක් ග්ලයිපොසේට් නිෂ්පාදනය කරන සමාගමකට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක වන්දියක් ලබා ගත්තේය.

    මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට සහ ග්ලයිෆොසේට් රසායනයට එරෙහිව සටනක නිරත වන මහචාර්ය චන්න ජයසුමන මහතා ශ්‍රී ලංකාවේද වකුගඩු රෝගය වැළඳුණු සෑම රෝගියෙක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ සියයක වන්දි ඉල්ලා වහා නඩු පැරීමට තමා කටයුතු කරගෙන යන බව පවසනවා.

    ශ්‍රී ලංකාවේ ද වකුගඩු රෝගීන් වෙනුවෙන් වන්දි ඉල්ලා ග්ලයිපොසේස්ට් ආනයනය කරන මෙරට එම සමාගමේ නියෝජිතයිගෙන් වන්දී ඉල්ලන බව මහාචාර්යවරයා කියා සිටිනවා.

    පදවිය හා මැදවච්චිය ප්‍රදේශවල වකුගඩු රෝගින් කණ්ඩායම් දෙකක් වෙනුවෙන් දිසා අධිකරණයක දී වන්දි නඩුවක් පවරන බවත් වකුගඩු රෝග වැළඳුණු එක් රෝගියෙකු වෙනුවෙන් රුපියල් මිලියන 10 බැගින් වන්දි ඉල්ලන බවත් මිය ගිය අයගේ පවුල් වෙනුවෙන් වන්දි ඉල්ලා තවත් නඩු පවරන බවත් ඒ මහතා පවසනවා.

    වැඩිදුරටත් අදහස් දක්වන මහාචාර්යවරයා ‘‘මුලින්ම වකුගඩු රෝගීන් බහුලව සිටින පදවිය, මැදවච්චිය වැනි ප්‍රදේශ වලින් කණ්ඩායම් දෙකක් පමණ තෝරාගෙන ඒ අය සමඟ දිසා අධිකරණයක වන්දි නඩුවක් පවරනවා.ඒ සඳහා අපිට ප්‍රමාණවත් නීති ප්‍රතිපාදන ඇති බව නිතිවේදීන් කීවා. ඒ සමඟම අපි රජයෙන් හා කෘෂිකර්ම විෂය භාර මැති ඇමති වරුන්ගෙන් සහයෝගය ඉල්ලුවා. කවුරුත් සහාය දුන්නේ නෑ. සහාය දෙන්න ඉදිරිපත් වුණේ හිටපු ගොවිජන සේවා ඇමති වරයෙකු වූ එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පමණයි. එතුමා නීතිඥ සංගම්වල සහාය ඉල්ලා සාකච්ඡා කළ බවත් කීවා. ග්ලයිපොසේට් ගෙන්වන සමාගමේ නියෝජිතයෙක් මේ රටේ ඉන්නවා.එයාගෙන් තමා වන්දි ඉල්ලන්නේ.ඊට අමතරව පළිබෝධනාශක පාලකවරයා වගඋත්තරකරු කරනවා.‘‘ යනුවෙන් පැවසුවා.​
    image_1495739571-2e86be442c.jpg

    මේකන් නම් හොද වැඩක් කොන්දපන ඇති පිරිමියෙක් මේවගේ උන්ව දැන් ආරක්ෂාකරගන්න එක අපේ උන්ගේ වගකීමක් දැන් මේ නිව්ස් එක නිසා මුව මරයිද දන්නා නැ බලු දේශපාලකයෝ​
    :yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    Rate goviyanwa amaruwe danne nathuwa thamange wadak balan inna kiyapan.
    Goviyo tika hena kattak kala uthgoshanaya karalai glyphosate thahanama me vijathika aanduwen ain kara gaththe.