සුබ දවසක් හැමෝටම.
පහුගිය දවස්වල " වන්නකු method " ගැන
ලොකු කතාවක් ගියා. ඒ කතාබහේදි බොහෝ දෙනා කියල තිබ්බා මේ පිලිබදව විද්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කරන්න කියල. ඔන්න පොරොන්දු වෙච්ච විදියට මේ ක්‍රමය ගැන දැනට තියෙන අලුත්ම updated විද්‍යාත්මක දත්තත් එක්ක ලියන්න හිතුවා ( මුලු දායක සභාවම මේ ගැන අහල තිබ්බනෙ
මුලින්ම කියන්න ඕනෙ මෙහෙම පැහැදිලි කිරීමක් ලංකාවෙ මේ වෙනකන් කරල තියෙනව මම දැකලා නැහැ. කොටින්ම වන්නකු තුමාවත් එතුමාගෙ ක්‍රමය හරියට analyze කරල තියෙනවද කියල sure නැහැ. ඇත්තම කිව්වොත් එතුමා කරන්න ඕන වැඩක් තමයි මම මගේ වැඩ දාහක් අස්සෙ කරන්නෙ. ( හැබැයි මාව block කරලා
මුලින්ම කියන්න ඕන " වන්නකු " කියල ක්‍රමයක් නැහැ. මෙතනදි follow වෙන්නෙ Intermittent fasting / Ketogenic diet කියන ක්‍රමය. මේක අනාදිමත් කාලයක් තිස්සේ ලෝකයේ භාවිතා වෙච්ච ක්‍රමයක්. මේකට කිසිම පදනමක් නැති භාවිතයන් කිහිපයක් එකතු කරල " වන්නකු " කියල නමක් දාගෙන තියෙනවා. මේ page එක analyse කරනකොට මට පෙනිච්ච කාරණාව තමයි සෞඛ්‍ය අධ්‍යාපනයක් නැති කවුරුහරි කෙනෙක් ප්‍රශ්නයක් අහනව. ඒ වගේම කිසිම දෙයක් නොදන්න කිසිම මූලික සෞඛ්‍ය දැනීමක් නැති තව සෙට් එකක් හරි හරියට ඒකට උත්තර බදිනව. වන්නකු තුමා මැද්දෙන් ඇවිත් එතුමා consult කරන්නෙ කොහොමද කියල පොඩි tag line එකක් එක්ක ඇඩ් එකක් දානව.
එහෙම කියල ඒකෙ අන්තිමටම දානව " මේ උපදෙස් සාමාන්‍ය දැනීම සදහා පමණයි , මේ ක්‍රම කරන්න, හැබැයි මොනව හරි උනොත් ලගම වෛද්‍යවරයා වෙත යන්න" කියල. ඒ කියන්නෙ මෙතුමා කියන ක්‍රම කරලා මිනිස්සුන්ට මොනා හරි උනොත් රටේ ඉන්න අනෙක් වෛද්‍යවරුන් ඒකට වග කියන්නත් ඕන. ( තව තේරෙන විදියට කියනවනම් මේ ක්‍රම වලින් අතුරු ආබාධ වෙන බවත් මෙතුමා හොදටම දන්නවා. ඒ වුනාට වගකීම භාරගන්නෙ නැහැ )
හරි. විද්‍යාත්මක කාරණා වලට බහිමු.
1)
Ketogenic diet කියන ක්‍රමය මුලින්ම භාවිතයට ගැනෙන්නෙ 1920 ගනන්වල. මුලින්ම මේ ක්‍රමය භාවිතා වෙන්නෙ මීමැස්මොරය හැදුනු ලමයින්ට කරන ප්‍රතිකාරයක් විදියට. පසු කාලීනව තමයි මේක ඩයට් ක්‍රමයක් විදියට කරලියට එන්නෙ.
අපේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වලට ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තිය අපි ලබාගන්නෙ ග්ලූකෝස් නැත්තම් ඇමයිනෝ අම්ල නැත්තම් ලිපිඩ දහනය කරල. අපි කන පිශ්ඨ කෑම වලින් තමයි ග්ලූකෝස් ලැබෙන්නෙ. ඇමයිනෝ අම්ල ලැබෙන්නෙ අපි කන ප්‍රෝටීන වර්ග වලින්. ලිපිඩ ලැබෙන්නෙ අපි කන තෙල් එහෙමත් නැතිනම් මේදය සහිත කෑම වලින්. අපි කන පිශ්ඨ කෑමවලින් වැඩි කොටස ග්ලයිකොජන් වෙලා බොහෝවිට අපේ අක්මාවෙ තැන්පත් වෙනවා. ලිපිඩත් එහෙමයි. ලිපිඩ අපේ සම යට තැන්පත් වෙනවා. නමුත් ප්‍රෝටීන තැන්පත් වෙන්නෙ නෑ. අතිරික්තය සිරුරෙන් බැහැර කරනව.
හරි. අපි දැන් fasting කරනවා කියල හිතමුකෝ. Fasting කරනකොට මුල් පැය 12 දී වෙන්නෙ අපේ ශරීරයේ තියෙන ග්ලූකෝස් දහනය වෙන එක. Readyly available ග්ලූකෝස් දහනය වෙලා ඉවර වෙනකොට තැන්පත් කරල තියෙන ග්ලයිකොජන් කඩලා අරගෙන ඒවා ග්ලූකෝස් බවට පරිවර්තනය කරලා දහනය කරනවා. හැබැයි Fasting පැය 12 ක් පහු වෙනකොට මේක තවදුරටත් කරන්න බැහැ. එතකොට අපේ ඇගේ තියෙන ලිපිඩ තැන්පතු කඩලා අරගෙන දහනය කරන්න වෙනවා. එහෙම දහනය වුනාම හැදෙන අතුරුඵලය තමයි කීටෝන කියන්නෙ. කීටො ඩයට් කියල නම හැදෙන්නෙ එහෙම.
16:8 Fasting කියලා අපි කරන්නෙ අපේ ශරීරය ketosis එහෙමත් නැත්තම් ලිපිඩ දහනය වෙන level එකට අරගෙන යන එක. ලිපිඩ තැන්පතු දහනය වෙනකොට තමා අපි බඩ අඩු වෙනවා නැත්තම් මහත අඩුවෙනවා කියන්නෙ. වැදගත්ම දේ තමයි ලිපිඩ දහනය වෙන්න පටන් ගන්නෙ පැය 12 කින් පස්සෙ. ඒ කියන්නෙ පැය 16ක් fasting නම් අන්තිම පැය 4 තමයි fat burn වෙන්නෙ.
මේ ඩයටි එකට නියම කරන කෑම වලින් පිෂ්ඨ කෑම අඩු කරන්න කියන්නෙ readily available ග්ලූකෝස් අඩු කරලා ඉක්මනින්ම අපේ ශරීරය ketosis තත්වයට තල්ලු කරන්න. ඒ වගේම වැඩිපුර ලිපිඩ තියෙන අහාර ගන්න කියන්නෙ ketosis වෙලාවෙදි දහනය කරන්න ඇතිතරම් ලිපිඩ ශරීරයේ තියෙන්න ඕන නිසා. එහෙම නොවුනොත් වෙන්නෙ ශරීරය අපේ ඇගේ තියෙන Muscles කඩලා දහනය කරන්න පටන් ගන්න එක. එහෙම වෙන්නෙ අපේ ශරීරයේ ප්‍රෝටීන තැන්පතු නැති නිසා. Muscles ප්‍රෝටීන කඩලා දහනය වෙන එක ඉතා නරක තත්වයක්. මේක සරලව කීවොත් හරියට තැන්පත් මේදය දියකරන්න තව පොඩි Fat booster එකක් දෙනවා වගේ වැඩක්.
ඉතින් මේ ක්‍රියාවලිය හරියට කරගන්න නියමිත අනුපාත වලට මේ කියන ආහාර ගන්න ඕන. ගන්න ඕන ප්‍රමාණ එකිනෙකාගෙ බර අනූවත් වෙනස් වෙනවා.
නැතුව මීකිරි හට්ටියකුයි , ඌරු මස් රාත්තලකුයි කාගෙන කාගෙන ගියා කියලා effect එකක් වෙන්නෙ නෑ.
2)
මම කලින් කිව්වා වගේ මේ ක්‍රමයට දාගෙන තියෙන්නෙ කලින් කියපු Intermittent fasting සහ ketogenic diet කියන මූලධර්මය. හැබැයි බොහොම වැරදි දේවල් ගොඩාක් මේකට ඇතුලත් කරල තියෙනව.
මේ page එකේ උඩ ඉදල පටන් ගත්තම උඩම තියෙන tagline එකෙන්ම සෑහෙන වැරදි පණිවිඩයක් දෙනවා.
" නීරෝගී දිවියකට පොල් සම්බෝල , බිත්තර , මාලු, මස්, පොල්තෙල් , පුලුවන් තරම් කන්න "
"ධාන්‍ය වර්ග , ඇට වර්ග , එලවලු, පලතුරු, කිරි , ඕට්ස් ඕනම නෑ "
මේක ඉතාම වැරදියි. Keto diet කියන සංකල්පයේදීවත් මේ විදියට කියන්නෙ නෑ. බොහොම සීරුවට ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට් balance කරන්න ඕන. ඒකට වෙනමම keto carb calculators පවා භාවිතා වෙනව.
තව කියනවා , අල , බතල, කඩල , කවුපි, කුරක්කන් , ඕට්ස් පරිප්පු කෑවම දියවැඩියාව හැදෙනව කියල.
ඉතාම වැරදියි . දියවැඩියාව පිලිබද මූලධර්ම වත් මෙතුමා දන්නෙ නැතුව කතා කරන්නෙ. Keto diet සහ දියවැඩියාව ගැන මේ පෝස්ටුවේ ඉස්සරහට විස්තරාත්මකව කතා කරනවා.
අනෙක් පැනිරස කෑම, කේක් etc ඕනම නෑ කියන එක නම් හරි . ඒක ඕන මෝඩයෙක්ට තේරෙනවා.
ලිපිඩ කෑම ගත්තම සංතෘප්ත මේදය තියෙන ලිපිඩ වර්ග සෑහෙන දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි බඩවැල් ආශ්‍රිත පිළිකා වලට පවා හේතු වෙන Red meat සෑහෙන promote කරල තියෙනව. ( ඒ ගැන ඉස්සරහට කියන්නම් )
මේ කිසිම ආහාරයක Nutrition අනුපාත ගැන වචනයක් වත් කියල නෑ. පොල් සම්බෝල හට්ටිය අරගෙන ගිලගෙන ගිලහෙන යන්න තමා තියෙන්නෙ.
සාරාංශයක් විදියට කියන්න තියෙන්නෙ කිසිම හොයා බැලීමක් , නියාමනයක් නැතුව හිතූ හිතූ දේවල් ටිකක් Keto diet කියන එකට එකතු කරල, වන්නකු කියල නමකුත් දාගෙන මිනිස්සුත් නොමග යවනව කියල තමයි.
අනෙක් වැදගත්ම කාරණාව තමයි මේ ක්‍රමය ගැන කිසිම scientific research එකක් මේ වෙනකොට පල වෙලා නෑ. Keto diet / intermittent fasting ගැන ඕනෑතර්ම් research තියෙනව. නමුත් වන්නකු diet එක භාවිතා කරන්නෙ අපේ ලංකාවෙ අති බුද්ධිමත් ජනතාව විතරයි. ලෝකෙටමත් එකයි.
ඉතින් ඩයට් එක තව කෙනෙක්ට නිර්දේශ කරන්න කලින් ඒ ජනතා නියැදිය ගැන research එකක් කරල බලන්නවත් එතුමා සමත් වෙලා නෑ.
ඉතින් clinical evidence කියල අපට ගන්න තියෙන්නෙ Standard keto diet / Intermittent fasting ගැන තියෙන research සහ දත්ත. නමුත් වන්නකු කියන්නෙ standard keto ඩයට් එක වත් නෙමෙයි.
3)
දැනට ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය විසින් හොයාගෙන තියෙන දත්ත අනූව Keto diet කියන්න ශරීරයේ අහිතකර මේද තැන්පතු වැඩි කරන ප්‍රබල සාධකයක්. මේකට හේතුව තමයි මේ ඩයට් එකේ සෑහෙන මේදය අඩංගු වීම.
වන්නකු ඩයට් එකේ මේද වර්ග වලට නිර්දේශ කරල තියෙන්නෙම අධික සංතෘප්ත මේදය තියෙන කෑම. ( බටර් , ඌරු මස්, මීකිරි , පොල් තෙල්). දිගු කාලයක් , වැඩි ප්‍රමාණ වලින් මේ කෑම ගත්ත්ම ශරීරයේ කොලෙස්ටෙරෝල් මට්ටම් සෑගෙන ඉහල යනව. මෙයිනුත් අහිතකර කොලෙස්ටරෝල් වන LDL මට්ටම් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් සෑහෙන වැඩි වෙනවා.
මේ අහිතකර මේද තැන්පතු තමයි පසු කාලීනව හෘදයාබාධ , සහ අංශභාග තත්වයන් සදහා හේතු වෙන්නෙ. මේ කියන වන්නකු තුමා කිසිම වගකීමක් නැතුව මේ LDL මට්ටම් වැඩි වෙන එක ප්‍රශ්නයක් නෑ කියලා බොහෝ තැන්වල කියනවා. ( එයාගෙත් LDL 300යි ලු ) . මේක ඉතාමත්ම භයානක තත්වයක්. මෙතුමගෙ clients ලා දාලා තිබ්බ ගොඩක් රිපෝට් වල මේ LDL අගය වැඩියි. ( ඩයට් එකේ ප්‍රතිවිපාක )
කලින් මම කියපු ඇමරිකාවේ Harverd විශ්ව විද්‍යාලය එයාලා මේ සම්බන්ධව කරල තිබුන සියලු පරීක්ශණ මේ අප්‍රෙල් මාසයේදී යාවත්කාලීන කලා. ketogenic diet දිගු කාලයක් follow කරපු විවිධාකාර ජනවර්ග වලට අයත් මිනිසුන් 20000 ක් පමන යොදාගෙන අවුරුදු 17ක් විතර කාලයක් එයාලව follow up කරලා කරපු පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා 91% කටත් වඩා වැඩි පිරිසකට පසු කාලීනව හදවත් රෝග වැලදුනු බව. සහ 66% කටත් වඩා පිරිසක් හදවත් අකර්මන්‍යතා සහ අංශභාග තත්ව වලින් මිය ගිය බව. එම නිසා මේ ඩයට් එක කිසිම වෙලාවක එයාලා recommend කරන්නෙ නෑ. කොටින්ම කීව්වොත් මගේ වෛද්‍ය ජීවිතේදි පවා දැකල තියෙනවා මෙහෙම ඩයට් කරපු මිනිසුන් හාට් ඇටෑක් සමග රෝහල් ගත වෙනවා. ඒ නිසා මේක ඔයාලා හිතන තරම් සරල සෙල්ලමක් නෙමෙයි.
පහල් ලින්ක් වල තියෙන්නෙ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් ඉදිරිපත් කරපු දත්ත වල සාරාංශය. ඒ වගේම තව ප්‍රකාශන කීපයක්ම මම දාලා ඇති.
a) https://newsroom.heart.org/.../8-hour-time-restricted...
b) https://www.acc.org/.../Keto-Like-Diet-May-Be-Linked-to...
c) https://www.sciencedirect.com/.../pii/S0146280624000410
