වන්නකු ලොක්කා

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113


    සුබ දවසක් හැමෝටම.
    පහුගිය දවස්වල " වන්නකු method " ගැන
    ලොකු කතාවක් ගියා. ඒ කතාබහේදි බොහෝ දෙනා කියල තිබ්බා මේ පිලිබදව විද්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කරන්න කියල. ඔන්න පොරොන්දු වෙච්ච විදියට මේ ක්‍රමය ගැන දැනට තියෙන අලුත්ම updated විද්‍යාත්මක දත්තත් එක්ක ලියන්න හිතුවා ( මුලු දායක සභාවම මේ ගැන අහල තිබ්බනෙ
    🙃
    )
    මුලින්ම කියන්න ඕනෙ මෙහෙම පැහැදිලි කිරීමක් ලංකාවෙ මේ වෙනකන් කරල තියෙනව මම දැකලා නැහැ. කොටින්ම වන්නකු තුමාවත් එතුමාගෙ ක්‍රමය හරියට analyze කරල තියෙනවද කියල sure නැහැ. ඇත්තම කිව්වොත් එතුමා කරන්න ඕන වැඩක් තමයි මම මගේ වැඩ දාහක් අස්සෙ කරන්නෙ. ( හැබැයි මාව block කරලා
    🙃
    )
    මුලින්ම කියන්න ඕන " වන්නකු " කියල ක්‍රමයක් නැහැ. මෙතනදි follow වෙන්නෙ Intermittent fasting / Ketogenic diet කියන ක්‍රමය. මේක අනාදිමත් කාලයක් තිස්සේ ලෝකයේ භාවිතා වෙච්ච ක්‍රමයක්. මේකට කිසිම පදනමක් නැති භාවිතයන් කිහිපයක් එකතු කරල " වන්නකු " කියල නමක් දාගෙන තියෙනවා. මේ page එක analyse කරනකොට මට පෙනිච්ච කාරණාව තමයි සෞඛ්‍ය අධ්‍යාපනයක් නැති කවුරුහරි කෙනෙක් ප්‍රශ්නයක් අහනව. ඒ වගේම කිසිම දෙයක් නොදන්න කිසිම මූලික සෞඛ්‍ය දැනීමක් නැති තව සෙට් එකක් හරි හරියට ඒකට උත්තර බදිනව. වන්නකු තුමා මැද්දෙන් ඇවිත් එතුමා consult කරන්නෙ කොහොමද කියල පොඩි tag line එකක් එක්ක ඇඩ් එකක් දානව.
    එහෙම කියල ඒකෙ අන්තිමටම දානව " මේ උපදෙස් සාමාන්‍ය දැනීම සදහා පමණයි , මේ ක්‍රම කරන්න, හැබැයි මොනව හරි උනොත් ලගම වෛද්‍යවරයා වෙත යන්න" කියල. ඒ කියන්නෙ මෙතුමා කියන ක්‍රම කරලා මිනිස්සුන්ට මොනා හරි උනොත් රටේ ඉන්න අනෙක් වෛද්‍යවරුන් ඒකට වග කියන්නත් ඕන. ( තව තේරෙන විදියට කියනවනම් මේ ක්‍රම වලින් අතුරු ආබාධ වෙන බවත් මෙතුමා හොදටම දන්නවා. ඒ වුනාට වගකීම භාරගන්නෙ නැහැ )
    හරි. විද්‍යාත්මක කාරණා වලට බහිමු.
    1)
    🔥
    Intermittent Fasting and Ketogenic Diet.
    Ketogenic diet කියන ක්‍රමය මුලින්ම භාවිතයට ගැනෙන්නෙ 1920 ගනන්වල. මුලින්ම මේ ක්‍රමය භාවිතා වෙන්නෙ මීමැස්මොරය හැදුනු ලමයින්ට කරන ප්‍රතිකාරයක් විදියට. පසු කාලීනව තමයි මේක ඩයට් ක්‍රමයක් විදියට කරලියට එන්නෙ.
    අපේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වලට ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තිය අපි ලබාගන්නෙ ග්ලූකෝස් නැත්තම් ඇමයිනෝ අම්ල නැත්තම් ලිපිඩ දහනය කරල. අපි කන පිශ්ඨ කෑම වලින් තමයි ග්ලූකෝස් ලැබෙන්නෙ. ඇමයිනෝ අම්ල ලැබෙන්නෙ අපි කන ප්‍රෝටීන වර්ග වලින්. ලිපිඩ ලැබෙන්නෙ අපි කන තෙල් එහෙමත් නැතිනම් මේදය සහිත කෑම වලින්. අපි කන පිශ්ඨ කෑමවලින් වැඩි කොටස ග්ලයිකොජන් වෙලා බොහෝවිට අපේ අක්මාවෙ තැන්පත් වෙනවා. ලිපිඩත් එහෙමයි. ලිපිඩ අපේ සම යට තැන්පත් වෙනවා. නමුත් ප්‍රෝටීන තැන්පත් වෙන්නෙ නෑ. අතිරික්තය සිරුරෙන් බැහැර කරනව.
    හරි. අපි දැන් fasting කරනවා කියල හිතමුකෝ. Fasting කරනකොට මුල් පැය 12 දී වෙන්නෙ අපේ ශරීරයේ තියෙන ග්ලූකෝස් දහනය වෙන එක. Readyly available ග්ලූකෝස් දහනය වෙලා ඉවර වෙනකොට තැන්පත් කරල තියෙන ග්ලයිකොජන් කඩලා අරගෙන ඒවා ග්ලූකෝස් බවට පරිවර්තනය කරලා දහනය කරනවා. හැබැයි Fasting පැය 12 ක් පහු වෙනකොට මේක තවදුරටත් කරන්න බැහැ. එතකොට අපේ ඇගේ තියෙන ලිපිඩ තැන්පතු කඩලා අරගෙන දහනය කරන්න වෙනවා. එහෙම දහනය වුනාම හැදෙන අතුරුඵලය තමයි කීටෝන කියන්නෙ. කීටො ඩයට් කියල නම හැදෙන්නෙ එහෙම.
    16:8 Fasting කියලා අපි කරන්නෙ අපේ ශරීරය ketosis එහෙමත් නැත්තම් ලිපිඩ දහනය වෙන level එකට අරගෙන යන එක. ලිපිඩ තැන්පතු දහනය වෙනකොට තමා අපි බඩ අඩු වෙනවා නැත්තම් මහත අඩුවෙනවා කියන්නෙ. වැදගත්ම දේ තමයි ලිපිඩ දහනය වෙන්න පටන් ගන්නෙ පැය 12 කින් පස්සෙ. ඒ කියන්නෙ පැය 16ක් fasting නම් අන්තිම පැය 4 තමයි fat burn වෙන්නෙ.
    මේ ඩයටි එකට නියම කරන කෑම වලින් පිෂ්ඨ කෑම අඩු කරන්න කියන්නෙ readily available ග්ලූකෝස් අඩු කරලා ඉක්මනින්ම අපේ ශරීරය ketosis තත්වයට තල්ලු කරන්න. ඒ වගේම වැඩිපුර ලිපිඩ තියෙන අහාර ගන්න කියන්නෙ ketosis වෙලාවෙදි දහනය කරන්න ඇතිතරම් ලිපිඩ ශරීරයේ තියෙන්න ඕන නිසා. එහෙම නොවුනොත් වෙන්නෙ ශරීරය අපේ ඇගේ තියෙන Muscles කඩලා දහනය කරන්න පටන් ගන්න එක. එහෙම වෙන්නෙ අපේ ශරීරයේ ප්‍රෝටීන තැන්පතු නැති නිසා. Muscles ප්‍රෝටීන කඩලා දහනය වෙන එක ඉතා නරක තත්වයක්. මේක සරලව කීවොත් හරියට තැන්පත් මේදය දියකරන්න තව පොඩි Fat booster එකක් දෙනවා වගේ වැඩක්.
    ඉතින් මේ ක්‍රියාවලිය හරියට කරගන්න නියමිත අනුපාත වලට මේ කියන ආහාර ගන්න ඕන. ගන්න ඕන ප්‍රමාණ එකිනෙකාගෙ බර අනූවත් වෙනස් වෙනවා.
    නැතුව මීකිරි හට්ටියකුයි , ඌරු මස් රාත්තලකුයි කාගෙන කාගෙන ගියා කියලා effect එකක් වෙන්නෙ නෑ.
    2)
    🔥
    Keto diet සහ වන්නකු ක්‍රමය !
    මම කලින් කිව්වා වගේ මේ ක්‍රමයට දාගෙන තියෙන්නෙ කලින් කියපු Intermittent fasting සහ ketogenic diet කියන මූලධර්මය. හැබැයි බොහොම වැරදි දේවල් ගොඩාක් මේකට ඇතුලත් කරල තියෙනව.
    මේ page එකේ උඩ ඉදල පටන් ගත්තම උඩම තියෙන tagline එකෙන්ම සෑහෙන වැරදි පණිවිඩයක් දෙනවා.
    " නීරෝගී දිවියකට පොල් සම්බෝල , බිත්තර , මාලු, මස්, පොල්තෙල් , පුලුවන් තරම් කන්න "
    "ධාන්‍ය වර්ග , ඇට වර්ග , එලවලු, පලතුරු, කිරි , ඕට්ස් ඕනම නෑ "
    මේක ඉතාම වැරදියි. Keto diet කියන සංකල්පයේදීවත් මේ විදියට කියන්නෙ නෑ. බොහොම සීරුවට ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට් balance කරන්න ඕන. ඒකට වෙනමම keto carb calculators පවා භාවිතා වෙනව.
    තව කියනවා , අල , බතල, කඩල , කවුපි, කුරක්කන් , ඕට්ස් පරිප්පු කෑවම දියවැඩියාව හැදෙනව කියල.
    ඉතාම වැරදියි . දියවැඩියාව පිලිබද මූලධර්ම වත් මෙතුමා දන්නෙ නැතුව කතා කරන්නෙ. Keto diet සහ දියවැඩියාව ගැන මේ පෝස්ටුවේ ඉස්සරහට විස්තරාත්මකව කතා කරනවා.
    අනෙක් පැනිරස කෑම, කේක් etc ඕනම නෑ කියන එක නම් හරි . ඒක ඕන මෝඩයෙක්ට තේරෙනවා.
    ලිපිඩ කෑම ගත්තම සංතෘප්ත මේදය තියෙන ලිපිඩ වර්ග සෑහෙන දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි බඩවැල් ආශ්‍රිත පිළිකා වලට පවා හේතු වෙන Red meat සෑහෙන promote කරල තියෙනව. ( ඒ ගැන ඉස්සරහට කියන්නම් )
    මේ කිසිම ආහාරයක Nutrition අනුපාත ගැන වචනයක් වත් කියල නෑ. පොල් සම්බෝල හට්ටිය අරගෙන ගිලගෙන ගිලහෙන යන්න තමා තියෙන්නෙ.
    🙃

    සාරාංශයක් විදියට කියන්න තියෙන්නෙ කිසිම හොයා බැලීමක් , නියාමනයක් නැතුව හිතූ හිතූ දේවල් ටිකක් Keto diet කියන එකට එකතු කරල, වන්නකු කියල නමකුත් දාගෙන මිනිස්සුත් නොමග යවනව කියල තමයි.
    අනෙක් වැදගත්ම කාරණාව තමයි මේ ක්‍රමය ගැන කිසිම scientific research එකක් මේ වෙනකොට පල වෙලා නෑ. Keto diet / intermittent fasting ගැන ඕනෑතර්ම් research තියෙනව. නමුත් වන්නකු diet එක භාවිතා කරන්නෙ අපේ ලංකාවෙ අති බුද්ධිමත් ජනතාව විතරයි. ලෝකෙටමත් එකයි.
    ඉතින් ඩයට් එක තව කෙනෙක්ට නිර්දේශ කරන්න කලින් ඒ ජනතා නියැදිය ගැන research එකක් කරල බලන්නවත් එතුමා සමත් වෙලා නෑ.
    ඉතින් clinical evidence කියල අපට ගන්න තියෙන්නෙ Standard keto diet / Intermittent fasting ගැන තියෙන research සහ දත්ත. නමුත් වන්නකු කියන්නෙ standard keto ඩයට් එක වත් නෙමෙයි.
    3)
    🔥
    Keto diet සහ ශරීරයේ මේද තැන්පතු
    දැනට ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය විසින් හොයාගෙන තියෙන දත්ත අනූව Keto diet කියන්න ශරීරයේ අහිතකර මේද තැන්පතු වැඩි කරන ප්‍රබල සාධකයක්. මේකට හේතුව තමයි මේ ඩයට් එකේ සෑහෙන මේදය අඩංගු වීම.
    වන්නකු ඩයට් එකේ මේද වර්ග වලට නිර්දේශ කරල තියෙන්නෙම අධික සංතෘප්ත මේදය තියෙන කෑම. ( බටර් , ඌරු මස්, මීකිරි , පොල් තෙල්). දිගු කාලයක් , වැඩි ප්‍රමාණ වලින් මේ කෑම ගත්ත්ම ශරීරයේ කොලෙස්ටෙරෝල් මට්ටම් සෑගෙන ඉහල යනව. මෙයිනුත් අහිතකර කොලෙස්ටරෝල් වන LDL මට්ටම් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් සෑහෙන වැඩි වෙනවා.
    මේ අහිතකර මේද තැන්පතු තමයි පසු කාලීනව හෘදයාබාධ , සහ අංශභාග තත්වයන් සදහා හේතු වෙන්නෙ. මේ කියන වන්නකු තුමා කිසිම වගකීමක් නැතුව මේ LDL මට්ටම් වැඩි වෙන එක ප්‍රශ්නයක් නෑ කියලා බොහෝ තැන්වල කියනවා. ( එයාගෙත් LDL 300යි ලු ) . මේක ඉතාමත්ම භයානක තත්වයක්. මෙතුමගෙ clients ලා දාලා තිබ්බ ගොඩක් රිපෝට් වල මේ LDL අගය වැඩියි. ( ඩයට් එකේ ප්‍රතිවිපාක )
    කලින් මම කියපු ඇමරිකාවේ Harverd විශ්ව විද්‍යාලය එයාලා මේ සම්බන්ධව කරල තිබුන සියලු පරීක්ශණ මේ අප්‍රෙල් මාසයේදී යාවත්කාලීන කලා. ketogenic diet දිගු කාලයක් follow කරපු විවිධාකාර ජනවර්ග වලට අයත් මිනිසුන් 20000 ක් පමන යොදාගෙන අවුරුදු 17ක් විතර කාලයක් එයාලව follow up කරලා කරපු පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා 91% කටත් වඩා වැඩි පිරිසකට පසු කාලීනව හදවත් රෝග වැලදුනු බව. සහ 66% කටත් වඩා පිරිසක් හදවත් අකර්මන්‍යතා සහ අංශභාග තත්ව වලින් මිය ගිය බව. එම නිසා මේ ඩයට් එක කිසිම වෙලාවක එයාලා recommend කරන්නෙ නෑ. කොටින්ම කීව්වොත් මගේ වෛද්‍ය ජීවිතේදි පවා දැකල තියෙනවා මෙහෙම ඩයට් කරපු මිනිසුන් හාට් ඇටෑක් සමග රෝහල් ගත වෙනවා. ඒ නිසා මේක ඔයාලා හිතන තරම් සරල සෙල්ලමක් නෙමෙයි.
    පහල් ලින්ක් වල තියෙන්නෙ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් ඉදිරිපත් කරපු දත්ත වල සාරාංශය. ඒ වගේම තව ප්‍රකාශන කීපයක්ම මම දාලා ඇති.
    a) https://newsroom.heart.org/.../8-hour-time-restricted...
    b) https://www.acc.org/.../Keto-Like-Diet-May-Be-Linked-to...
    c) https://www.sciencedirect.com/.../pii/S0146280624000410
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    4)
    🔥
    Keto diet සහ දියවැඩියාව
    බොහෝ දෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නය තමයි මේක. බොහෝ දෙනෙක් කියල තිබ්බ වන්නකු ඩයට් එක නිසා දියවැඩියාවට බෙහෙත් බොන එක නැවතුනා කියලා. දිය වැඩියාව කියල කියන්නෙ ඉතා පුළුල් මාතෘකාවක්. ඒ ගැන කියන්න අපේ රටේ මට වඩා දක්ශ වෛද්‍යවරු ඕනෑතර්ම් ඉන්නවා.
    කලින් මම කිව්ව වගේ keto diet එකේ කොටසක් විදියට කාබෝහයිඩ්‍රේට අඩුවෙන් භාවිතා කරනව අපේ ශරීරය ලිපිඩ දහනය කරන පැත්තට ලේසියෙන් තල්ලු කරන්න. ඒකෙ අතුරු ප්‍රතිඵලයක් විදියට අපේ ශරීරයට කැලරි විදියට ලැබෙන ග්ලූකෝස් ප්‍රමාණය අඩු වෙනවා. එහෙම උනාම නිරන්තරෙන්ම රුධිරයේ සීනි මට්ටම අඩු වෙනවා. මේක තමයි අපි ලේ රිපෝට් වල සීනී නෝමල් වෙලා කියලා දකින්නෙ. දිගුකාලීනව මේ ඩයට් එකේ ඉද්දි බර අඩු වෙනවා. ඒක ඇත්ත. බර අඩු වෙනකොට අපේ ශරීරයේ Insulin වලට තියෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. යම් කෙනෙක් පූර්ව දියවැඩියා තත්වයේ ඉන්නවානම් මේ වෙද්දි එයාලට පුලුවන් ඒ තත්වයෙන් මිදෙන්න. ඒක තමයි බොහෝදෙනා කියන්නෙ දියවැඩියාව හොද වුනා කියල.
    වන්නකු තුමා විතරක් නෙමෙයි. ඕනම දියවැඩියා සායනයකට ගියොත් හැමෝම උප්දෙස් දෙනව සීනී කෑම අඩු කරන්න, පිටි කෑම අඩු කරන්න කියල. ඒක එදා ඉදල හැමදාම වමාර වමාර කියන දෙයක්. ( වන්නකු තුමා හිතන් ඉන්නෙ එයා තමා ඒක හොයාගත්තෙ කියල ) වෙනමම dietician ලා පවා සායන වල ඉන්නව ඒ සම්බන්ධව උපදෙස් දෙන්න. ඒත් අපේ බුද්ධිමත් රැල කනකට ගන්නෙ නෑ. ලෝකෙ තියෙන හැම ජරාවම කාලා කාලා ක්ලිනික් ඇවිත් කියනවා සීනි අඩු නෑ ඩොක්ට මොනාහරි කරන්න කියල. නමුත් වන්නකු වගේ කෙනෙක් මොකක් හරි ක්‍රමයක් අස්සට ඒකම දාලා දුන්නම හාමතේ හරි ඉදලා ඒක කරනව.
    එක් මහත්මයෙක් කියල තිබුනා ඒ සම්බධව තියෙන සාක්ශියක් යොදවන්න කියල, ඒ කරපු පරීක්ශනයේ ප්‍රතිපලත් පහලින් දාලා තියෙනවා
    https://nutrition.bmj.com/.../01/10/bmjnph-2022-000544...
    මේ දත්ත වලින් කියන්නේම අපි හැමදාම කිලින්ක් එකේ කියන සිනී අඩුවෙන් කාපු පිටි අඩුවෙන් කාපු මිනිස්සුන්ගෙ දියවැඩියා මට්ටම් අඩු වෙච්ච ආකාරය. නැතුව keto හෝ වන්නකු අනුගමනය කරපු අය ගැන නෙමෙයි. වන්නකු තුමා දියවැඩියාව හොද කරනව කියන එක අමුම අමු මුලාවක්. මේ ක්‍රම එදා ඉදලම ලෝකයේ තිබ්බ දේවල්.
    දියවැඩියාව ගැන තවදුරටත් කතා කලොත් දියවැඩියා තත්ව වර්ග ගණනාවක් තියෙනවා. සමහරු ඉන්නවා Type 1 දියවැඩියාව තියෙන අය. මෙයාලගෙ සීනී පාලනය නොවෙන්න හේතුව උපතින්ම එයාලගෙ ශරීරයේ ඉන්සියුලින් හෝමෝනය නැති එක මිසක් පාලනය කරගන්න බැරි තරම් වැඩිපුර සීනී, ලේ වල තියෙන එක නෙමෙයි. මෙයාලව මොනම ඩයට් එකකින් වත් හොද කරන්න බැ. මෙයාලා අනිවාර්‍යන්ම ඉන්සියුලින් ගන්න ඕන. මේ වගේ ඉන්සියුලින් ගන්න කෙනෙක් වන්නකු ඩයට් එක කරන එක ගොඩාක් භයානකයි. ඉන්සියුලින් අරගෙන පැය 16 ක් වගේ කාලයක් fasting ඉන්නවනම් අනිවාර්‍යෙන්ම ලේ වල සීනී මට්ටම ඉතා භයානක විදියට අඩු වෙන්න පුලුවන්. මේකෙන් මරණය පවා ඇතිවෙන්න පුලුවන්.
    5)
    🔥
    වන්නකු සහ කාබෝහයිඩ්‍රේට
    මේ ගැන මම කලින් පොඩ්ඩක් කිව්වා.
    "ධාන්‍ය වර්ග , ඇට වර්ග , ඕට්ස් ඕනම නෑ " කියල තමයි මෙතුමා ඩයට් එක පටන් ගන්නෙම.
    කාබෝහයිඩ්‍රේට කියන දේ තමයි අර මම කලින් කියපු ග්ලූකෝස් බවට පත්වෙන්නෙ. ග්ලූකෝස් කියන්නෙ අපේ ශරීරයේ ප්‍රධානම ශක්ති ප්‍රභවය. අපේ දෛනික ග්ලූකෝස් අවශයතාවයෙන් 50% කටත් වඩා ප්‍රයෝජනයට ගන්නෙ අපේ මොළය. ඒ නිසා පිශ්ටය , එහෙම නැතිනම් කාබෝහයිඩ්‍රේට කියන්නෙ අපේ සිරුරට අත්‍යාවශ්‍ය දෙයක් මිසක් වස නමෙයි.
    ධාන්‍ය, ඇට වර්ග සහ ඕට්ස් කියන්නෙම low glycemic index එකක් තියෙන හොද කාබෝහයිඩ්‍රේට ප්‍රභවයන්. ඒ කියන්නෙ අපේ ඇග insulin surge එකකට යන්න නොදී අවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණය ලබාදෙන්න හොදම දේවල් තමයි මේ. සරල විදියට කියනවනම් දියවැඩියා තත්වයට යන්න නොදී smooth ලෙස සිරුරට අවශ්‍ය කරන ග්ලූකෝස් ටික ලබාදෙන්න මේ කෑම ගොඩාක් යොදාගන්නවා.
    අනෙක් වැදගත්ම දේ තමයි වන්නකු වගේ ගොඩක් ලිපිඩ තියෙන ඩයට් අනුගමනය කරන කෙනෙක් නොදැනුවත්ව කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය සීමාව ඉක්මවා අඩු ක‍රලා ගියොත් ආයෙමත් ඉතා භයානක සෞඛ්‍යය තත්ව ඇතිවෙන්න පුලුවන්. අපි වෛද්‍ය විද්‍යාවේදි මේක හදුන්වන්නෙ ' keto acidosis ' කියල. ඒ කියන්නෙ සිරුර පාලනය කරගන්න බැරි තර්ම් ketosis ලෙවල් එකකට යන එක. මේක නිසා ආයෙ යතා තත්වයට පත් නොවෙන කෝමා තත්ව පවා ඇතිවෙන්න පුලුවන්. එහෙම වෙච්ච අය මම පුද්ගලිකව දැකලත් තියෙනව.
    ඒ සම්බන්ද පරීක්ෂණ වාර්තා
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7220017/....
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7364458/
    6)
    🔥
    වන්නකු සමග බඩේ ගෑස් හොද කරගමු .
    🙃

    මේකත් ඉතා ජනප්‍රියයි. ගස්ට්‍රයිටිස් හොද කරගත්ත ගොඩක් අය ඉන්න පාටයි. ගැස්ට්‍රයිටිස් කියල සරලව කියන්නෙ අපේ ආමාශයේ ඇතුල් බිත්තියේ ඇතිවෙන ආසාදන තත්වයකට. මේ තත්වය බොහෝදුරට වැඩි වෙනව අපේ පිලිවෙලක් නැති ආහාර පුරුදු නිසා. Keto diet එකක ඉන්න කෙනෙක් සහ ගැස්ට්‍රයිටිස් අතර direct සම්බන්ධ‍යක් නැති බව තමයි කියන්නෙ. නමුත් ශරීරයේ බර අඩු වීමත් සමග බඩේ තියෙන bloated ගතිය අඩුවෙන්න පුලුවන්. ඒ වගේම කෙටි කාලීනව මම කලින් කියපු ආමාශ බිත්තියේ තියෙන ආසාදන ගතිය සමනය වෙන්න පුලුවන්. බොහෝදුරට මේක කෙටිකාලීන ප්‍රතිඵලයක්. මේ ඩයට් එක මගින් දිගු කාලීනව අපේ ආමාශය සහ බඩවැල් වලට බොහෝ බලපෑම් වෙනවා.
    අධික ලිපිඩ සහිත මේ වගේ ඩයට් ක්‍රම දිගුකාලීනව කරද්දි වෙන්න පුලුවන් පලවෙනිම දේ තමයි අපේ බඩවැළ් වල ඉන්න හිතකර බැක්ටීරියා වල තුලිතතාවය නැති වෙන එක. මේක දිගුකාලිනව බඩවැල් ආශ්‍රිත සංකූලතා ඇතිවෙන්න හේතුවෙනවා. අනෙක් දේ තමයි කාලයක් වේ විදියට අධික ලිපිඩ සහිත ආහාර වල ඉන්නකොට අපේ අග්න්‍යාශය සම්බන්දව මරණීය තත්ත්වයන් පවා ඇතිවෙන්න පුලුවන්. වෛද්‍ය විද්‍යාවේදි අපි කියන්නෙ necrotizing pancreatitis කියලා. ඒ සම්බන්ද විද්‍යාත්මක දත්ත මම පහලින් දාලා ඇති.
    වන්නකු තුමා රතු මස් කියන දේ පුදුම විදියට promote කරන්නෙ. රතු මස් , ඒ කියන්නෙ හරක් මස්, එළු මස්, ඌරු මස් කියන දේවල්. මේවා බටහිර රට වලවත් වැඩිපුර භාවිතා කරන්න කියල නිර්දේශ කරන්නෙ නැහැ. මොකද ඉස්කෝලෙ යන ලමයි පවා දන්නව දිගුකාලිනව මේ මස් වර්ග ගත්තම බඩවැල් ආශ්‍රිත පිළිකා හැදෙනවා කියල.
    අදාල දත්ත
    https://www.sciencedirect.com/.../pii/S2667268523000566
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC9876773/
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    7)
    🔥
    වන්නකු ඩයට් සහ බර අඩු වීම
    ඇත්තම කිව්වොත් මේක තමයි වන්නකු තුමාගේ ප්‍රධාන පබ්ලිසිටි මාර්ගය. අපි හැමෝටම ඕන කරන්නෙ බර අඩු කරගෙන ලස්සනට ඉන්න. ඒක බොහොම ලස්සන සහ හොද දෙයක්. කට්ටිය දාලා තිබ්බ කිලෝ 100 ඉදන් 80 දක්වා මාසෙන් දෙකෙන් අඩු කරගත්තා කියල. ෆොටෝස් පවා දාලා තිබ්බනෙ.
    මේ වගේ extreme level ඩයට් එකකින් පොඩි කාලෙකින් බර අඩුවෙනවා, කෙට්ටු වෙනව. ඒක ඇත්ත.
    නමුත් දිගුකාලීනව මේ නිසා සෑහෙන නරක දේවල් වෙනවා. සාමාන්‍යෙන් ශරීරයට හිතකර බර අඩුවීමක් කියල ලෝක සෞාඛ්‍ය සංවිධානයෙන් පවා recommend කරන්නෙ සතියකට කිලෝවකට අඩු බර අඩුවීමක්. එතනින් එහා ඉක්මන් බර අඩුවීම ශරීරයට ගොඩක් අහිතකරයි.
    මේ වගේ දේවල් අන්තිමේදි ඉවරෙ වෙන්නෙ අපේ ශරීරයේ තියෙන ශුද්‍ර පෝශක වර්ග ඔක්කොම නැතිවෙලා, වකුගඩු ආශ්‍රිතව ගල් ඇතිවෙලා, අපේ පරිවෲතීය වේගය අඩපන වෙලා, හෝමෝනමය බැලන්ස් එක අඩපණ වෙලා, අපේ ශරීරයේ තියෙන මාංශපේශී සියල්ල දියවෙලා ගිහිල්ලා. ඔය ඩයට් එක කරල කට්ටිය මෙලෝ පණක් නැතුව සොම්බි වගේ ඉන්නෙ ඒකයි .
    අනික මේ වගේ ඩයට් එකක හැමදාටම ඉන්න බෑ. Lets be realistic!
    ඩයට් එක නවත්තපු ගමන් අර ඉක්මනින් අඩු කරගත්තු බර තිබ්බටත් වඩා වැඩිවෙලා ආපහු දානවා. එහෙම වෙන්නෙ අපේ හෝමෝනමය අසමතුලිත තාවය නිසා. එහෙම වෙච්ච අය කමෙන්ට් කරලා තියෙනවත් මම දැක්කා.
    අදාල පර්‍යේෂණ
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC10048848/
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC9876773/
    ශරීරයේ බර අඩුකරගන්න මේක නැත්තම් මොනාද හොදම ක්‍රම කියලත් කට්ටිය අහලා තිබ්බ. තියෙන හොදම ක්‍රමය ලේසි ක්‍රමයක් නෙමෙයි. ශෝට් කට් නැහැ ඒකට. ඒත් කරන්න අමාරු නෑ. හාමතේ ඉන්න ඕනත් නෑ. තමන් කන දේවල් වල calories count කරන්න. ( වන්නකු තුමා කියනව ඒක කරන්න එපා කියල ) පුලුවන් තරම් Calorie deficit එකක ඉන්න. මේක lifestyle එකක් කරගත්තම කල් යද්දි බර අඩු වෙනවා. ව්‍යායාම කරන්න . අපේ ශරීරයේ core strength එක තමයි වැඩි කරගන්න ඕන. එතකොට බඩ එන්නෙ නෑ. ව්‍යායාම regime එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් මිසක් එකම shedule එක කරා කියල ප්‍රතිඵල ගන්න බැහැ. මේවා මම අමුතුවෙන් කියන්න යන්නෙ නෑ. කාලයක් තිස්සේ ක්‍රමවත් ප්ලෑනක් එක්ක අඩු කරගන්න බර කවදාවත් ඉක්මනින් වැඩි වෙන්නෙ නෑ. අදාල experts ලා ඕන තරම් ඉන්නව. නියමිත පුහුණුවක් ලබපු dieticianලා ලංකාවෙ රෝහල්වල ඉන්නව ඕන තර්ම්. ඕන කරන උපදෙස් ගන්න පුලුවන්.
    😎
    🔥
    වන්නකු සහ body building
    සමාවෙන්න. මට මේක දැකල නම් ඇත්තටම පශ්චත්භාගයෙන්ම හිනා ගියා. දොස්තර කෙනෙක් උන පලියට එයාට dietician ගෙ වැඩේ වත් Personal gym training වැඩේ වත් කරන්න පුලුවන් කමක් නෑ. ඒවට අදාල experts ලා ඕන තර්ම් ඉන්නව අපේ රටේ.
    Athletic body building කියන්නෙ ක්‍රීඩාවක් , ඒ වගේම වෙනමම ආහාර පුරුදු , ව්‍යායාම, අතිරේක දේවල් එක්ක යන බොහොම සංකීර්ණ මාතෘකාවක්. දෙයියනේ කියල ඒ ක්‍රිඩාව විතරයි යන්තම් අපේ රටේ මෙහෙම හරි සුපිරියට කරගෙන යන්නෙ. ඒකටත් පැනල නිකන් වණ කරගන්න එපා.
    මම හිතන්නෙ නෑ මම ඒ ගැන කතා කරන්නවත් සුදුසුයි කියල. මමත් තාම ඒ දේවල් ඉගෙන ගන්න ගමන්. මමත් උපදෙස් ගන්නෙ ඒ සම්බදන්ධව ඉන්න experts ලාගෙන්. ඒ නිසා වන්නකු තුමාගෙ කෑමයි, Gym workout ප්ලෑනුයි කරලා හිතන්නවත් එපා ඔයාලා හිතන ඇග හදාගන්න. ක්ශේත්‍රයට අදාලව ඉන්න expert කෙනෙක්ගෙන් උපදෙස් ගන්න.
    ඉතින් මේ සියල්ලම බැලුවම කියන්න තියෙන්නෙ මේ ක්‍රමයේ සෑහෙන අවධානම් තත්ව තියෙනව කියන එක. මැජික් වගේ Short term ප්‍රතිඵල තියෙනව ඒක ඇත්ත. ඒත් මේ දේවල් අපි ලබාගන්නෙ ජීවිතේ පස්සෙ කාලෙක හාට් ඇටෑක් එක්ක නම්, අංශ භාග එක්ක නම් , තව ලොකු හෝමෝනමය ප්‍රශ්න සහ ලොකු සෞක්‍ය ප්‍රශ්න එක්ක නම් ඒක හොද දෙයක් නෙමෙයි. අනික මේ සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණ වාර්තාවක් කරන්න මෙතුමා හිතලාවත් නෑ.
    🔥
    🔥

    හරි. තව ටිකක් අන්තිමට කියන්න තියෙනවා.
    මේ ටික තමයි වැදගත්ම හරිය.
    මම වන්නකු ක්‍රමය ගැන ප්‍රශ්න කරපු වෙලාවෙ මට ආවෙ ගොඩක් හොද ප්‍රතිචාර නෙමෙයි. මිට කලින් මේ දේවල් ප්‍රශ්න කල අයටත් මේ දේවල් වෙලා තිබ්බා. මෙතුමා පුරුදු විදියටම එතුමාගෙ whatsapp group එකේ ඉන්න දායක සභාව ලවා මට බැන්නා , Fake accounts වලිනුත් ඇව්ල්ලා බැන්නා , තැන් තැන්වල බැන බැන ගිහිල්ලත් තිබ්බා. ඒත් මම බොහොම ඉවසිලිවන්තව මේ පිලිබදව විද්‍යාත්මක දේවල් ප්‍රශ්න කලා, ඒතුමගෙ ක්‍රමය සාර්තකයි නම් ඒ පිලිබදව ඇති විද්‍යාත්මක දත්ත සහ එතුමාට ඒ සම්බන්ධව ඇති සුදුසුකම් පවා ඉතා සුහදව ඇහුවා.
    නමුත් ඉතාම unprofessional විදියට මෙතුමා එතුමාගෙ ක්‍රමය කරගෙනම ගියා. අන්තිමේදී වැඩේ වැරදීගෙන එනකොට block කරලත් දාලා මාව.
    😂

    එහෙමත් කරලා ආයෙම එතුමගෙ fake account වලින් ඇවිත් බනිනව. හරිනම් මම මේවට social media bulling යටතේ complain පවා කරන්න ඕන. ඒත් මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒත් මම ඒවට අදාල දේවල් මේ පෝස්ටුවේ පලකරනව.
    මෙතුමාට මේ ක්‍රමය ගැන සාදාරණ විශ්වාසයක් තියෙනව නම් හරිනම් කරන්න ඕන එතුමගෙ ක්‍රමය අනුගමනය කරපු පිරිස එකතු කරලා විද්‍යාත්මකව පරීක්ශනයක් කරල බලන එක. Retrospective cohort study එකක් වගේ තමයි කරන්න වෙන්නෙ. එහෙම කරල බලන්න. ආස හිතෙයි.. Group එකේ තියෙන පින්තූර සහ කතා කියන්නෙ විද්‍යාත්මක දත්ත නෙමෙයි. ක්‍රමය හරි ගියේ නැති අයත් ඕන තරම් ඉන්නවා ඒ group එකේම.
    ඒ කෙසේ වෙතත් මෙතුමා කිසිම ලැජ්ජාවක් නැතුව තැන් තැන්වල චැනලින් දාගෙන , එයාටවත් පැහැදිලි කරගන්න බැරි වැරදි ක්‍රම හැමතැනම Professional Level එකෙන් පතුරවනවා. ඒ ගැන ප්‍රශ්න කරන්න ඉඩ දෙන්නෙත් නෑ. මේක ඉතාම භයානක තත්වයක්. මේක patient safety සම්බන්ධව බරපතල ගැටලු මතුකරන ප්‍රශ්නයක්. ඒ නිසා වගකිවයුතු තැන් ( Sri Lanka Medical council, Sri Lanka medical association , Sri Lanka society of Endocrinologists, Collage of physicians) මේ පිලිබදව අවධානය යොමු කරන්න. මේ ඩයට් ක්‍රම කිසිවක් පවතින guidelines අනූව recommend කරන්න පුලුවන් දේවල් නෙමෙයි. සහ මේ දේවල් එන්නෙ පවතින guidelines යටතේම වැඩ කරන්න ඕන medical practitioner කෙනෙක්ගෙන්.
    ලංකාව කියන්නෙ ධම්මික පැණිය පස්සෙ පවා වැදගෙන ගිය මිනිස්සු ඉන්න රටක්.
    ඒ විතරක් නෙමෙයි ධම්මික පැණියට රාජ්‍ය අනුග්‍රගය පවා ලැබිච්ච රටක්. ඉතින් මේ වගේ දේවල් මිනිස්සු කිසිම හෙවිල්ලක් බැලිලක් නැතුව ගිහින් වැලදගන්නවා. එහෙම කරගෙන අන්තිමේදී වැඩ වණ කරගත්තම ඒවා කරන්න කියපු කෙනෙකුත් නෑ.
    ඒ නිසා බැන්නට කමක් නෑ, කට්ටිය දැනුවත් වෙන්න. මට කොහොමත් මේ ප්‍රයත්නයෙන් පුද්ගලිකව ගන්න ලාභයක් නෑ. මේක ලියන්න මගේ කාලය ගියා. ඒත් කවුරුහරි මේක කරන්න ඕන. ඒ නිසයි මම ලිව්වෙ.

    වෛද්‍ය එරන්ද රණසිංහ ආරච්චි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,914
    2
    54,599
    113
    4)
    🔥
    Keto diet සහ දියවැඩියාව

    වන්නාකු කීටෝ කැල්කියුලේටර් අහවල් දෙයක්

    IF කළා නං ඇති බර අඩු කරගන්න :lol:

    7)
    🔥
    වන්නකු ඩයට් සහ බර අඩු වීම
    ඇත්තම කිව්වොත් මේක තමයි වන්නකු තුමාගේ ප්‍රධාන පබ්ලිසිටි මාර්ගය. අපි හැමෝටම ඕන කරන්නෙ බර අඩු කරගෙන ලස්සනට ඉන්න. ඒක බොහොම ලස්සන සහ හොද දෙයක්. කට්ටිය දාලා තිබ්බ කිලෝ 100 ඉදන් 80 දක්වා මාසෙන් දෙකෙන් අඩු කරගත්තා කියල. ෆොටෝස් පවා දාලා තිබ්බනෙ.
    මේ වගේ extreme level ඩයට් එකකින් පොඩි කාලෙකින් බර අඩුවෙනවා, කෙට්ටු වෙනව. ඒක ඇත්ත.
    නමුත් දිගුකාලීනව මේ නිසා සෑහෙන නරක දේවල් වෙනවා. සාමාන්‍යෙන් ශරීරයට හිතකර බර අඩුවීමක් කියල ලෝක සෞාඛ්‍ය සංවිධානයෙන් පවා recommend කරන්නෙ සතියකට කිලෝවකට අඩු බර අඩුවීමක්. එතනින් එහා ඉක්මන් බර අඩුවීම ශරීරයට ගොඩක් අහිතකරයි.
    මේ වගේ දේවල් අන්තිමේදි ඉවරෙ වෙන්නෙ අපේ ශරීරයේ තියෙන ශුද්‍ර පෝශක වර්ග ඔක්කොම නැතිවෙලා, වකුගඩු ආශ්‍රිතව ගල් ඇතිවෙලා, අපේ පරිවෲතීය වේගය අඩපන වෙලා, හෝමෝනමය බැලන්ස් එක අඩපණ වෙලා, අපේ ශරීරයේ තියෙන මාංශපේශී සියල්ල දියවෙලා ගිහිල්ලා. ඔය ඩයට් එක කරල කට්ටිය මෙලෝ පණක් නැතුව සොම්බි වගේ ඉන්නෙ ඒකයි .
    අනික මේ වගේ ඩයට් එකක හැමදාටම ඉන්න බෑ. Lets be realistic!

    කීටෝ නං කරලම නෑ IF 2017 12:12 පටන් ගත්ත එක 2020-2021 වගේ ඉඳල මේ වෙනකම් දිගටම කරනව අවම 20:4, උපරිම 23:1.

    මොකුත් අවුලක් නෑ.
    ------ Post added on Apr 25, 2024 at 4:54 PM
     
    • Love
    Reactions: meeka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,914
    2
    54,599
    113


    කැනේඩියානුවෙක්ම තමා ෆාස්ටිං ලොකුවටම ප්‍රොමෝට් කරන්නෙත් දූපතේ උන් (වන්නාකු) කරන්නෙ මිනිහ කොපි කරන එක :lol:

    https://en.wikipedia.org/wiki/Jason_Fung

    https://www.dietdoctor.com/authors/dr-jason-fung-m-d

    https://www.dietdoctor.com/intermittent-fasting/questions-and-answers

    ලංකාවෙ පිස්සෝ වාද කරගන්න ඒව බලල දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් බැරියැ
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ලංකාවෙ පිස්සෝ වාද කරගන්න ඒව බලල දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් බැරියැ

    eka nam aththa... dayaka sabawal ekka enne wali walata :ROFLMAO:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372
    113
    වන්නාකු කීටෝ කැල්කියුලේටර් අහවල් දෙයක්

    IF කළා නං ඇති බර අඩු කරගන්න :lol:



    කීටෝ නං කරලම නෑ IF 2017 12:12 පටන් ගත්ත එක 2020-2021 වගේ ඉඳල මේ වෙනකම් දිගටම කරනව අවම 20:4, උපරිම 23:1.

    මොකුත් අවුලක් නෑ.
    ------ Post added on Apr 25, 2024 at 4:54 PM
    me gena wisthara tikak kiyapanko
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,914
    2
    54,599
    113
    me gena wisthara tikak kiyapanko

    ඔය මම දාල තියෙන ලින්ක් එකේ තියෙන පොත් දෙක කියවන්න (epub)

    The code series by Dr. Jason Fung

    Download Link:

    https://workupload.com/file/UFV6NUMGCKs

    Harness the power of intermittent fasting for lasting weight loss.

    Understand the science of weight gain and insulin resistance.

    Stop suffering and ditch calorie counting, yoyo diets, and excessive exercise.


    In this highly readable book, Dr. Jason Fung, long considered the founder of intermittent fasting, sets out an original theory of obesity and weight gain. He reveals that everything you've been told about how to lose weight is wrong: weight gain is driven by hormones, and only by understanding the effects of insulin and insulin resistance can we achieve lasting weight loss.

    Dr. Fung shares five basic steps to controlling your insulin for better health.

    And he explains how to use intermittent fasting to break the cycle of insulin resistance and reach a healthy weight—permanently.
     
    • Like
    Reactions: Tyrion_Lannister

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,818
    2,718
    113
    හොඳ කෑලිත් අදිනවා. :D
    මේක නම් මට සිරාවටම හිතිලා තියෙනවා. මු ගහනවා ඇති එකසියගානකට ඕකෙන් සෙට් කරගෙන
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මු ලස්සන කෑළි දාන FB කමෙන්ට් වලට රිප්ලයි දානවා. කැරිම කට්ට බඩු කාරයෙක් වගේ. ඔය පපුව පෙන්වලා ෆොටෝ දාන පිරිමි ගොඩක් අය බඩු කාරයෝ කියලා අහලා තියෙනවා.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ඌ ඩොක්ට කෙනෙක් නෙමේනෙ. ඌ අතින් දාගත්ත කෑල්ලක් ඔය ඩොක්ට කියන එක. ඌ medical සම්බන්ද කිසිම දෙයක් ඉගෙනගෙන නෑ නෙට් එකෙන් බලන් අනික් පැත්තට කියවන එක විතරයි කරන්නෙ
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඉතින් යකො ලන්කාවෙ කී දෙනාටද ඉන්ග්‍රිසි තෙරෙන්නෙ ඔය යුටුයුබ් වල ඒවා දැන ගන්න. ඉතින් ඒවා සින්හලෙන් උගෙ දොස්තර දනුම පාවිච්චි කරලා ලන්කාවෙ මිනිස්සුන්ට තේරෙන්න දාන එක හොන්දයි නේ.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ඉතින් යකො ලන්කාවෙ කී දෙනාටද ඉන්ග්‍රිසි තෙරෙන්නෙ ඔය යුටුයුබ් වල ඒවා දැන ගන්න. ඉතින් ඒවා සින්හලෙන් උගෙ දොස්තර දනුම පාවිච්චි කරලා ලන්කාවෙ මිනිස්සුන්ට තේරෙන්න දාන එක හොන්දයි නේ.
    ඌ ඩොක්ට කෙනෙක් නෙමේ බන්. ඌ ඉංග්‍රීසි දන්න එක විතරයි වෙනස