වනාතවිල්ලුව

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මේ 2019 ජනවාරි 28 පත්තරේක ගිහිපු එකක්. ඒ අවස්ථාවේදි මීට වඩා පරීක්ෂණ කටයුතු කළා නම්....
    https://www.lakbima.lk/index.php/special-news/wanathavilluwa-bomb


    වනාතවිල්ලුව අන්තවාදීන්ගේ කඳවුර පන්සල්වලට ගහන්න බෝම්බ හැදූ තැනද?

    Budda-praharaya.jpg


    402adda0_31234_P_1_mr-768x391.jpg


    032.png


    023.png


    මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදුපිළිමවලට හානි කිරීම ගැන කතාබහ ඇති වූයේ මීට ටික දිනකට කලිනි. එය හුදෙකලා සිද්ධියක් බව මුලින් උපකල්පනය කළද, දැන් හෙළි වී ඇත්තේ, එය මහා විනාශයක පෙර නිමිත්තක් බවය. එහෙත් එම විනාශය ගැන තොරතුරු හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වීම හේතුවෙන් මහා විනාශයක් වැළකී ගියේය. ඒ, බුදුපිළිම කැඩූ සැකකරුවන් සොයන්නට ගිය ‍පොලීසිය, සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය ඇතුළු අවිආයුධ රැසක් සොයා ගැනීමත් සමඟිනි. ඒ සියල්ල එකිනෙකින් වෙන්වුණු සිද්ධීන් යැයි සිතන්නට කිසිවෙකුට හැකිවුවත්, ඒ සියල්ල එකට බැඳුණු ඒවා බව බැලූ බැල්මට පෙනී යන්නේය.

    මතෛක් ආරක්ෂක අංශ විසින් පුපුරන ද්‍රව්‍ය තොග හෝ අවි ගබඩා සොයා ගත්තේ, එක්කෝ යුද සමයේදී එල්ටීටීඊය විසින් ඒවා සඟවා තිබියදීය. නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ කැරලි ඇති වූ සමයේදීය. එහෙත් මේ පුපුරන ද්‍රව්‍ය තොග ‍පොලීසිය විසින් සොයා ගනු ලබන්නේ, ඒ කිසිවක් නොමැති පරිසරයක් තුළදීය. මෙම කතාවේ තවත් පැත්තක් අනාවරණය කර ගැනීමට ‍පොලීසියට හැකිවූයේ ඉකුත් සතිය ආරම්භයේදීමය. ඒ, බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට සැකකරන පුද්ගලයන් දෙදෙනාගේ පියා ජීවත්ව සිටි නිවස වැටලූ අවස්ථාවේදීය.

    මාවනැල්ල, හිඟුලවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නිවස ඉකුත් සඳුදා රාත්‍රියේදී මාවනැල්ල ‍පොලීසියේ සහ කෑගල්ල කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වටලනු ලබන්නේ, බුදුපිළිමවලට හානිකළ අයියාමලෝ දෙදෙනා ගැන හෝඩුවාවක් සොයා ගන්නටය. ඒ, කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුවය. එහෙත් ‍පොලීසිය එහි යන අවස්ථාවේදී සැකකරුවන් තබා, වෙනත් කිසිවෙකු හෝ නිවසේ සිටියේ නැත. නමුත් එම නිවසේ තිබි, තවත් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නට ‍පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබිණි. දෙමහල් නිවසක් වන මෙම නිවසෙන් සොයා ගත් අවි ආයුධ ඇතුළු පුපුරන ද්‍රව්‍ය සඟවා තිබුණේ නිවසේ උඩුමහ‍ලේය. ‍පොලීසිය පවසන්නේ උඩුමහ‍ලේ එක් කාමරයක වීඩියෝ කැමරාවක් සවිකර, ඒ තුළට විදුලි බුබුළු රැසක් ද සවිකර තිබූ බවයි. කුමන වර්ගයකට අයත් දැයි මතෛක් හඳුනා නොගත් පුපුරන ද්‍රව්‍ය තොගයක් අඩංගු පාර්සලයක්, පණිවුඩ හුවමාරු යන්ත්‍ර දෙකක්, කුළු ගෙඩියක්, වක් පිහියක්, වායු රයිෆලයක්, සහ එම උණ්ඩ පිරවූ ටින් තුනක්, කළු පැහැ මුහුණු ආවරණ දෙකක්, අත්වැසුම් කට්ටල තුනක්, ඉස්කුරුප්පු නියන් කට්ටලයක්, සංයුක්ත තැටි දෙසීය හතළිහක්, ලැප්ටොප් පරිගණක දෙකක්, නවීන පන්නයේ දුරකථන දෙකක්, පෙන්ඩ්‍රයිව් පහක් සහ වීඩියෝ කැමරාවක් ද මෙම අවිආයුධ තොගය අතර වූයේය.

    ඊට අමතරව පුද්ගලයන් දහතුන් දෙනෙකුගේ නම් ඇතුළත් ‍ලේඛනයක්ද නිවසේ තිබි සොයාගන්නට ‍පොලීසියට හැකියාව ලැබිණි. මේ සියලු සිද්ධීන් එකකට එකක් ඈඳෙන බව පෙනෙන්නේ, ‍ලේඛනයේ සඳහන් නම් දහතුනෙන් හත්දෙනෙකු බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙන පුද්ගලයන් වන නිසා ය.

    මේ, බුදුපිළිමවලට හානි කළ පුද්ගලයන් සොයා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට මෙම සිද්ධිය පිළිබඳ ‍පොලිස්පති නියමයෙන් පරීක්ෂණ භාර කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. එම දෙපාර්තමේන්තුව භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රවී සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙය වීමෙන් ‍පොලිස් නිලධාරීහු දැනට අල්ලාගෙන සිටින සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළෝය. එහිදී හෙළි වූයේ, මහා විනාශයක සුලමුලය. ඉකුත් දහසය වැනිදා ද, පලාගිය සැකකරුවන් සොයන්නට ගොස් පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග තවත් පිරිසක් අත්අඩංගුවට ගන්නට රහස් ‍පොලීසියට හා විශේෂ කාර්ය බළකායට හැකිවිය.

    ඒ, පුත්තලම, වනාතවිල්ලුව, පුබුදුගම, ලැක්ටෝහවුස් ‍පොල්වත්තේදීය. රහස් ‍පොලීසියට මුලින් තොරතුරු ලැබුණේ, මාවනැල්ල, හිඟුල, දෙල්ගහගොඩ පදිංචි එකම පවු‍ලේ සහෝදරයන් වන ඊබ්‍රාහිම් සාෆික් සහ ඊබ්‍රාහිම් සාදික් යන සැකකරුවන් පලාවිත් පුත්තලම මන්නාරම් පාරේ තෙවන පටුමගේ පදිංචි මොහොමඩ් මුජීස් සමග සැඟවී සිටින බවය. පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝහවුස් ‍පොල්වත්තේ සැකකටයුතු පිරිසක් සිටින බවට ද තොරතුරු ලැබුණේ මේ අතරේදීය.

    ලැක්ටෝහවුස් ‍පොල්වත්තේ හිමිකරු අබු හනිෆාය. ඔහු මේ වෙද්දී මියගොස් ඇති බැවින් දැන් එහි හිමිකරුවන් වෙන්නේ, ඔහුගේ දියණියන් දෙදෙනා සහ පුතුය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි මොහොමඩ් මුජීස් නැමැත්තා මේ ඉඩමේ කුකුළු ගොවිපළක් පවත්වාගෙන යමින් සිටියේය. කුකුළු ගොවිපළ අයිති වූයේ මුජීස්ගේ සොහොයුරියට වුව ද, එය පවත්වාගෙන ගියේ මුජීස් විසිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පුත්තලම ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව මෙම කුකුළු ගොවිපළ ඉකුත් 16 දා රාත්‍රියේ වටලන්නේ, බුදුපිළිම කැඩූ සැකකරුවන් එහි සැඟව සිටීදැයි සොයා බලන්නටය. සැකකරුවන් එහි සිටියේද නැත. එහෙත්, මුජීස් සමඟ පුත්තලම මන්නාරම පාරේ පදිංචිව සිටි මොහොමඩ් පස්රීන්, මොහොමඩ් ෆොවීන්, හා පුත්තලම වාන පාරේ පදිංචි මොහොමඩ් හමාස් යන තිදෙනා එහි වූහ. පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නට ‍පොලීසියට හැකි වෙන්නේ, ඒ තිදෙනාගෙන් ප්‍රශ්න කරමින් සිටියදීය.
    Budda-praharaya1.jpg


    මේ පුපුරන ද්‍රව්‍ය තොග සඟවා තිබුණේ, මුර‍පොළක් වැනි කුඩා කාමරයක මීටර විස්සක පමණ දුරින් වළලා තිබූ නිල් පැහැ ප්ලාස්ටික් බැරල් තුනක ය. ‍පොටෑසියම් නයිට්‍රේට් වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හැත්තෑ පහක්, නයිට්‍රික් ඇසිඩ් බූලි හයක්, ඉන්දියාවේ නිෂ්පාදිත විද්‍යුත් නොවන ඩෙටනේටර් අනූනවයක්, බෝර 12 තුවක්කුවක් හා එම උණ්ඩ හතක්, වායු රයිෆලයක් මිලිමීටර 3.8 උණ්ඩ කොපුවල යළි පිරවූ ජීව උණ්ඩ පහක්, ඉලෙක්ටේ‍රානික් පරිපථ දෙකක්, රසදිය ග්‍රෑම් පනහක්, වයර් කනෙක්ටර් විසි අටක්, වයර් අඩි දෙසිය දහයක්, කඳවුරු බැඳීමට ගන්නා ටෙන්ට් රෙදි දෙකක්, ‍පොලි ඔටෝමැටිකල් ටෙන්ට් එකක්, නැව් බඳින කඹ අඩි එකසිය හැත්තෑවක්, විදුලි තරාදියක්, බැටරි දෙකක්, මල්ටි මීටරයක්, ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්, වයිෆයි රවුටරයක්, අරාබි ‍පොත් විස්සක් හා ජංගම දුරකථන හයක් මේ ප්ලාස්ටික් බැරල් තුනේ සඟවා තිබිණි.

    ආයුධ තොග සහිත බැරල හමුවීමත් සමග ‍පොලීසිය සැක කළේ එම ස්ථානය අන්තවාදී තරුණ කණ්ඩායමක් කිසියම් පුහුණුවීමක් සඳහා කළ තැනක්ද කියාය. මේ සා පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම ගැන ‍පොලීසිය සැකකරන්නේ, ඒවා උපයෝගී කර ගෙන මෙම පිරිස මහා ජාතිවාදී ගැටුමකට මුල පුරන්නට උත්සාහ කර ඇති බවය.

    බුදුපිළිම සැකකරුවන්ගේ පියාට අයත් දෙමහල් නිවසේ තිබි තවත් එවැනිම ආයුධ තොගයක් ‍පොලීසිය සොයා ගන්නේ ඒ සැකය වඩාත් තීව්‍ර කරවමිනි. බුදුපිළිමවලට හානිකළ පුද්ගලයන් හත්දෙනා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊට නායකත්වය දුන් බව කියන අයියමලෝ දෙදෙනා ප්‍රදේශය අතහැර පළායන්නෝ ය. ඔවුන් පමණක් නොවේ, ඔවුන්ගේ පියා ඇතුළු පවු‍ලේ සාමාජිකයන් ද සිය දෙමහල් නිවෙස වසා දමා ප්‍රදේශයෙන් පළා ගොස් ඇත්තේ ය. එහෙත් දෙමහල් නිවසේ තිබි පුපුරන ද්‍රව්‍ය තොගයක් හමුවීමත් සමඟ, සැකකරුවන්ගේ පියා වන රෂීඩ් මොහාමඩ් ඊබ්‍රාහිම් නැමැත්තා අත්අඩංගුවට ගන්නට ‍පොලීසියට හැකියාව ලැබිණි. ඒ, නිවෙසින් සොයා ගත් භාණ්ඩ සඟවා තබා ගැනීම සම්බන්ධයෙනි.

    කෙසේ වෙතත්, මේ සැකකාර සොහොයුරන් දෙදෙනා අන්තවාදී ආගමික කල්ලියකට සම්බන්ධ බවට ද ‍පොලීසියට තොරතුරු ලැබි ඇත්තේය. ‍පොලීසිය පවසන්නේ, ඊට අමතරව දෙමහල් නිවසේ තිබි සොයා ගැණුනු පුද්ගල නාම‍ලේඛනයේ සඳහන් ඉතිරි හයදෙනා ද අන්තවාදී ආගමික කල්ලියක සාමාජිකයන් යැයි සිතිය හැකි බවයි. එබැවින් ඔවුන් සම්බන්ධයෙන් ද පුළුල් පරීක්ෂණයක් කරන බව ‍පොලීසිය පවසන්නේ ය.

    මේ අතරේ, ඉකුත් සතියේ අත්අඩංගුවට ගැණුනු සැකකාර පියා රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරන්නට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය කෑගල්ල කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයට අවසර ලබා දී ඇත. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුවය. එමෙන්ම දෙමහල් නිවසේ තිබි අත්අඩංගුවට පත්වූ, රතුපාට ‍පොලිතීන් උරයක ඔතා තිබූ සුදු පැහැ කුඩු වර්ගයක් සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම කුඩු වර්ගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇත.

     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    Update 2019/10/29:sorry::sorry: තර්ජනය තාම ඉවර නෑ වගේ. කලින් වෙච්ච ප්‍රහාරය ට කලිනුත් මේ විදියට වනාතවිල්ලුවෙන් සාක්ෂි හම්බුනා නිසි අවධානය යොමු කරේ නෑ. බලමු මේ සැරේ වත්...සමහර අරාබි රටවලිනුත් දවස් කීපයකට කලින් ට්‍රැවල් අඩ්වයිස් දැම්ම පාස්කු ඉරිදා ප්‍රහාරයට කලින් කරා වගේ
    වනාතවිල්ලුව ලැක්ටෝවත්ත නිවස රස පරීක්ෂකගේ පරීක්ෂාවට

    image_aa0d63c09a.gif


    image_06c680ad6f.gif


    image_73d6a6b5b4.gif


    image_3f98f485ef.gif


    ( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

    වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවසක් තුළ කිසියම් පිරිසක් සිදුකළ රහසිගතව කැණිමක් සම්බන්ධව රජයේ රස පරික්ෂකවරයාගේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ පරික්ෂණයක් අද (29) දින අරඹා තිබුණි.

    වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත නිවසේ අතුළත පොළවේ කොන්ක්‍රිට් තට්ටුව කිසියම් පිරිසක් දින කිපයකට පෙර කඩා එහි අඩි කිපයක් ගැඹුරට කැණීම් සිදුකර තිබිම සම්බන්ධව වනාතවිල්ලුව පොලිසිය මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව හා රජයේ රස පරික්ෂක වරයා දැනුවත් කර තිබුණි.

    ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර රුෂාන් ප්‍රනාන්දු මහතා අද (29) දහවල් අදාල ස්ථානයට පැමිණ පරික්ෂණ ආරම්භ කර තිබුණි. මෙයට සමගාමිව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක්ද මෙම පරික්ෂණ සදහා එක්වි තිබුණි .

    වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙම වසරේ ජනවාරි 16 දින අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සොයා ගෙන තිබු අතර එහිදි සැකකරුවන් සිව් දෙනෙකුද අත් අඩංගුවට ගෙන තිබුණි.

    ඉන් පසුව අවස්ථා කිපයකදී මෙම ඉඩමේ තිබි ගිනි අවි සහ තවත් දෑ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සොයා ගැනිමට සමත් වි තිබුණි.

    මෙම ඉඩම තුළ පසුගිය කාලයේ රටේ දේවස්ථාන තුළ සිදුවු පිපිරිම් සම්බන්ධ යම් ක්‍රියාකාරකම් සිදුව ඇති බවට ආරක්ෂක අංශ මගීන් සනාථ කරගෙන තිබුණි.

    එම පරික්ෂණ වලට අනුව අදාල නාදුනන පිරිස විසින් සිදුකල කැණිම් සම්බන්ධව දිර්ඝ නිරික්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ කණ්ඩායම අරඹා ඇත.

    කෙසේ වෙතත් අදාල නිවස හා අවට පිළිබදව රජයේ රස පරික්ෂක වෙනුවෙන් පැමිනි නිළධාරින් ද පරික්ෂණයක් සිදුකර එහි තිබු ඇතැම් සාම්පල ලබා ගැනිම සිදුවන ආකාරය දැකගත හැකිය. මෙම අවස්ථාවට වනාතවිල්ලුව පොලිසියේ නිළධාරින් සමග පුත්තලම මුලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන නිළධාරින්ද එක්වි සිටිති.
    http://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B7%80-%E0%B6%BD%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83-%E0%B6%BB%E0%B7%83-%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7/1-559603
    http://sinhala.adaderana.lk/news/122593/%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B7%80-%E0%B6%BD%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D-%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A-%E0%B6%9A%E0%B7%85-%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB-%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
     
    Last edited: