අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113




    මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

    පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයා ගැනීමට කටයුතු කළ බවය.

    කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (07) සවස මෙම නිවස සෝදිසි කර ඇති අතර එහිදී එම නිවස තුළ සහ නිවසේ ඉදිරිපිට භූමියේ තිබී මෙම රසායනික ද්‍රව්‍ය තොගය පොලීසිය විසින් සොයා ගෙන ඇත.

    සොයාගත් ප්‍රමාණය සම්බන්ධව මෙතෙක් ගණනය කර නොමැති අතර මෙම ලිපිනය සහිත නිවසද වසා දමා තිබූ පාලු නිවසක් වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය පැවසීය.

    දෙමහල් නිවසක් වූ මෙම නිවස පසුගිය අගෝස්තු මස 11 වැනි දින මසකට රුපියල් 150,000 ක කුළී පදනම මත ලබා ගත් බවත් එම නිවසේ අයිතිකරු පොලීසිය වෙත පවසා තිබේ.

    එමෙන්ම පසුව සැප්තැම්බර් මස 05 වැනි දින එම නිවසේ යතුර දෙමහල් නිවසේ හිමිකරු හට නැවතත් කුළී පදනම මත ලබා ගත් පුද්ගලයා ලබා දී ඇති බවත් එම නිවසේ හිමිකරු පොලීසිය වෙත පවසා ඇත.

    සිද්ධිය සම්බන්ධව මේ වන විට පෑලියගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ස්ථාන පරීක්ෂණය සිදුකරමින් සිදුකරන අතර කළුතර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    It seems that every white stuff became an ingredient in making ICE!

    Pedro Pascal Love GIF by The Uninvited
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    අපේ මාළු ටැන්කියත් අරන් ගියා අයිස් අමු ද්‍රව්‍ය තියනව කියල.

    Whats-App-Image-2025-09-08-at-2-22-07-PM.jpg
    මේ ටැංකිය කීයක් වගේ උනාද බං. මාත් පොඩි එක්කනාට මාලු ටැංකියක් හදන්න කියල ඉන්නෙ.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    බිලියන් ගානක කෙමිකල් ගෙනල්ල ගෙවල් කුලියට අරන් මිදුල් වලයි - පොලොව යටයි දාන් ඉන්නෙ මොකක් හරි ලෙඩක් තියෙන එකෙක් වගෙ!

    මෙටීරියල් ගෙනාපු ගාමන් ඔන එකෙක් කරන්නෙ ප්‍රඩක්ශන් පටන් අරන් මනුෆැක්චරින් පටන් අරන් වැඩෙ ඉවරල කරල සෙල් කරන එක!

    පාන් පිටි ගෙනාවත් එච්චරයි - පරාට කඩ වලට හරි දාගෙන යනවා!

    මොක්කුද බන් මුන්! ලන්කාව මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්! අඩුගානෙ හරියකට කුඩු වත් හදාගන්න බැ නෙ! තොපි මෙකෙ නැව් ප්ලෙන් හදන්න - සෙමිකන්ඩක්ටර් - ෆොන් හින මවනවා! ට්‍රැක්ද!

    මෙවා පටන් ගන්න හදපු හැත්තගෙ ඇස් වලට කලප්ම්ප ගහල ඇරල එක දිගට "නාකොස්" පෙන්නන ඔන සීසන් 4ම. අඩු ගානෙ එස්කොබාර් දිහා බලලවාත් හැදෙයිද බලන්න!
     
    • Love
    • Haha
    Reactions: Asmodeus and NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    දැන් නම් වලලල වටේ යවන සීන් එකක් පෙන්නුම් කරනවා... ඊලගට එකක් දෙකක් රස පරික්ශක වාර්තා එයි වෙන එකක් කියල. පස්සෙ ඇත්ත ඒවත් අරවටම මාරු වෙයි
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    අපේ ගෙදර මැද මිදුලේ දාලා තිබුන සුදු තිරුවානා ගල් ටික ඔක්කොම අයින් කෙරුවා. නැත්තම් හෙට උදේට TV එකේ අපි ගෙදර කට්ටියව ෂුවර් 😛