වනාන්තරයක් ඇති වන්නේ මෙහෙමයි

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    වනාන්තරයක් ඇති වන්නේ මෙහෙමයි

    Sinharaja forest

    sinharaja-forest-reserve.jpg


    392-7-the-sinharaja-forest-reserve.jpg


    1341.jpg



    වගා කරන ලද හේනක් වගා නොකර අත්හැර දැමූ විට එය යම් කිසි කාලයක දී ක‍්‍රමයෙන් වනාන්තරයක් බවට පත් වේ. මෙවැනි බිමක් සම්පූර්ණ තත්වයේ වූ වනාන්තරයක් බවට පත්වීමට සෑහෙන කාලයක් ගතවන අතර, ඒ සඳහා අවස්ථා කිහිපයක්ම පසු කිරීමට ද සිදුවනු ඇත.ප‍්‍රථමයෙන් සිදු වන්නේ එම භූමියේ වාර්ෂික හා ද්වි වාර්ෂික වර්ගවලට අයත් කුඩා පැලෑටි වැඩීමයි. තවත් සුළු කාලයක දී කැකිල්ල ආදී විවිධ පර්ණාංග ශාක ද වැඩෙන අතර මෙවැනි වඩා උස් හා බහුලව පැතිරෙන ශාක වැඩෙන විට කලින් පැතිරී තිබුණු කුඩා ශාක වලින් කොටසක් භූමියෙන් ඉවත්වීම ද සිදු වේ.මේ අතර තවත් කල් ගතවන විට කුඩා පඳුරු ආදිය ද වැඩීමට හටගන්නා අතර, අවසානයේ දී ඒවා එකතු වී ලඳු කැලෑවක් නිර්මාණය වෙයි.

    මේ අතර මෙම ලඳු කැලෑවේ තැනින් තැන විශාල ශාක ද වැඩේ. මේ කි‍්‍රයාදාමයේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ සම්පූර්ණ තත්වයේ වූ වනාන්තරයක් බිහිවීමයි.මෙම වනාන්තරය අදාල ප‍්‍රදේශයේ පවත්නා දේශගුණය හා පසේ ස්වභාවය අනුව නිවර්තන වැසි වනාන්තරයක්, නිවර්තන වියළි වනාන්තරයක්, කඳුකර වනාන්තරයක්, කටු පඳුරු වනාන්තරයක් හෝ වෙනත් ආකාරයක පරිසර පද්ධතියක් හෝ විය හැක.

    මේ අතර මෙම භූමියෙහි ශාකවල ව්‍යාප්තිය හා සමගම ඊට සමගාමීව විවිධ සත්ව විශේෂවල ව්‍යාප්තිය ද සිදු වේ.මුල් අවස්ථාවේ දී කුඩා පැලෑටි ආශ‍්‍රිතව පලිබෝධයන් ඇතුලු විවිධ කෘමි වර්ග හා පණුවන් වැනි සතුන් ඇතිවන අතර ශාක විවිධත්වය හා ශාක ඝනත්වය වැඩිවන විට උභය ජීවී, උරග, පක්ෂී හා ක්ෂීරපායී ආදී සත්ව වර්ග ද ක‍්‍රමයෙන් වැඩෙන වනාන්තරය තම වාසස්ථානය කර ගනිති. මෙසේ ශාක හා සතුන්ගෙන් යුත් සම්පූර්ණ වනාන්තරයක් බිහි වූ පසු මෙතෙක් එම පරිසරයේ සිදුවෙමින් පැවති වෙනස්වීම් මාලාව ද නතර වේ. කිසියම් භූමියක අවසානයෙහි දී මෙවැනි ස්ථාවර තත්වයක් ඇති වූ විට එයට “උත්කර්ෂවත් අවදියක්” යයි කියනු ලැබේ.

    පරිසරයක එකම විශේෂයට අයත් ජීවීන් සියල්ල ගහණයක් ලෙස හැඳින්වෙන අතර ගහණ කිහිපයක් අන්තර් කි‍්‍රයා කරමින් ජීවත්වන විට එයට ප‍්‍රජාවක් යයි කියනු ලැබේ.මුලින් පෘථිවියේ ගොඩබිම ජීවීන් ඇතිවීමේ දී හා විවිධ වනාන්තර ඇතිවීමේ දී පාෂාන තට්ටුවක් ව පැවති පෘථිවි තලයේ පස ද ක‍්‍රමයෙන් නිර්මාණය වෙමින් පාසි හා පර්ණාංග ආදී ශාක වලින් පටන්ගෙන විශාල සංකීර්ණ ගහකොළ හා සතා සිවුපාවුන් සහිත වනාන්තරයක් අවුරුදු කෝටි ගණනක් තිස්සේ විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් ක‍්‍රමයෙන් බිහිවන්නට ඇත. ප‍්‍රථමයෙන් ඇති වී තව දුරටත් පවතින මෙවැනි වනාන්තරයක් ඇතිවීමේ කි‍්‍රයාදාමය “ප‍්‍රාථමික සන්තියක්” ලෙස හැඳින්වේ.

    සිංහරාජ වනාන්තරය ප‍්‍රාථමික සන්තතියට හොඳම උදාහරණයකි.උත්කර්ෂවත් ප‍්‍රජාවක් ඇතිවීම පාලනය වන සීමාකාරී සාධක ද කිහිපයක් ඇත. ආලෝක තීව‍්‍රතාවය පසේ ඇති ඛනිජ ප‍්‍රමාණය හා ජල ප‍්‍රමාණය සහ විවිධ ජීවීන්ගේ කි‍්‍රයා මගින් උත්කර්ෂවත් ප‍්‍රජාවක් ඇතිවීමේ කි‍්‍රයාදාමය වෙනස් කිරීම හා පාලනය කිරීම ද සිදු වේ.
     
    • Like
    Reactions: HareendraS