වනෝද්‍යාන බංගලා

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    වනෝද්‍යාන බංගලා

    ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් අය ඉඩ කඩක් හමුවුනාම යන්නම උත්සහ කරන්නේ බොහොම ස්වභාවික පරිසරයකට. එහෙම නැතිනම් වන සතුන්ගෙන් ගහන වුනු පරිසර පද්ධතියක් ඇතුලට. මේ ගැන කල් තියා හැඳුනුම් කරගත්තු අපේ නිලධාරීන් ජාතික වනෝද්‍යාන ඇතුලේ බොහොම ප්‍රවේසම් කියලා හඳුනා ගත්තු තැන් කිහිපයක සංචාරක බංගලා පිහිටුවන්නට මුලික වුනා.
    අතීතයේ එතරම් පිරිසක් මේවායේ තිබෙන රළු නමුත් සිත්ගන්නා සුළු පහස විඳින්නට මනාප නොවුනත් වර්තමානයේ බොහෝ දෙනෙක් මේ නිකේතන වල තමන්ගේ නිවාඩු කාලය ගෙවන්නට මහත් කැමැත්තක් දක්වනවා.
    කොහොමද මේවා වෙන් කරගන්නේ?
    හොටෙල් එකක් වගේ එක දවසෙන් චෙකින් එකක් දාගන්න නම් තවම දියූණු වෙලා නැතත්, ටික කාලෙකට පෙර තමන් කැමති සංචාරක බංගලාව වෙන් කරගන්නට හැකියාව නම් තිබෙනවා. මෙය ක්‍රම තුනකින් කරන්නට පුළුවන්.
    මොනවද ඒ ක්‍රම තුන?

    1. අන්තර්ජාලය හරහා වෙන් කරගැනීම
    2. දුරකථන මාර්ගයෙන් 1919 ඇමතීම
    3. මේ පහසුකම් දෙක භාවිතාවට අමතරව ඔබට වනජීවී දෙපාර්තමේන්තුව වෙතට යාමෙන් මේ වෙන් කරගැනීම කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඔබට සංචාරක බංගලා වෙන් කරගන්න උවමනා වෙන්නේ ඊළඟ මාසය තුල නම් ඔබ මේ මාසයේ පළමු සතියේ සඳුදා දින එතනට යා යුතු වෙනවා. එහිදී ඔවුන් අංක දිනුම් ඇදීමක් මගින් තෝරා ගන්නා වාසනාවන්තයාට සංචාරක බංගලාව ඉල්ලුම් කිරිමේ අවස්ථාව ලැබෙනවා.
    වර්තමානය වෙනකොට ඒ තරමට ආකර්ෂණයක් මේ සංචාරක බංගලා වෙත ලැබෙමින් පවතිනවා.
    මේ සෑම සංචාරක බංගලාවක් වෙන් කරගන්නා ඔබට රැඳී සිටින කාලය තුල ඔබේ ආරක්ෂාව සහ ගමන් පහසුව උදෙසා මග පෙන්වන්නෙකු සහ බංගලාව තුල පහසුකම් සලසන්නට සේවකයින් දෙදෙනෙකු බැගින් වනජීවී දෙපාර්තමේන්තුව සපයනවා.
    *ඒ වගේම ඔබ මේ දෙයත් සිහි තබගතයුතුයි. අපි යොදා ඇති මිල ගණන් කිසිම දැනුම් දීමකින් තොරව වෙනස් වෙන්නට පුළුවන් වගේම, නිවස්නයේ සේවකයින්ගේ ප්‍රමාණයද වෙනස් වෙන්නටත් පුළුවන්.
    මොනවද එහෙම වෙන් කරගන්නට හැකි නිවාඩු නිකේතන?

    යාල වනෝද්‍යානය

    1. වරහන සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-01.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 10 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 8008.00
      දින 2කට අය කිරීම : රු 14504.00
      දින 3කට අය කිරීම : රු 21000.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : සැප්තැම්බර් – නොවැම්බර් හැරෙන්න වසරේ ඕනෑම කාලයක්.
    • පහසුකම් :
      නිකේතනයට සහ වනෝද්‍යාන තුල ගමන් සඳහා මග පෙන්වන්නෙකු සපයයි.
      අමතර සේවකයින් ගණන : 2
      ඔවුන් නිකේතනයට යාබද නිවස්නයක සිටිති.
    • දකින්නට හැකි සතුන් :
      තිත් මුවා, වල් ඌරා, කුළු මීමුන්, කිඹුලන්, අලි, උකුස්සන් හාවන් සහ කැලෑ නරි.

    2. තල්ගස්මංකඩ සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-02.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 10 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 5768.00
      දින 2කට අය කිරීම : රු 10024.00
      දින 3කට අය කිරීම : රු 14280.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : සැප්තැම්බර් – නොවැම්බර් හැරෙන්න වසරේ ඕනෑම කාලයක්.
    • පහසුකම් :
      නිකේතනයට සහ වනෝද්‍යාන තුල ගමන් සඳහා මග පෙන්වන්නෙකු සපයයි.
      අමතර සේවකයින් ගණන : 2
      ඔවුන් නිකේතනයට යාබද නිවස්නයක සිටිති.
    • දකින්නට හැකි සතුන් :
      තිත් මුවා, වල් ඌරා, කුළු මීමුන්, කිඹුලන්, අලි, උකුස්සන් හාවන් සහ කැලෑ නරි.

    3. හීංවැව සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-03.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 10 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 5768.00
      දින 2කට අය කිරීම : රු 10024.00
      දින 3කට අය කිරීම : රු 14280.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : සැප්තැම්බර් – නොවැම්බර් හැරෙන්න වසරේ ඕනෑම කාලයක්.
    • පහසුකම් :
      නිකේතනයට සහ වනෝද්‍යාන තුල ගමන් සඳහා මග පෙන්වන්නෙකු සපයයි.
      අමතර සේවකයින් ගණන : 2
      ඔවුන් නිකේතනයට යාබද නිවස්නයක සිටිති.
    • දකින්නට හැකි සතුන් : තිත් මුවා, වල් ඌරා, කුළු මීමුන්, කිඹුලන්, අලි, උකුස්සන් හාවන් සහ කැලෑ නරි.

    වස්ගමුව ජාතික වනෝද්‍යානය

    1. මහවැලි සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-04.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 17 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 6440.00
      දින 2කට අය කිරීම : රු 11592.00
      දින 3කට අය කිරීම : රු 16744.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : නොවැම්බර් – මැයි අතර කාලය.
    • පහසුකම් :
      නිකේතනයට සහ වනෝද්‍යාන තුල ගමන් සඳහා මග පෙන්වන්නෙකු සපයයි.
      මහවැලි ගඟ ආශ්‍රිතව පිහිටුවා ඇති නිසා සුන්දරත්වයෙන් අනූණය.
      නිකේතනය තට්ටු දෙකකින් යුතු නිසා පහසුවෙන් සිටින්නට ඉඩ ඇත.
      අමතර සේවකයින් ගණන : 2
      ඔවුන් නිකේතනයට යාබද නිවස්නයක සිටිති.
    • දකින්නට හැකි සතුන් :
      අලියා, වල් ඌරා, වලසා සහ සංචාරක කුරුල්ලන්

    2. කදූරුපිටිය සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-05.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 8 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 5320.00
      දින 2කට අය කිරීම : රු 9352.00
      දින 3කට අය කිරීම : රු 13384.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : නොවැම්බර් – මැයි අතර කාලය.
    • පහසුකම් :
      නිකේතනයට සහ වනෝද්‍යාන තුල ගමන් සඳහා මග පෙන්වන්නෙකු සපයයි.
      අමතර සේවකයින් ගණන : 2
    • දකින්නට හැකි සතුන් :
      අලියා, වල් ඌරා, වලසා සහ සංචාරක කුරුල්ලන්

    3. වවුලබේ සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-06.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 10 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 6440.00
      දින 2කට අය කිරීම : රු 11592.00
      දින 3කට අය කිරීම : රු 16744.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : නොවැම්බර් – මැයි අතර කාලය.
    • පහසුකම් :
      නිකේතනයට සහ වනෝද්‍යාන තුල ගමන් සඳහා මග පෙන්වන්නෙකු සපයයි.
      අමතර සේවකයින් ගණන : 1
    • දකින්නට හැකි සතුන් :
      අලියා, වල් ඌරා, වලසා සහ සංචාරක කුරුල්ලන්

    විල්පත්තු ජාතික වනෝද්‍යානය

    1. පනික්කවිල සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-07.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 10 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 6888.00
      දින 2කට අය කිරීම : රු 12264.00
      දින 3කට අය කිරීම : රු 17640.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : වසර පුරාම සංචාරය කරන්නට හැකි වුනත් පෙබරවාරි සිට ඔක්තෝම්බර් අතර කාලය කදිමයි.
    • පහසුකම් :
      නිකේතනයට සහ වනෝද්‍යාන තුල ගමන් සඳහා මග පෙන්වන්නෙකු සපයයි.
      අමතර සේවකයින් ගණන : 2
    • දකින්නට හැකි සතුන් :
      අලියා, දිවියා, වල් ඌරා, වලසා, උරගයින් සහ සංචාරක කුරුල්ලන්

    2. කොක්මොටේ සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-08.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 16 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 6888.00
      දින 2කට අය කිරීම : රු 12264.00
      දින 3කට අය කිරීම : රු 17640.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : වසර පුරාම සංචාරය කරන්නට හැකි වුනත් පෙබරවාරි සිට ඔක්තෝම්බර් අතර කාලය කදිමයි.
    • පහසුකම් :
      නිකේතනයට සහ වනෝද්‍යාන තුල ගමන් සඳහා මග පෙන්වන්නෙකු සපයයි.
      අමතර සේවකයින් ගණන : 2
    • දකින්නට හැකි සතුන් :
      අලියා, දිවියා, වල් ඌරා, වලසා, උරගයින් සහ සංචාරක කුරුල්ලන්

    3. තලවිල සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-09.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 14 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 6888.00
      දින 2කට අය කිරීම : රු 12264.00
      දින 3කට අය කිරීම : රු 17640.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : වසර පුරාම සංචාරය කරන්නට හැකි වුනත් පෙබරවාරි සිට ඔක්තෝම්බර් අතර කාලය කදිමයි.
    • පහසුකම් :
      නිකේතනයට සහ වනෝද්‍යාන තුල ගමන් සඳහා මග පෙන්වන්නෙකු සපයයි.
      අමතර සේවකයින් ගණන : 2
    • දකින්නට හැකි සතුන් :
      අලියා, දිවියා, වල් ඌරා, වලසා, උරගයින් සහ සංචාරක කුරුල්ලන්

    උඩවලව ජාතික වනෝද්‍යානය

    1. වෙහෙරගොල්ල සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-10.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 13 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 5768.00
      දින 2කට අය කිරීම : රු 10024.00
      දින 3කට අය කිරීම : රු 14280.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : නොවැම්බර් සිට මාර්තු අතර කාලය.
    • පහසුකම් :
      නිකේතනයට සහ වනෝද්‍යාන තුල ගමන් සඳහා මග පෙන්වන්නෙකු සපයයි.
      අමතර සේවකයින් ගණන : 2
    • දකින්නට හැකි සතුන් :
      වල් ඌරා, කුළු මීමුන්, කිඹුලන්, අලි සහ සංචාරක කුරුල්ලන්

    2. තිඹිරියමංකඩ සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-11.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 16 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 5768.00
      දින 2කට අය කිරීම : රු 10024.00
      දින 3කට අය කිරීම : රු 14280.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : නොවැම්බර් සිට මාර්තු අතර කාලය.
    • පහසුකම් :
      නිකේතනයට සහ වනෝද්‍යාන තුල ගමන් සඳහා මග පෙන්වන්නෙකු සපයයි.
      දෙමහල් නිවස්නයකි. උඩ තට්ටුවේ නිදන සයන පවතින’තර පහල තට්ටුවේ කෑම කාමර සහ වැසිකිලි සකසා ඇත.
      අමතර සේවකයින් ගණන : 2
    • දකින්නට හැකි සතුන් :
      වල් ඌරා, කුළු මීමුන්, කිඹුලන්, අලි සහ සංචාරක කුරුල්ලන්

    3. සීනුග්ගල සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-12.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 12 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 5768.00
      දින 2කට අය කිරීම : රු 10024.00
      දින 3කට අය කිරීම : රු 14280.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : නොවැම්බර් සිට මාර්තු අතර කාලය.
    • පහසුකම් :
      නිකේතනයට සහ වනෝද්‍යාන තුල ගමන් සඳහා මග පෙන්වන්නෙකු සපයයි.
      අමතර සේවකයින් ගණන : 1
    • දකින්නට හැකි සතුන් :
      වල් ඌරා, කුළු මීමුන්, කිඹුලන්, අලි සහ සංචාරක කුරුල්ලන්

    හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය

    1. ගිනිහිරිය සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-13.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 10 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 6888.00
      දින 2කට අය කිරීම : රු 12264.00
      දින 3කට අය කිරීම : රු 17640.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : දෙසැම්බර් සිට අප්‍රියෙල් අතර කාලය.
    • පහසුකම් :
      උණුසුම් කරන උපකරණ සහ සියලු නානකාමර උණුසුම් ජලයෙන් සමන්විතයි.
      අමතර සේවකයින් ගණන : 2
    • දකින්නට හැකි සතුන් :
      ගෝනා, දිවියා, වල් ඌරා සහ සංචාරක කුරුල්ලන්

    2. මහඑළිය සංචාරක බංගලාව

    Top-National-Park-Bungalows-aniwa-14.jpg

    • නැවතිය හැකි ප්‍රමාණය : 10 දෙනයි.
    • අය කිරීම
      දිනකට අය කිරීම : රු 5768.00
      දින 2කට අය කිරීම : රු 10024.00
      දින 3කට අය කිරීම : රු 14280.00
    • සංචාරය කරන්නට හොඳම කාලය : දෙසැම්බර් සිට අප්‍රියෙල් අතර කාලය.
    • පහසුකම් :
      උණුසුම් කරන උපකරණ සහ සියලු නානකාමර උණුසුම් ජලයෙන් සමන්විතයි.
      අමතර සේවකයින් ගණන : 2
    • දකින්නට හැකි සතුන් :
      ගෝනා, දිවියා, වල් ඌරා සහ සංචාරක කුරුල්ලන්
    http://www.aniwa.lk/2017/02/06/1702064-top-national-park-bungalows/

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    තිඹිරියමංකඩ සංචාරක බංගලාව

    mama metana idala tiyenawa patta tamai place eka

    current eka naha solar system ekakin light dala dila tiyenawa

    wawak aine tamai meka hadala tiyenne

    raata kibulu enawa ali enawa watura bonna
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සැප පහසුකන් අඩු වුනාට සොබාදහමට ආදරේ උන්ට හොදයි, අනික යන හැම එකාම අරන් යන ඔක්කොම කුණු ටික ආයේ අරන් එන්න............
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    තිඹිරියමංකඩ සංචාරක බංගලාව

    mama metana idala tiyenawa patta tamai place eka

    current eka naha solar system ekakin light dala dila tiyenawa

    wawak aine tamai meka hadala tiyenne

    raata kibulu enawa ali enawa watura bonna

    මෙතන නං පට්ට ප්ලේස් එක, වටේට අලි වල් උරෝ කිබුල්ලු ඉන්නවා වැව අයිනේ තියෙන්නේ.............