වන පියසක වැජඹෙන - බුද්ධංගල ආරණ්‍ය සේනාසන ☸️🙏🍃 (Buddhangala Aranya Senasanaya)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    වන පියසක වැජඹෙන - බුද්ධංගල ආරණ්‍ය සේනාසන ☸️🙏🍃 (Buddhangala Aranya Senasanaya) - Your Choice Way
    අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් නොදන්න පූජනීය ආරණ්‍යය සේනාසනයක් ගැනයී.ඒ නමින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයයි.

    මේ ප්‍රදේශයේ ඓතිහාසික නාමය දිගාමඩුල්ලයී.

    බුද්ධංගල යනු මෑතකදී වහරට වැටුණු නාමයක් වන අතර, මෙහි පවතින පර්වතය ඈතට සැතපෙන බුදුපිළිමයක් සේ දිස්වන නිසා බුද්ධංගල යන නාමය පටබැඳුණු බවට මතයක් පවතිනවා...

    එසේම බුදුන් වැඩිගල බුද්ධංගල බවට ද, මෙම ප්‍රදේශයේ පැරැණන්ගේ තවත් මතයකී..

    මේ භූමි ප්‍රදේශය අක්කර 1280 ක් පමණ වූ සුවිශාල පර්වත කුළු කීපයක් සිටිනසේ මතුවී ඇති අතර,

    මේ එකිනෙක ගල්කුළු තද බෑවුම් සහිත කපොලුවලින් වෙන්වී ඇති අතර මේ මුදුනුවලට නැඟිය හැක්කේ වෙන වෙනම වැටුණු මාර්ගවලින් පමණී...

    බුද්ධංගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර කොට්ඨාශයේයි....

    වැසිසමයෙහි ජලයෙන් පිරී ඉතිරෙන තැන තැන දැකිය හැකි දිය පාරවල් හරිම රමණියයි...

    වනය තුළ නිබදව වල්ඇතුන් සැරිසරනු දැකිය හැකි අතර ඔවුන්ගෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවීම ඉමහත් අසිරියක්...

    එසේම මේ වනය ඉතා ඉහල මට්ටමක ජෛව විවිධත්වයකින්, ජල පෝෂක ප්‍රදේශවලින් ද සරු භූමියක් වන අතර එහිම ප්‍රභව වී වර්ධනය වන ඖෂධීය ශාක වර්ග ගණනාවක් තියෙනවා....

    ඔයාලා දන්නවා ද පර්වතනය කඳුමුදුනේ ගල්තලාව මතට නැගගත් විට, ඈත රූස්ස ගස්වැල් අතරින් ක්ෂිතිජය තෙක් පෙනන නිල් පැහැති කුඹුරුයාය නෙතට සුව ගෙනදෙනවා...

    බුද්ධංගල පුරාවිද්‍යාත්මකව මහඟු වටිනාකමක් යුත් අඩවියක් වන නමුත්, මේ භූමියේ තවමත් නිසි වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ගවේෂණයක් සිදුවී නොමැති බව පෙනීයයි.

    නිහඩ නිසල වන සෙනසුනට ඇතුළු වූ සැණින් අර පීඩාකාරී හැහීම් බිදවැටී යනවා...

    නිහැඩියාව දසතම රජ කරයි. ඒ නිහඩතාවය භාවනායෝගීන්ට භාවනා කටයුතු සඳහා උචිතම පරිසරය සකසා දෙයි...

    පිඩාකාරී මානසිකවයෙන් මිදෙන්න ඔබත් මෙහි යන්න..

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    නිහඩ නිසල වන සෙනසුනට ඇතුළු වූ සැණින් අර පීඩාකාරී හැහීම් බිදවැටී යනවා...

    නිහැඩියාව දසතම රජ කරයි. ඒ නිහඩතාවය භාවනායෝගීන්ට භාවනා කටයුතු සඳහා උචිතම පරිසරය සකසා දෙයි...

    පිඩාකාරී මානසිකවයෙන් මිදෙන්න ඔබත් මෙහි යන්න..


    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
    මිනිසුන් ගිහින් විනෝද වෙන්න පුළුවන් වෙරල තීර/ උද්‍යාන / හෝටල් ගැන විස්තර දාන්න, එකේ ගැටළුවක් නෑ.
    අරණ්‍ය සේනාසන ගැන ඔහොම දිගෑරලා දැම්මම ඔයාගේ සයිට් එකට විව්ස් වැටිලා ඔයාට ගානක් කපාගන්න පුළුවන්. නමුත් බාහිර සමාජය එක්ක තියන ගනුදෙනු සීමා කරලා තියන ඒ අරණ්‍ය සේනාසන වල ඕනෑ එකයි / එපා එකයි හැම එකාම ගිහින් ආතල් ගන්න ගියාම මොකද වෙන්නේ ?? මට ලගදි අරණ්‍ය සේනාසනයක නායක ස්වාමින්වහන්සේ කෙනෙක් කිවා අරණ්‍යය අසල යුවලක් ෆොටෝ (වෙඩින් ප්‍රී ශුට් වෙන්න ඇති) ගන්න ආව කියල. ඒ ස්වාමින්වහන්සේ රැස්ව සිටි අයගෙන් කාරුණිකව ඉල්ලා සිටියා ෆොටෝ තමන් ලග තියාගත්තට කමක් නෑ FB දාන්න එපා කියල. හෑලි ලියල දාන්න කලින් තේරුම් ගන්න මේකෙන් කිසියම් හානියක් වෙනවද / නැද්ද කියල.
    ඔයාට හෑලි ලියන්න ඕන තරම් තැන් ලංකාවේ තියනවා. නමුත් ජිවිතයේ උත්තම අරමුණ කරා ගමන් කරන ඒ උතුම් භික්ෂුන් වහන්සේලාට තියෙන්නේ ඒ අරණ්‍ය සිමාව විතරයි.
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කැළණි හිඟන්නෝ
    කැලණිය පුදබිම වෙත දස දිගින් බැතිමතුන් පැමිණ එහි තම ආගමික චාරිත්‍ර සිදුකොට සිතේ සතුටට පත්වේ. ඒ අතරේ කැළණි පුදබිම වෙත ඇදීඑන ජනතාවගෙන් ගානක් කපාගෙන ජිවත් වෙන පිරිසක්ද වෙති. ඔවුනට පුදබිමේ වටිනාකම කෙරේ කිසිදු හැඟීමක් නැති අතර එකම අරමුණ පුදබිමේ නාමයෙන් ගාන කපා ගැනීමය. මොවුන් "කැළණි හිඟන්නන්" වන්නාහ.​
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    කැළණි හිඟන්නෝ
    කැලණිය පුදබිම වෙත දස දිගින් බැතිමතුන් පැමිණ එහි තම ආගමික චාරිත්‍ර සිදුකොට සිතේ සතුටට පත්වේ. ඒ අතරේ කැළණි පුදබිම වෙත ඇදීඑන ජනතාවගෙන් ගානක් කපාගෙන ජිවත් වෙන පිරිසක්ද වෙති. ඔවුනට පුදබිමේ වටිනාකම කෙරේ කිසිදු හැඟීමක් නැති අතර එකම අරමුණ පුදබිමේ නාමයෙන් ගාන කපා ගැනීමය. මොවුන් "කැළණි හිඟන්නන්" වන්නාහ.​
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: netudara