වඳවීම සහ බෝ කිරීම

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
වඳවීම සහ බෝ කිරීම

කොයි සතා වුනත් ගැටළුව වඳවීම නම්, විසඳුම බෝ කිරීම පමණයි. එය ජීවවිද්‍යාත්මක ඇත්තක්.
පෑනක් අතට ගන්න. ගාණක් හදන්න යන්නෙ.

එක කැලෑවක් තිබුණා. ඒකට කිව්වේ මුවවනය කියලා. මොකද ඒ කැලේ වැඩිපුර හිටියෙ මුවෝ. කැලේටම සත්තු 100 යි. 70 ක් මුවෝ. 20 ක් කොටි. 10 ක් අලි. පවුලකට පැටව් එක්කෙනයි හෝ දෙන්නයි කියලා මුව පවුල් හිතින් හදාගත්ත නීතියක් තිබුණා. ඒ නිසා අපි හිතමු මුව පවුල් 35 ට එක පාරකට එකතු වෙන්නෙ අළුත් පැටව් 50 ක් විතර. මොකද සමහර එය එක පැටියයි හදන්නෙ. හැබැයි කොටින්ට එහෙම සීමාවක් එයාලා හදාගෙන තිබුණෙ නෑ. එයාලා සාමාන්‍යයෙන් එකපාර පැටව් 4 ක් නම් හදනවාමයි. ඉතින් එක පාරකට ඒ කොටි පැටව් 40 ක් අවම වශයෙන් එකතු වුණා.

දැන් බලමු ඊ ළග පරම්පරාව. අර මුව පැටව් පනහ 25 ජෝඩු කරලා ඩබල් කලොත් 50යි. හැබැයි හැම පවුලකටම පැටව් දෙකක් නැති නිසා අපිට ඒ ගාන 40 කට විතර දාන්න වෙනවා. කොටි පැටව් හතලිය ජෝඩු කලාව 20 යි. හතරෙන් වැඩි කලාම 80 යි.

දැන් බලමු තුන්වන පරම්පරාව. අර මුව පැටව් 40 ජෝඩු කරලා දෙගුණ කලාම 40 යි. හැබැයි හැමෝම පැටව් 2 ගානේ හදන්නෙ නැති නිසා පැටව් ගාන 30 ක් විතර කරන්න වෙනවා. කොටි පැටව් 80 ජෝඩු කලාම 40 යි. එක ජෝඩුවකට පැටව් 4 ක් කරපු ගමන් 160 යි. දැන් කැලේ 3 වන පරපුර වෙනුවෙන් මුවෝ 30 ක් ඉන්නවා කොටි 160 ක් ඉන්නවා. දැන් ඒ කැලේට මුව කැලේ කියන එක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. ඒක තනිකරම කොටි කැලයක්. මුවා ඉතින් අපේ තමයි මේ කැලේ කියලා අඩලා වැඩක් නෑ. මේවා අපේ කියලා චන්ඩි පාට් දාලා වැඩකුත් නෑ. පිරිස් බලය අඩු වෙනකොට සියල්ල අඩු වෙනවා. මේ සිද්ධිය තාම කැලේට සිද්ධ වෙලා නැත්නම් මුවන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවද.

අපි ආයෙත් මේ කතාවේ මුලට යමු.


එක කැලෑවක් තිබුණා. ඒකට කිව්වේ මුවවනය කියලා. මොකද ඒ කැලේ වැඩිපුර හිටියෙ මුවෝ. කැලේටම සත්තු 100 යි. 70 ක් මුවෝ. 20 ක් කොටි. 10 ක් අලි.
හැම මුව පවුලක්ම පැටව් 2 හද හද ඉදලා පැටව් 3 ක් හදන්න තීරණයක් ගන්නවා. දැන් ඊ ළග පරම්පරාවට 105 යි. කොටි 40 යි.

තුන්වන පරම්පරාව ගැන හිතමු. මුවෝ ගහනයට අලුත් පැටව් 156 යි. කොටි පැටව් 80 යි.
හතරවන පරම්පරාව සලකමු. මුවෝ 234 යි. කොටි 160 යි.
පස්වන පරම්පරාව සලකමු 351 යි. කොටි 320 යි.
හයවන පරම්පරාව බලමු. මුවෝ 525 යි. කොටි 640 යි.
ඒ කියන්නෙ ආරම්භයේදී මුවෝ ගහණය කොතරම් හිටියත් ඔවුන් ජෝඩුවක් හදන්නේ පැටව් දෙන්නා නම් හෝ ඊට අඩුවෙන් නම් කොටි ගහණය තුන්වන පරම්පරාවේදී අනිවාර්‍යෙයන්ම මුව ගහණය අභිබවා යනවාමයි. සෑම මුවෙක්ම තම පවුලේ පැටවුන් ගණන තවත් එකකින් වැඩි කරන්න තීරණය කලොත් ඔවුන්ට පරම්පරා 5 ක් මුව ගහණය පෙරමුණේ තබාගත හැකියි.


අපි නැවත මුලට යමු. එක කැලෑවක් තිබුණා. ඒකට කිව්වේ මුවවනය කියලා. මොකද ඒ කැලේ වැඩිපුර හිටියෙ මුවෝ. කැලේටම සත්තු 100 යි. 70 ක් මුවෝ. 20 ක් කොටි. 10 ක් අලි. මුවෝ හදිසියේ තීරණය කරනවා පැටව් 4 ක් හදනවා කියලා. කොටිත් තීරණය කරනවා පැටව් 4 ක් හදනවා කියලා. දැන් අපි බලමු දෙවන පරම්පරාව.
මුවෝ 140 යි. කොටි 40 යි.
තෙවන පරම්පරාව මුවෝ 280 යි. කොටි 80.
හතරවන පරම්පරාව මුවෝ 560 යි. කොටි 160යි.
පස්වන පරම්පරාව මුවෝ 1120 යි. කොටි 320 යි.
හයවන පරම්පරාව මුවෝ 2240 යි. කොටි 640 යි.
.
.
.
.
මුව ගහණය ක්ෂය වෙලා මුව වනය මුවන් නැති වනයක් බවට පත් වෙන්න පටන් ගත්තේ මුවෝ පුංචි පවුල රත්තරන් කියලා විශ්වාස කරන්න පටන් ගත්ත දා ඉඳලයි. සත්ව ගහණයක් පැතිරෙන්නේ බෝ කිරීමෙන් මිසක් මුවාගේ තිත කොටියගේ ඉරට වඩා ලොකුයි හෝ ලස්සනයි කියලා කියන එකෙන් නෙමෙයි. මුවා කොටියට වඩා හොඳයි අහිංසකයි කියන එකෙනුත් නෙමෙයි. කොයි සතා වුනත් ගැටළුව වඳවීම නම්, විසඳුම බෝ කිරීම පමණයි. ඉතින් මුවෝ කසාදයක් වත් නොබැඳ වඳ වෙනෝ වඳ වෙනෝ කියලා වැඩක් නෑ. ජෝඩු වෙලා පැටව් 1 ක් හෝ 2 ක් හදාගෙන වැඩකුත් නෑ. ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඔබේ සත්ව ගහණයේ ගැටලුව වඳ වීම නම් ඊට විසඳුම බෝ කිරීම පමණයි. මොකද මුවෝ නිහඬ වුණාට කොටි හෝ ගාලා වැඩ.

- සමන් එදිරිමුණී




(උපුටා ගැනීමකි)
 
Last edited:

lilman

Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    මොකද මුවෝ නිහඬ වුණාට කොටි හෝ ගාලා වැඩ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොටිත් බෝ කරනව මුවොත් බෝ කරනව, ඒක බලල අලිත් බෝ කරනව, කොටි ඒක බලල උන්ගෙ බෝ කිරිල්ල තවත් වැඩි කරනව, ඔහොම ඔක්කොමල්ල බෝ කරගෙන කරගෙන ගිහින් හුස්ම ගන්නවත් ඉඩක් නැතුව කන්න බොන්න නැතුව එක පොදියේ හාමතේ මැරෙන්න තමා වෙන්නෙ ඔක්කොටම :oo:
     
    Last edited:
    • Like
    Reactions: 50KG

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මොකද මුවෝ නිහඬ වුණාට කොටි හෝ ගාලා වැඩ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සමන් එදිරිමුණී අමතක කරලා තියෙන දෙයක් තමයි, තරගයට පැටව් ගැහුවා වගේ නෙවෙයි හදන ළමයින්ට කන්න බොන්න දෙන්න, හරි අධ්‍යාපනයක් දෙන්න, හොද ජීවන මට්ටමක් දෙන්න ලොකු වියදමක් යනවා කියලා. කැලෑවක උනත් මුවෝ ඕන වට වඩා බිහිවුනොත් කන්න බොන්න කොළ නැතුව අන්තිමේදි ඔක්කොම මැරිලා යනවා.

    අද තරගය තියෙන්නේ ඔළුගෙඩි ගානෙක් නෙවෙයි, හැම කෙනාම ලබාගෙන තියෙන සාර්ථකත්වය මතයි. යුරෝපා ජාතිකයන් එහෙම තමයි දියුණු උනේ, අරාබි උන් තරගෙට ඔළුගෙඩි ගාණවැඩිකරගන්න කොට, අරුන් කරේ තාක්ෂණය දියුණුකරගත්ත එකයි, අද තාක්ෂණය අතින්, සම්පත් අතින්, දැනුම අතින් දියුණු යුරෝපය, ඇමරිකාවේ ජනගහනය ඔළුගෙඩිගානෙන් අඩුවක් උනාට මුළු ලෝකෙම පාලනය කරන්නේ ඒකයි. අපිත් කරන්න ඕනේ මේකයි, ඔළුගෙඩි ගාණ වැඩි කරගන්න එකට වැඩි ප්‍රමුඛතාව දෙනවා වෙනුවට, හදපු ළමයින්ගේ ජීවන මට්ටම, අධ්‍යාපනය වැඩිකරගන්න මහන්සිවෙන එක. තමන්ගේ ආර්ථික මට්ටමට, බලාගන්න පුලුවන් ප්‍රමාණයට ළමයි හදලා, හදපු හැම ළමයවම රජුන් කරනවද? නැත්නම් බල්ලෝ බළල්ලු වගේ පැටව් ගහලා ආතක් පාතක් නැති උන් බිහිකරනවද යන්න හැමෝම හිතන්න ඕන දෙයක්.

     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    කොටිත් බෝ කරනව මුවොත් බෝ කරනව, ඒක බලල අලිත් බෝ කරනව, කොටි ඒක බලල උන්ගෙ බෝ කිරිල්ල තවත් වැඩි කරනව, ඔහොම ඔක්කොමල්ල බෝ කරගෙන කරගෙන ගිහින් හුස්ම ගන්නවත් ඉඩක් නැතුව කන්න බොන්න නැතුව එක පොදියේ හාමතේ මැරෙන්න තමා වෙන්නෙ ඔක්කොටම :oo:

    හ්ම්ම්ම්, ඉවක් බවක් නැතිව බෝ කිරිල්ල හොදම විසදුමක් ද​? කොටි බෝවෙන එක අඩු කරගන්න ක්‍රමයක් නැද්ද​?