වඳිමු තෙරුවන අරුත දැනගෙන
බෞද්ධයෙකු වීමේ මුල් පියවර බුදුන්, දහම්, සඟුන් සරණ යාමයි. එසේ තෙරුවන් සරණ යන බෞද්ධයා සිතක උපදින නොසන්සුන් කම, ව්‍යාකූලත්වය, බිය දුරු කරගනු වස් තෙරුවන් ගුණ සිහි කිරීම අතීතයේ සිට පුරුදු පුහුණු කරමින් පැමිණේ. බියටපත් මොහොතක ඉතිපිසෝ ගාථාව කීමට බොදුනුවන් ඉබේම පෙලඹෙන්නේ එකී පුරුද්ද නිසයි. එවන් අවස්ථාවක බුදු ගුණ මෙනෙහි කරමින් බුදු රුවක් සිත්හි මවා ගෙන, බුදුවරයෙකුගේ කරුණා, මෙත්තා ආදී ගුණයන් සිහි කිරීමෙන්ද ස්වක්ඛාත, සුපටිපන්න ආදී දහම් සඟුන් ගුණ සිහි කිරීමෙන්ද බිය, අසහනය ආදී චිත්ත පීඩා දුරු වේ.
වර්තමානයේ බහුතරයක් සැදැහැවතුන් විසින් තෙරුවන් ගුණ ගාථා සජ්ජායනයේදී කටපාඩමින් ගාථා කියවාගෙන යතත් එහි අන්තර්ගථය මෙනෙහි නොකෙරෙයි. බොහෝවිට මීට හේතුව වන්නේ කුඩා කල ඉගෙනගත් මෙම පාලි ගාථා වල අදහස අප මතකයේ නොරැඳීමයි. මෙවන් අවස්ථාවල අප අතින් ගාථා සජ්ජායනයක් මිස තෙරුවන් ගුණ මෙනෙහි කිරීමක් හරියාකාරව සිදු නොවේ. එබැවින් තෙරුවන් ගුණ ගැන හොඳින් දැනගෙන, අර්ථය වටහාගෙන සිටීම වටී. ගාථා කියන්නන් වාලේ කියැවීම පසෙකලා තෙරුවන් ගුණ මෙනෙහි කරනු වස් මෙම ලිපි පෙලින් තෙරුවන් ගුණ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් පාඨක සැදැහැවතුන් වෙත ගෙන එන්නට අප බලපොරොත්තු වෙමු.
පළමුව බුදු ගුණ බුදු ගුණ විමසා බලමු.
අරහං
– අප භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කල සේක.
– සසර පෙර පුරුදු සමගම සියලු කෙළෙසුන් නැසූ සේක.
– සියලු පාපයන්ගෙන් මිදුන හෙයින් ,රහසින්වත් පවු නොකළ සේක.
– සියලු ලෝ වැසියන්ගේ, උතුම් ආමිෂ පූජාවන්, අති උතුම් ප්‍රතිපත්ති පූජාවන්, සියල්ලටම සුදුසු වන සේක
බුදුවරයෙකුටම ආවේණික මෙම ගුණයන් හේතුවෙන් අරහං නම් වන සේක. මෙම අරහං ගුණය සීල, සමාධි, පඤ්ඤා, විමුක්ති, විමුක්ති ඥාන දස්සන ලෙස අංග පහකින් යුක්ත ය.
සම්මා සම්බුද්ධ
අප භාග්‍යවතුන් වහන්සේ, දුක, දුක හට ගැනීම, දුක නැති කිරීම සහ දුක නැති කරන මගද යන පරම සත්‍ය හතර තමන් වහන්සේ විසින්ම, අවබෝධ කොරගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක
විජ්ඡා චරණ
බුදුපියාණන් වහන්සේ විද්‍යා ඥාණ අට, පසලොස් සරණ ගුණයන්ගෙන් යුතුව, සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් සම්පන්නව අවිද්‍යාව නම් මෝහාන්ධකාරය දුරුකල බැවින් විජ්ජාචරණ නම් වන සේක.
සුගත
ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙවත් මැදුම් පිළිවෙතෙහි ගමන් කරමින් අමා මහ නිවනට සපැමිණි බැවින්ද, යථාවාදී තථාකාරී වන බැවින්ද, ප්‍රිය වචන දේශනා කල බැවින්ද, ප්‍රිය මනාප වූ බැවින්ද බුදුරජාණන් වහන්සේ සුගත නම් වන සේක.
ලෝකවිදූ
බුදුරජාණන් වහන්සේ තුන් ලෝකය පිළිබඳ සියලු දේ හොඳින් අවබෝධ කරන ලද බැවින් ලෝකවිදු නම් වන සේක.
අනුත්තර
බුදුන් වහන්සේට සමාන හෝ උසස් ජීවියෙකු ලොව පහල නොවන හෙයින් අනුත්තර නම් වන සේක.
පුරිසදම්ම සාරථි
දමනය කරන්නට අසිරු දෙව් බඹුන් ද, යකුන්ද දමනය කල බැවින් පුරිස ධම්ම සාරථී නම් විය.
සත්ථා දේව මනුස්සානං
දෙව් මිනිසුන් ආදී ලෝ වැසි සියළු සතුනට ශාස්තෲවරයාණන් වෙමින් සසර කතරින් ලෝ සතුන් එතෙර කරවන බැවින් සත්ථා දේව මනුස්සානං නම් විය.
බුද්ධෝ
බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ඒ අයුරින්ම අන්‍යන්ට දේශනා කර අවබෝධ කරදුන් සේක. බුද්ධ යන්නෙන් පසේ බුදුවරු සහ රහතන් වහන්සේ ද ගම්‍ය වන බැවින් සම්මා සම්බුද්ධ යන්නක් වෙනම පවසද්දී අතිරේකව බුද්ධ යන්නක් පැවසීම අනවශ්‍යය.
භගවා
අප භාග්‍යවතුන් වහන්සේ …
– සිව් වනක් පිරිසම ඇති කළහ
– සියලු ලෝ වැසියන් විසින්ම, ගරු කිරීමට සුදුසුය
– අප්‍රමාණ වූ බුදු ගුණයන්ගෙන් යුතුය
– කීර්තිමත්ය.
– පිරිවර සහිතය.
– අධිපතිය.
– පරාර්ථකාමීය.
– රාගාදි කෙළෙසුන් නැසූහ.
– භාවනාවෙන් නිවනට පැමිණිසේක ……. එවන් ගුණයන්ගෙන් යුතු බැවින් භගවා නම් විය.
මේ අයුරින් වන බුදුගුණ මෙනෙහි කිරීම තුලින්ම බුද්ධානුස්සතිය වැඩීම ද සිදුවෙයි. සියළු කෙලෙස් නැසූ මහ කරුණා, මහා ප්‍රඥා ආදී ගුණයන්ගෙන් පිරිපුන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ මෙනෙහි කිරීමෙන් සසල සිත් සන්සුන් ව ඉඳුරන් පවා දමනය වෙයි. එවන් බුදුගුණ මෙනෙහි කරමින් යහපත් සමාජයක් කරා පිය නඟන අර්ථාන්විතව බුදුමඟ යන සැදැහැවතුන් පිරිසක් බිහි කරමු
තෙරුවන් සරණයි