වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණයට

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණයට

    වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණයට


    වර්ෂ 1996 දී ඩොලී නම් බැටළුවා ක්ලෝනකරණයට ලක්කළ තාක්ෂණයම යොදාගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණය කිරීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත.
    image_afefdead4a.jpg

    එකිනෙකාට සෑම අතින්ම සර්වසම ලක්ෂණ පෙන්වන සොන් සොන් හා හුවා හුවා යන නම් වලින් හඳුන්වන මෙම සතුන් දෙදෙනා මීට සති කිහිපයකට පෙර චීනයේ විද්‍යාගාරයක උපත ලැබූ බව මාධ්‍ය වාර්තා කර ඇත.

    මිනිසුන්ට වැළඳෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ජානමය අතින් සර්වසම මෙවැනි වානර ගහනයන් යොදාගත හැකිබව විද්‍යාඥයෝ පවසති. ජානමය පදනමක් සහිත පිලිකා, පරිවෘත්තීය රෝග සහ ප්‍රතිශක්තිය ආශ්‍රිත රෝග සම්බන්දයෙන් මෙලෙස ක්ලොනකරණයට ලක්කළ වඳුරන් යොදාගෙන අධ්‍යයන කළහැකි බව ඔවුහු පෙන්වා දෙති.

    එහෙත් විචාරකයින් පවසන්නේ මෙහි අවසාන ප්‍රතිඵලය විවාදයට තුඩුදී ඇති ‘මනුෂ්‍ය ක්ලෝනකරණය‘ වියහැකි බවයි.
    කෙසේ වුවද චින විද්‍යාඥයින් පවසන්නේ ඉදිරි මාස කිහිපය තුළ මෙසේ ක්ලෝනකරණය කළ තවත් වඳුරන් බිහිකිරීමට සූදානම් කර ඇති බවයි.
    (බීබීසී ඇසුරිණි - 085)
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    වලතරයා ඇන්ඩ් නුවන් සර් වගේ :cool:
    බී. බී. සී. = බ්‍රිටිෂ් බුල් සිට් :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Its the same thing aliens are doing on us...:(

    Aliens ල නෙමේ බං ගස් :) ගස් අපිට පලතුරු එලවලු අල වර්ග දීල අපිව වවන්නෙ අපි මැරුණාම උන්ට පෝර කරගන්න :sorry:

    මේකත් දැක්කෙ quora එකේම තිබිලද කොහෙද :sorry:
    කතාව ඇත්ත බලාගෙන ගියාම :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Aliens ල නෙමේ බං ගස් :) ගස් අපිට පලතුරු එලවලු අල වර්ග දීල අපිව වවන්නෙ අපි මැරුණාම උන්ට පෝර කරගන්න :sorry:

    මේකත් දැක්කෙ quora එකේම තිබිලද කොහෙද :sorry:
    කතාව ඇත්ත බලාගෙන ගියාම :(

    Yeah.. true in a way...:baffled:
    Its hard to know know whether trees have enslaved us or its the otherway around...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Its the same thing aliens are doing on us...:(
    අර ධීවර සංස්ථාවෙන් මාළු පැටව් වැව් වලට මුදාහරිනවා නේද අනාගතේ මාළු අල්ලන්න කියල :baffled: මුල් කාලේ මාළු ගහනේ වැඩිවෙනකන් මාළු අල්ලන්න දෙන්නේ නෑ ඒ වැව් වල.

    පෘතුවියේ ජීවය හටගත්තෙත් ඔය වගේම සීන් එකකින් වෙන්න ඇති කියල මට හිතෙනවා වෙලාවකට :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර ධීවර සංස්ථාවෙන් මාළු පැටව් වැව් වලට මුදාහරිනවා නේද අනාගතේ මාළු අල්ලන්න කියල :baffled: මුල් කාලේ මාළු ගහනේ වැඩිවෙනකන් මාළු අල්ලන්න දෙන්නේ නෑ ඒ වැව් වල.

    පෘතුවියේ ජීවය හටගත්තෙත් ඔය වගේම සීන් එකකින් වෙන්න ඇති කියල මට හිතෙනවා වෙලාවකට :baffled:

    ow...
    apiwath dala thiyenne popultion eka billion 9 wage wenakanda danna... :baffled:
    ita passe alienla apiwa allanna gani,,, :sorry: