වඳුරු, බලු ප්‍රශ්නයට පිළියමක් කියන්න.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ගෙදර අවට බලු රංචුවකුයි, වඳුරු රංචුවකුයි බෝ වෙලා හරිම කරදරයි.

    බල්ලො ගෙයි පේව්මන්ට් එකේ බුදියනවා. මිදුලෙ ජරා කරනවා. පාරෙ ඉවත දාපු මස්කටු ඉඳුල් කෑම ඇදගෙන ඇවිත් දමනවා. රෑට පොරකකා බුරනවා. නිදා ගන්නවත් බැහැ. පාරෙ යන මිනිසුන්ට ලමයින්ට බුරාගෙන පනිනවා. ජලභීතිකාව එහෙම හැදුනොත් විනාසයි.

    වඳුරෝ වහලට පනිනවා. ගහක ‌කොලක හැදෙන දෙයක් පරිස්සම් කරන්න බෑ. ගස්වල කොළ පවා කඩලා කනවා. මොන පිළියමක් කරලා පන්නලා දැම්මත් නැවත එනවා. ඉස්සර මේ පැත්‌තෙ වඳුරො හිටියෙ නෑ. පස්සෙ පොඩි රංචුවක් ආවෙ. දැන් ගහණයත් වැඩියි.

    පව් වැඩක් වුණාට වස ටිකක් තියන්න තමයි හිතෙන්නෙ.

    මොවුන්ට මොන විදිහෙ වස වර්ග ද යොදා ගන්න පුළුවන්.

    වරදවා හිතන්න එපා. මෙය කරන්නෙ අපෙත් අසල්වැසියන්ගෙත් යහපතට. මම හොඳටම දන්නවා එළකිරියෙ No. 1 Evil Genius ලා ඉන්න බව.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    බල්ලො එනවා නන් ඔප්ශන් 2යි

    1. උබත් වල් බල්ලෙක් හදපන්, එකෙක් ඉන්න කොට අනිත් එවුන් ඒ ඒරියා එකට එන්නෙ නෑ.
    2. වැට ගහල, දැලක් ගහපන් එන්න බැරි වෙන්න.

    වදුරොන්ට නන් අමාරුයි

    1. එයා රයිපල් හරි යනවා, එකෙක්ට තියා ගත්තොත් දකින කොට දුවනවා , මැරෙන්නෙත් නෑ ඒක වැදුනට.

    කන දේට වස දෙනවා වගේ වසල වැඩ නන් කරන්න එපා, රිටන් එක ශුවර්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    සත්තුන්ට තැන දීල මිනිස්සු ගෙවල් අස්සෙ හැංගෙන ඵකම රට ලංකාව වෙන්න අැති..ඵහෙන් අර හොරණෙ ඵක ගමක නරි රජ වෙලාලු..මිනිස්සු ඵළියට බහින්නෙ නැහැලු නරින්ට බයේ😆😆
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    Ballo jara karana ekata ee ee than walin wathura bothalayak purwala thiyapn, ballo eewa walata choo karanne na kiyala kemak thiyanawa :D


    Wandurontanm oya honda rathinya packet ekak thiyaganna :D
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Api podi kaale wandurek awa gewal hariye.. api uuwa yalu karagatta... anthimata uu ape oluwe ukuno hoyanawa... dawasak kattiya set wela uuwa makeup kala nail polish ehema gala... pora ganak nathiwa unna..
    passe tika tiak ge athulatath awa... porata kannadiyak dunnama uu eken moona balala polawe gahuwa...

    Dial eka ta monawa unada danne na...

    Paw unwa maranna epa, un danagena karana dewal neweyne...
     
    • Like
    Reactions: JohnSnow

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    මරන්න එපා මනුස්සයො... කැටපෝලයක් හදාගන්න. සමහර පැතිවල වදුරො, රිලවු කැටපෝලෙට බයයි. බය නැත්තං රිදෙන්න එකක් දෙකක් දීල බයකරගන්න.

    බල්ලන්ට ජරා කරන වෙලාවක් අල්ලල රිදෙන්න ෂොට් එකක් දෙන්න.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    කන දේට වස දෙනවා වගේ වසල වැඩ නන් කරන්න එපා, රිටන් එක ශුවර්.
    :yes:

    වදුරෝ ගේ ලගට එන්න තියන ගස් වල අතු වගේ කපලා දාපන් .බල්ලන්ට පොල්ලක් අරන් එලවපන් .ගහන්න යන්න එපා බය කරපන්