වඳ පෙත්ත හා ගොන් හැත්ත

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    වඳ පෙත්ත හා ගොන් හැත්ත

    කෑම වලට වඳ පෙති දමා දී මිනිසුන් වන්ධ්‍යකරණයට ලක් කල නොහැක​. එසේ කරන්නේ නම් ඉස්පිරිතාල වල එල් .ආර්.ටී කිරීම මෙන්ම එම් ඕ එච් කාර්‍යාල වලින් කාන්තාවන්ට ලූප් දැමීම අවශ්‍ය නැත​. පෙති මගින් දරු උපත් සීමා කල හැකිය​. සාක්‍ෂරතාවය තිබුනද නූගත්කම ඉහටම ගසා තිබෙන බැවින් සමහරක් කෑම මගින් හෝ ඇඳුම් මගින් වඳ භාවයට පත් කල හැකි පෙති හෝ රසායණිකයන් තිබෙන බව සිතති. එහෙත් එය හිතළුවක් පමණි. කාන්තා යට ඇඳුම් වලට රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් හෝ බ්‍රසියර්වල ජෙල් වර්ග තැවරීමෙන් කිසිවෙකු වඳ භාවයට පත් කල නොහැක​. මුග්ධ මිනිසුන් අතර තිබෙන මෙම බය සැක තමන් ගේ වාසියට යොදාගන්නා ජාතිවාදීන් වඳ පෙති කතා මගින් සමාජය බියපත් කරවති. එසේම​ යළි ජාතිවාදී ගැටුම් ඇති කිරීමට තැත් කරති. නූගත් අන්ධකාර සමාජයක් තුල බිය සැක ව්‍යාකූලතා ඇති කිරීම පහසුය​. නමුත් මේ නිසා ප්‍රජාවන් තුල හට ගන්නා ගැටුම් නිසා සිදු වන විපත් සීමාරහිතය

     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Infertility ඇති කරන්න පුලුවන් Tablets තියනවා. Testosterone උනත් බාහිරව ටැබ්ලට්ස් විදිහට ගත්තොත් එහෙම වෙන්න පුලුවන්.