“ඇපල්”

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    “වඳ පෙත්තක්”
    මම මෙසේ පෙන්වා දෙමි.

    “FANTASY Pills”

    “Tramadol Hydrochloride” නොහොත් බජාර් එකේ හැමෝම කටින් කට කතා කරන “ඇපල්” එම අති භයානක වඳ පෙත්ත වේ.

    මේ වන විට ශ්‍රීලංකාවේ පොඩි කොල්ලො (වයස අවු:16,17,18,19,20,21,22,23) අතර ශීඝ්‍රයෙන් පැතිරී යන එහෙත් කවුරුත් නොදන්නා “අන්තරායකාරී මත්ද්‍රව්‍යයක්” ලෙස ඇපල් හැඳින්වූවාට වරදක් නැත.

    මත් කරන(Narcotic-like) ඖෂධයක් ලෙස වර්ගීකරනය කර ඇති “ඇපල්” වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන්නේ අධික වේදනා නාශකයක්(severe pain killer) ලෙසටය.

    උදාහරණයක් ලෙස යුද්ධයේදී බෝම්බයකට හසුවී ශරීරයේ ඉනෙන් පහල කොටස වෙන්වූ සොල්දාදුවෙක්ගේ අධික වේදනාව නැසීම සඳහා Tramadol නිර්දේශිත මාත්‍රාවක් කඩිනමින් ලබාදෙනු ලබයි.

    එය ලබා ගැනීමෙන් සුලු වේලාවකට පසු තුවාලයට පත් සොල්දාදුවාගේ ශරීර අභ්‍යන්තරයේ Tramadol ක්‍රියාත්මක වී ඔහුගේ මුලු ශරීරයම ක්ශනික හිරි වැට්ටවීමකට පත් කරයි.

    එකී හිරි වැටීම හේතුවෙන් ඔහුට තම ශරීරයේ ඇති අධික වේදනාව නොදැනී යයි.

    “අඩෝ ඇපලක් නැද්ද?”

    “මං ඇපල් එකහමාරක් දාල ඉන්නේ…ඊයෙ මං ඇපල් 3ක් දැම්ම නිසා අද එකහමාරට වදින්නෙත් නෑ බන්”

    “අඩෝ අරූට මොකද වෙලා තියෙන්නෙ ඇස් හීනිවෙලා බෙල්ල පාත් වෙලා? –ඌ ඇපල් 5ක් දාලා ඉන්නේ බන් ඒකයි ඔය!”

    “අඩෝ ඇපලක් දාන්නම ඕනෙ බන් නැත්තම් අද රෑට මට නින්ද යන්නෑ..
    මං නෙ දන්නේ ඒකෙ වේදනාවා..
    ඒ කොහෙන් හරි එක ඇපලක් හරි හොයාගෙන දාන්න ඕනෙ බන්..”

    “අඩෝ ඇපල් දාලා ඉන්නේ ඕන එකෙක් මරන්න පුලුවන් මටනම් දැන් කිසිම දෙයක් දැනෙන්නෙ නෑ..”

    “අඩෝ හයියෙන් ටිකක් කොනිත්තපන්කෝ මාව…….අඩෝ දැන්නෙන් නෑ බන් හී හී හී..”

    “මේ කේජී පාරක් නම් ඕනෙමයි ඇපල් වදින්නෑ නැත්තම්”

    “මේ ඇපල් පැක් එකක්ම පහකට ගන්න පුලුවන් ලු බන් සල්ලි දාල ගමුද?”

    “අඩෝ 75න් නම් වදින්නෑ බන් 150න්/225 නැද්ද?”

    “අඩෝ කබරය යන්න වගේ එනවා…”

    එසේනම් මොහොතක් සිතන්න ඉහෙන් බහින ලෙඩක් නැති,හොඳට කන්න බොන්න දීලා හදපු සිංහල අම්මල තාත්තලගේ බොදු හෙළ පුත්‍රයෝ “ඇපල්” පෙති දහය දොලහ අහුරු පිටින් කටේ දමාගෙන ලබාගන්නා හිරිවැටීම කෙබඳු එකක් විය හැකිද?

    එය මුලුමහත් ජාතියම හිරිවැට්ටවීමට තරම් භයානකය.

    කෙතරම් භයානකද කිවහොත් පවතින තත්වය යටතේ සිංහල බෞද්ධ පොඩි පොඩි කොල්ලො දහයක් වටින් පිටින් අහුලගත්තොත් එතනින් අඩුම තුන් හතර දෙනෙක්ම “ඇපල්” අධි මාත්‍රාවෙන්(overdose) පාවිච්චි කරන උන්‍ ය.

    එයිනුත් දෙදෙනෙකු හෝ “ඇපල්” වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇත.

    මේවා නිල සංඛ්‍යාලේඛන නොවන මුත් නිරීක්ශණයෙන් ලද මා හට පුද්ගල සාක්ශි ඇතුව ඔප්පු කළ හැකි තොරතුරුය.

    යම් කිසි පිළිගත් ආයතනයක් මගින් මේවා ගැන නියමානූකූලව සමීක්ශනයක් කළ බැලුවහොත් එයින් ලැබෙන සංඛ්‍යා,ප්‍රස්තාර දැකීමෙන් තුන් හෙළයේ අම්මාවරුන්ට අප්පච්චිලාට ඔටෝමැටිකලි ‘හික්!’ ගෑවෙනු ඇත.

    “ඇපල්” කේස් එක ඒ තරමටම ටෙරිබල් ය.

    කවුරුත් මේ පිළිබඳව කතාවක් නැත.

    කතාව කොහෙදෝ යන තම්බියෙක් කෑම එකට දාපු පැනඩෝල් පෙත්තක් ගැනය.

    එක රොත්තට එකතු වී කසු කුසුව මුස්ලිම් වඳ පෙත්තක් ගැනය.මෙය පැහැදිලි “මෝඩකම” නොවේද?

    රටේ සිටින උගත් යැයි කියාගන්නා, කටපාඩමින්, පොත් පත් වලින් දාර්ශනය(philosophy) ඉගෙනගත්තු අධිරැඩිකල්,අධිදේශමාපක,අධිජාතිවාදි,අධිසමාජවාදී,අධිලිබරල්වාදී අති පණ්ඩිත ෆේස්බුක් මගින් තම දර්ශනය ව්‍යාප්ත කිරීමට සෑහෙන වෙර දරන සෝශල් නැති සෝශල් මීඩියා පිලෝසොෆර්ස් ලා මෑකරල් හේනට පැනපු ගිරවු වගේ ඔහේ කෑ ගසන්නේ කිසිදු පදනමක් හරයක් නැති තුට්ටු දෙකේ සිදුවීම් අල්ලාගෙනය.

    උන් එසේ බයිලා කැලිප්සෝ ගසන විට මෙහෙ සිංහල ජාතියේ අනාගත වංශයම කෙමෙන් කෙමෙන් පණ නැතිවී අකර්මණ්‍ය වී යන්නේය.

    උන් උන් එසේ නොදැකපු වඳ පෙත්තක් ගැන දැක්කා සේ පොර ටෝක්ස් ඉසූ කරන වේලාව තුල ලංකාවේ ඕනෑම පාමසියකින් හොර බෙහෙත් චිට්(cheat prescription) එකකට කුඩා ළමයෙකුට වුවද මිලදී ගත හැකි මුලු මහත් ජාතිය නොව සම්පූර්ණ ශිශ්ඨාචාරයම සදාකාලිකවම “වඳ” භාවයට පත් කල හැකි Tramadol X , Pregablin,Vallium Diazepalm,Coezipalm,Sudol වැනි නිහඬ “වඳ පෙති” වලින් රටේ අහිංසක පොඩි කොල්ලො ටික ගලවගන්න කෑගැහුවනම් රටත් ජාතියත් සමයත් තව සියවස් ගණනාවකට රැකගත හැකිය.

    නැතිනම ඔබටත් මටත් සැමදෙනාටම සිදුවන්නේ නිර්වින්දනය වූ සමාජයක සදාකාලික නින්දකට යාමටය…
    මේ එකක් විතරයි.

    බුකියෙන් උපුටා ගැනීමකි

    url
     
    • Like
    Reactions: chalirox

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ජාතිය බේරගන්න කතාකරන ගමන් තම්බින්ට සුදුහුණු ගාන එකෙක්ව දැක්කම මොකද හිතෙන්නෙ?
    උන් ගෙන්නල බෙදාහරින ඒව ගැන මොකද කියන්නෙ?
    ඔය දේවල් කරන උන් හැම එකෙක්ම ජාති භේදයෙන් තොරව නැති භංගස්ථාන කල්ල දාන්න ඕන.............
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කාලෙන් කාලෙට එක එක ජාති ඇපල් කියයි අයිස් කියයි මුද්දරේ වගේ අයිටම් එකකුත් ආවා :nerd: