වඳ බයිසන් නගාසිටුවීමට දඹදිවෙන් බයිසන්ල

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    රාජසිංහ රජ සමයේ අතුරුදන් ගවරා අද හෙටම ලංකාවට එන හැඩ​


    collage.jpg


    17 වැනි සියවසේ දී මෙරටින් වඳ වී ගොස් ඇති ගවරා (ඉන්දියානු බයිසන්) නම් ගව විශේෂය ශ්‍රී ලංකාවේ වනාන්තරවලට යළි හඳුන්වා දීමේ සූදානමක් පවතින බව ඉන්දීය ජනමාධ්‍ය අනාවරණය කරයි.

    ‘හින්දුස්ථාන් ටයිම්ස්‘ පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට ගවරා (Gaur) නමැති මෙම ගව විශේෂයේ සත්ත්වයන් හය දෙනකු ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස අගෝස්තු මස මුලදී ශ්‍රී ලංකා පාර්ශ්ව විසින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික ක්‍රියාකාරි කමිටුවක් මෙම සත්ත්වයන් නැවත ශ්‍රී ලංකාවට හඳුන්වා දීම වෙනුවෙන් පත් කිරීමට ද ශ්‍රී ලංකාව යෝජනා කර තිබේ.

    බොස් ගවුසර් (bos gaurus) නම් විද්‍යාත්මක නාමය ඇති ගවරා (Gaur) යනු ලොව විශාලතම ගව විශේෂයකි. 1986 වසරේ සිට සොබාදහම සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය (IUCN) විසින් මෙම සත්ත්වයා ‘වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂවල රතු ලැයිස්තුවට’ ඇතුළත් කර ඇත.

    වසර 30000කට පමණ පෙර සිට ශ්‍රී ලංකාවේ ගවරා ව්‍යාප්තව සිට ඇතැයි සැලකේ. ගවරා මෙරට අවසන් වරට වාර්තා වී ඇත්තේ 17 වැනි සියවසේ අගභාගයේ මහනුවර දෙවැනි රාජසිංහ රජුගේ සත්ත්ව ගාලෙනි.

    (නයන තරංග ගමගේ)
    ref: https://www.gossiplankanews.com/2022/08/gaur-sri-lanka-india.html
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    :rofl: මම හිතුවේ අපේ එවුන් ගැන කිව්වා කියල
    හැරල්ඩ් බෝල්ඩර්ගේ වීඩියෝ එකකත් ඕකුන් ගැන කතා කරා වගේ මතකයි.
    tfs
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    විරුද්ධයි, කොහෙවත් ඉන්න බයිසන්ලා ගෙනාවම අපේ බයියොන්ට කන්න තණකොල නැති වෙනවා:mad:
    නොට් ටු වොරි. අපේ බයියො තණකොළ කන්නෙ නෑනෙ. මැදමුලනෙයි සිරිකොතෙයි අසූචි වලවල් තියනං ලෝකල් බයිසන්ල වෙල් ෆෙඩ්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපෝ අපේ උන් අපේ රටේ ඉන්න සත්තුන්ටත් ඉන්න දෙන්නේ නැ. ඔක්කොම වගේ කැලෑ ටික ටික එලි කරලා තැනින් තැන.. මේ සත්තු නිකන් මැරිලා යාවි අපේ උන් මර උගුල් අටවල. අපරාදේ මෙහෙට ගේන එක.
    පෙන්නේ නැද්ද අලින්ට වෙලා තියන් දේ.