වප් පුර පෝදා ධර්මානුශාසනාව
යෝ චේ වස්සතං ජීවේ
කුසීතෝ හීන වීරියෝ
ඒකහං ජීවිතං සෙය්*යො
විරිය මාරහතෙ දල්හං
පින්වතුනි,
අද වප් පුර පසළොස්වක පොහොය දවසයි. අපගේ නෙත් සිත් සම්බුදු දහම වෙත යොමු කරවන මේ පොහෝදා ජීවිතයේ උතුම් අධිෂ්ඨාන ඇති කර ගැනීම සඳහා යෝග්*ය දිනයකි. පෙර කළ පින් නිසා මනුෂ්*ය ආත්මයක් ලබා උපන් අපි මෙලොව ජීවත් විය යුත්තේ කෙසේද යන්න ඉහත ගාථා ධර්මයෙන් පැහැදිලි වෙයි.
එහි සරල අදහස වන්නේ ‘අලසකමින් හා කායික වීර්යයෙන් තොරව අවුරුදු සියයක් ජීවත් වන්නාගේ ජීවිතයට වඩා වීර්යයෙන් කි*්*රයා කරන පුද්ගලයාගේ එක් දවසක ජීවිතය උතුම්’ බවයි.
මනුෂ්*ය ආත්මයක් ලබා උපන් අපි මිනිසත්කමින් යුතුව ජීවත්වීමට වගබලා ගත යුතුය.කුඩා කල පටන් යහපත් ගුණ ධර්ම පුරුදු පුහුණු වී ඒ අනුව ජීවිතය ආලෝකමත් කර ගත යුතුය. ඇතැමුන් අද කිසිදු වෙහෙස මහන්සියක් නොවී අනුන් උපයන දෙය භªක්ති විඳීමට බලා සිටී. තමන් මහන්සි වී සම්පත් උපයා නොගනී. නිසි අධ්*යාපනයක් හෝ වෘත්තිය පුහුණුවක් ලබා සමාජයේ ඉදිරියට යාමට උනන්දුවක් නැත.
අනුන්ගෙන් යමක් නොලැබෙන කල්හි මිනිස්සු සොරකම, මංකොල්ලකෑම, වැරදි කාමසේවනය, ආදී දුෂ්චරිත කි*්*රයා කරමින් ජීවත් වීමට සැරසෙති. එබඳු තැනැත්තාට නින්දා අපහාස හා දඬුවම් හැර සමාජයෙන් කීර්ති ප*්*රශංසා ලබා ගැනීමට නොහැකිය. එම නිසා මිනිස් ආත්මයක් ලබා ඉපදුණු අපි යහපත් මිනිසුන් ලෙස ජීවත් වෙමු. අපගේ ජීවිතය අනුන්ට කරදර හිරිහැර නොවන ලෙස ගත කිරීමට වෙහෙසෙමු.
සෑම මනුෂ්*යයෙකුටම මෙලොවදී කළ යුතු වගකීම් හා යුතුකම් කොටසක් ඇත. එය කාලීන අවශ්*යතාවන්ට සරිලන පරිදි උත්සාහයෙන් හා ඕනෑකමින් කළ යුතු කි*්*රයාවන්ය. යුද්ධයට යන රණවිරුවා තම වගකීම ලෙස සලකනුයේ සතුරන් පරදා තම රට දැය ආරක්ෂා කර ගැනීමයි. එම අරමුණ පෙරදැරිව සටන් කරන රණවිරුවා ඉන් ජය ලබා තම කාලීන අවශ්*යතාව හා වගකීම ඉටු කරයි.
එමෙන්ම රටක ජීවත්වන සෙසු පුද්ගලයන්ද තමා කරන කි*්*රයාව මැනවින් ඉටු කිරීමට වගබලා ගත යුතුය. අලසකම, වැඩ පැහැර හැරීම, වැඩ කරන අයට බාධා කිරීම, වැඩ පොළේ වංචා හා දූෂණ සිදු කිරීම, එහි කලකෝලාහල හා වැඩ වර්ජන කිරීම, අන්*යයන් කරන යහපත් කි*්*රයාවන්ට බාධා කිරීම ආදී කි*්*රයාවල නියුතු වන්නේ නම් ඔහු ජාතියට දේශයට හා සමාජයට ද්*රෝහියෙකි.
එනිසා අප නිරතුරුව අපේ වගකීම හඳුනා ගත යුතුය. තැනට සුදුසු නුවණින් යුතුව තමාගේ මෙන්ම සමාජ යහපත උදෙසා කි*්*රයා කළ යුතුය. සෙසු අයට හානියක් නොවන ලෙස පවතින ගැටලු විසඳ්*රගෙන උත්සාහයෙන් හා වීර්යයෙන් යමෙකු කි*්*රයා කරන්නේ නම් ඔහු මිනිස් ලොව සිටින උතුම් දෙවියෙකි.
ඇතැම්හු ජීවත්වන කාලයේ සමාජයට කිසිදු පොදු සේවයක් නොකරති. ඔවුන් ජීවත් වුවත් මළවුන් වැනිය. අපි එසේ නොවී ජීවත්වන සෑම දිනයක් පාසාම අර්ථවත්, අනුන්ට යහපත උදාවන නිවැරදි කි*්*රයාවල නියුතු වෙමු. ඒ සඳහා උත්සාහ කරමු. එවිට අපගේ මෙලොව ජීවිතය ආලෝකමත් වී පරලොව සැපවත් ආත්මවල උපත ලබා සැපවත් ජීවිත ගත කිරීමේ වාසනාව උදාවෙයි.
තෙරුවන් සරණයි
හම්බන්තොට නව ජාත්*යන්තර
බෞද්ධ මධ්*යස්ථානාධිපති
බොදු සංරක්ෂණ සභාවේ සභාපති
සූරියවැව ජාතික පාසලේ ආචාර්ය
විතාරන්දෙණියේ වජිරවංස හිමි