ශාක පෝෂ්ක විදිහට ගන්නේ රසායනික ද්‍රව්‍ය තමයි.
අපි ඔය රසායනික පොහොර කියලා දාන ඒව වලට පුළුවන් ගොඩක් ඉක්මනට ගහට වැඩෙන්න අවයශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ටික දෙන්න. අනික දාන පොහෝර අනුව ඒ ඒ කාලෙට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය දෙන්නත් ප්‍රළුවන්.
හැබැයි අපි ඔය කොම්පෝස්ට් පොහොර කියන ජාතිය රසායනික පොහොර එක්ක ගත්තාම පටට්ටම ස්ලෝ. අනික ගහට අවශ්‍ය රසායනික් ද්‍රව්‍ය ටිකම දෙන එකත් සෑහෙන අමාරුයි.
අනික රසායනික පොහොර කිලෝ එකකුයි කොම්පෝස්ට් පොහොර කිලෝ එකකුයි ගත්තාම ගහට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සෑහෙන්න අඩුයි කොස්පෝස්ට් පොහොර වල. ඉතින් රසායනික් පොහොර කිලෝ එකක් ඕන තැනට කොම්පොස්ට් පොහොර කිලෝ විස්සත් තිහක් ඕන වෙන්නත් පුළුවන්.
ඉතින් ඔය රසායනික පොහොර කියන ඒවා ගහට ඕන කෑම ටික ලේසියෙන්ම දෙන් හින්දා ඒ ගස් හොදට හැදෙනවා, පලදාව වැඩි වෙනවා. කොම්පොස්ට් පොහොර විතරක් වැටෙන තැනක ගහකට කෑම අහේනිය හින්දයි ඒවා වල ගෙඩි පොඩි වෙන්නේ. ගහ අර තරම් ලස්සන නැති වෙන්නේ.
හැබැයි මේ රසායනික පොහොර කාලයක් පාවිච්චි කරද්දි පසේ රසායනික සංයෝගය වෙනස් වෙනවා. රසායනික පොහොර වල කලම් වෙලා තිබුණ අවශ්‍ය දේවල් පොලොවට විශාල විදිහට එකතු වෙන්න පුළුවන්. ඒවා කුඹුරු අක්කර ගාණකට දාද්දි හැම තැනම එකතු වෙලා අපි බොන වතුරට මිශ්‍ර වෙන්න පුළුවන්, භූගත ජලයට මිශ්‍ර වෙන්න පුළුවන්. ඒකයි තෙල්, පොහොර හින්දා වකුගඩු ලෙඩ හැදෙනවා කියලා සැක කරන්නේ (දන්න තරමට මේක තාම ඔප්පු කරලා නෑ)
අනිත් අතට කොමේපොස්ට් පොහොර විතරක් දාලා ආර්ථික ලාබයක් ගන්න පුළුවන් වගාවක් කරන එකත් පට්ට අමාරුයි. හොදම ක්‍රමේ තමා මේ දෙක බැලන්ස් කරලා අතරමැද ක්‍රමයකට යන එක. මේ දෙකෙන් කොයි අන්තෙට ගියත් වැඩක් වෙන් නෑ.
මෙච්චර වෙලා කොම්පොස්ට් පොහාර කිව්වට ඇත්තටම කොම්පොස්ට් කියන්නේ පොහොරක් නෙමෙයි මාධ්‍යයක්.