වයර් මාරු වීම
වැලන්ටයින් එකට සිල් ගත්තෙමු
වෙසක් එකට ජෝඩු පිටින් ගොස්
අඳුරු භූත ගුහා අස්සේ රිංගුවෙමු
නූගත් මැරයන්ට වැඳ පුදා
ඔවුන්ව ජන නායකයන් කලෙමු
භාහු භාණ්ඩික කාමභෝගී පරපුටු
ආගමික පූජකයන්ට නමස්කාර කලෙමු
අපල උපද්‍රව තිබෙනවා කියූ කූටයන්ට
සේසත පුදා සාන්තිකර්ම කර ගත්තෙමු
මුඛයෙන් හුස්ම ගත්තෙමු
නාසයෙන් බත් කෑවෙමු
වැලන්ටයින් එකට සිල් ගත්තෙමු
වෙසක් එකට ජෝඩු පිටින් ගොස්
අඳුරු භූත ගුහා අස්සේ රිංගුවෙමු
නූගත් මැරයන්ට වැඳ පුදා
ඔවුන්ව ජන නායකයන් කලෙමු
භාහු භාණ්ඩික කාමභෝගී පරපුටු
ආගමික පූජකයන්ට නමස්කාර කලෙමු
අපල උපද්‍රව තිබෙනවා කියූ කූටයන්ට
සේසත පුදා සාන්තිකර්ම කර ගත්තෙමු
මුඛයෙන් හුස්ම ගත්තෙමු
නාසයෙන් බත් කෑවෙමු

