වයස අනුව නිදාගන්න හොඳම වෙලාව දන්නවද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    නින්ද කියන්නේ මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍යම දෙයක්. දවස පුරා වෙහෙසෙන අපේ ශරීරයට නිදහසක් ලැබෙන්නේ නිදාගන්න වෙලාවට. අපේ ශරීරයේ තියන ඇතැම් අවයව වලට දවසේ ප්‍රමාණවත් කාලයක විවේකයක් අවශ්‍යමයි. එහෙම විවේකයක් නොලැබුනොත් බොහෝ වෙලාවට ඒ අවයක අකර්මණ්‍ය වෙන්න තියන ඉඩකඩ වැඩියි.

    කලින්ම ඇඳට - උදෙන්ම අවදිවෙමු!

    සාමාන්‍යයෙන් පොදුවේ කියන දේ තමයි වේලාසනින් නින්දට ගිහින් උදෙන්ම අවදිවෙන එක සෞඛ්‍යයට හිතකරයි කියලා. ඒත් අද වෙද්දි රැකියා කටයුතු, ගේ දොර වැඩ, අධ්‍යාපන කටයුතු එක්ක ඒක හැමදාම ඒ විදිහට කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්.

    ඒ නිසා වඩාත් හොඳම දේ තමයි නින්දේ කාලසීමාව සහ හැමදාම එක හා සමාන කාලසීමාවක් නිදාගන්න එක පවත්වාගෙන යාම. ඒ කියන්නේ දවසට අපි මෙන්න මෙච්චර පැය ගණනක් නිදාගන්නවා කියලා තීරණය කරනවනම් හැමදාමත් ඒ පැය ගාණ දිගටම පවත්වගෙන යන එක. නිදාගන්න රාත්‍රී අඳුර කියන එක ඉතාම වැදගත්. මොකද රාත්‍රී කාලයේ තියන කාළගුණික තත්ත්වය නිසා නින්දට පහසුයි, ඒ වගේම රාත්‍රිය ශරීරය විවේකීව තබන්න හොඳම වෙලාව.

    වයස අනුව ශරීරයට අවශ්‍ය නින්දේ පැය ගණන

    සාමාන්‍යයෙන් එක් එක් මනුෂ්‍යයාගේ වයස අනුව ශරීරයට අවශ්‍ය නින්දේ පැය ගණන වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කුඩා දරුවෙක්ට අවශ්‍ය නින්ද වැඩියි. ඔබේ වයස අනුව ඔබගේ ශරීරයට අවශ්‍ය නින්දේ පැය ගණන මෙන්න මේ වගේ,

    වයස මාස 0 සිට 3 දක්වා - දිනකට පැය 14-17 අතර
    වයස මාස 4 සිට 12 දක්වා - දිනකට පැය 12-16 අතර
    වයස අවුරුදු 1 සිට 2 දක්වා - දිනකට පැය 11-14 අතර
    වයස අවුරුදු 3 සිට 5 දක්වා - දිනකට පැය 10-13 අතර
    වයස අවුරුදු 6 සිට 12 දක්වා - දිනකට පැය 9-12 අතර
    වයස අවුරුදු 13 සිට 18 දක්වා - දිනකට පැය 8-10 අතර
    වයස අවුරුදු 18 සිට 60 දක්වා - දිනකට අවම පැය 7 ක්
    වයස අවුරුදු 60 සිට 64 දක්වා - දිනකට පැය 7-9 අතර
    වයස අවුරුදු 65 ට වැඩි - දිනකට පැය 7-8 අතර

    ඒ නිසා පොඩි දරුවෝ රෑ වෙලා නින්දට ගිහින් පාන්දර අවදිකරවන එකෙන් දරුවන්ගේ ශරීරයට අවශ්‍ය නින්ද අහිමි වෙනවා. ඒ වගේම වැඩිහිටියන්ටත් ශරීරයට අවශ්‍ය නින්ද නොලැබෙන එක බොහොම නරක තත්වයක්.

    නින්ද අඩුකම නිසා ඇතිවන අහිතකරතා

    සාමාන්‍යයෙන් ඔබට දවල් කාලයේ තද නිදිමතක් එනවනම් ඒකෙන් කියන්නේ ඔබේ රාත්‍රී නින්ද මදි කියන එක. ඒ වගේම ශරීරයට විවිධ අපහසුතා, අමතකවීම් වගේම විවිධ අනතුරු සිදුවෙනවා වැඩිනම් ඒ හැමදේකටම වගේ හේතුව නින්ද මදිකම නිසා ඇතිවන අක්‍රමිකතාවන්. දීර්ඝ කාලයක් තිස්සේ ශරීරයට අවශ්‍ය නින්ද නොලැබීම නිසා නිතර අසනීපවීම්, අධික රුධිර පීඩනය, දියවැඩියාව, මානසික ආතතිය වැනි රෝගී තත්වයන් පවා ඇතිවිය හැකියි.

    නින්ද වැඩිවුණත් ප්‍රශ්න

    සමහරු ඉන්නවා දවසේ සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා නිදාන්න අය. ඒ කියන්නේ හොඳින් වැඩුණු තරුණ වයසේ පසුවෙන කෙනෙක් රෑ 9 ට විතර නින්දට ගිහින් අවදිවෙන්නේ උදේ 8 ට විතරනම් සාමාන්‍යයෙන් දවසකට පැය 11 විතර නිදාගන්නවා. සතියක කාලයක් සලකා බැලුවොත් පැය 77ක් නිදාගෙන, අවදියෙන් ඉඳලා තියෙන්නේ පැය 91ක් විතරයි.

    නමුත් තරුණ වයසේ පුද්ගලයෙක්ට දවසකට අවශ්‍ය නින්ද පැය 7 ක වගේ කාලයක්. ඒ කියන්නේ රෑ 10 ට විතර නින්දට ගිහින් උදේ 5 ට විතර අවදිවුණාම ඒ නින්ද හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා නින්ද වැඩිවුණත් ප්‍රශ්න තමයි. අධික විදිහට නිදාගැනීම නිසා විවිධ සංකූලතා ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හෘද රෝග, මානසික ආතතිය, ඇදුම, පාර්කින්සන් රෝගය, තෛරොඩ් ග්‍රන්ථියේ රෝග වැනි තත්ත්වයන්.

    ඇඳට යන්න හොඳම වෙලාව

    මේක තීරණය වෙන්නේ ඔබේ වයස අනුව ඔබේ ශරීරයට අවශ්‍ය නින්දේ පැය ගණන සහ උදේ ඔබට අවදිවෙන්නට අවශ්‍ය වෙලාව අනුව. මේක සූත්‍රයක් විදිහට හදාගත්තොත් හරි පහසුයි.

    නින්දට යා යුතු වෙලාව = උදේ අවදිවිය යුතු වෙලාව - වයස අනුව අවශ්‍ය නිදි පැය ගණන.

    උදාහරණයක් විදිහට ඔබ වයස අවුරුදු 13-18 අතර කෙනෙක් නම් සාමාන්‍යයෙන් දවසකට පැය 8-10 අතර නින්දක් අවශයි. ඒ නිසා ඔබ දිනපතා පැය 9ක විතර කාලයක් නිදාගන්න තීරණය කරනවනම්, ඔබට උදේ 6 ට දිනපතා අවදිවෙන්න අවශ්‍යනම් සාමාන්‍යයෙන් ඔබට රාත්‍රී 9 ට විතර ඇඳට යන්න පුළුවන්නම් ඉතා හොඳයි. මේ විදිහට කාලයක් නින්ද ස්ථාවරව පවත්වාගෙන යද්දි ඔබේ ශරීරයට දැනෙන පහසුව සහ සෞඛ්‍යසම්පන්න බව ඔබටම වැටහේවි.

    උපුටා ගැනීම - www.her.lk
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    " දිනකට අවම පැය 7 ක් " - magulak katha kranwa. :angry:, average 5hrs thamai.

    වයස අවුරුදු 18 සිට 60 දක්වා - දිනකට අවම පැය 7 ක් - meka kohomath practical naa. lamai podi kale kohomda 7hrs nidaganne.
     
    • Like
    Reactions: windows_ubuntu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    " දිනකට අවම පැය 7 ක් " - magulak katha kranwa. :angry:, average 5hrs thamai.

    වයස අවුරුදු 18 සිට 60 දක්වා - දිනකට අවම පැය 7 ක් - meka kohomath practical naa. lamai podi kale kohomda 7hrs nidaganne.
    අවුරුදු 18-60 අතරේ ළමයි නෑනේ.. සාමාන්‍යයෙන් මේක පොදු පිළිගැනීම සහ සෞඛ්‍ය ගැන හිතන අයට නිදාගන්න හොඳ වෙලාව. දවසට පැය 5 ගානේ නිදාත්තම ඉතින් ප්‍රතිඵල ලැබෙනවා අවුරුදු 30-40 පනිද්දිම :yes: