ඊයේ උදේ මගේ ෆිට් යාළු අක්කා කෙනෙක් මට කෝල් කරා. ඒ අක්ක මාරම ලස්සනයි. හරියට නිකන් අර Actress පුජා උමර්ශේකර් වගේ. එයා යාළු වෙලා හිටියේ ලංකා බැංකුවේ වැඩ කරන කොල්ලෙක් එක්ක . උට ලංකා බැංකුවේ හොඳ තනතුරකුත් තිබ්බා. ඌ හෙන හැන්ඩි ඩයල් එකක්. මුන් දෙන්නා ලව් එක නැවැත්තුව දැනට මාස හයකට කලින් වගේ.
ඊයේ උදේ මේ අක්කා කෝල් කරලා කියනවා මල්ලි මම මැරී කරනවා. රෙජිස්ටර් කරනවා ලබන මාසේ . උබ අනිවාර්යයෙන්ම වරෙන් කියලා. ඉතින් මම ඇහුව කවද මැරී කරන්නේ කියලා. පස්සේ මෑන්ස් ගේ FB ප්‍රොෆයිල් එක එවුවා. හත්වලාමේ මම ඌව දන්නවා. ඌ ඇවිල්ලා මගේ යාලුවෙක්ගෙ බොසෙක්. හැබැයි පට්ට සල්ලි තියන පොරක්.
ඌ ඇවිල්ල හද්ද නාකි ඩයල් එකක්. උට වයස 39. අක්කට වයස 23 කියහන්කෝ. අඩෝ මට තේරෙන්නේ නැහැ බන්. මේකිට වෙන කොල්ලෝ නැද්ද බන්. අනෙක බන් අක්කගේ ෆැමිලි එකට නොසෑහෙන සල්ලි තියන බිස්නස් ෆැමිලි එකක්. ලංකාවේ ලොකුම Company එකක ඩිරෙක්ටර් කෙනෙක් තමයි අක්කගේ තාත්තා. අක්කගේ තාත්තා පදින්නේ BMW එකක්. අක්කට අරන් දීලා තියෙන්නේ peugeot 3008 එකක්. තව ගෙදර අයට වෙනම වාහන බන්. මෙයා බඳින නාකියටත් මම හිතන්නේ ටිකක් ලොකු IT Company එකක් තියනවා. අඩෝ මට තේරෙන්නේ නැහැ මෙකි මෙච්චර මෝඩද කියලා බන්. මේ අක්ක ගොඩක් ලස්සනයි. අර නාකියත් හැන්ඩි එකෙක්. ඒත් උට වයසයි. එක්කෝ උගේ හැන්ඩි කමට රැවටුනාද. නැත්නම් සල්ලි වලට වහ වැටුනා කියලා කියන්නත් බැහැ මොකද මේ අක්කට සල්ලි තියනවා.
මම හිතන්නේ අක්කගේ දෙමවුපියෝයි බදින්න යන එකයි අතර වයසින් ලොකු ගැප් එකක් නැහැ. බදින එකාට වඩා දෙමුපියෝ වයස අවුරුදු 6 හෝ හතකින් වඩා වැඩි ඇති. ඔලුවත් එක්ක අවුල් උනා බන්.