වයින් පිලිබඳ දක්ෂතාවය

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    වයින් පිලිබඳ දක්ෂතාවය

    85481189.jpg




    ඔන්න දවසක් තරුණයෙක් ලස්සන තරුණියක් සමඟ අවන්හලකට ගියා. පලමු වතාවට තරුනියක් සමඟ ගිය නිසා තමා සතු වූ වයින් පිලිබඳ දක්ෂතාවය පෙන්වා ඇයව විස්මයට පත් කරන්නට ඔහු සිතුවා.
    මේ සඳහා ඔහු මුලින්ම අවන්හලේ සේවකයෙක් අමතා “මට 1985 කානරස් වල හදපු ස්ටර්ලිං චාබර්නෙට් සවිග්නන් වයින් එකක් ගේන්න” යැයි කීමය.
    සේවකයාද එය ගෙනත් දුන් අතර තරුණයා එයින් උගුරක් බී “නෑ නෑ මේක 1987 හදපු කැලිස්ටෝගා අසල පිහිටි උතුරු මුහුදු වෙරලේ මිදි වත්තක හදපු වින්ටේජ් කියන වයින් ජාතිය. මට මම කියපු වයින් එක ගේන්න” යයි කීහ.
    සේවකයා දෙවන බෝතලයත් රැගෙන ආහ. තරුනයා එයිනුත් උගුරක් බී “මේක 1985 හදපු බව ඇත්ත, ඒත් හෙලේනා කඳුකරේ මිදි වත්තක හදපු එකක්” යයි කීහ.
    මෙම නාටකය බලාසිටි මැදිවියේ මින්හෙක් “නියමයි, අදහගන්නත් බෑ, ඔයාට තියෙන්නෙ පුදුම හැකියාවක් නේ, අනේ මේ මගේ වයින් වීදුරුව ගැනත් කියන්න පුළුවන්ද?” යැයි පවසමින් තම වයින් වීදුරුව තරුණයාට දුන්හ.
    තරුණයා එයින් ද උගුරක් බී “මගෙ දෙයියනේ, මේකෙ මුත්‍රා රස නේ එන්නෙ.” යයි කීවේය.
    මිනිහාද පෙරලා “ඔව් ඔබ හරි, ඔය තියෙන්නෙ මගේ චූ. දැන් මට කියන්න කවදා – කොහේදිද මම ඉපදිල තියෙන්නෙ කියලා.”


    :lol:
    REP+