ලංකාදීප දෙයියෝ සාක්කි විගේෂාංගය !!!!

මඟුල් දා රෑ අලි ජංජාලයක්
ඔහු හමුදා සෙබළෙකි. එකම සේවය කරන මිතුරකුගේ මාර්ගයෙන් ඔහුගේ නැගණිය හා ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද චාරිත්‍රානුකූලව මනාලිය කැඳවාගෙන ගියේ මනාලියගේ නිවසේ පැවති මංගල්යප උත්සවයකින්ද අනතුරුවය.
මනාලිය කැඳවාගෙන යන දිනයේ මනාලයාගේ නිවසේද සාදයක් පැවැත්වුණු අතර උදව් පදව් කිරීම සඳහා බොහෝ ඥාතීහුද පැමිණ සිටියහ. ඒ අතර මනලයාගේ නෑනා කෙනකු වන විවාහක එක් දරු මවක් බොහෝ වෙහෙස මහන්සි වී උදව් පදව් කරමින් සිටියයා.
රාතරි මහ කාලයේද මංගල සාදය පැවති අතර කා බී නටා ගයා විනෝද වී සියලූ දෙනා රාත්‍රී 12ට පමණ පසු ඉඩ කඩ ඇති පරිදි නින්දට ගියේය.
මුලින් සඳහන් කළ නෑනාගේ ස්වාමිපුරුෂයා අඩ නින්දෙන් හදිසියේ දුටු දෙයින් ඔහුට තරු විසිවිය. ඔහු දුටුවේ තම බිරිඳ මනමාල මස්සිනා සමග බෑගයක්ද රැගෙන හොර රහසේ නිවසින් පිටව යන ආකාරයයි.
ඔහුගේ විලාප හඬින් අවදි වූ නිදාගෙන සිටි පිරිස නැගිට ජෝඩුව පිටුපස මාර්ගයට බැස ලූහුබඳින්නට විය. අලූත් මනාලිය මහ හඬින් හඬන්නට පටන් ගත්තේය.
ටික දුරක් ලූබු බැඳ ජෝඩුව තම ගර්ත හනයට ගැනීමට පිරිස සමත්වූ අතර බැන වදිමින් ගුටි බැට දෙමින් යළි නිවසට කැඳවාගෙන පැමිණියහ. එහෙත් නෑනා පැවසුවේ මස්සිනා සමග කෙසේ හෝ යන බවය.
අඩදබර මැද පැයක පමණ කාලයක් ගතවිය. එක් අයකු මහ හඬින් පැවසුවේ මෙම දෙදෙනා පෙනෙන්නට නොමැති බවයි. සියලූ දෙනා එකතුවී සොයා බැලීමේදී හෙළි වූයේ දෙවෙනි වරටත් කාටත්හොරා ජෝඩුව රහසේ පැන ගොස් ඇති බවය.
ගනුදෙනුකරු බලා සිටියදී ඉතුරු සල්ලි හිඟන්නකුට දීලා
වෙළෙඳ සැලකින් රුපියල් 150 කට භාණ්ඩ මිලට ගෙන දුන් රුපියල් පන්සීයේ ඉතිරි මුදල හිඟන්නකුට දීමේ පුවතක් මහනුවරට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
එය මහනුවර නගරයට නුදුරින් පිහිටි ගම්මානකි. එහි ඇති මධ්ය්ම පරිත්මාණයේ කඩයකි. නිතරම ගනුදෙනුකරුවන් නොපැමිණෙන හෙයින් කඩයේ හිමිකරු පමණක් එම කඩයේ වෙළෙඳ කටයුතු කරගෙන යයි. මෙම සිද්ධිය වූ දින එක් ගනුදෙනුකරුවකු පැමිණ වෙළෙඳසලේ ඉස්සරහ කොටසේ සිට රුපියල් 150කට බඩු ගෙන රුපියල් 500 කොළයක් දුන්නේය. මේ අවස්ථාවේ වෙළෙඳ සලේ හිමිකරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණු අතර එය කනේ තියාගෙනම ඔහු මුදල් ලාච්චුව අසලට ගියේ රුපියල් 500 මාරු කර 150 ලබාගෙන ඉතිරි මුදල් ලබාදීම සඳහායි.
ඒ අවස්ථාවේ මුදල් ලාච්චුව අසලට පැමිණි යාචකයකු අත දික් කළේය. දුරකථන ඇමතුමේ එල්ලී සිටි වෙළෙඳසල් හිමියා තමා ඉදිරියේ සිටින්නේ තමන්ගෙන් බඩු ගත් ගනුදෙනුකරු යැයි සිතා ඔහුගේ ඉතිරි රුපියල් 350ම ඔහුට දුන්නේය.
යාචකයා එය ලබාගෙන ක්ෂණයෙන් මාරුවිය. ටික වේලාවකින් දුරකථන ඇමැතුම අවසන් කළ වෙළෙඳසල් හිමියාට තම ගනුදෙනුකරු තවමත් වෙළෙඳසල ඉදිරියේ රැුඳී සිටින අයුරු දැක ඇයි දැයි ඇසීය. එවිට ඔහු තමන්ගේ ඉතිරි මුදල් ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේදී කුමක් හෝ වැරදීමක් සිදුව ඇති බව දැන ගත් ඔහු ඒ පිළිබඳව සොයා බැලීමේදී තමන් ඉතිරි මුදල් දී ඇත්තේ යාචකයකුට බව දැන ගන්නා විට ඔහු ඇසට නොපෙනෙන දුරකට ගොස් සිටියේය.
පාරිභෝගිකයාට ඔහුගේ ඉතිරිය දෙද්දී කඩහිමියාගේ මුහුණේ සතුටක් නම් නොවීය.
දුරකතන ඇමතුමක් අරන් අපූරු පොල්ලක් තියල ගිහින්
ව්යාපාරිකයෙකි. ගමන බිමන වටිනා රියකිනි. ජංගම දුරකතනය භාවිතයක් නැත්තෙකි. දුර ඇමතුමක් ගතයුතු වූ විටදී දුරකතන මධ්යිස්ථානයකට හෝ තැපැල් කන්තෝරුවකට යාම ඔහුගේ සිරිතය.
පසුගිය දිනෙක තැපැල් කාර්යාලයකට ගිය ඔහු යුවතියක වූ උපතැපැල් ස්ථානාධිපතිවරියට දුරකතන අංකයක් පවසා එයට ඇමතුමක් ගෙන දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඇමතුම අවසන්ය. මුද්රි ත බිල්පත තැපැල් ස්ථානාධිපතිනිය තරුණ ව්යාරපාරිකයා අත තැබුවාය. එහි මුදල රුපියල් දහඅටක් ලෙස සඳහන් විය. දැඩි විමසිල්ලෙන් ඒ දෙස බැලූ ව්යාණපාරිකයා මිස් මට රුපියල් දෙකක් දෙන්නැයි ඉල්ලූවේය. ඇය ඔහු අත රුපියල් දෙකේ කාසියක් තැබීය. ”එතකොට මිස් රුපියල් විස්සයි” මම හෙට රුපියල් විස්ස ගෙනවිත් දෙන්නම්” කියා ඔහු සිය රථයට ගොඩවූයේ තැපැල් ස්ථානාධිපතිනිය තුෂ්ණිම්භූතව බලා සිටියදීය.
කර කියාගත දෙයක් නොවූ උපතැපැල් ස්ථානාධිපතිනිය සිය අත්බෑගය විවර කර රුපියල් විස්සක් ගෙන ලාච්චුවට දැම්මේ විගණන ගැටලූවක් ඇතිවීම වැළැක්වීම සඳහාය.
වැසිකිළියේ හංගා තිබූ අබලන් රේඩියෝවට කැමරාවකැයි බයවෙලා
වියළි කලාපයට අයත් ගරාIZEමීය නගරයක් වූ සෞඛ්යඩ වෛද්යැ නිලධාරි කාර්යාලයකි. එහි සේවිකාවක් උදෑසනම වැසිකිළියටගොස් වහාම ආපසු ආවේ එහි කැමරාවක් වැනි යමක් සවිකොට ඇති බව පවසමිනි.
මේ කතාව ඇසූ සේවක සේවිකාවෝ මහත් කුතුහලයට පත්ව කළ කතාබහ ආයතනය භාර වෛද්යබ නිලධාරියාගේ කනට ද ගියේය. ඔහුට තරු පෙනුණේ මෙවන් සිදුවීමක් නිසා වෛද්යනවරුන්ගේ වැඩ තහනම් වූ බව මෙනෙහිවීම නිසාය.
කීප දෙනෙකු සමඟ කඩිනමින් එම ස්ථානයට ගිය වෛද්යේ නිලධාරියාට මෙහි කිසියම් සත්යරතාවක් පෙනුණි. වැසිකිළියේ කවුළුවක වූ මේ ”කැමරාවට” කොහු මිටකින් තට්ටු කළ සේවකයකු එය පසෙකට දැමූ පසු අවබෝධ වූයේ පෙරදින කාර්යාලයේ සිදුකළ ඩෙංගු මර්දන ශරයේ මදානයේදී කසළ ගොඩක තිබූ අබලන් ”පෑන් විදුලි පන්දමක්” සහ පොකට් රේඩියෝවක කොටස් කිහිපයක් සේවකයකු මේ වැසිකිළි කවුළුවේ තබා ඇති බවක්ලූ.
පාර අයිනේ සුළුදිය පහකළාට ඉත්තෑවකුගෙන් දඬුවමක්
අඳුර වැටෙමින් තිබූ ගොම්මන් වෙලාවේ කට ගොන්නක් බීගෙන කැලෑබද පාරකින් ගමන් කරමින් සිටි මැදිවියේ පුද්ගලයකු පාර අයිනේ සුළු දිය හලන්නට ගොස් යක්ෂ පර පාහාරයකට ලක්වීමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය. සිද්ධිය සැකෙවින් මෙසේය. මහනුවර නගරයට නුදුරු කුඩා ගම්මානයක මෙය සිදුවිය. කුලී වැඩක් කරමින් සිය පවුල නඩත්තු කරන ඔහු වැඩ අවසන් වී හවස් කාලයේ ඇඟපතේ වේදනාවට යැයි කියමින් මඳක් ඇඟ රත්කර ගැනීම සිරිතක් වශයෙන් කරගෙන ආවේය. පසුගිය දිනෙක ඔහුට වැඩ කරන්නට සිදුවූයේ ගමේ සිට සැතපුම් තිහක් පමණ දුරකය. ඔහු වැඩ අවසන් කර ගමට එනවිට රෑ බෝ වී තිබූ අතර අඳුරේම ඔහු වත්තක් මැදින් වැටී තිබූ කුඩා දෙවැට දිගේ නිවස කරා ගමන් කරන්නට විය. ඔහු මඳක් බීමත්වද සිටි බැවින් ඔහුට ඉවසා ගත නොහැකි මුතරබූ බරක් ඇතිවිය. ඔහු කළේ සිය අවශ්යහතාව සපුරා ගැනීම සඳහා කළුවරේම පාර අයිනට යාමය. ඔහුට කිසිවක් හිතා ගන්නට වේලාවක් ඉතිරි නොකරම එක්වරම ඔහුගේ කලවා පරරා දේශයට යක්ෂ පරමය හාරයක් එල්ල විය. ඔහු පරිර දේශය දෙවනත් කරමින් කෑ ගසාගෙන දිව යන්නට විය. ඔහු නැවතුණේ නිවසටම දිව ගොස්ය. හති දමමින් දිව එන සිය සැමියා දුටු බිරිඳ බියට පත්ව කරුණු විමසීය. ඔහු කීවේ තමන්ට යකෙක් ගැසූ බවයි. ඔහුගේ සරම ලෙයින් තෙත් වී තිබිණ. අනතුරුව පරීක්ෂා කිරීමේදී ඔහුගේ කලව පරතමනදේශයේ ඉත්තෑකූරු කිහිපයක්ම දක්නට ලැබිණ. මොහු සුළු දිය හලන වෙලාවේ එම ස්ථානයේ සැඟව සිටි ඉත්තෑවකුගේ ඇඟට වැටී තිබේ. එයින් කෝප වූ ඉත්තෑවා සිය කූරු විසිකර ගසා ඇති බව පසුව අනාවරණය විය.
බැංකුවේ තැන්පත් කරන්න දුන් රු. 1000ට සුළු සේවකයා විදලා
අත්යවශ්ය කරුණක් සඳහා, තම දියණියගේ ගිණුමට රුපියල් දහසක් දැමීමට ආරක්ෂවක නිලධාරිනියකට අවශ්ය[ විය. ඇය තාවකාලිකව සේවයේ යෙදී සිටි පිරිසුදු කිරීමේ සේවකයකුට ඒ බව පැවසූ විට, ”එහෙනම් සල්ලි දෙන්න. මමත් දැන් බැංකු යනවා” හෙතෙම කීය.
බැංකුවට ගොස් පැමිණි ඔහුගෙන් ”කෝ සල්ලි දාපු රිසිට් එක?” යැයි විමසූ විට ඔහු පැවසුවේ තමා දන්නා බැංකු නිලධාරියකුට මුදල් දුන් බවත්, රිසිට් පතක් නොලැබුණු බවත්ය. පැය කිහිපයකින් ආරක්ෂමක නිලධාරිනියගේ දියණිය ඇමතුමක් දී මුදල් ලැබී නොමැති බව පැවසුවාය. ආරක්ෂ ක නිලධාරිනිය වහා සේවකයාද කැටුව බැංකුවට ගොස් කළමනාකරු හමුවී මුදල් තැන්පත් කර පැය කිහිපයක් ගත වුවත් මුදල් ලැබී නොමැති බව දැන්වූවාය.
කළමනාකරු මුදල් තැන්පත් කළ පුද්ගලයා සමඟ මුදල් කවුන්ටරය වෙත පැමිණ මුදල් බාරදුන්නේ කාටදැයි විමසූ විට පුද්ගලයා පැවසුවේ මුදල් භාර දුන්නේ කාටදැයි අමතක බවත් සමහරවිට තමා වෙනත් බැංකුවක මුදල් තැන්පත් කළාදැයි කල්පනා වෙන බවත්ය.
පුද්ගලයා වංචාවක් කරන බව වැටහුනු කළමනාකරු, ”ඔය වගේ මිනිස්සු අතේ සල්ලි එවන්න එපා” යැයි ආරක්ෂලක නිලධාරිනියට පැවසීය. ඇයත් සමඟ එළියට පැමිණ මුදල් වංචාකළ පුද්ගලයා ඇය අමතා, ”ඉන්න මම ගෙදර ගිහිල්ලා පොලියට රුපියල් දාහක් ගෙනල්ලා දෙන්නම්” යැයි පවසා එතනින් පිටවිය. ඔහු ආපසු පැමිණියේ නැත. රුපියල් දහස රැගෙන එනතුරු ආරක්ෂළක නිලධාරිනිය මඟ බලා සිටී. නාරාහේන්පිට නගරයෙන් අසන්නට ලැබිණි.
නව වසරට ගෙනා කැවිලි පාර්සලයේ පිරිමි යට ඇඳුමක්
නව වසර වෙනුවෙන් තමා සේවය කරන ආයතනයේ පැවැත්වෙන පරිිලිය සාදයට කැවුම් කිරිබත් සමග තම යට ඇඳුමද රැුගෙන ගිය තරුණ නිලධාරියකු පිළිබඳ පුවතක් වියලූවේ ආයතනයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු පරය දේශයේ එක්තරා ආයතනයක නිලධාරියෙකි. එදින ජනවාරි පළමු වැනිදා බැවින් ඔහු ආයතනයේ පැවැත්වෙන පරිගියය සාදයට ගෙදරින් දුන් කැවුම් කිරිබත් ටිකක්ද මල්ලක දමාගෙන සේවයට ගියේ එය තම යුතුකමක් කොට සලකමිනි.
කඩදාසි බෑගයක බහා තවත් බෑගයක දමා රැගෙන ගිය කැවිලි පාර්සලය ආයතනයේ හිතවත් සේවිකාවක් අතට දුන් ඔහු ‘‘මේකත් තේ මේසෙට ගන්න” යැයි පවසා සුපුරුදු රාජකාරියේ නිරත වූයේ සැමට සුබ නව වසරක් ද පරා් ර්ථනා කරමිනි.
කෙසේ වෙතත් ආයතනයේ සේවක පිිරිස් වෙන්වෙන්ව රැගෙන ආ කැවිලි පාර්සල් විවෘත කරමින් තේ මේසය පිළියෙල කළ ඔහුගේම හිතවත් සේවිකාවකට දැන ගන්නට ලැබී ඇත්තේ ඒ තුළ තිබූ කැවිලිවලට අමතරව ෂොපින් බෑගයක ඔතා තිබූ තෙත පිරිමි යට ඇඳුමකි.
මොහොතක් ගත වෙද්දී යට ඇඳුම තිබූ බෑගයද රැගෙන ඔහු සොයා ගිය අදාළ සේවිකාව පවසා ඇත්තේ ‘‘මහත්තය කැවිලි ටික නම් මේසයට තිබ්බා හැබැයි මේකනම් තියන්න බැහැ’’ යනුවෙනි.
තමා කැවිලි පාර්සලය දමාගෙන පැමිණ ඇත්තේ කලින් දින දිය නා ආපසු ගෙදර යද්දී තමා තෙත රෙදි දමාගෙන ගිය බෑගයට බව ඔහුට සිහි වන විට විය යුතු සියල්ල අවසන් වී තිබිණි. හිසේ අත ගසා ගන්නවා හැර ඔහුට කරන්නට අන්යමක්ද නොවිණි.
විදුලි මීටරය චෙක් කරද්දී දියණිය අතුරුදන්
නගරාසන්න නිවසකට විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු යතුරු පැදි දෙකකින් රෑ අටට පමණ ආවේ නිවැසියන් රූපවාහිනිය නරඹන මොහොතේය.
”සමාවෙන්න, මෙහෙ විදුලි මීටරයෙන් වැරදි විදියට විදුලිය ගන්නවා කියලා පෙත්සමක් තියෙනවා. ඒක බලන්නයි ආවේ,” ඔවුහූ කීහ. නිවසේ අය මවිතයට පත් වුවද ඊට අවසර දුන්නේ එබඳු වරදක් නොකළ නිසාය. ”පොඞ්ඩක් විදුලිය විසන්ධි කරන්න වේවි” කී ඔවුහූ නිවැසියන්ගේ කැමැත්ත මත විදුලිය විසන්ධි කළහ. ගෙහිමියෝ ද මීටරය අසලට වී අඳුරේ බලා සිටියහ.
කුඩා විදුලි පන්දමකින් මිනිත්තු ගණනක් මීටරය පරීක්ෂාකළ එක් අයෙක් ”කිසි වරදක් නෑ. සමාවෙන්න දැන් ලයිට් දාගන්න” කියා සිය යතුරු පැදිය පණ ගැන්වීය.
නොගැලපෙන පෙම් සබඳතාවක් නිසා නිවාස අඩස්සියේ සිටි බාල දුව නිවසේ නැති බව මොහෙතකට පසුව පෙනුණෙන් ඔවුන්ට දෙවියන් සිහිවිය.
පසුවදා ඔවුන්ට දැනගන්නට ලැබුණේ පෙරදා පැමිණියේ විදුලි බල මණ්ඩල සේවකයන් නොව ඇගේ පෙම්වතා සහ යහළුවකු බවයි.
ලෙඩා පැත්තක ඉද්දී වෙන ලෙඩකුගෙන් ලේ අරන්
රෝහලට ඇතුළත් කර සිටි රෝගියකු වැඩිදුර පරික්ෂාෙ කිරීම සඳහා රුධිර සාම්පලයක් ලබා ගන්නැයි කී විට එම රෝගියා සිටියදී සේවකයකු වැරදීමකින් අල්ලපු ඇඳේ සිටි රෝගියකුගේ රුධිර සාම්පල් ගෙන තිබූ සිද්ධියක් කොළඹට ආසන්න පර ස දේශයකින් අසන්නට ලැබුනි.
සිද්ධිය සැකෙවින් මෙසේය..
රෝගියා පරික්ෂාන කළ වෛද්යනවරයා වැඩිදුර පරික්ෂකණයන් සඳහා රුධර සාම්පලයන් ලබාගන්නැයි ඒ සම්බන්ධ පුහුණුව ලත් රෝහලේ සේවකයකුට පවසා ඇත. ඒ අනුව රුධිර සාම්පලයක් ලබාගෙන වෛද්යරවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ රෝගියාගේ ඇඳ අසල සිටි පවුලේ අයකුට සැක සිතී, ඔයා වැරදි රෝගියෙකුගෙන් ලේ අරන් තිබෙන්නේ. මෙයාගෙන් තමයි ගන්න ඕනෑ යනුවෙන් පැවසූ විට අනේ මටත් වැරදුණා. කමක් නෑ. එහෙනම් මෙයාගෙන් ගමු කියා නැවත ලේ ලබාගෙන සිදුවූ අත් වැරැද්දට කනගාටුව පළකර තිබේ.
ලාබෙට කණ්ණාඩි කුට්ටම අරන්දුන් මිතුරාට ප්ලේන්ටියක්වත් නෑ
ඇස්වල ආබාධයකට පැළඳිය යුතු ඇස් කණ්ණාඩියේ විස්තර ඇතුළත් තුණ්ඩුව ද රැගෙන තරුණයෙක් පිවිසියේ ඇස් කණ්ණාඩි අලෙවි සැලකටය. විවිධ මාදිලියේ කණ්ණාඩි රාමු පෙන්වූ සේවක මහතකුට තම හිත ගිය කණ්ණාඩි කුට්ටම පෙන්වූ විට ”රුපියල් පන්දහස් පන්සීයයි” ඔහු පැවසීය. ”පස්සේ එන්නම්” පැවසු තරුණයා මිතුරකු මුණගැසී ”මම කණ්ණාඩි කුට්ටමක් බැලූවා. හරි ගනන්නේ” යැයි කීවිට ” ලොකු සාප්පුවල කඩ කුලියයි, ඒසී වල වියදමයි කණ්ණාඩිවලින් අල්ලනවා. මම දන්න තැනක් තියෙනවා” යැයි පැවසූ මිතුරා තම දුරකථනයෙන් ඇමතුමක් ගෙන ෂොප් එක ඇරලලූ තියෙන්නේ දැන්ම යමු”යි කීය.
දෙදෙනා කණ්ණාඩි අලෙවි සලේ මිතුරා හමුවූහ. ඇස් කණ්ණාඩියේ විස්තරය අඩංගු තුණ්ඩුව ගත් හෙතෙම ඇස් කණ්ණාඩි රාමු කිහිපයක් මේසය මත තැබීය. මීට පෙර කණ්ණාඩි සාප්පුවේදී තේරූ කණ්ණාඩි රාමුවට සමාන රාමුවක් ඔහුගේ තේරීම විය.
”මේක රුපියල් තුන්දහස් පන්සීයයි. යාළුවත් එක්ක ආපු නිසා තුන්දහකට දෙන්නම්” සාප්පුවේ මිතුරා පැවසීය. මුදල් ගෙවූ අතර දින තුනකින් පැමිණ කණ්ණාඩිය රැුගෙන යන ලෙස දැනුම් දුනි. එළියට පැමිණි මිතුරා ඇමතූ අනෙකා ”උඹ නිසා මට රුපියල් දෙදහස් පන්සීයක ලාභයක් වුණා. උඹගේ ෆෝන් එකෙන් කතා කළාට ගානක් වියදම් වුණානේ. ඒකට මම රුපියල් පනහක රීලෝඞ් එකක් දාන්නම්” යැයි කී විට පිස්සුද? එපා මචං” මිතුරා පැවසීය.
පසුව මිතුරා හිතවතකුට පවසා තිබුණේ ”ඔච්චර ලාභයක් කරලත් මිනිහා අඩු ගානේ මට ප්ලේන් ටී එකක්වත් අරන් දුන්නේ නැහැනේ” යනුවෙනි.
සැමියාගේ මතට තිත තියන්න බයිට් පිඟානට අරළු කුඩු දාලා
දිනපතා තිතට මත්වී, නිවසටත් ගෙනැවිත් බීම පුරුද්දක් කර ගෙන සිටි බේබදු සැමියකුට බිරිය අරළු කුඩු මිශරOR බයිට් දීසියක් සාදා දී මතක හිටින පාඩමක් ඉගැන්වීමේ පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
මහනුවර දිස්තරිසා ක්කයේ දුෂ්කර ගම්මානයකින් වාර්තා වන මෙම සිදුවීම සැකවින් මෙසේය.
ඔහු මහනුවරට නුදුරු කුඩා නගරයක පෞද්ගලික ආයතනයක සුළු රැකියාවක් කළ පුද්ගලයෙකි. බිරිය රැකියාවක් නොකළ අතර දරුවන් දෙදෙනාගේ කටයුතු මෙන්ම සැමියා හා ගෙදර දොරේ දහසක් දේද කරමින් ඇය සැමියාටත් වඩා වැඩි සේවයක් කළාය. එසේ නමුත් සැමියා නිතර මත්පැන් බීමට ඇබ්බැහිව සිටීම නිසා බිරිය සිටියේ දැඩි කේන්තියෙනි. නිතර නිතර සැමියාට අවවාද කළ ද එහි කිසිදු අඩුවක් නොවීය. නිවසට එන විට මත්පැන් බී පැමිණෙනවාට අමතරව නිවෙසට ගෙනවිත් බීමටත් පුරුදු වූ ඔහු බිරිය ලවා බයිට් සාදා ගැනීම ද කළේය.
සැමියාගේ මේ කරදරයෙන් බේරීම සඳහා බිරිය දහ අතේ කල්පනා කර අවසානයේ එක් තීරණයකට එළඹුණාය. ඒ මතට ලොල් සැමියාට මතක හිටින පාඩමක් ඉගැන්වීමය.
ඒ සුපුරුදු පරිදි බීමත්ව නිවසට පැමිණි සැමියා නිවසේදී බීමට ද බෝතලයේ කොටසක් ඉතිරි කරගෙන පැමිණියේය. රාතරීිවස කෑමට පෙර ඉතිරි මත්පැන් ද පානය කරන්නට සූදානම් වූ සැමියා සුපුරුදු පරිදි බිරියගෙන් බයිට් සාදා දෙන ලෙස ඉල්ලීය. බිරිය වහාම කරිර යාත්මක වී කලින් සූදානම් කර ගෙන සිටි අරළු කුඩු මිශරි බ කර බයිට් දීසියක්ම සාදා දුන්නේය. මත්පැන් බී බයිට් දීසිය ද අහවර කළ සැමියාට තවත් ඉවසා ගත නොහැකි විය. ඒ මොහොතේ පටන් එදින එළි වන තුරු ඔහුට වැසිකිළියේ රැඳී සිටීමට සිදුවිය. බිරියගෙන් බයිට්ස් සාදා ඉල්ලීමට ද එදින පටන් නැවතීමේ තිත තැබිණි.
මාස 8කට පෙර නැතිවුණ මුද්ද මිතුරාගේ ඇඟිල්ලක
මීට මාස 8කට පමණ ඉහත දී සාලියවැව පරට පදේශයේ ව්යාගපාරික ස්ථානයක් තුළදී අතුරුදන්වූ බව කියන රන් මුදුවක් සමග සැකකරුවකු නොච්චියාගම ගාලදිවුල්වැවදී අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය කියයි.
සාලියවැව පළුගස්සේගම පරනො දේශයේ ව්යා පාරිකයකු පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකොට මුදුව සමග සැකකරු අත්අඩංගුවට ගත්බව ද පොලිසිය පවසයි.
පැමිණිලිකරු සේම සැකකරු ද ව්යාඩපාරිකයන් වන අතර එළවළු වෙළෙන්දකු වන සැකකරු පැමිණිලිකරුගේ වෙළෙඳසලට අලෙවිකිරීම සඳහා එළවළු තොග රැුගෙන එයි. වෙළෙඳ සලේ තිබූ බව කියන පවුම් භාගයක් පමණ බරැති තම රන් මුදුව අතුරුදන් වී ඇත්තේ එවන් දිනක බව ද පැවසේ.
කාලය මෙසේ ගෙවීගියේය. මේ අතර මුදුවේ හිමිකරු (පැමිණිලිකරු) කිසියම් අවශ්යමතාවකට පසුගිය දිනක තම ව්යා පාරික මිතුරා වන සැකකරු හමුවීමට ඔහුගේ නිවෙසට ගොස් තිබේ. මීට මාස 8කට උඩදී අතුරුදන්වූ තමාගේ රන් මුදුව සැකකරු ඔහුගේ අතක ඇඟිල්ලක පැළඳ සිටින අයුරු පැමිණිලිකරුට එහිදී දැක ගැනීමට හැකිවූ අතර පැමිණිලිකරු මුදුව හඳුනාගත් බව සැකකරුට දැනී ඔහු එය පැමිණිලිකරුගෙන් වසන් කිරීමට උත්සාහ ගෙන ඇත.
සිද්ධිය පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලක් මත කරිුට යාත්මක වූ පොලිසිය සැකකරුගෙන් පරෙවූශ්න කිරීමෙන් පසු ඔහු පවසා ඇත්තේ එළවළු ගෝනියක් තුළ තිබියදී මෙම මුදුව තමාට හමුවූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු හා මුදුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
රිය පුහුණුකරු කළ අනතුරෙන් නිලධාරිනියට තරු පෙනිලා
දකුණු පළාතේ වේගවත් සංවර්ධන පරිය දේශයක අපිළිවෙළට ගල් දමා තිබූ මාර්ගයක වේගයෙන් ආ කැබ් රථයක් රාජ්ය නිලධාරිනියක ගමන්ගත් මෝටර් රථයක ගැටිණි.
රාජ්ය නිලධාරිණිය ගමන් ගත් වාහනය පැදවූ රියැදුරු කැබ් රථය අසලට ආවේ ”තමුසෙට කවුද ඕයි ලැයිසන් දුන්නේ” කියාගෙනය. වරද කැබ් රථයේ බව පැහැදිලිව පෙනිණි.
කැබ් රථයේ රියැදුරු තම අසුනෙන් බසිත්ම තම වාහනයේ සිටි මාණ්ඩලික නිලධාරිණියට දෙවියන් සිහිවිය. ඒ මීට සති දෙකකට පමණ පෙර තමාට රියැදුරු පුහුණුව ලබාදුන්නේ ඔහු නිසාය.
ඇය වහාම තම රියැදුරුට ආපසු ඒමට කියා කැබ් රථයේ රියැදුරු ගුරුතුමා අසලට ගියාය. ඇය හඳුනාගත් ඔහුට මහත් ලැජ්ජාවක් ඇති විය. ”කොයි තරම් පරෙස්සමෙන් එළෙව්වත් ඔහොම දේවල් කලාතුරකින් හරි සිද්ධවෙනවා” යි කී ඔහු රාජ්ය වාහනයට සිදුව තිබූ සුළු හානිය සකස්කර දීමට ද එකඟ වූයේ ඇයගේ රියැදුරා මවිතයට පත් කරමින් ලූ.
ආබාධිතයි කී යාචකයා දිවගොස් බසයක නැඟලා
ආබාධිත අයකු ලෙස පෙනී සිටිමින් මිනිසුන් මුළා කර සිඟමනේ නිරත වූ පුද්ගලයකු තමාගේ බොරු ආබාධිතභාවය අමතක වී බසයකට දිව යාමේ සිද්ධියක් බුලත්කොහුපිටිය නගරයේදී පසුගිය දිනකදී වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය.
මෙම පුද්ගලයා මීට සති කිහිපයකට කලින් බුලත්කොහුපිටිය නගරයට ආවේ යාචක වෘත්තියෙන් මුදල් සොයා ගැනීමේ අටියෙනි. කිහිලිකරු දෙකක් ආධාරයෙන් ගමන් කරමින් ආබාධිතයකු ලෙස රඟ දක්වමින් මොහු නගරයේ තිබෙන බස්වලට ගොඩවී සිඟමන් යදිමින් මුදල් එකතු කළේය.
ඔහුගේ බොරුවල රැවටුන පරවී දේශයේ ජනතාව සිඟන්නාට අනුකම්පා කර හරි හරියට මුදල් පිනට දීමට කටයුතු කළේය. මෙලෙස එක් දිනක් සවස් යාමය පහුවන තුරු නගරයේ සිඟමන් යැදු මෙම පුද්ගලයා තේ එකක් බීමට නගරයේ බස් නැවතුම අසල කඩයකට ගොඩවූයේ තේ එකක් බී නැවත තම නිවස ලා පිටත්වීමේ අරමුණ ඇතිවය.
ඒ වන විටත් රාතරි අසය උදාවෙමින් කරුවල වැටෙමින් තිබිණි.
හෙතෙම ඉක්මනින් තේ එකක රස බැලූවේ නගරයේ සිට තම ගමට යාමට අවසන් බසය පිටත්වීමට ඒ වන විටත් වේලාව ආසන්න වී තිබුණ බැවිනි. ඔය අතරතුර බුලත්කොහුපිටිය නගරයේ සිට කෑගල්ලට ධාවනය වන අවසන් බසය පිටත්වීමට සූදානම් විය. බසය පිටත්වීමට යන බව දුටු සිඟන්නා කලබලයට පත්විය. වහාම තේ එකේ මුදල් ගෙවු ඔහු බසය වෙත දිව ගියේ කිහිලිකරු දෙක ද අමතක කරමිනි. මෙතරම් දවසක් ආබාධිතයකු ලෙස හැසිරෙමින් සිඟමන් යැදී මෙම පුද්ගලයාගේ බොරුව මෙම සිදුවීම නිසා එළිවුණ බව නගරයේ ජනතාව කියති. තවමත් එම තේ කඩයේ බොරු සිඟන්නාගේ කිහිලිකරු දෙක තිබෙනවාලූ.
මව මියගියැයි යෙහෙළියන්ට බොරු කියා මුදල් එකතු කරලා
ඇය වෙනත් පළාතකින් පැමිණ පාඨමාලාවක් හැදෑරුවේ බෝඩිමක සිටය. දිනක් ඇය බෝඩිමේ අනෙක් තරුණියන් අමතා, බලන්නකෝ අපේ අම්මාගේ ඉඩමේ කොටසක් අල්ලපු ඉඩමේ මිනිස්සු බලෙන් අල්ලගෙන. මල්ලී ඒ ගැන කතා කරන්න ගියාම මල්ලිට පොලූ පාරක් වැදිලා. දැඩි සත්කාර ඒකකයේලූ යැයි සුසුම්ලමින් පැවසුවාය. බෝඩිමේ තරුණියෝ සහෝදරයා බැලීමට යෑම සඳහා මුදල් ලබා දුන්හ. මේ අතර දිනක් ඇය, තම නිවෙස කිසිවකු විසින් ගිනිතබා ඇති බවත්, දැන් තමනට ඉන්නට තැනක් නොමැති බවත් පැවසුවාය. ඇය සමඟ පාඨමාලා හදාරන අනෙකුත් තරුණ තරුණියන් මැදිහත්වී රුපියල් පනස් දහසක් එකතු කර දුන්හ.
කාලයක් ගතවිය. දිනක් තරුණියට දුරකථන ඇමතුමක් ලැබුණි. ඇය කෑ ගසමින් විලාප දෙන්නට වූවාය. මට ඉඳලා වැඩක් නැහැ. මගේ දුප්පත් අම්මා අසනීපවෙලා ඉස්පිරිතාලෙට ගෙනියද්දි අන්තරාප දවෙලා. ඇය සිහිසුන්ව බිම ඇද වැටුණාය. ඇය සිහි ගැන්වූ යෙහෙළියන් ඇය සමඟ ගමට යෑමට උත්සාහ කළත් ඇය එය පරප දතික්ෂේසප කරමින් පැවසුවේ මවගේ මෘත දේහය තැබීමට සිදුවන්නේ ඥාති නිවසක බවත්, එහි ඉඩකඩ ප් රමාණවත් නොවන නිසා රැුගෙන යෑමට නොහැකි බවත්ය. දින කිහිපයකින් ඇය යළි පැමිණියාය. මවගේ මළගම පිළිබඳව හරි විස්තරයක් නොපැවසූ නිසාත්, ඇයගේ හැසිරීම් රටාව නිසාත්, ඇය පිළිබඳව සැක පහළ කළ ආයතනයේ උසස් නිලධාරිනියක් කෙසේ හෝ ඇය පිළිබඳ විස්තර තරුණියගේ ගරාරට මයේ ගරාය පමනිලධාරී මහතාගෙන් ලබා ගත්තාය. ඒ අනුව අනාවරණය වූයේ තරුණියගේ මව ජීවත්ව සිටින බවත්, ඇයගේ නිවෙසට කිසිම ආපදාවක් සිදුවී නොමැති බවත්, ඇයගේ සහෝදරයා කිසිම අනතුරකට මුහුණපා නොමැති බවත්ය.
බීමතින් අෂ්ටක කිව්වාට මනාලියගේ පියා දෙහි කපලා
මංගල්ය උත්සවවලදී පෝරුවේ චාරිතරෂ්ට ඉටුකිරීම කලක් තිස්සේ කරගෙන ගිය ඔහු මත් වතුරට ලැදි බව පරගල දේශවාසීන් දැන සිටියත් දුර බැහැර අය දන්නේ නැත.
කඩවසම් පෙනුමත්, සුපිරි ඇඳුම් කට්ටලයත් මුඛරි කතාවත් නිසා ජනපරිරගලය වූ ඔහුට මඟුල් පෝරුවක අෂ්ඨක කීමට ඇරියුමක් ලැබුණේ ගමට තරමක් දුර සබරගමුව පළාතේ උප නගරයක් අසල නිවෙසකිනි.
උදේම මඟුල් ගෙදර ගියත් පෝරුවේ නැකත එන තුරුම ඔහු පෙනෙන්නට නොවීය. මොහොතකින් ඥාතියකු ඔහු කැඳවාගෙන ආවේය. එහෙත් ඒ වන විට ඔහු සිටියේ බමන ගතිනි.
පෝරුවේ චාරිතරආවේ වාරිතරවන ඉටු කළත් එහිදී කළ ගායනා විලාසය අමුතු විය. වැඩිපුරම කියැවුණේ මහා පරායතනණ අකුරුය. ඇතැම් වචන පුනරුච්චාරණය විය. මනාලියගේ පියාට යකා වැහිණි.
ඔහුගේ ගනුදෙනු පියවා වහාම ආපහු යවන්නැයි පියා කීවේ කෝපයෙනි. ”තවත් මේ වගේ බේබද්දන් මේවට ගාව ගන්න එපා” යැයි ඔහු කීවේය. ”මේ වගේ හිඟන මඟුල් ගෙවල්වල මාත් එන්නේ නැහැ”යි ඔහුත් කීවාලූ.

Last edited:
Rep++++