වයින්_බිව්වම_පව්_වෙන්නේ_කොහොමද_?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වයින්_බිව්වම_පව්_වෙන්නේ_කොහොමද_?

    වයින් බිව්වම පව් වෙන්නේ කොහොමද ???

    සිරිපාල : හාමුදූරුවනේ . . . මිඳි කන එක පවක්ද ?

    හාමුදුරුවෝ : නෑ පිංවත . . .

    සිරිපාල : එතකොට වතුර බොන එක ?

    හාමුදුරුවෝ : අපෝ නැහැ පිංවත . . .

    සිරිපාල : එතකොට මිඳි වලට වතුර දාලා පල්කරලා පෙරලා හදන වයින් බිව්වම පව් වෙන්නේ කොහොමද ?

    හාමුදුරුවෝ : සිරිපාල පිංවත . . . මා ඔබට මේ පස් ටිකෙන් ගැහුවොත් රිදෙනවද ?

    සිරිපාල : නෑ හාමුදුරුවනේ . . .

    හාමුදුරුවෝ : සිරිපාල පිංවත . . . එහෙනම් මා ඔබට මේ වතුර ටිකෙන් ගැහුවොත් රිදෙනවද ?

    සිරිපාල : හෙහ් ! නෑ හාමුදුරුවනේ . . .

    හාමුදුරුවෝ : එහෙනම් මේ පසුයි වතුරයි කලවම් කරලා . . . වේලලා, ගඩොලක් හදලා . . . ඒකෙන් ඔබට ගැහුවොත් රිදෙනවද සිරිපාල පිංවත . . .

    සිරිපාල : හුටා . . .


    4i0k4_th.jpg
     
    Last edited:
    • Like
    Reactions: rukmalranaweera