වයිබර් රහස්පද හුවමාරුව එපා

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වයිබර් රහස්පද හුවමාරුව එපා

    වයිබර් රහස්පද හුවමාරුව එපා


    wiberwats.jpg
    “වයිබර්, වට්ස්ඇප්” වැනි ජංගම දුරකථන යෙදවුම් භාවිතයේදී ඒවාට අයත් සංකේත දත්ත හා රහස් පද එකිනෙකා අතර හුවමාරු කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවා සිටී.වෙනත් පුද්ගලයන්ගේ දුරකථන අංක භාවිතා කරමින් ව්‍යාජ ලෙස සකසන දුරකථන යෙදවුම් ගිණුම් පිළිබඳව පැමිණිලි රැසක් දැනටමත් තම සංසදය වෙත ලැබි ඇති බවත්, ඒ අනුව මෙම යෙදවුම් භාවිතයේදී වඩාත් ප්‍රවේශම් විය යුතු බවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන ආරක්ෂක තොරතුරු ඉංජිනේරු රොෂාන් බන්දුගුප්ත මහතා පවසයි.
    මෙම ව්‍යාජ යෙදවුම් ගිණුම් විවිධ අපරාධ සඳහාද භාවිතා කළ හැකි බැවින් තම දුරකථන යෙදවුම්වලට අදාළ තොරතුරු කිසිවක් වෙනත් අය සමග හුවමාරු කර නොගැනීම වැදගත් බව චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.

    පැතුම් වික්‍රමරත්න