එක දවසක් කියල දෙන්න ට්‍රයි එකක් දුන්නා.කෙලින් පාරෙ හොඳට පැදගෙන ගියා.ලොකු වංගුවක් තියෙනවා.ඒකෙදි කැපුවෙ නෑ මේකි.කෙලින් පාර නිසා 40ට වගේ යන්න ඇති.වාහනේ පාරෙන් එලියට ගියා.මටත් එක පාරට හිතාගන්න බැරි උනා.මම දඩිබිඩි ගාලා කකුල දාලා බ්‍රේක් එක පාගන කොටම මේකි බබා වගේ අහනවා "දැන් කපන්නද?" කියලා.කටට ආව කුණුහරප ටික අමාරුවෙන් නවත්තගෙන මම වාහනේ අරගෙන එහෙම්මම ගෙදර ආවා.එදායින් පස්සෙ ආයෙ ඩ්‍රයිවින් පුරුදු කරන්න ගියෙ නෑ.කොහෙහරි යන්න ඕන කීවොත් මම ගිහින් දාල එක්කගෙන එනවා.ඒක ලේසි අකාලෙ පරලොව යනවට වඩා.