වරදක් කරල නෑ

chanaka

Well-known member
  • May 4, 2006
    3,219
    784
    113
    බ්‍රිගේඩියර් ප්‍රියංක වරදක් කරලත් නෑ -පරීක්ෂණයක් කරන්නෙත් නෑ :D:D

    බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

    යුධ හමුදාපතිවරයා පෙන්වාදෙන්නේ ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට කිසිඳ අවශ්‍යතාවයක් නොමැති බවයි.

    ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පිරිසකට අභිනයෙන් සිදුකළ දැනුම්දීමක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව චෝදනාවක් එල්ලවී තිබිණි. :D:D

    ඒ සම්බන්ධයෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වී අදාළ නියෝගය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

    අදාළ සිද්ධිය පිළිබඳව සොයාබැලීමේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් කිසිඳු විනය විරෝධී ක්‍රියාවක් සිදුකර නොමැති බැවින් ඔහුට එරෙහිව පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය.
     
    • Like
    Reactions: heshana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    11.gif
     

    Similar threads