වරදක් නිවැරදි කරගන්නට

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
වරදක් නිවැරදි කරගන්නට


කුස පිළිසිදුනේ දුවද පුතාදෝ
මා කුසයට නුඹ කොහෙන් වැඩියදෝ
ලේ කිරි වී පෙමට එරෙයිදෝ
දවසක නුඹ මට අහිමිව යයිදෝ

නොකියම ආවද පුතුනේ ම'කුසට
නොම බැදුනේ මා නීතියෙ රැහැනින්
හද බැන්දුනු පෙම හැගුමට තුරුලුව
නුඹ පිලිසිදුනා කුසෙහි මගේ

විසල් අහස යට සුවිසල් මැදුරක
නිසල පෙමින් මම සසල උනෙම් පුත
මා ලද පහස පමනි මට මතකද
අපහස ලැබුමට නොසිතුවෙමි අද

පියෙකු සිටී පුතුනේ නුඹ වෙත
නමුදු පියෙකුගේ නම් නොලැබේවී
මවක සිටී පුතුනේ නුඹෙ ලෝකෙට
මවක සෙනෙහෙ නොඅඩුව හිමිවේවී

හතරැස් කොලයට අඩුවක් තිබුනම
පුතුන් මගේ දිනයක විමසාවී
උදුරගන්න නුඹෙ පන නල හැදුවොත්
මවක් බවත් මට අමතක වේවී

නොපැතුව විලසින් ආවට පුතුනේ
නුඹ ගැන දැන් හිත පැතුම් පතනවා
සුලන් සැඩ උනත් දූවිලි තැවරී
මහ මග වැටුනත් නුඹ බිහි කරනවා

විසිරුනු මල් පෙති එක් වෙනු බැරුවට
මලක් කුසේ පිපෙනවා මට දැනෙනවා
සුවද අහිමි උනු නැවත නොආවට
නුඹේ ලොවට මම සුවද ගේනවා

යලි පැරදෙන්නට විදිහක් නෑ මට
නුඹ විජිතයක් කියා මට හැගෙනවා
නරකක් හිතන්නෙපා සිතුවිල්ලෙන්
අම්මා හැමදාමත් දුක් විදිනවා

වරදක් නිවැරදි කරගන්නට යන
ගැහැණිය අම්මෙකු වෙන්නට යනවා
පියා ආවද නාවද නොහඩන්
කදුලු තොටිල්ලෙත් පෙම් මල් පිපෙනවා


prect.jpg
 

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
අරුත්බර කවි ලියන
චුට්ට ඇත්නම් හඬන
සතුරාට වින කරන
ඔබයි කිවිඳිය ම හද දිනවන
 

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
අරුත්බර කවි ලියන
චුට්ට ඇත්නම් හඬන
සතුරාට වින කරන
ඔබයි කිවිඳිය ම හද දිනවන

කදුලට දුර නෑ මගෙ හද
දුක කදුලක් වෙනවා
සුසුමට සැනසුම අහිමිව
මා සිත වැලපෙනවා
කදුලක් අතරින් දිරියක්
මා වෙත හිමි වෙනවා
ඒ අතරේ නුඹ සවියක්
හසරැලි හිනැහෙනවා


sthoothi aiya :)
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගැඹුරු අර්ථයක් තියෙන්නෙ. ලස්සනයි මචන්
    රෙප් ඉවරයි.