වරදකාරයෙක් හැංගිලා ඉන්නවා

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    වරදකාරයෙක් හැංගිලා ඉන්නවා

    මේක බොහොම පරණ කතාවක්.. මං හදාපු එකක් එහෙම නොවෙයි. කියවපු එකක් .මගෙ මලකඩ කාපු මතකෙට නම් ගම් රටවල් විස්තර එන්නෙ නැති හින්දා ඔන්න එකමත් එක රටක කියල පටන් ගන්නම්.

    ඔන්න එකමත් එක රටක වෙරල අයිනෙ නගරෙක හිටි හැටියේ මහ දරුණු මිනීමරුවෙක් මිනිස්සුන් මරාගෙන මරාගෙන යන්න පටන් ගත්ත. මේ වැඩේට තමයි අර සින්ගිරිසියෙන් සිරියල් කිලිං කියාල කියන්නෙ. කීප දවසකට වරක් වෙරලෙ වැල්ලෙ කෑලි කෑලි වලට කපල ම්ලේච්ච විදිහට ගැනු මිනිස්සු මරල දාල තිබුනා.
    මේ අබිරහස විසඳන්න නගරෙ පොලිසියට අපහසු උනේ මිනී මරුවා පිලිබඳ කිසිම හොඩුවවක් ගන්න සාක්ෂි නොතිබුන හින්දයි.. ඒ තරමට දක්ෂ විදිහට අපරාද සිදුකරල තිබුනෙ.. මේ අවස්ථාවෙ තමයි අපරාධ පරික්ෂනයේ කෙල පැමිනි විශෙශඥයෙක් උන මහාචාර්ය අහවලා මේ කාර්යයට හවුල් කර ගන්නෙ.

    මහාචාර්ය තුමා ජීවත් උනෙත් මේ නගරෙ නිසා එතුමාටත් මේ ගැන ලොකු කුහුලක් ඇතිවෙලා තිබුනා.
    අපරාධ පරීක්ෂණ විද්යාවෙ කෙල පැමිනි මේ පුද්ගලයා දින ගනනාවක් වෙහෙසවෙලා තවත් මිනීමරුම් දෙකකට පස්සෙ බොහොම ශක්තිමත් හෝඩුවාවක් හොයගත්තා. මේ හෝඩුවාව එතුමාව විමතියට පත් කල නිසා එය හෙලි කිරීමට පලමුව ඔහු තවදුරටත් පරීක්ෂා කලා සැක කරුගේ දින චර්යාවන්.. මේ පරීක්ෂනයේදි ඔහුට අපරාධ කිරීමට පාවිච්චි කල ආයුධය පවා සොයාගතහැකි උනා.

    අවසානයෙදි ඔහු නිගමනය කලා මේ අපරාධ වලට වගකිවයුත්තා කොයි තරම් තමාට ආසන්න උනත් කොයි තරම් සමාජයේ පිලිගැනීමක් ඇති කෙනෙක් උනත් ඔහුගෙ නම හෙලි කිරීම කොයිතරම් බරපතල තීරණයක් උනත් එය කලයුතුමයි කියල..

    ඔහු කෙලින්ම ගිහින් හමු උනේ නගරයේ පොලිස්පති තුමාවයි.. වරදකාරයාගෙ නම හෙලිකිරීමෙන් පසුව මහාචාර්යතුමාව නඩුව විභාගවෙනතෙක් රිමාන්ඩ් භාරයට ගැනුනා. අහ්.. මට කියන්න අමතක උනානෙ..
    ඔහුගෙ හොයාගැනීමේ හැටියට හැම මිනීමරුමක්ම කරලතිබුනෙ වම් කකුලෙ මහපට ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි අසාමාන්ය විදිහට කොට වෙලා තිබුන කෙනෙක්..

    ඒ පුද්ගලයා තමාමයි කියල ඔහුට පිලිගන්න සිදු වෙලා තිබුනා. පසුව හෙලිවු හැටියට ඔහුට රාත්‍රී කාලයේ නින්දෙන් ඇවිදින පුරුද්දක් තිබිල තියෙනව. ඒ අවස්ථාවලදී ඔහුගෙ ඇතුලෙ හැංඟිලා හිටිය දරුනු අපරාධ කාරයා සියලු විශෙශ්ඥ දැනුම පාවිච්චි කරලා අර අපරාධ කල නිසයි කිසි කෙනෙකුට හෝඩුවාවක් නොලැබුනේ..
    මට මතක හැටියට කතාවේ තිබුනෙ ඔහුව රාත්‍රී කාලයෙ පමණක් හිරගෙට නියම උනා කියලයි.. කතාව සත්‍ය එකක්ද කියලා නම මම දන්නේ නැහැ. ඒත් මේකෙන් අපිට ගන්න පාඩම් ගොඩක් තියෙනවා.

    අපි හැමෝගෙම ඇතුලේ අපරාධ කාරයෙක් වරදකාරයෙක් හැංගිලා ඉන්නවා. නොදැනුවත්ව හෝ එයාට එලියට එන්න ඉඩ නොදීමයි කලයුතු වන්නෙ..

    අනිත් කාරණේ තමයි බොහෝ වෙලාවට අපේ ජීවිතවල වරදින තැන්වලට වගකීම හෝ හේතුව අපි අනිත් අයට පවරන්න කැමති උනත් ඇත්තෙන්ම විග්‍රහ කරල බැලුවොත් සියයට අනු නමයක්ම වෙන්නේ අපේම වරදින්..
    අපි ඇස් පියාගෙන ගන්නා තීන්දු තීරණ නිසා..
    අපි නින්දෙන ඇවිදින ගමන් ....ඒත් සියලුම දැනීම යොදල ගන්න වැරදි තීරණ නිසා.

    මේක මට නම් හොඳටම ගැලපෙනවා කියල මං දන්නවා.
    අපේ කකුල් වල සමහර ඇඟිලි කොට බව අපි දන්නවානම් ?


    lankapriyagesithivili.blogspot.com
     
    • Like
    Reactions: Djice

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    "අපි හැමෝගෙම ඇතුලේ අපරාධ කාරයෙක් වරදකාරයෙක් හැංගිලා ඉන්නවා" :yes:

    නොදැනුවත්ව හෝ එයාට එලියට එන්න ඉඩ නොදීමයි කලයුතු වන්නෙ..

    අපේ රටේ දැන් වෙන වැඩ දක්කහම, හැන්ගිලා ඉන්න අපරද කාරය ඉන්නෙ එලියට අවිල්ලමද කියල හිතෙනව...
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    "අපි හැමෝගෙම ඇතුලේ අපරාධ කාරයෙක් වරදකාරයෙක් හැංගිලා ඉන්නවා" :yes:

    නොදැනුවත්ව හෝ එයාට එලියට එන්න ඉඩ නොදීමයි කලයුතු වන්නෙ..


    avatar563796_1.gif
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මේ වගේ මානසික පොස්ට් දාලා අහිංසක සිංහල මෝඩයෝ අනාත කරවන්න එපා