වර්ණවත්_චායරුප_World_War_2
දෙවන ලෝක යුධ සමයේ ගන්නා ලද වර්ණවත් චායාරූප කිහිපයක්.
දෙවන ලෝක යුධ සමය පැවති කාල වකවානුවේ එනම් 1939 – 1945 ගන්නා ලද වර්ණ චායාරූප කිහිපයක් තමයි මම අද උබලට ගේන්නේ. අපිට දෙවන ලෝක යුධ සමයට අදාළ චායාරූප විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ දැකගත හැකි වුවත් අපි වර්ණ චායාරූප දැක නොමැති තරම්. මේ වර්ණ චායාරූප ගත හැකි කැමරා පැමිණි මුල් අවධියයි. මෙය ඉතාම විරල චායාරූප කිහිපයක් වන අතර ඒ පිලිබඳ හැකි පමණින් සිංහලෙන් පොඩි විග්‍රහයක් කරලා තියනවා. ( මගේම මහන්සියෙන් ) එයට අමතර දෙවන ලෝක යුද්ධය පිලිබඳ පොඩි විස්තරයක් තියනව. එකත් කියවල ඉන්න.
දෙවන ලෝක යුද්ධයට සම්බන්ද උන ප්‍රධාන රටවල්
මිත්‍ර හමුදා
සෝවියට් දේශය ( රුසියාව )
මහා බ්‍රිතාන්‍යය ( එංගලන්තය )
ඇමරිකා එක්සත් ජනපදය ( ඇමරිකාව )
චීනය
සහ තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවද ඇතුලුව
සතුරු හමුදා පාර්ශවයන්
ජර්මනිය
ජපානය
ඉතාලිය
මේ දෙවන ලෝක යුද්ධයෙන් මිත්‍ර හමුදා භටයින් 16,000,000 වඩා මිය ගොස් තිබෙනවා.
එයට අමතරව සාමාන්‍ය සිවිල් වැසියන් 45,000,000 වඩා මරුමුවට පත්වෙලා තියනවා.
සම්පුර්ණ මිය ගිය පිරිස 61,000,000 පමණ වෙනවා.
සතුරු හමුදා පාර්ශවයන් වන හිට්ලර්ගේ හමුදාවන් සහ ඔහුට පාක්ෂිකව සම්බන්ධ උන හමුදාවන් සහ සාමාන්‍ය අහිංසක සිවිල් වැසියන්ද විශාල පිරිසක් මැරූ වැළදගෙන තියනවා.
නාසි හමුදා සෙබළු 8,000,000 වඩා මිය ගොස් ඇති අතර සාමාන්‍ය අහිංසක සිවිල් වැසියන් 4,000,000 වඩා මිය ගොස් තිබෙනවා. සතුරු පාර්ශවයේ මිය ගිය සම්පුර්ණ මිනිසුන් ප්‍රමාණය 12,000,000 වඩා වැඩි වෙනවා.
සතුරු උනත් මිතුරු උනත් මිය ගිහින් තියෙන්නේ මිනිස්සු.
මෙහි සම්පුර්ණ එකතුව වන්නේ 73,000,000 

දැන් පේනවා නේ ලෝක යුද්ධයක තියන විපත කොයි තරම්ද කියලා. මේවට සම්පුර්ණයෙන්ම වගකියන්නේ ඕනේ හිට්ලර් සහ ඔහුගේ ප්‍රධාන හමුදා නිලධාරී අනුගාමිකයින්.
දෙවන ලෝක යුධ සමය ගැන ලොකු විග්‍රහයක් සහිතව ලිපියක් අනාගතේදී ලියන්න බලාපොරොත්තුවන අතර දැනට මේ දුර්ලභ චායාරූප කිහිපය බලල ඉඳපල්ලා.
වර්ෂ 1942 දී මැදපෙරදිග ඉහල අහසේ පියාසර කරන බ්‍රිතාන්‍යයට අයත් Lockheed Hudson Mk VI (AE626) වර්ගයේ ගුවන් යානයක්. බලන්න පියාසර කරන්නේ ඊජිප්තුවේ පිරමිඩ වලට ඉහලින්.
1942 රාජකීය මහා බ්‍රිතාන්‍යයේ Auxiliary Territorial Service (ATS) ස්වෙච්චා කාන්තා බල ඇණියට සම්බන්ද සෙබළියක් සතුරු අහස් යානා පැමිණෙන්නේදැයි සොයා ගුවන් ගැබ නිරීක්ෂණය කරමින්. වර්තමානයෙන් නම් රේඩාර් සහ චන්ද්‍රිකා GPS තාක්ෂනය තමයි භාවිතයට ගන්නේ.
මේ වර්ෂ 1945 රාජකීය බ්‍රිතාන්‍ය හමුදා පොලිස් නිලධාරීන් සමහ සුරතල් වන වයස 4 පමණ වන ඔස්ට්‍රියානු දැරියක්. මෙය ඔස්ට්‍රියාවේදී ගන්නා ලද චායාරූපයක්.
වර්ෂ 1942 ඔක්තෝබර් මස ගන්නා ලද ගුවන් හමුදා බටයින්ගේ චායාරුපයක්.
රාජකීය මහා බ්‍රිතාන්‍යයේ HMS Tribune වර්ගයට අයත් සබ්මැරීනයක් තුල කාර්ඩ් ක්‍රීඩාවේ යෙදෙන බ්‍රිතාන්‍ය නාවිකයින් පිරිසක්. මෙය වර්ෂ 1942 දී ගන්නා ලද චායාරූපයක් .
මේ චායාරූපය ගොඩාක් වැදගත්. මේ ඉන්නේ කවුද දන්නවද රාජකීය බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය වින්සන් චර්චිල් සහ ඔහුගේ ඉහල පෙලේ නායකයින්. වින්සන් චර්චිල් කියන්නේ රාජකීය මහා බ්‍රිතාන්‍යයේ දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා. මොහු දෙවන ලෝක යුද්ධය වෙනුවෙන විශාල සේවයක් කරපු අග්රාමාත්යවරක් හැටියට හදුන්වන්න පුළුවන්. මෙම චායාරූපය අරන් තියෙන්නේ නොම්මර 10 ඩෝව්නින්ග් විදියේ චර්චිල් අග්‍රාමාත්‍ය තුමාගේ කාර්යාලයේ ගෙවත්තේ. හරියටම කියනවනම් නාසි ජර්මානු හමුදාව යටත් උන දවසේ එනම් වර්ෂ 1942 මැයි මස 7 වෙනිදා. කට්ටිය හරිම සතුටින් ඉන්නේ.
ඔය ඉදිරියේ සිට වාඩිගෙන වමේ සිට දකුණ දක්වා ඉන්නේ Air Chief Marshal Sir Charles Portal Field Marshal Sir Alan Brooke, Prime Minister Winston Churchill, Admiral Sir Andrew Cunningham.
ඊට පස්සේ ඔය හිටගෙන ඉන්නේ වමේ සිට දකුණ දක්වා Secretary to the Chiefs of Staffs Committee Major-General L C Hollis and Chief of Staff to the Minister of Defence General Sir Hastings Ismay.
ඔය නම් ගම් සිංහලෙන් ටයිප් කරන්න ගියාම හරි නම උච්චාරණය වෙන්නේ නැති නිසා ඉංග්‍රීසියෙන්ම සඳහන් කරලා තියනවා.
මේ ග්‍රීසියේ ඇතන්ස් වල . සාජන් ග්‍රෙගරි තමයි ඔය ඉන්නේ. Acropolis වලට ගිය අවස්ථාවක වර්ෂ 1944 ගන්නා ලද චායාරූපයක්.
වර්ෂ 1942 දී ස්කොට්ලන්ඩ් හිදී ගන්නා ලද චායාරූපයක්. බ්‍රිතාන්‍ය නාවික හමුදා නිලධාරියකු සමග කුඩා බෝට්ටුවක් දියත් කරන අයුරු.
රාජකීය හමුදාවේ සාමාන්‍ය සෙබලෙක් සටනකදී සතුරාට පහර දෙන අයුරු පුහුණුවීම් අතරතුර ගන්නා ලද චායාරූපයක්. මේ වර්ෂ 1944 දී.
රාජකීය බ්‍රිතාන්‍ය හමුදාවේ Naval Service (WRNS) අනුබද්ධව සේවය කරන කාන්තා සෙබලියන් දෙදෙනෙක් Hawker Hurricane වර්ගයට අයත් ප්‍රහාරක ගුවන් යානයකට ගුවන්යානා නාශක වෙඩි උණ්ඩ පුරවමින් ( Reloading ) මෙය වර්ෂ 1943 සැප්තැම්බර් දෙවන දින ගන්නා ලද චායාරූපයක්.
රාජකීය බ්‍රිතාන්‍යයේ යුධ ටැංකි රෙජිමේන්තුවට අයත් යුධ ටැංකි පුහුණුවීම් අතරතුර ගන්නා ලද චයාරුපයක්. 1942 ඔක්තෝම්බර් මස ගන්නා ලද චායාරූපයක්.
WRNS කාන්තා නිලධාරීන් ප්‍රථම Quebec සාකච්චාවෙන් පසුව . ඉස්සරහින් ඉන්නේ කැනේඩියානු පොලිස් නිලධාරියෙක් . 1943 අගෝස්තු මස 23 වන දින ගන්නා ලද චායාරූපයක්.
බ්‍රිතාන්‍ය යුධ නැවක සිට ඇල්ඩිස් ලාන්පුවක් දල්වමින් සංඥා ලබා දෙන නාවික බටයෙක්. මේ වර්ෂ 1942
මහා බ්‍රිතාන්‍යට අයත් HMS Howe දරන යුධ නෞකාව සූවස් ඇල හරහා යමින් වර්ෂ 1944 ජූලි මස 14 වන දින ගන්නා ලද චායාරූපයක්.
සතුරු ගුවන් යානා නාශක අවියක් සමග සිටින බ්‍රිතාන්‍ය ATS බල ඇණියේ හමුදා සෙබළියන්. දෙසැම්බර් මස 1944
සතුරු බෝම්බ ප්‍රහාරයකින් විනාශ වුන ලන්ඩන් නුවර ශාන්ත පාවුළු දේවස්ථානය අවට 1944
මේ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හි බ්‍රිතාන්‍ය කැඩෙට් නිලධාරීන් පිරිසක් අප්‍රිකානු සාම්ප්‍රදායි සූලු නැටුමක් නරබමින්. මේ 1943 සැප්තැමබර් මස .
SS Empire Faith යුධ නෞකාව වාරයේ සිට මුහුදට දෙසට යාත්‍රා කිරීමට ප්‍රථමයෙන් නාවික සෙබළුන්ගේ බිරින්දෑවරුන් සහ ප්‍රේමවන්තියන් නෞකාවට පැමිණ සිටී අයුරු. වර්ෂ 1943 පෙබරවාරි මස 16 වන දින ගන්නා ලද චායාරූපයක්.
මේ ට්යුනිසියාවේ දී බ්‍රිතාන්‍ය හමුදා විසින් සැතපුම් හතරක් පමණ එපිටින් සිටින සතුරු හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත කාල තුවක්කු ප්‍රහාර එල්ල කරමින්. 1943
මේ යුධ නෞකාවක බේකරියක චයාරුපයක්. මේ වර්ෂ 1942 නොවැම්බර් මස ගන්නා ලද චායාරූපයක්
මේ රාජකීය හමුදාවේ නිරීක්ෂක බල ඇණියේ නිරීක්ෂකයින් දෙදෙනෙක් මුහුද ආසන්නයේ බෑවුමක සිට සතුරු නෞකා නිරීක්ෂණයේ යෙදෙමින්. මේ වර්ෂ 1943 දී.
මේ ඉන්නේ කැනේඩියානු ගුවන් හමුදාවේ 417 බල ඇණියේ පියාසර ලුතිනන් H J F Joncas ටියුනිසියානු කාන්තාරයක සිට තම කොණ්ඩය කපමින්. මේ වර්ෂ 1943 අප්‍රියෙල් මස ගන්නා ලද චායාරූපයක්.
පට්ට ගේමක් දීලා මේ ත්‍රෙඩ් එක හැදුවේ. පැයකට වඩා ගියා තොරතුරු එක් රැස් කරගන්න.
මෙය සිංහලයට පරිවර්තනය කලේ මම විසින්. චායාරූප iwm.org.uk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද අතර විකිපීඩියා සහයෝගය ද නොඅඩුව ලැබුණි.
උබල බලල යමක් ඉගෙන ගත්තනම් එය මගේ සතුටයි. ගොඩක් කොල්ලන්ට ඉංග්‍රීසි භාෂාවේ අඩු පාඩු කම් නිසා මෙවැනි සිංහල ලිපි සහ ත්රෙඩ්ස් වලින් විපුල ප්‍රයෝජනයක් ලබා ගනු ඇතැයි මා සිතමි. මෙය රෙප් ලබා ගැනීමේ පටු චේතනාවෙන් පලකරන ලද ලිපියක් නොවන බව කරුණාවෙන් සලකනු මැනවි.
පුලුවන්නම් බම්ප් එකක්වත් දාගෙන යන්න අනෙක් අයට කියවීමේ අවස්ථාව ලබාදීමට.
මම ගියා. සුබ රාත්‍රියක් සහ උදාවෙන හෙට දවස සියලු දෙයින්ම සාර්ථක වේවා.
දෙවන ලෝක යුධ සමයේ ගන්නා ලද වර්ණවත් චායාරූප කිහිපයක්.
දෙවන ලෝක යුධ සමය පැවති කාල වකවානුවේ එනම් 1939 – 1945 ගන්නා ලද වර්ණ චායාරූප කිහිපයක් තමයි මම අද උබලට ගේන්නේ. අපිට දෙවන ලෝක යුධ සමයට අදාළ චායාරූප විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ දැකගත හැකි වුවත් අපි වර්ණ චායාරූප දැක නොමැති තරම්. මේ වර්ණ චායාරූප ගත හැකි කැමරා පැමිණි මුල් අවධියයි. මෙය ඉතාම විරල චායාරූප කිහිපයක් වන අතර ඒ පිලිබඳ හැකි පමණින් සිංහලෙන් පොඩි විග්‍රහයක් කරලා තියනවා. ( මගේම මහන්සියෙන් ) එයට අමතර දෙවන ලෝක යුද්ධය පිලිබඳ පොඩි විස්තරයක් තියනව. එකත් කියවල ඉන්න.
දෙවන ලෝක යුද්ධයට සම්බන්ද උන ප්‍රධාන රටවල්
මිත්‍ර හමුදා
සෝවියට් දේශය ( රුසියාව )
මහා බ්‍රිතාන්‍යය ( එංගලන්තය )
ඇමරිකා එක්සත් ජනපදය ( ඇමරිකාව )
චීනය
සහ තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවද ඇතුලුව
සතුරු හමුදා පාර්ශවයන්
ජර්මනිය
ජපානය
ඉතාලිය
මේ දෙවන ලෝක යුද්ධයෙන් මිත්‍ර හමුදා භටයින් 16,000,000 වඩා මිය ගොස් තිබෙනවා.

එයට අමතරව සාමාන්‍ය සිවිල් වැසියන් 45,000,000 වඩා මරුමුවට පත්වෙලා තියනවා.සම්පුර්ණ මිය ගිය පිරිස 61,000,000 පමණ වෙනවා.

Last edited: