වර්ණ

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    වර්ණ වලින් සංකේතවත් වන අර්ථ


    412594713_8fc1fa4a53.jpg


    ලොව තිබෙන සෑම වර්ණයකින්ම වාගේ කිසියම් අර්ථයක් නිරූපණය වන බව පැවසේ. මනෝවිද්‍යාඥයින් පවසන්නේ ඒ ඒ වර්ණ වලින් මිනිස් මනසට විවිධ බලපෑම් සිදු කරන බවයි. යහපත් බලපෑම් මෙන්ම අයහපත් බලපෑම් ද වර්ණ මඟින් සිදුවන බවයි. ජීව විද්‍යාඥයින් ද වෛද්‍යවරුන් ද වර්ණ මගින් මිනිස් මනසට බලපෑම් සිදුවන බව පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ. සෑම මිනිසෙකුම ප‍්‍රිය කරන වර්ණයක් තිබේ. තමන්ගේ ඇඳුම් පැළඳුම් තේරීමේදී නිවසේ බිත්ති පින්තාරු කිරීමේදී වෙනත් පරිහරණය කරනු ලබන භාණ්ඩ තෙරීමේදී තමන් කැමැති වර්ණයෙන් ඔවුහු ඒවාතෝරා ගනිති. ඒ ඒ පුද්ගලයා කැමැති වර්ණ වලින් ඔවුන්ගේ ගතිගුණද පිළිඹිබු වන බව මනෝවෛද්‍යවරු පවසති.

    තද රතු රුධිර පීඩනය වැඩි කර උද්වේගකාරී හැඟීීම් ඇති කරවන වර්ණයක් වුවත් ශක්තිමත් හැඟීම් ද ඇති කරවන වර්ණයකි.රතු පී‍්‍රතිය, කෝපය, ආවේගශීලීබව විප්ලවකාරීබව, උණුසුම්බව, ආදරය, අනතුරුදායක බව රතු වර්ණයෙන් නිරූපණයවේ. සිරුරේ නහරවලට වක‍්‍රානුකූලව ශක්තිය ලබා දෙන අතර ශාරීරිකව කරන කාර්යයන් වලට උනන්දුවක්ද ඇති කරවන වර්ණයකි. රතු රෝස මල් වලින් ආදරය සංකේතවත් කරන අතර රතු කානේෂන් වලින් ප‍්‍රශංසාත්මක බව සංකේතවත් වේ.

    කහ ඊර්ෂ්‍යාසහගත බව, බියගුළු බව, බුද්ධිමත් බව, නිරූපණය කරයි. නැවුම් බවත්, සුබදායි හැඟීීම්නුත් ඇති කරයි. හෝමෝන නිෂ්පාදනයට සහ ස්නායු ප‍්‍රාණවත් වීමට උපකාරී වේ. කහ රෝස වලින් ඊර්ෂ්‍යාසහගත බවත් කහ පිච්චවලින් බියගුළුබවත් නිරූපණය වේ.

    නිල් සත්‍ය, සාමකාමීබව, කලාකාමීබව, සංවේදීබව හඟවයි. දුක සහ වේදනාව ඉවත් කරන ඖෂධයක් වැනිය. අසුබවාදී හැඟීම් බොහෝදුරට ඉවත් කරන මේ වර්ණය මොළයට බෙහෙවින් බලපාන වර්ණයකි.

    ඉන්ඩිගෝ නමින් හඳුන්වන නිල් වර්ණය නොසන්සුන් වූ හැඟීම් සන්සුන් කරයි. පැරාතයිරොයිඩ් ග‍්‍රන්ථියට අදාළ කි‍්‍රයා පාලනය කරයි.

    කොළ - සමෘද්ධිමත් බව, කුසලතාපූර්ණ බව, බුද්ධිමත්බව, සංකේතවත් කරයි. ඊර්ෂ්‍යාසහගත බවද පෙන්නුම් කරයි. සිතට වද දෙන හැඟීීම් පාලනය කරයි. ශරීරය සමබර කිරීමටත් මෂ්තිෂ්කය හා පිටියුටරි ග‍්‍රන්ථි සම්බන්ධ ශාරීරික ක‍්‍රියාවන් උනන්දු කරවයි. රෝහල් වල වැඩි වශයෙන් කොළ වර්ණය භාවිතා කරන්නේ එමගින් රෝගීීන්ගේ සිත සුවපත් කරවන නිසාය. කොළ වර්ණයෙන් හැඟීීම් ඒකරාශීී කරන නිසාය. කොළ වර්ණයෙන් සොබාදහම ද නිරූපණය කරයි. රෝග වලින් ඉක්මනින් සුවය ලැබීමටද කොළ උපකාරී වේ.දම් මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වේ. හෘද ස්පන්දන වේගය, රුධිර පීඩන වේගය සහ වකුගඩු තෙරපීම් හැකි පමණ අඩු කරන වර්ණයකි. තරහායාමද අඩුකරයි.

    දම් පැහැති වයලට් මල නිහතමානී බව සංකේතවත් කරයි.
    වයලට් (දම්)කෝපයෙන් පසුවන හැඟීීම් නිසා මස්පිඩු තද වීම දම් මගින් අඩු කරවන අතර ක‍්‍රමයෙන් සැහැල්ලු හැඟීීම් ඇති කරවයි. සුදු රුධිරානු කි‍්‍රයාකාරීත්වය වැඩි කරවයි.

    රතු හා නිල් මිශ‍්‍ර මැජන්ටා වර්ණය කොළ වර්ණයෙන් සිදුවන කාර්යයන් ඉටු කරයි. ඊට අමතරව වකුගඩු හා රුධිර සම්බන්ධ ශාරීරික කි‍්‍රයා උනන්දු කරවයි.

    රෝස සන්සුන්බව, නිහඬබව, මෘදු බව, ඇති කරයි. රෝස පැහැති කාර්නේෂන් මව් වරුන්ගේ දිනයේදී මවට තිළිණ කරයි.

    තැඹිලි ආමාශයට පෙනහැල්ලට ශක්තියක් ලබාදෙන වර්ණයකි. තෙහෙට්ටු බව අඩු කර අදහස් දීප්තිමත් කරයි. ලෙමන් (ලා කහපැහැය)පැහැදිලි මනසක් ඇති කරවයි. මොළයට පෝෂණයක් ලබා දෙයි. පෙනහළු පිරිසිදු කරයි.

    සුදු පවිත‍්‍රත්වය, සාමය සංකේතවත් කරයි. ශෝකයද ප‍්‍රකාශ කරයි, සුදු රෝසමලින් සරලබව සහ යහපත් බව පිළිඹිබු කරයි. සුදු පිච්ච වලින් ප‍්‍රබෝධමත් බව හඟවයි. සුදුලිලී මල් වලින් විශ්වාසවන්ත බව හඟවයි.

    කළු බියකරු බව, ශෝකය, මරණය, විරෝධය පෑම, විචක්ෂණශීලී බව සංකේතවත් වේ.

    අළු පාළුබව, ශෝකය, උදාසීන හැඟීම් ඇති කිරීම සංකේතවත් කරයි.

    >>>>

    Colours_of_the_Rainbow.jpg