වරාය ආයෝජනයක් ද? විකීණීමක් ද?

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    • ලොකුම බඩු නැව් නවත්වන්න මීටර 18-20 ගැඹුර ඕනේ
    • ඉන්දියාවේ මීටර 20 ගැඹුරු වරායවල් නෑ
    • මේ කලාපයටම තියෙන ගැඹුරුම වරාය, කොළඹ
    • ඉන්දියාවේ වන මහා නිශ්පාදනයේ භාණ්ඩ කොළඹදි ලොකු නැව් වලට පටවනවා
    • ECT ය කියන්නේ නිධානයක් වගේ තැනක්
    • අත උඩ ලාභ ලබන්න පුලුවන් සම්පතකින් 49% ක කොටස් දෙන්නේ මොන මෝඩයෝ ද
    • සංවර්ධනය කරන්න ඕනේ නම් ඕනේ තරම් වෙළෙඳ ණය ලබා ගන්න පුලුවන්
    • අසරණ කමට කරන වැඩ මේවා



    port.jpg



    වරායේ තියෙනවා ජැටි 5 ක්. මේ ජැටි වල ගැඹුර මත තමයි එන නැව් තීරණය වන්නේ. ලෝකයේ තියෙන කන්ටේනර් 20,000 ගෙනියන ලොකුම බඩු නැව් නවත්වන්න මීටර 18-20 ගැඹුර ඕනේ. ඒ ගැඹුර දැනට තියෙන්නේ CICT එකේ සහ ECT එකේ.

    CICT එක අවුරුදු 35 ක් චීනයට නේ. ඒගොල්ලොම තමයි ඒකහැදුවේ. CICT එක චීන Belt and Road Initiative එකේ කොටසක්. ඒකයි Port City එකයි වෙන් වෙන්නේ එක වැටෙන්/පාරෙන්. ඒක අමතක කරන්නකෝ. ඒක පටලවා ගන්න එපා මේකට.

    අනික ECT එක. ඉතුරු ජැටි 3 ටම අර තඩි නැව් එන්න බෑ. ඒවායේ ගැඹුර මීටර 15 යි.
    දැන් ඉන්දියාවේ මීටර 20 ගැඹුරු වරායවල් නෑ. ඔව්, ඒ නිසා මේ කලාපයටම තියෙන ගැඹුරුම වරාය, කොළඹ. ඒ නිසාම මේ කලාපයේ තියෙන වැඩි පුරම ටොන් ගාණක් බඩු එහා මෙහා වෙන වරාය කොළඹ.

    ලෝක ආර්ථිකය අනුව ප්‍රවහනය හැදිලා තියෙන්නේ වියදම අඩුවෙන් යන්නනේ. ඒ නිසා ලොකුම නැව් වල පුළුවන් තරම් දාලා යවන එක තමයි දුර යනකොට වාසි. ඒ නිසා වෙන්නේ, මීටර 15 ගැඹුරේ නවත්වන්න පුලුවන් පොඩි නැව්/ Feeder ship වලින් ඒ වරායවල් වල ඉඳලා බඩු අරගෙන ඇවිත්, ලොකු වරායකට බානවා, ඒකෙන් ගැඹුරු ජැටියේ නවත්වපු ලොකු නැවකට/ Mother ship එකකට ඒ ටික පටවලා ඈත රටවලට යවනවා. ඒකට කියන්නේ Inter Terminal Transhipment කියලා.

    දැන් වෙන්නේ ඉන්දියාවේ විවිධ වරායන් වලින් පොඩි නැව් ඉන්දියාවේ වන මහා නිශ්පාදනයේ භාණ්ඩ අරගෙන එනවා. ඒවා කොළඹදි ලොකු නැව් වලට පටවනවා. ලොකු නැව් වල ගෙනාපුවා පොඩි ඒවට පටවනවා. ලොකු නැව් ඈත දුර රට වලට යනවා. පොඩි ඒවා ආයෙත් පොඩි වරාය වලට යනවා.

    දැන් ඉන්දීය චීන වෙළෙඳ තරඟය හින්දා, චීන වරායට යන්න ඉන්දීය වෙළඳාම අකමැතියි. අකැමති උනත් දැනටත් විශාල ප්‍රමාණයක් ඒකට යනවා. ඒ නිසා ඒ අය CICT ය දකින්නේ අවදානමක් විදියට. ඉතිං අධික වේගයෙන් ගොඩ නැගෙන ඉන්දීය අන්තර්ජාතික වෙළඳාමට තියෙන අනික් option එක වන කොළඹ වරායේ ECT එක ඉතාම වැදගත්.
    එතකොට ECT ය කියන්නේ අපිට රටට හොඳට හම්බකර ගන්න පුලුවන් ව්‍යාපාරයක්. ECT ය මත වෙනම වෙළඳ කලාපයක් හදා ගෙන බදුසහන දීලා ඔය නැව් අතර භාණඩ හුව මාරුවෙන් අපිට හොයන්න පුලුවන් ලොකු ආදායමක් තියෙනවා. ඒ නිසා ECT ය කියන්නේ නිධානයක් වගේ තැනක්.

    දැන් වෙනම හිතන්න , කෙනෙකුට තියෙනවා හොඳට ලාභ ලබන ව්‍යාපාරයක්. එයා හදිසියේ ඒක විකුණනවා 49% ක්. ඒ කියන්නේ තමන්ගේ එකෙන් 49% ක් අපි වෙන කෙනෙකුට දෙනවා. අපි මුදල් ටික ගන්නවා. ඊට පස්සේ අර ලාභයත් බෙදෙනවා. ලාබෙනුත් 49% ක් එයාට දෙන්න වෙනවා.

    සමාගම් වල ආයෝජන කැඳවන්නේ කොටස් නිකුත් කරලා, ඒකයි මේකයි වෙනස්. ඒ කොටස් නිකුත් කලාම, ඒ මුදල් සමාගමට, එහි නිශ්පාදන ක්‍රියාවලිය වැඩි කිරීම වෙනුවෙන් යෙද වෙනවා. සමාගම් වලට ප්‍රාග්ධනය සොයා ගන්න අවශ්‍ය උනාම කොටස් නිකුත් කරලා ඒක හොයා ගන්නවා. ඒ ප්‍රාග්ධනය සමාගමේම පැවැත්ම වෙනුවෙන් යොද වනවා, ඒකෙන් සමාගම ලොකු වෙනවා, ධාරිතාව වැඩි වෙනවා, ලාභය තවත් වැඩි වෙනවා, ඒකෙන් ලාභාංශ බෙදෙනවා.

    මේ වරාය කතා වෙදි වෙන්නේ ECT 49% ක් ඉන්දියාවේ අදානි සමාගමට දෙනවා. ඒ සල්ලි ආණ්ඩුවට ගන්නවා, රටේ වියදම් වලට, ණය ගෙවන්න එහෙම. දැනට ආයෝජන කිව්වට වැඩේ වෙනකොට වෙන්නේ එහෙමයි. පිට රටින් මේ රටට ඩොලර් ඇදිලා ආවේ නැත්නම් රුපියල් තවත් බාල්දු වෙනවා. අපේ current account deficit එක එහෙම තවත් වැඩි වෙනවා. රට ඇතුලේ ආර්ථිකය තවත් දුර්වල වෙනවා. ඒ නිසා අසරණ කමට කරන වැඩ මේවා.
    නැතුව ඒක ආයෝජනයක් නම් ඒ මුදල් ECT ය සංවර්ධනය කරලා දියුණු කරලා ඒකේ සේවා සැපයිම වැඩි කරන්න නෙවෙයි යෙද වෙන්නේ. අනික අත උඩ ලාභ ලබන්න පුලුවන් සම්පතකින් 49% ක කොටස් දෙන්නේ මොන මෝඩයෝ ද.

    ECT ය සංවර්ධනය කරන්න ඕනේ නම් ඕනේ තරම් වෙළෙඳ ණය ලබා ගන්න පුලුවන් , මොකද ඒ ණය වරායෙන්ම ලේසියෙන් ගෙවලා දාන්න පුලුවන්.
    බිස්නස් කරන්නේ ලාභ ලබන්නනේ.

    FDI හෙවත් විදෙස් ආයෝජන එන්නේ යම් රටක් ඇතුලේ අලුතින් කර්මාන්තයක් පටන් අරගෙන ලාභ ලබන්න. FDI ආවාම කර්මාන්තයක් අලුතින් ඇති කර ගන්න ඕනේ, එතකොට අපේ රටට හොඳයි, රැකියා බිහිවෙනව, නිශ්පාදනය ඉහල යනවා, ආර්ථික වර්ධනයක් වෙනවා. නමුත් රටේ තියෙන හොඳටම දුවන්න පුලුවන් කර්මාන්තයකින් කොටසක් දීමට කියන්න වෙන්නේ විකිණීම කියලා මිසක් විදෙස් ආයෝජන මගීන් කර්මාන්ත ඇති කලා කියලා නෙවෙයි.

    දැන් වත් ඔය විකිණීමයි ආයෝජනයයි අතර වෙනස නොතේරුනානම්, වෙන කාගෙන් හරි ආයෙත් අහගන්න.

    විකුණනවා නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් ටික විකුණන්න පුලුවන් ඔය කියන ආයෝජන විදියට. ඒක හැමදාම පාඩුයි. ඒ සමාගමේ කළමනාකරණය වෙනස් කරන රාජ්‍ය ඇඟිලි ගැසීම් වලින් තොරව ක්‍රියාත්මක කරන්න නම් දේශපාලන බලපෑම් නැති කරන්න ඕනේ. ඒක කලින් එහෙම පුද්ගලීකරණය කරලා තිබ්බා , එමිරේට්ස් එක ඒ ගොල්ලන්ගේ යානා ජාලය එක්ක මේවත් දුවලා ලාභ ඉපැයෙව්වා. අපිට ලාභාංශත් දුන්නා. ඒක රජයට යලි පවර ගත්ත දවසේ ඉඳලා ආයේ පාඩුයි. ඇඬෙන්න පාඩුයි. අන්න ආයෝජන ගෙන්වනවා නම්. හැබැයි දැන් කවුරුත් ඒක ගන්නේනෑ. මොකද ගන්න වෙන්නේ අර ණය බරත් එක්ක. ඒක එක්ක අරං කරන්න බෑ. ඒකට ආයෝජනයක් කැඳෙව්වා නම්, හොඳ වැඩක්. ඒක හරියට කලොත් ඉන්දීය ආර්ථිකයෙන් ලොකු වාසියක් අපිටත් ගන්න පුලුවන්. දකුණු ආසියාවේ ගුවන් මධ්‍යස්ථානය හදන්න පුලුවන්.

    හැබැයි දකුණු ආසියාවේ වරාය මධ්‍යස්ථානය අපේ අතේ තිබිලා ඒක නැති කර ගන්න එකක් තමයි දැන් වෙලා තියෙන්නේ.
    හිතන්න CICT එක අපි හම්බන්තොටට වියදම් කරපු මුදලින් අපිටම කියලා හැදුවා නම්? නෙළුම් කුළුණට වියදම් කරපු එකෙන්? මත්තලට වියදම් කරපු ටිකෙන් ?

    ලෝක වෙළඳාමේ ලංකාවට තියෙන සුපිරිම වාසිය තමයි අපේ පිහිටීම. අපේ වරායන්. කොළඹ, ත්‍රිකුණාමලය. දැන් හම්බන්තොටත් තියෙනවා. ඒවා ටික ටික අපේනෙවෙයි වෙනවා. විවිධ නම් වලින්, විවිධ උපක්‍රම වලින් අපිට අහිමි වෙනවා. මේ රට දියුණු කරන්න තියෙන සම්පත් අපි අහිමි කර ගන්නවා.

    මේ කරන්න යන්නේ ආයෝජනයක් නම්, ඒක වැරදි බිස්නස් මොඩල් එකක්.
    එච්චරයි.


    - පැතුම් කර්නර් මහතා විසින් සම්පාදිත සටහනකි.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔව් මේක තනිකර අසරණකම මත ගන්න වෙන තීරණයක් ආණ්ඩුවට මේ තීරණයට උත්පේරකයක් වුනා හම්බන්තොට චීනයට දීම.
    ඒකම කොළඹ වරායේ සී අයි සී ටී එක චීනයට දීම ඉන්දියාව කලාපයේ බලවතා ඉතිං ඉන්දියාව වෙනම එකත් ඉල්ලීම ඉන්දියා පැත්තෙන් ඉතා සාධාරණයි.

    කොළඹ වරායේ නිදහසින් පස්සේ ඉදිවන ලොකුම ජැටිය ඉදිවෙන්නේ මහින්ද මහතාගේ පාලනය යටතේ යටතේ නමුත් එකේ ප්‍රයෝජනය ගන්නෙ වෙන රටවල්.

    අපිට හදා ගන්න සල්ලි නැති වුණාට වෙන රටවල් එක්ක හවුල් ආයෝජන යටතේ යමක් ඉදිකරලා ඉදිකිරීම් වෙනවට එම ආයතනයට යම්කිසි කාලයක් ඒක කරගෙන යන්න ඉඩ දෙන එක ලොකු ප්‍රශ්නයක් කියලා මම නම් දකින්නේ නැහැ. ලෝකයේ එහෙම ඕන තරම් දේවල් කරනවා. නමුත් ඒ දෙන කාලය බොහෝවිට අවුරුදු 50 ට පහළ කාලයක් විය යුතුයි. මේ ගැන වැඩියෙන් දන්න අය ඉන්නවනං ඒ ගැන පැහැදිලි කරන්න.

    මේකෙ තියෙන ලොකුම ප්‍රශ්නය එක නෙමෙයි ඉන්දියාව දැනටමත් තමන්ට ගැඹුරු වරායක් නැති එක ගැන තේරුම් අරගෙන නිකොබාර් වල ලොකු වරායක් හදන්න යන්නේ.

    ඉන්දියාව ගාවා ගන්නෙ නැතුව එච්චර ලොකු භාණ්ඩ හුවමාරුවක් අපේ රටේ කරන්න හැකියාවක් තියෙනවද ? මේ දේවල් නිසා ඉන්දියාව ලංකාව අත ඇරලා nicobar වරායට මේ ප්‍රතිඅපනයන අරන් ගියොත් ඒ වරාය ප්‍රධාන මුහුදු මාර්ගයේම තියෙන නිසා ලංකාවට සොරි ඩොට් කොම් තමා.

    ලංකාවේ කොළඹ වරායේ ඉන්දියාවේ ප්‍රති අපනයන වලින් කොටසක් හරි තියාගන්න බලන එක අනාගතයට හොඳයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහා පරිමාන බිස්නස් කියන ඒව තනියෙන් කරන්ඩ බැ අන්තර්ජාතික සහයෝගය අරගෙන කරගෙන යන්ඩ ඕන, ආයෝජකයො ගේන්නෙ අර උතුරු කොරියාව වගේ කරන්ඩද දන්නෙ නැ මේ මන්ද බුද්ධික ගු ඇන් පි පොන්සි කියවන්නෙ..

    හැබැයි ඉතින් හම්බන්තොට වරාය චීනට සින්නක්කර ලියල දෙහ්ද්ඩි මීක් නොකියපු උන් දැන් බුරන එක හරීම පුදුමයක් මම හිතන්නෙ නින්දෙන් ඇහැරිලා

    කොලඹ වරාය ඉන්දියාවට විකුණලා ඒ සල්ලි චීනට දීල හම්බන්තොට ආපහු ගත්තොත්:unsure::unsure:
    මේ ඉන්නෙ හම්බන්තොට වරාය විකුනද්දි පො&න රනිලගෙ පස්ස ලොවපු උන්, තවත් විලි ලැජ්ජාවක් නැතුව කියෝනව,
    ------ Post added on Jan 18, 2021 at 10:53 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ඉන්නෙ හම්බන්තොට වරාය විකුනද්දි පො&න රනිලගෙ පස්ස ලොවපු උන්, තවත් විලි ලැජ්ජාවක් නැතුව කියෝනව,
    මම කොලඹ වරාය දෙනවට විරුද්ධ නෑ. ඇහුවෙ හම්බන්තොට නිදහස් කරගන්නවට උඹල කැමතිද කියල. ගන්කබරයගෙ නම ගහපු වරායනෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කොලඹ වරාය දෙනවට විරුද්ධ නෑ. ඇහුවෙ හම්බන්තොට නිදහස් කරගන්නවට උඹල කැමතිද කියල. ගන්කබරයගෙ නම ගහපු වරායනෙ.
    කොළඹ වරාය මොකාටවත් දෙන්නෙ නැ , දෙන්නෙ නැති වරායක් ගැන කියෝල වැඩකුත් නැ,

    තොපි පොන්සි හැත්ත හම්බන්තොට වරාය විකුනගෙන කාපු සක්කිලි බල්ලො, තවත් විලි ලැජ්ජාවක් නැතුව කියවන්ඩ එන හරියක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොළඹ වරාය මොකාටවත් දෙන්නෙ නැ , දෙන්නෙ නැති වරායක් ගැන කියෝල වැඩකුත් නැ,

    තොපි පොන්සි හැත්ත හම්බන්තොට වරාය විකුනගෙන කාපු සක්කිලි බල්ලො, තවත් විලි ලැජ්ජාවක් නැතුව කියවන්ඩ එන හරියක්
    වරාය දුන්නෙ නැතත් අදානි සමාගමෙන් සල්ලි ලැබෙනවනෙ. ඒ සල්ලිවලින් හම්බන්තොට බේරගමුද? වෙන බයිල දොඩවන්න එපා මහ එකා වගෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    කොළඹ වරාය කාටවත් විකුනන්නේ නැ
    කෙරෙන්නේ නැති වැඩක් ගැන කතාකරල වැඩක් නැ .
    හම්බන්තොට වරාය විකුනනකොට ඔය මහත්වරු කොහෙද හිටියේ
    ලජ්ජා නැද්ද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වරාය දුන්නෙ නැතත් අදානි සමාගමෙන් සල්ලි ලැබෙනවනෙ. ඒ සල්ලිවලින් හම්බන්තොට බේරගමුද? වෙන බයිල දොඩවන්න එපා මහ එකා වගෙ
    ආයෝජකයො එද්දි සල්ලි ගේනව තමයි හම්බන්තොට වරාය විකුනන් කන්නෙ නැතුව උන්න නම් ඉවරනෙ දැන් මොනාද මේ කියන පොන්සි කතා, තොපි වගේ කාලකන්නි හැමදාම පරදින්නෙ ඕකනෙ මොක කරත් හත්පොලේ, නොදකින්
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කොලඹ වරාය ඉන්දියාවට විකුණලා ඒ සල්ලි චීනට දීල හම්බන්තොට ආපහු ගත්තොත්:unsure::unsure:

    මහා පරිමාන බිස්නස් කියන ඒව තනියෙන් කරන්ඩ බැ අන්තර්ජාතික සහයෝගය අරගෙන කරගෙන යන්ඩ ඕන, ආයෝජකයො ගේන්නෙ අර උතුරු කොරියාව වගේ කරන්ඩද දන්නෙ නැ මේ මන්ද බුද්ධික ගු ඇන් පි පොන්සි කියවන්නෙ..

    හැබැයි ඉතින් හම්බන්තොට වරාය චීනට සින්නක්කර ලියල දෙහ්ද්ඩි මීක් නොකියපු උන් දැන් බුරන එක හරීම පුදුමයක් මම හිතන්නෙ නින්දෙන් ඇහැරිලා

    හම්බන්තොටත් චීනෙට බදු දීමකුයි කරේ නමුත් ඒකෙ අවාසිය තමා අවුරුදු 99කට බදු දීම එච්චර කාලෙකට බදු දුන්නාම වෙන්නේ චිනේ වගේ මහා බලවත් රටකින් නැවත මේක ගන්න පුළුවන් වෙයිද කියන එක. එහෙම ගන්න පුළුවන් උනත් අද ලංකාවේ ඉපදුන කෙනෙකුටත් ඒකෙන් ප්‍රයෝජනයක් නැතුව යනවා.

    කවුරුහරි කියනවා නම් හම්බන්තොට හදපු එක වැඩක් නැහැ කියලා ඒ කෙනාගේ මොලේ හොද නැහැ කෙටියෙන්ම.

    කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය, මඩකලපු, හම්බන්තොට, ගාල්ල, කොලබ, පුත්තලම මේ ඔක්කොම තැන වල වරායන් තිබීම ඒවා අධිවේගී මාර්ග හා දුම්රිය සේවා වලින් සම්බන්ද කිරීම අඩුම ගානේ මෙවටම සම්බන්ද වුනු ගුවන් තොටුපළවල් 5ක් (පලාලි,මඩකලපු,මත්තල,කටුනායක, නුවරඑළි) වත් තිබීම. මන්නාරම දුම්රිය මාර්ගය ඉන්දියාව එක්ක යා කිරීම වගේ මාස්ටර් ප්ලානක් ලංකාවට ඕනෙමයි ගොඩ යන්න නම්.


    "කොලඹ වරාය ඉන්දියාවට විකුණලා ඒ සල්ලි චීනට දීල හම්බන්තොට ආපහු ගත්තොත් :unsure: :unsure: "

    ඔය වැඩේ වෙන්නේ නැහැනේ නමුත් දැන් උන දේ වෙලා තියෙන්නේ කරන්න පුළුවන් හොදම දේ චිනේ උදවු අරන් පුළුවන් තරම් අපනයනය කරන්න පුළුවන් දේවල් හදන කර්මාන්ත හම්බන්තොට අවට හදාගැනීම හා චිනේ භාණ්ඩ වෙන රටවල් වලට යවන මද්‍යස්තානයක් කරගැනීම.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Mata nan owa wikkath ekai nethath ekai. Contacts nethi ekekta owage job ekakata wath yanna puluwanda ban?
     
    Last edited:
    • Dislike
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආයෝජකයො එද්දි සල්ලි ගේනව තමයි හම්බන්තොට වරාය විකුනන් කන්නෙ නැතුව උන්න නම් ඉවරනෙ දැන් මොනාද මේ කියන පොන්සි කතා, තොපි වගේ කාලකන්නි හැමදාම පරදින්නෙ ඕකනෙ මොක කරත් හත්පොලේ, නොදකින්
    හම්බන්තොට ඩීල් එක කතා කරල දුන්නෙ කවුද කියල මතක නැද්ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බන්තොට ඩීල් එක කතා කරල දුන්නෙ කවුද කියල මතක නැද්ද?
    ඔය හුත්තෙ කතා කියලනෙ මන්ත්‍රිල 60ක් ගන්ඩ බැරි උනේ තවත් කියෝ කියෝ ඉදපල්ල ,උබලගෙ තියෙන්න ඔයවගේ පොන්සි කතා තමයි තමන්ගෙ කෙරුවාව වහ ගන්ඩ පොන්සි කතා කියුවට වැඩක් වෙන්නෙ නැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම චන්දෙ ඉල්ලුවෙ නෑ. ඉල්ලුව නම් ගෝටල කැලේ
    උබලගෙ නායක පොන්සිල උවලවත් පොන්සිල කරල බන් තියෙන්නෙ, විලි ලැජ්ජවක් නැති හැටියක්
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Adani unta dena ekai prashne

    me giya mase Ausi India test match ekedi Adani un Control krana ausi Coal plant ekakata dqpu protest ekak.

    Poddak oya Adani un gana hoyala balapn, mehe ara Gota wate inna business karayo set eka wagw, dan Indian government eka wate indagena mun patta gemak gahannw







    Me un Ausi unge Fosil energy ekata target karala gema dunna hati


     
    • Like
    Reactions: shenat