හම්බන්තොට වරාය මුවාවෙන් කොමිස් මුදල් ගත් ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකුගේ නම් හෙළිවේ.
පසුගිය රජය හම්බන්තොට වරාය ගනුදෙනුවේදී ඊට මූලිකව කටයුතු කළ අමාත්‍යවරයා සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් ප්‍රබල අමාත්‍යවරයකු මැදිහත් වී විශාල කොමිස් මුදලක් ලබාගනිමින් මහා පරිමාණ වංචාවක් කර ඇති බවට කරුණු හෙළිදරව් වෙමින් පවතින බව නව මාර්ග, මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඊයේ (25දා) කොළඹ වරාය අධිකාරියේදී නව අමාත්‍ය ධුරයේ වැඩභාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
හම්බන්තොට වරාය ගිවිසුම අස්සන් තබා රටට විශාල හානියක් වන තෙක් අදාළ දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයා නිහඬව සිටියේ මෙම වංචාවට සම්බන්ධ නිසා බවත් එම වංචාවේ කොමිස් මුදල බෙදාගැනීමේදී එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ගැටුමක් ඇති වී ප්‍රබලයන් එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් වංචාවක් සිදුවූ බවට සාධාරණ සැකයක් මතුවන බවත් අමාත්‍යවරයා කීවේය.
රටට ආදරය කරන නායකයන් දෙපළක් රටේ ජනාධිපති සහ අගමැති වී ඇති බවත්, පසුගිය රජය කළ රටට නොගැළපෙන සියලුම ගිවිසුම්ගතවීම්, රටේ ස්වෛරීත්වය බලපෑමකට පත්ව රටට හානියක් වන සියලු කාර්යයන් යළිත් පරික්ෂා කර බලා නිවැරදි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම කීය.
නැඟෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වී ඇති බවට පාර්ශ්ව ගණනාවකින් චෝදනා එල්ල වී ඇති බවත් කෙසේ වෙතත් වගකිවයුතු නිලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනමින් නැඟෙනහිර පර්යන්තයේ වැඩකටයුතු ආරම්භ කිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා උපදෙස් දී ඇති බවද විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය ආණ්ඩු සමයේ විශාල දූෂණ, වංචා රැසක් සිදු වූ බවත් ඒවා එසේ තිබියදී ඇතැම් දේශපාලකයන්ගේ බලපෑම් මත බොරු සාක්ෂි ගොඩනඟමින් පැමිණිලි ගොනුකර තමන්ට අවශ්‍ය විරුද්ධ මත දරන්නන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදයක් පසුගිය කාලය පුරාවට ක්‍රියාත්මක වූ බවද අමාත්‍යවරයා පැවැසීය.
පසුගිය රජය එලෙස දේශපාලන දඩයම් කිරීමට කටයුතු කළද වත්මන් රජය කිසිදු ලෙසකින් එවැනි පළිගැනීම් නොකරන බවත් එහෙත් හිතා මතා වරදක් කර ඇති පුද්ගලයන් වේ නම් ඔවුන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාවලියක් ඔස්සේ අනිවාර්යයෙන් දඬුවම් දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (ජ්ඛ්ධ්ච්) පසුගිය කාලය පුරා නීත්‍යනුකූල නොවන ක්‍රමවේද මඟින් වැරදි නොකළ පුද්ගලයන්ට දඬුවම් කර දේශපාලන පළිගැනීම් කළ බවත් මෙම ආයතන නීත්‍යනුකූල නොවන බවට උසාවියේ පැමිණිල්ලක් ගොනුකර ඇති බවත්, අධිකරණයෙන් ජ්ඛ්ධ්ච් ආයතනය නීත්‍යනුකූල නොවන බවට ඔප්පු වුවහොත් එම ආයතනය විසුරුවා හැරීම උචිත බවද හෙතෙම තවදුරටත් කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
“වරාය කියන්නේ රටට විශාල ආදායමක් ගේන තැනක්. අපේ ඉලක්කය ශ්‍රී ලංකාවේ සියලු වරායන් ලොව කාර්යක්ෂම වරායන් බවට පත් කිරීමයි. ඉතින් වෘත්තීය සමිති සියල්ලෙන් අපි ඉල්ලනවා අපි ගෙන යන වැඩපිළිවෙළට කිසිදු භේදයකින් තොරව සහයෝගය දෙන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලාපොරොත්තු වන වැඩකරන රටක්, ආර්ථිකය දියුණු රටක් ගොඩනඟන්න අපෙන් ඉටුවිය යුතු සියලුම රාජකාරි කැපවීමෙන් යුතුව ඉෂ්ට
කරන්න නව අමාත්‍යවරයා ලෙස මම සූදානම්”
” අපට ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් හිටපු වෘත්තීය සමිති නායකයෙක් විදියට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ මම කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න අවශ්‍ය ක්‍රමය අමුතුවෙන් මට පුරුදුවෙන්න අවශ්‍ය නෑ. අපේ පක්ෂයේ වෘත්තීය සමිති නායකයන් සමඟත් මම වැඩකරලා තියෙනවා. ඉතින් මේ සියලුදෙනා සමඟ සහයෝගයෙන් වැඩ කරලා ශ්‍රී ලංකා වරාය අධිකාරිය රටේ ආදර්ශවත්ම ආයතනය කරන්න අවශ්‍ය කටයුතු කිරීමයි මගේ අරමුණ.”