වරාය තමිල්නාඩුවට රතු එළියක්‌ දල්වයි

Slash Star

Member
Apr 2, 2013
26
5
0
වරාය තමිල්නාඩුවට රතු එළියක්‌ දල්වයි

වරාය තමිල්නාඩුවට රතු එළියක්‌ දල්වයි

තමිල්නාඩුවේ සිට නැව් මගින් ආනයනය කරනු ලබන සහ තමිල්නාඩුවට අපනයනය කරනු ලබන සියලූම නැව් භාණ්‌ඩ ගොඩබෑම සහ නැව්වලට පැටවීම ඉදිරියේදී වර්ජනය කිරීමට වරාය සහජීවනය සුරැකීමේ සංවිධානය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් සහ හිටපු මහ ඇමැති කරුණානිධි විසින් ගෙන යනු ලබන ක්‍රියාමාර්ග අත්හිටුවීමට කටයුතු නොකළහොත් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව එම සංවිධානයේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මහතා දිවයින ට පැවසීය.



ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ කොළඹ වරායේ සේවය කරන සේවකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (2 දා) දහවල් වරාය ප්‍රධාන ප්‍රවේශය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරය තමිල්නාඩු භාණ්‌ඩ ගොඩබෑම සහ පැටවීම වර්ජනය කිරීමේ සූදානම පිළිබඳව ජයලලිතා ඇතුළු තමිල්නාඩු දේශපාලනඥයන්ට එල්ල කළ අනතුරු ඇඟවීමක්‌ බවද හෙතෙම කීවේය.


දිවයින
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නියම වැඩක්. අපෙන් සොච්චමක් අරගෙන උන්ගේ දුන්කලේ ඉඳන් අපට එවනවා. අනිත් එක මුන්ගේ විරෝදතා නිකන් චන්ඩි පාට් මිසක් රාජ්‍යතාන්ත්‍රික ඒවා නෙමෙයිනේ. මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ උන්ගේම ස්ටයිල් එකෙන්.