වරාය නගරයට විරෝධය පළ කරන පිරිස්වල දේශපාලන උවමනාව පිටුපස ඇත්තේ ඇමරිකානු අවශ්‍යතාවය බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජි. වීරසිංහ මහතා ‘ඇත්ත’ට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මෙම පනතට මුලින්ම විරුද්ධ වූයේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය බවද ප්‍රකාශ කළ වීරසිංහ මහතා ඇමරිකානු තානාපතිනිය ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලදී ඇගිලි ගැසූ පළමු අවස්ථාව මෙය නොවන බවද පැවසීය.
මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම පක්ෂයක් ලෙස අප හෙළා දකින අතර ඇමරිකා එක්සත් ජනපදය විසින් ලොවපුරා විවිධ ප්‍රදේශවල මුදල් විශුද්ධකරණ සඳහා පහසුකම් සලසා ඇති ආකාරය දකින විට එතුමියගේ ප්‍රකාශවල දෙබිඩි ස්වභාවය තේරුම් ගත හැකිය. කෙසේ වුවද ඇමරිකානු තානාපතිනිය මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම පිළිබඳ රජය ක්‍රියා කළ යුතු බවද වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
තව දුරටත් අදහස් පළ කළ වෛද්‍ය ජි. වීරසිංහ මහතා මෙසේ පැවසීය.
ඇමරිකානු තානාපතිනිය සමඟ වහා අත්වැල් බැඳ ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි. ඔහුට අනුව කොළඹ වරාය නගරය චීනයේ කොලනියක්. චීනයට කොලනි හෝ යටත් විජිත හිමිව තිබුණේ තිබෙන්නේ ලෝකයේ කුමන ප්‍රදේශවල දැයි ඔහු පෙන්වා දිය යුතුයි. ශ්‍රී ලංකාවට අයත් භූමියක බදු පදනමින් ව්‍යාපාර කටයුතු කිරීමෙන් එම භූමිය චීනයේ කොලනියක් වන්නේ කෙසේද? චීනය යනු යටත් විජිතවාදයට ඉදුරාම පටහැනි දැක්මක් ඇති කොමියුනිස්ට් පක්ෂයක් විසින් පාලනය කරන රටක් බව ඔහු නොදන්නේද? අනුර කුමාර දිසානායක මහතාට අනුව වරාය නගරය හොංකොං බඳු කොලනියක් වනු ඇත. හොංකොං යනු මහා බ්‍රිතාන්‍යයේ කොලනියක්ව තිබී චීනයට නැවත එකතු වූ චීනයේ කොටසකි. හොංකොං චීනයේ පාලනයට නතුවීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතා දුක්වන බව පෙනේ.
වරාය නගරයේ ජාත්‍යන්තරය පිළිගත් ඩොලර් වැනි මුදල් ඒකක නොව යුවාන් භාවිතා විය හැකි වීම පිළිබඳවද අනුර කුමාර දිසානායක මහතා සිය භීතිය පළ කර ඇත. ලෝකය පුරා අධිරාජ්‍ය විරෝධී අරගලයේ එක් ප්‍රධාන අංශයක් වී ඇත්තේ ඩොලරයේ බලපෑමෙන් මිදී වෙනත් මුදල් ඒකකවලට මාරු වීමයි. විවිධ රටවලට තහංචි පනවන්නේත් අයුතු ලාභ ලබමින් ඇමරිකාව කටයුතු කරන්නේත් ඩොලරයට හිමි මහේශාක්‍ය භාවය නිසාය. ඩොලරයෙන් මිදෙන්නට ඇතැම් විරෝධීහු කටයුතු කිරීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතා භීතියට පත්ව ඇත.
වෙනත් වෙනත් පිරිස්ද විවිධ අවලාද නගමින් චීන විරෝධී ප්‍රචාරවල යෙදෙති. චීනය යනු පසුගිය දශක කිහිපයක් පුරා සැමවිටම ශ්‍රී ලංකාව සමඟ සිට ගනිමින් ආර්ථික සහයෝගය ලබා දෙමින් ක්‍රියා කළ රාජ්‍යයකි.
පසුගිය මාර්තු මාසයේ ජිනීවා නගරයේදී ඇමරිකාව ප්රමුඛ බටහිර ශ්‍රී ලංකාවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා විට ඊට හරස්ව සිටගත්තේ චීනයයි. එදා ඒ පිළිබඳව ප්‍රශංසා කළ පිරිස් අප්‍රේල් මාසයේදී චීනයට දිගට හරහට පහරදීමට ක්‍රියා කරන බව පෙනේ.
මේ සියලු දෙනා අතරින් අනුර කුමාර දිසානායක මහතා කැපී පෙනේ. ඔහු ඇමරිකානු තානාපතිනිය සමඟ අශුද්ධ සන්ධානයකින් ක්‍රියා කරන්නේ කොමියුනිස්ට් පක්ෂයෙන් පාලනය වන චීන රජයට එරෙහිවයි, ලෝකයේ අධිරාජ්‍ය විරෝධී කඳවුරේ ප්‍රධාන රටට එරෙහිවයි. ඔහු සාවද්‍ය මත ප්‍රකාශ කරන්නේ. මෙම ක්‍රියා මාර්ගවලින් තහවුරු වන්නේ රතු සළුවලින් ඇග වසා ගැනීමෙන් පමණක් පුද්ගලයෙකුගේ ඇති අධිරාජ්‍ය ගැති හා වෙනත්
ප්රතිගාමී පාර්ශ්ව සමඟ ඇති සබඳතා වසා ගත නොහැකි බවයි.
වරාය නගරය නිර්මාණය කරන්නට ආයෝජනය කළ චීන සමාගමට ස්ථිර වශයෙන්ම මින් ප්රතිලාභ අත්වේ. ඔවුන් මේ වන විටත් එම ව්‍යාපෘතියට ඩොලර් බිලියන 1.5ට වැඩිව වැය කොට ඇත.
වරාය නගරය හරහා රට තුළට සිදුවන ප්‍රාග්ධන ගලා ඒම රටේ කාර්මික හා කෘෂිකාර්මික සංවර්ධනයට යොදා ගන්නා ආකාරය පිළිබඳව රජයට සැලසුම් තිබිය යුතුව ඇත. නගරය තුළ ක්‍රියාත්මක වන බදු සහන රාමුව තුළ රජය විසින් එයට සපයන ජලය, විදුලිය, සන්නිවේදන පහසුකම් හා සේවා කිසිදු සහන පදනමකින් ලබා නොදිය යුතුව ඇත.
එසේම රජයේ බදු ආදායම අඩුවිය හැකි ආකාරයේ කටයුතුවලට ඉඩ නොලැබෙන සේ මෙම නගරය තුළ කටයුතු කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් පිළිබඳව සොයා බැලිය යුතුව ඇත. මෙම නගරය තුළ සේවයට යොදවන විවිධ මට්ටම්වල සේවක පිරිස්වල අයිතිවාසිකම් රැකෙන සේ කටයුතු කළ යුතුව ඇති අතර මෙම නගරය තුළ උත්පාදනය වීමට නියමිත රැකියාවන් සඳහා මානව සම්පත් සංවර්ධන වැඩ සටහනක් රජය විසින් වහා ඇරඹිය යුතුව ඇත.
පනතේ පවතින ව්‍යවස්ථානුකූලත්වය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දෙනු ඇති අතර ඒ අනුව අවශ්‍ය වෙනස්කම් කරන්නට රජයට සිදුවනු ඇති බව වීරසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය. මෙම කොමිසමට පත් කෙරෙන සාමජිකයින් බහුතරය ශ්‍රී ලාංකිකයින් විය යුතු බවට තමන් අදහස් කරන පවසන වීරසිංහ මහතා එසේම මෙම නගරයේ ආර්ථික ක්‍රියාකාරකම් හරහා රටින් පිටවිය හැකි මූල්‍ය සීමා තිබිය යුතුව ඇති බව විශ්වාස කරන බවද වැඩි දුරටත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
2021 අප්‍රේල් 25 ඇත්ත
QUOTED:

.usa korai awith