වරාය වෘත්තීය සමිති හෙට සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටසක් ඉන්දීය අයෝජකයෙකුට ලබා දීමට රජයගෙන ඇති බව කියන තීරණයට විරෝධය දක්වමින්.
වාණිජ හා කර්මාන්ත සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා සඳහන් කළේ, "අපිට මෙතන තියෙන්නේ සියයට 51ත් එක්ක කතා කිරීම හෝ 49 එක්ක කතා කිරීම නෙමෙයි. අපිට මෙතන තියෙන්නේ සියයට සීය ගැන කතා කිරීම. අදානිටත් වඩා අද මේකට ට්‍රයි කරන්නේ ලංකාවේ ඉන්න වරාය තුළ තියෙන බහුජාතික සමාගමක්. ශ්‍රී ලංකා වරාය අධිකාරිය බෝඩ් ලෑල්ලකට පමණක් සීමාකරන්න මේ හදන්නේ. ඒක නොවෙන්න කළයුතු, කළහැකි සියලුම දේ අපි කරනවා," යනුවෙනි.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ ශ්‍යාමල් සුමනරත්න.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට වත්මන් ආණ්ඩුව අනාගතය ගැන සිතා නිවැරිදි තීන්දුවක් ගතයුතු බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කළේ.
වරායේ වෘත්තීය සමිති හෙට සිට ආරම්භ කිරීමට නියමිතව ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමර්ගය පිළිබඳව එම නියෝජිතයින් මෙතෙක් ශ්‍රී ලංකා වරාය අධිකාරය දැනුවත් කර නොමැති බවයි එහි සභාපති ජෙනරල් දයා රත්නායක නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

Last edited: